‘අහෝ, සියලුදෙනාම ඔවුන් මෙන් සිටියා නම්!’
මෙය ලක්සම්බර්ග් ප්රවෘත්ති පත්‍රය වන ලෙට්සෙබියුර්ගර් ජූර්නැල් නමැති ප්රවෘත්ති පත්‍රයේ තීරුකරුවෙකුගේ වචන විය. ඔහු කවුරු සම්බන්ධයෙන් කතා කරන්නේද?
ඔහු අවුෂ්විට්ස් විමුක්තිය සැමරීමේ 50වන සංවත්සරයට සහභාගි වීම පිණිස පෝලන්තයට ගිය අතර, එහි බලවත් ලෙස පීඩාවිඳි එක් කණ්ඩායමක් පිළිබඳ කිසිම දෙයක් සඳහන් නොකළ බව ඔහු දුටුවේය. වර්ෂ 1995 පෙබරවාරි 2වන දින තමාගේ තීරුවේ ඔහු එම කණ්ඩායම හඳුන්වා දී ඇත්තේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙසය, එමෙන්ම මෙසේ ලීවේය: “ඔවුන්ට තමන්ගේ ඇදහිල්ල අත්හැරවීමට ගිලටීනයටවත්, පොරවටවත්, සාගින්නෙන් නින්දිත ලෙස මරු වැලඳගැනීමේ තර්ජනයටවත්, ගාල් කඳවුරටවත්, දරුණුතම සිර දඬුවමටවත් නොහැකි විය.” ඔහු තවදුරටත් මෙසේ කීවේය: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මරණයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කෘරතම SS ආරක්ෂක හමුදාකරුවෝ පවා මවිත වූහ.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මරණය සොයා ගියේ නැත. එහෙත් මුල් ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් මෙන් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා දෙනවාට වඩා මරු වැලඳීම හොඳයයි ඔවුන්ගෙන් දහස් ගණන්දෙනා තීරණය කළහ. තුන්වන රයික් අධිරාජ්‍යයේ අඳුරු යුගයේ, මෙම ක්‍රිස්තියානීහු කැපීපෙනෙන කණ්ඩායමක් වශයෙන් දිස්වූහ.
“අහෝ, සියලුම මිනිසුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මෙන් වූවා නම්!” දෙවන ලෝක යුද්ධය හට නොගන්නේයයි කියමින් තීරුකරු අවසන් කළේය. සියලුදෙනාම එලෙස සිටියේ නම්, දෙවන ලෝක යුද්ධය හටනොගන්නවා ඇත.