නිෂ්ඵල චාරිත්‍රයක්?
පාපෝච්චාරණයේ සක්‍රමේන්තුව, කතෝලිකයන් විසින් සියවස් ගණනාවක සිට පවත්වා තිබෙන දෙයකි. එහෙත්, බොහෝදෙනෙකුට එය නිෂ්ඵල ක්‍රියාපිළිවෙතකි. තම යෞවන කාලය දෙස හැරී බලන එක් පාසැල් විදුහල්පතිවරයෙක් වන බොබ් මෙසේ පවසයි: “මම නවයොවුන්වියේ සිටියත්, මා එය බරපතළ කාරණයක් ලෙස සැලකුවේ නැහැ.” ඒ මන්ද? ඔහුට පාපෝච්චාරණය, නිෂ්ඵල චාරිත්‍රයක් වී තිබිණ. ඔහු මෙසේ පැහැදිලි කරයි: “පාපෝච්චාරණය, පව්වලින් පිරී තිබුණු ඔබගේ ගමන් මලු ගුවන්තොටුපොළේ සිටින රේගු නිලධාරියා වෙත ගෙන යනවා හා සමානයි. ඔබගේ පව් ගැන ඔහු ඔබගෙන් ප්‍රශ්න විමසන අතර, ඔබ පිටරටෙන් ගෙන ආ සුඛෝපභෝගී දේවලට යම් මුදලක් ගෙවීමෙන් පසු ඔබට යෑමට ඉඩහරියි.”
මීට සමානව, ෆ්‍රෑන්ක් වෙස්ලිං, යූ.එස්. කැතලික්හි ලියමින්, පාපෝච්චාරණ ක්‍රියාපිළිවෙත විස්තර කරන්නේ, “පොදු පාප අවලංගු කිරීම සිට පසුතැවිල්ල සඳහා කටපාඩම් කරන ලද යාච්ඤා කීමද ඇතුළත්ව, නමට පමණක් පව් ක්ෂමාවට දඬුවම වශයෙන් කරන ක්‍රියාව දක්වා දිවයන ඉතා සරල වූ පියවරින් පියවරට යන මඟ පෙන්වීමක් වශයෙනි.” වෙස්ලිංගේ නිගමනය? “පාපෝච්චාරණය ආත්මයට හොඳ දෙයක් බව මට නිසැකය” කියා ඔහු පවසයි. “එහෙත් කතෝලිකයන් එය කරන ආකාරය ගැටලුවකි.”
බයිබලය පාපෝච්චාරණය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරයි. ඉතා වැදගත් වන්නේ දෙවියන්වහන්සේට පාපෝච්චාරණය කිරීමයි. (ගීතාවලිය 32:1-5) තවද ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය: “නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරපල්ලා.”—යාකොබ් 5:14, 16.
පව්වලින් බරවී සිටින ක්‍රිස්තියානියෙකුට, සභා අවේක්ෂකයන්ව කැඳවිය හැකි අතර, ඔවුන්ට පෞද්ගලික සහ බයිබලයෙන් ප්‍රායෝගික උපදෙස් ලබා දී, එම වරදකරුට තම පව්කාර ක්‍රියාමාර්ගය ඉවත් කිරීමට උපකාර කළ හැක. ආත්මික වශයෙන් රෝගාතුරව සිටින්නන්ගේ ප්‍රගතිය අවේක්ෂකයන් අධීක්ෂණය කරමින්, ඔවුන්ට යෝග්‍ය දිරිගැන්වීම්ද දිය හැක. අදදින පල්ලි තුළ සිදු කරනු ලබන චාරිත්‍රානුකූල පාපෝච්චාරණයට වඩා මෙය මොනතරම් වෙනසක්ද! දාවිත් ගීතිකාවක ප්‍රකාශ කළ පරිදි, තමාට හැඟුණාවූ සහනය සභා වැඩිමහල්ලන්ගේ පෞද්ගලික උපකාරයෙන් ශක්තිමත් වන පසුතැවිලි වන්නාවූ වරදකරුවන්ට ලබාගත හැක: “මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.”—ගීතාවලිය 32:5.