“කිසිම සුළඟක්වත් හරි සුළඟ” නොවන විට
“මිනිසෙකු තමන් ගමන් කරන වරාය කුමක්ද කියා නොදන්නා විට, කිසිම සුළඟක් හරි සුළඟක් නොවේ.” පළමු සියවසේ රෝම දර්ශනවාදී ලූකියුස් ආනයියුස් සෙනෙකාට ආරූඪ කර තිබෙන මෙම වදන්, බොහෝ කලක් තිස්සේ පිළිගෙන තිබෙන සැබෑවක් ගෙනහැර දක්වයි: ජීවිතයෙහි යම් දිශාවක් තිබීමට නම්, ඉලක්ක අත්‍යවශ්‍යය.
කෙසේවෙතත්, බොහෝවිට, ජීවිතය කිසිම ඉලක්කයක් නොමැතිව නිදැල්ලේ ගමන් කිරීමක් හා සමානය. දෛනික ජීවිතයේ පර්වත හා සුළි වැනි බාධක මඟහරවා ගැනීමෙන් පමණක් බොහෝදෙනෙක් සෑහීමට පත්වෙති. නිශ්චිත ඉලක්කයක් නොමැතිව, ඔවුහු “එක් මොහොතක සුළඟින් ඉදිරියටත් ඊළඟ මොහොතේදීම ආපස්සටත් ගසාගෙන යනු ලබන” රැල්ලට සමාන වෙති. (යාකොබ් 1:6, ෆිලිප්ස්) එවන් පුද්ගලයන්ට, “කිසිම සුළඟක් හරි සුළඟක් නොවේ.”
ඉලක්ක අනුව කටයුතු කළාවූ අය පිළිබඳ ආදර්ශ බයිබලයෙහි සපයා තිබේ, මෙසේ ඔවුහු අදදින ක්‍රිස්තියානීන්හට ආදර්ශ හැටියට ක්‍රියා කරති. මෝසෙස් ‘විපාකය දෙස [ඕනෑකමින්, NW] බැලුවේය.’ (හෙබ්‍රෙව් 11:25) පාවුල් මෙසේ ලීවේය: “ත්‍යාගය දිනාගැනීම සඳහා මම ඉලක්කය කෙරෙහි කෙළින් දුවමි.” සෙසු ඇදහිලිවන්තයන්ට “ඒ හා සමාන ආකල්පයක්” දැරීමට හේ දිරිගැන්වීය.—පිලිප්පි 3:14, 15, “ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.”
බයිබලයේ පොරොන්දු කෙරෙහි අපේ ඇස් ඕනෑකමින් යොමු කොට, ඉලක්ක අනුව ක්‍රියා කළ එවන් පුරුෂයන්ගේ ඇදහිල්ල අපි අනුකරණය කරමු.—හෙබ්‍රෙව් 13:7 සසඳන්න.