කුරුල්ලන්ගෙන් හා මල්වලින් පාඩමක්
අනිකුත් සියල්ලටම වඩා අදදින මිනිසුන්ගේ සැලකිල්ල බොහෝවිට යොමුවී තිබෙන්නේ කුමක් වෙතද? බහුතරයකට, එය වනාහි පවුලට අවශ්‍ය දේවල් සැපයීමට මුදල් සෑහෙන ප්‍රමාණයක් තිබීම හෝ ජීවත්වීමේ ක්‍රමය වැඩිදියුණු කිරීම වේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ පොළොවේ සිටි කාලයේදී පවා, ජීවත්වීමේ අවශ්‍යතා සැපයීම ඔවුන්ගේ ප්‍රධාන සැලකිල්ලට ලක්වී තිබිණ. එහෙත් මෙම නීත්‍යනුකූල සැලකිල්ල ආත්මික දේවල් වසා දමමින්, වුවමනාවට වඩා කාන්සාවක් බවට පත්විය හැකි බව යේසුස්වහන්සේ අවවාද කළසේක. මෙම කාරණය නිදර්ශනය කිරීමට කුරුල්ලන් හා මල් වෙත කිට්ටු අවධානයක් යොමු කිරීමට යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කීසේක.
සෑමදාම කුරුල්ලන්ට කෑම අවශ්‍යයි. මන්ද, උන්ගේ ඉහළ පරිවෘත්තිය අනුපාතිකය හේතුවෙන් සමානුපාතිකව අපට වඩා බොහෝ ප්‍රමාණයක් උන්ට අවශ්‍යය. එපමණක්ද නොව, බීජ වැපිරීම, අස්වැන්න නෙළීම හෝ අනාගතය සඳහා ගබඩා කර තැබීම උන්ට කළ නොහැක. එහෙත්, යේසුස්වහන්සේ නිරීක්ෂණය කළ පරිදි අපගේ “ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක.” (මතෙව් 6:26) එලෙසම, දෙවියන්වහන්සේ වඩාත් අලංකාර සැරසිල්ලකින් “කෙතේ මානෙල්” පළඳවනසේක.—මතෙව් 6:28-30.
අප ද්‍රව්‍යයමය අවශ්‍යතා ගැන ඕනෑවට වඩා නොසිතා ආත්මික දේවලට ප්‍රමුඛස්ථානය දෙනවා නම්, දෙවියන්වහන්සේ අපටද අවශ්‍ය ආහාර හා ඇඳුම් පැළඳුම් තිබෙන බවට වගබලාගන්නා බව යේසුස්වහන්සේ ස්ථිර ලෙස ප්‍රකාශ කළසේක. යෙහෝවඃ දෙවියන්වහන්සේ කුරුල්ලන් හා මල් කෙරෙහි සැලකිල්ල දක්වනවා නම්, උන්වහන්සේ නිසැකවම උන්වහන්සේට ප්‍රේමකරන්නන් හා “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද” සොයන්නන් කෙරෙහිද සැලකිල්ල දක්වනසේක. (මතෙව් 6:33) ඔබ ඔබගේ ජීවිතයේ මුල් තැන දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කටයුතුවලට දෙමින් සිටින්නෙහිද?