ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 9/15 3-5 පි.
  • ඊර්ෂ්‍යාව ගැන ඔබ දත යුතු දෙය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊර්ෂ්‍යාව ගැන ඔබ දත යුතු දෙය
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘කුඩුකේඩුකමට ප්‍රවණතාවක්’
  • පාපතර ඊර්ෂ්‍යාව නොමැති ලොවක්
  • ප්‍රේමය නුසුදුසු ඊර්ෂ්‍යාව පරාජය කරයි
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා වූ ඊර්ෂ්‍යාව
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝසෙප්ට එයාගේ සහෝදරයන් ඊර්ෂ්‍යා කළා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ජ්වලිතය හා ඊර්ෂ්‍යාව ක්‍රිස්තියානි ස්ථාවරය කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 9/15 3-5 පි.

ඊර්ෂ්‍යාව ගැන ඔබ දත යුතු දෙය

ඊර්ෂ්‍යාව කුමක්ද? එය පුද්ගලයෙකුට කනස්සල්ල, දුක හෝ කෝපය දැනෙන්ට සැලසිය හැකි බලවත් චිත්තවේගයකි. යම් කාර්යයකදී අපට වඩා වෙනත් කෙනෙකු යම් සාර්ථකත්වයක් ලබනවා දකින විට, අපට ඊර්ෂ්‍යාව දැනෙන්ට පුළුවනි. නැතහොත් මිත්‍රයෙකු අපට වඩා වැඩි ප්‍රශංසාවක් ලබන විට අපට ඊර්ෂ්‍යාව දැනිය හැක. එහෙත් ඊර්ෂ්‍යා වීම සැමවිටම වැරදිද?

ඊර්ෂ්‍යාවේ ග්‍රහණයට හසුවී සිටින අය, විරුද්ධකරුවන් විය හැකියයි සිතන අයව සැක කිරීමට නැඹුරු වෙති. පුරාණ ඉශ්‍රායෙලයේ සාවුල් රජ මෙයට උදාහරණයක් විය. මුලදී ඔහු සිය ආයුධ-ගෙනයන්නා වන දාවිත්ට ප්‍රේම කළා පමණක් නොව, ඔහුව යුධහමුදාවේ නායකයෙකු වීමට පවා උසස් කළේය. (1 සාමුවෙල් 16:21; 18:5) එවිට දිනක් ස්ත්‍රීන් දාවිත්ට මෙම වචනවලින් ප්‍රශංසා කරනවා සාවුල් රජුගේ සවනට වැකිණ: “සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය.” (1 සාමුවෙල් 18:7) දාවිත් සමඟ සිය හොඳ සබඳතාවට මෙය බලපෑමක් වීම සඳහා, සාවුල් එයට ඉඩ නොහළ යුතුව තිබිණ. කෙසේවුවද, ඔහු අමනාප විය. “එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.”—1 සාමුවෙල් 18:9, නව අනුවාදය.

ඊර්ෂ්‍යාවන්ත පුද්ගලයෙකු තවත් කෙනෙකුට අනතුරු කිරීමට නොසිතිය හැක. ඔහු හෝ ඇය මිත්‍රයෙකුගේ සාර්ථකත්වය හුදෙක් නුරුස්සනවා විය හැකි අතර, එම ගුණාංග හෝ තත්වයන්ම ලබාගැනීමට ආශාවක් දක්වනවා විය හැක. අනික් අතට, කුඩුකේඩුකම වනාහි විශේෂයෙන්ම ඊර්ෂ්‍යාවේ නිෂේධාත්මක ආකාරයකි. කුඩුකේඩු පුද්ගලයෙක් සිය ඊර්ෂ්‍යාව අවුස්සන කෙනෙකුට යහපත කිරීම රහසිගතව වැළැක්විය හැක, නැතහොත් එම තැනැත්තාට අනතුරක් සිදුවනවාට ආශා විය හැක. ඇතැම්විට, කුඩුකේඩු පුද්ගලයෙකුට තම හැඟීම් රහසිගතව තබාගත නොහැක. සාවුල් රජ දාවිත් මැරීමට උත්සාහ කළාක් මෙන්ම, ඔහු වෙනකෙකුට කෙළින්ම අනතුරු කිරීමට පෙලඹිය හැක. එක් අවස්ථාවකට වඩා, සාවුල් “භිත්තියටම වදින්ට දාවිත්ට [ඇනීමේ]” උත්සාහයක් වශයෙන් හෙල්ලය වීසි කළේය.—1 සාමුවෙල් 18:11; 19:10.

‘එහෙත් මා ඊර්ෂ්‍යාවන්ත කෙනෙක් නොවේ,’ යයි ඔබ පිළිතුරු දිය හැක. ඊර්ෂ්‍යාව ඔබේ ජීවිතය පාලනය නොකරනවා විය හැකි බව සැබෑය. කෙසේවුවද, යම් දුරකට, අප සියලුදෙනාම ඊර්ෂ්‍යාව මගින් බලපෑම් ලැබිය හැක—එනම් අපගේම ඊර්ෂ්‍යාසහගත හැඟීම්වලින් හා අනුන්ගේ එවන් හැඟීම්වලිනි. අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවන්තකම විගස දැකිය හැකිවුවත්, අප තුළම එය දැකීමට අප ප්‍රමාද විය හැක.

‘කුඩුකේඩුකමට ප්‍රවණතාවක්’

දේවවචනය වන බයිබලයෙහි හෙළි කර ඇති ආකාරයට පාපතර මිනිස් ස්වභාවයේ වාර්තාව, බොහෝවිට කුඩුකේඩුකමේ පාප හුවා දක්වයි. ඔබට කායින් සහ ආබෙල්ගේ වාර්තාව මතකද? ආදම් සහ ඒවගේ මෙම දරුවෝ දෙදෙනාම දෙවියන්වහන්සේට පූජා ඔප්පු කළහ. ආබෙල් එසේ කළේ ඔහු ඇදහිලිවන්ත පුරුෂයෙකුව සිටි හෙයින්ය. (හෙබ්‍රෙව් 11:4) පොළොව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ මහිමාන්විත අරමුණ ඉටු කිරීමට උන්වහන්සේට ඇති හැකියාව කෙරෙහි ඔහුට ඇදහිල්ල තිබිණ. (උත්පත්ති 1:28; 3:15; හෙබ්‍රෙව් 11:1) පැමිණෙන්නාවූ භූමික පාරාදීසය තුළදී දෙවියන්වහන්සේ ඇදහිලිවන්ත මිනිසුන්ට ජීවනයේ ත්‍යාගය දෙන බවද ආබෙල් විශ්වාස කළේය. (හෙබ්‍රෙව් 11:6) මෙබැවින්, දෙවියන්වහන්සේ ආබෙල්ගේ පූජාව කෙරෙහි ස්වකීය සතුට පළ කළසේක. කායින් සැබවින්ම තම සහෝදරයාට ප්‍රේම කර තිබුණි නම්, දෙවියන්වහන්සේ ආබෙල්ට ආශීර්වාද කළ විට ඔහු සතුටු විය යුතුව තිබිණ. ඒ වෙනුවට, කායින් “අතිශයෙන් කෝපවිය.”—උත්පත්ති 4:5.

කායින්ටත් ආශීර්වාදයක් ලබාගත හැකිවන පිණිස යහපත් දේ කරන්නැයි දෙවියන්වහන්සේ ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටිසේක. ඊළඟට දෙවියන්වහන්සේ මෙසේ අනතුරු ඇඟවූසේක: “යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිය.” (උත්පත්ති 4:7) කනගාටුදායක ලෙස, කායින් සිය ඊර්ෂ්‍යාවන්ත කෝපය පාලනය කළේ නැත. ඔහුගේ ධර්මිෂ්ඨ සහෝදරයා මරා දැමීමට එය ඔහුව පෙලඹවීය. (1 යොහන් 3:12) එතැන් පටන්, සටන් සහ යුද්ධ මගින් මිලියන සිය ගණනකගේ ජීවිත බිලිගෙන තිබේ. “යුද්ධ කිරීම සඳහා සමහර ප්‍රධාන හේතුකාරකයන් විය හැක්කේ, වැඩි භූමි ප්‍රදේශ සඳහා ආශාවක්, වැඩි ධනසම්පත් සඳහා ආශාවක්, වැඩි බලයක් සඳහා ආශාවක් හෝ සුරක්ෂිතය සඳහා ආශාවක්,” බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පැහැදිලි කරයි.

සැබෑ ක්‍රිස්තියානීහු මෙම ලෝක යුද්ධවල පංගුකාරයෝ නොවෙති. (යොහන් 17:16) එහෙත්, ඇතැම්විට ක්‍රිස්තියානීන් පෞද්ගලිකව වාචික සටන්වල පටලැවීම කනගාටුවට කරුණකි. සභාවේ අනික් සාමාජිකයන් පැතිගන්නවා නම්, මෙම සටන් හානිකර වාචික යුද්ධ බවට පෙරළිය හැකිය. “නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද?” යයි බයිබල් ලේඛක යාකොබ් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඇසුවේය. (යාකොබ් 4:1) ඔවුන්ගේ ද්‍රව්‍යවාදී කෑදරකම අනාවරණය කරමින් ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අතර මෙසේද පැවසීය, “නුඹලා . . . ඊර්ෂ්‍යාවන්නහුය [තණ්හාවෙන් සිටිත්, NW]” නැතහොත් “ඊර්ෂ්‍යාවෙන්” සිටින්නෝය. (යාකොබ් 4:2, NW පාද සටහන) වඩා හොඳ තත්වයන් භුක්තිවිඳිනවායයි පෙනෙන්ට තිබෙන අය ගැන ඊර්ෂ්‍යා වීමට මඟ පෑදීමට ඇත්තෙන්ම ද්‍රව්‍යවාදයට හැක. මේ හේතුව නිසා, ‘කුඩුකේඩුකමට’ ඇති මිනිස් ‘ප්‍රවණතාවට’ එරෙහිව යාකොබ් අනතුරු ඇඟවීය.—යාකොබ් 4:5.

ඊර්ෂ්‍යාවේ හේතුකාරකයන් විග්‍රහ කිරීමේදී තිබෙන ප්‍රයෝජන කවරේද? අවංක වීමට හා අන්‍යයන් සමඟ වඩා හොඳ සබඳතා වැඩි කිරීම සඳහා අපට උපකාර කිරීමට ඇත්තෙන්ම මෙයට හැක. වඩාත් තේරුම්ගැනීමට, ඉවසීමට සහ සමාව දීමට අපට උපකාර කිරීමටද එයට හැක. ඒ සියල්ලටත් වඩා, පාපතර මිනිස් ප්‍රවණතාවලින් ගැළවීමට සහ මිදීමට දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය ප්‍රස්තාව සඳහා මිනිසාගේ දැඩි අවශ්‍යතාව එය හුවා දක්වයි.—රෝම 7:24, 25.

පාපතර ඊර්ෂ්‍යාව නොමැති ලොවක්

මිනිස් දෘෂ්ටිකෝණයෙන් බලන කල, පාපතර ඊර්ෂ්‍යාව නොමැති ලොවක් ඇතිවිය නොහැකි තරම්ය. කර්තෘ රොම් ලැන්ඩෝ මෙසේ පැවසුවේය: “මෙම විෂය සම්බන්ධයෙන් දාර්ශනිකයන් . . . සහ මනෝවිද්‍යාඥයන් පවසා තිබෙන සියල්ලත් සමඟ, යුග ගණනාවක සිට එක්රැස්කර තිබෙන ප්‍රඥාව, ඊර්ෂ්‍යාවෙන් දැවෙන මිනිසාට මඟ පෙන්වීමක් ඉදිරිපත් නොකරයි. . . . කිසිම වෛද්‍යවරයෙක් මිනිසෙකුගේ ඊර්ෂ්‍යාව කිසිදා සුව කර තිබේද?”

එහෙත් කිසිවෙකු යළි කෙදිනක හෝ අදේව ඊර්ෂ්‍යාවෙන් හෝ කුඩුකේඩුකමෙන් පීඩා නොවිඳින නව ලොවක, පරිපූර්ණ මිනිස් ජීවිතයක් අත්කරගැනීමේ බලාපොරොත්තුව ගැන දේවවචනය ඉදිරිපත් කරයි. තවදුරටත්, එවැනි දුෂ්ට ගතිලක්ෂණ විදහාපාන ජනයා මගින් එම නව ලොවෙහි සාමයට බාධා නොපැමිණෙනු ඇත.—ගලාති 5:19-21; 2 පේතෘස් 3:13.

එහෙත්, සෑම ඊර්ෂ්‍යාවක්ම නුසුදුසු නොවේ. ඇරත්, යෙහෝවඃවහන්සේ “ඊර්ෂ්‍යාවන්ත දෙවිකෙනෙක්” යයි බයිබලය පවසයි. (නික්මයාම 34:14, NW) එයින් අදහස් කරන්නේ කුමක්ද? තවද සුදුසු ඊර්ෂ්‍යාව ගැන බයිබලය පවසන්නේ කුමක්ද? ඒ අතරතුර, කෙනෙකුට නුසුදුසු ඊර්ෂ්‍යාව පරාජය කිරීමේ දක්ෂතාව ලබාගත හැක්කේ කෙසේද? මීළඟ ලිපි බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න