ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—ස්වීඩනය
ස්වීඩනය, ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ නැගෙනහිර පැත්තේ පිහිටා ඇති අතර, එය ආක්ටික් වෘත්තයට ඉහළින් විහිදී පවතින රටකි. එහි මනාව වැඩී පවතින ආවරණය වූ සදාහරිත වනාන්තර සඳහාත්, එහි පවතින විල් හා කඳු සඳහාත් ප්‍රසිද්ධියක් දරන ස්වීඩනය, යුරෝපයේ අඩු ජනගහනයකින් යුත් රටවලින් එකකි. එහෙත්, 1800 ගණන්වල අග භාගයේ පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, එහි වසන එමෙන්ම සත්‍යයට ප්‍රේම කරන්නන්ව සාර්ථකව සොයා ඇත්තාහ. මෑතකාලීන උදාහරණයක් සලකා බලන්න.
එක්තරා ස්ත්‍රියක් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළද, ඇයගේ පුරුෂයා එයට කැමති වූයේ නැත. පාඩම් කිරීම නවත්වන හැටියට ඔහු ඇයට පැවසූ අතර, ඈද එසේ කළාය. මෙම මිනිසා වැඩ කරමින් සිටියේ මත්පැන් නිෂ්පාදිතයන් ගබඩා කරන ස්ථානයකය. දිනක් ට්‍රක් රථ රියැදුරෙක් අවුරුදු දහයක් වයසැති සිය මුනුපුරා සමඟ එම ගබඩාවට පැමිණියේය. තමා ට්‍රක් රථයට බඩු පටවන තෙක් එම ළමයාව බලාගන්නා හැටියට එම සීයා මෙම මිනිසාගෙන් ඉල්ලා සිටියේය. නිකම් යමක් කතා කරන හැඟීමෙන් යුක්තව, ඔහුගේ අලුත් උපන්දිනය සඳහා ඔහුට ලැබුණු තෑගි මොනවාදැයි එම මිනිසා එම ළමයාගෙන් විමසුවේය. එම මිනිසාව පුදුමයට පත් කරවමින්, තමන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව සිටින බැවින්, ඔහු හා ඔහුගේ පවුලේ අය උපන්දින උත්සවාකාරයෙන් නොපවත්වන බව එම ළමයා ඔහුට පැවසුවේය. ඔහුට ඉතා උණුසුම් හා ප්‍රේමනීය පවුලක් සිටින බැවින්, වසරේ වෙනත් අවස්ථාවන්හි ඔහුට තෑගි ලැබුණ බවත්, තමාට කිසිවකින් අඩුවක් නොමැති බවත්, එම ළමයා ඔහුට පැවසුවේය. උණුසුම් ප්‍රේමනීය පවුලක් තරම් වෙනත් කිසිම තෑග්ගක් නොවටිනා බවද ඔහු තවදුරටත් පැවසුවේය.
එම ළමයා ඔහුගේ සීයා සමඟ වාර ගණනාවක් නැවත නැවතත් මෙහි පැමිණියේය. ඒ සෑම අවස්ථාවකම, එම මිනිසා එම ළමයාගෙන් ප්‍රශ්න රාශියක් ඇසූ අතර, එම ළමයා සැකයකින් තොරව දුන් අවංක, ඍජු පිළිතුරුවලින් ඔහු මහත් විමතියට පත්විය. සැබෑ සාරධර්ම සඳහා එම ළමයාගේ ඇගයීමෙන් ඔහු පෙලඹීමක්ද ලැබීය. එක් රාත්‍රියක ලෝකයේ දුඃඛිත තත්වය පෙන්වූ රූපවාහිනී වැඩසටහනක් එම මිනිසා නැරඹීමෙන් පසු, තමා ආත්මික දේවල් වඩා බැරෑරුම් ලෙස පරීක්ෂා කර බැලිය යුතු බව ඔහු තේරුම්ගත්තේය. ඔහු තමාගේ භාර්යාව සමඟ පාඩම පැවැත්වූ සාක්ෂිකරුට දුරකථනයෙන් අමතා නැවත එන හැටියට දැන්වීය. ඉක්මනින්ම එම මිනිසා සාක්ෂිකරුවෙක් සමඟ පාඩමක් පටන්ගත් අතර, වේගවත් වර්ධනයක් ලබන්ට විය. ඔහු 1994, අප්‍රියෙල් 10වන දින බව්තීස්මය ලැබුවේය. ඔහුගේ භාර්යාවද දැන් බව්තීස්මය ලබා ඇත.
වර්ධනයට ගොඩනැඟීම අවශ්‍ය කරවයි
ස්වීඩනය වෙනත් රටවල් බොහොමයකින් පැමිණෙන සරණාගතයන් සඳහා රැකවරණයක් වන අතර, ඔවුන්ට දේශනා කිරීමෙන් ස්වීඩන් ජාතික සාක්ෂිකරුවෝ හොඳ ප්‍රතිඵල ලබා ඇත්තාහ. පොදුවේ ගත් කල කටයුතු කොතරම් සාර්ථකත්වයක් ලබා ඇත්තේද කිවහොත් වර්ධනයට ගැලපෙන සේ නව රාජ්‍ය ශාලාවල්ද අවශ්‍ය වී ඇත. වර්ෂ 1986 සිට 1993 දක්වා, වේගවත්ව සාදන ගොඩනැඟීමේ ක්‍රමය යොදාගනිමින් රාජ්‍ය ශාලා 37ක් ගොඩනඟනු ලැබූ අතර, ශාලා 8ක් විශාල කිරීම හා අලුත්වැඩියා කිරීම කරනු ලැබීය. වර්ෂ 1994 පමණක්, අතිරේක රාජ්‍ය ශාලා හතක් ගොඩනඟනු ලැබූ අතර, තුනක් අලුත්වැඩියා කරනු ලැබීය.
වර්තමානයේ නව රාජ්‍ය ශාලාවන් ගොඩනැඟීමට, එසේත් නැතහොත් දැනට තමන් සතු ශාලාව විශාල කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සභාවන් 65ක්ම බලා සිටී. ස්වේච්ඡා සේවකයන් 2,500ක් පමණ එවන් ගොඩනැඟීමේ ව්‍යාපෘතිවල සේවය කරන අතර, එම සභාවෝ ඔවුන්ගේ ප්‍රේමනීය උපකාරය මහත් සේ අගය කරත්.
ආක්ටික් වෘත්තයට ඉහළින් විහිදෙන, ස්වීඩනයේ උතුරු කොටස, මැදියම් හිරුගේ දේශය කියාද ඇතැම්විට හඳුන්වනු ලැබේ. මෙය මෙසේ වන්නේ ග්‍රීෂ්ම ඍතුවේ කොටසක් තුළ එහි හිරු නොබසින නිසාය. කෙසේවෙතත්, ස්වීඩනය පුරා, සත්‍යයේ ආලෝකයද දිගටම දීප්තිමත්ව බැබළෙමින් පවතී. යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය ඇතිව, එම ආත්මික ආලෝකය කිසිකලෙකත් අඳුරු නොවනු ඇති මුත් වඩ වඩාත් දීප්තිමත්ව බැබළෙනවා ඇත.
[8වන පිටුවේ කොටුව]
රට පිළිබඳ ආකෘති සටහනක්
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 24,246
අනුපාතය: සාක්ෂිකරුවන් 1 අයෙකුට 362
සිහිකිරීමේ උත්සවයට පැමිණීම: 40,372
පුරෝගාමී ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 2,509
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 11,306
බව්තීස්ම වූ සංඛ්‍යාව: 850
සභා ගණන: 358
ශාඛා කාර්යාලය: අර්බොගා
[9වන පිටුවේ පින්තූරය]
අර්බොගාහි ශාඛා කාර්යාලය හා බෙතෙල් නිවස
[9වන පිටුවේ පින්තූරය]
හජෝහි මුල් සාක්ෂිකරුවෝ වර්ග සැතපුම් 1,900ක පමණ ක්ෂේත්රයක් පියවන්ට මෙම කුඩා බස්රථය පාවිච්චි කළහ