දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
“ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත්ය, NW]”.—ගීතාවලිය 1:2.
1. (අ) වොච් ටවර් සමිතියේ ජගත් මූලස්ථානයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ලක එක් පැත්තක, කිනම් ප්‍රධාන පුවරුවක් දකින්ට ලැබේද? (ආ) අප මෙම අවවාදය පෞද්ගලිකව හෘදයට ගතහොත්, අප ප්‍රයෝජන ගනු ඇත්තේ කෙසේද?
“දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න.” වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් බයිබල් සහ බයිබල් පොත් පත් මුද්‍රණය කරනු ලබන, නිව් යොර්ක් නගරයේ බෘක්ලින්හි ගොඩනැඟිල්ලක එක් පැත්තක මෙම වචන විශාල අකුරුවලින් දිස්වෙයි. මෙම අවවාදය දීමට අදහස් කර ඇත්තේ, එම පුවරුව දකින ලෝකයේ ජනයාට පමණක් නොවේ. තමන්ද එය හෘදයට ගත යුතු බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වටහාගනිති. බයිබලය නිතිපතා කියවන අය සහ එය පෞද්ගලිකව අදාළ කරගන්නා අය, එය සපයන ඉගැන්වීම්වලින්, තරවටුවලින්, නිවැරදි කිරීම්වලින් සහ ධර්මිෂ්ඨකමින් කරන හික්මවීම්වලින් ප්‍රයෝජන ලබති.—2 තිමෝති 3:16.
2. සහෝදර රසල්, බයිබලය කියවීමේ වැදගත්කම අවධාරණය කළේ කෙසේද?
2 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මුරටැඹ ඇතුළු තම බයිබල් අධ්‍යයන ආධාරක මහත් සේ අගය කරන අතර, ඔවුහු මේවා නිතිපතා භාවිත කරති. එහෙත්, එම කිසිවක් බයිබලයේ තැන නොගන්නා බව ඔවුහු දනිති. අතීතයේ 1909දී, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි පළමු සභාපති වූ, චාල්ස් ටේස් රසල්, මුරටැඹ සඟරාවේ පාඨකයන්ට මෙසේ ලීවේය: “බයිබලය වනාහි අපගේ ප්‍රමිතිය බවත්, අපට කෙසේ හෝ දෙවියන්වහන්සේ විසින් දී තිබෙන උපකාර ‘උපකාර’ මිස, බයිබලය සඳහා ආදේශයක් නොවන බවත්, කිසිම විටෙක අමතක නොකරන්න.”
3. (අ) “දේවවචනයට” නිරාවරණය වන අයට ඒ මගින් ඇතිවන බලපෑම කුමක්ද? (ආ) බෙරීයවරු ශුද්ධ ලියවිලි කියවීම සහ අධ්‍යයනය කිරීම කොතරම් දුරට කරන ලද්දේද?
3 දේවානුභාව ලත් ශුද්ධ ලියවිලිවලට, වෙනත් කිසිදු පොතකට නැති ගැඹුරක් හා බලයක් තිබේ. “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” (හෙබ්‍රෙව් 4:12) බෙරීය ජනයා, “වඩාත් උදාර ලෙස සිතන” අය යනුවෙන් හඳුන්වමින්, ශ්‍රාවක ලූක්, ඔවුන්ට උණුසුම් ලෙස ප්‍රශංසා කළේය. ඔවුහු ප්‍රේරිත පාවුල් සහ ඔහුගේ ආශ්රිත සීලස් විසින් දේශනා කරනු ලැබූ වචනය උනන්දුවෙන් පිළිගත්තා පමණක් නොව, නමුත්, උගන්වනු ලබමින් තිබූ දෙය සඳහා ශුද්ධ ලියවිලිමය පදනම නිර්ණය කිරීමට, ‘ශුද්ධ ලියවිලි දිනපතා පරෙස්සමින් පරීක්ෂා කළෝය.’—ක්‍රියා 17:11.
එය දිනපතා කියවීම
4. අප කොතරම් දුරට බයිබලය කියවිය යුතු තරම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලි අඟවන්නේ කුමක්ද,
4 අප කොපමණ වාර ගණනක් බයිබලය කියවිය යුතුද කියා එය විශේෂ සඳහනක් නොකරයි. කෙසේවෙතත්, ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කිරීම පිණිසද, දෙවියන්වහන්සේ දී ඇති පැවරුම ඉටු කිරීමෙහිලා සාර්ථකවීම පිණිසද, ‘ව්‍යවස්ථා පොත රෑ දාවල් සිහින් හඬින් කියවීමට’ යෙහෝවඃවහන්සේ යෝෂුවාට දුන් උපදෙස බයිබලයේ සැබවින්ම සඳහන් වේ. (යෝෂුවා 1:8) ඉපැරණි ඉශ්රායෙලයේ රජු වශයෙන් පාලනය කළ කවුරු හෝ වේවා, “තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී” ශුද්ධ ලියවිලි කියවිය යුතු විය. (ද්විතීය කථාව 17:20) එය තවදුරටත් මෙසේ කියයි: “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, . . . ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. [සන්තෝෂවත්ය, NW]” (ගීතාවලිය 1:1, 2) තවද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, තමන්වහන්සේව පරීක්ෂා කිරීමට සාතන් ගත් ප්රයත්නය ප්‍රතික්ෂේප කළ විට, “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි” පවසමින්, උන්වහන්සේ දේවානුභාව ලත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් උපුටා දැක්වූ බව මතෙව් විසින් වාර්තා කරන ලද සුවිශේෂය අපට කියයි. (මතෙව් 4:4) අපට මාංසික ආහාර කිනම් කාලාන්තරයක් තුළ අවශ්‍ය වේද? සෑම දවසකම අවශ්‍යය! දිනපතා ආත්මික ආහාර ගැනීම ඊටත් වඩා වැදගත්ය, මක්නිසාද, එය අපගේ සදාකාලික ජීවනය සඳහා වූ අපේක්ෂාවන්ට බලපායි.—ද්විතීය කථාව 8:3; යොහන් 17:3.
5. ඇදහිල්ල සම්බන්ධ පරීක්ෂා අප හමුවට එන විට, දිනපතා බයිබලය කියවීම, “යෙහෝවඃවහන්සේට ඔබින ලෙස හැසිරීමට” අපට උපකාරවත් වන්නේ කෙසේද?
5 අප සෑම කෙනෙකුම දේවවචනය දිනපතා කියවීම මගින් පෝෂණය විය යුතුය. සෑම දවසකම—නිවසේදී, රැකියාවේදී, පාසැලේදී, මඟ තොටේදී, සාප්පු යන විට, අපගේ දේවසේවයේදී—අපගේ ඇදහිල්ලට එල්ල වන අභියෝග අප මතට පැමිණේ. අප මේවා සමඟ කටයුතු කරනු ඇත්තේ කෙසේද? බයිබල් ආඥා සහ ප්‍රතිපත්ති සැණකින් මනසට පැමිණේවිද? තමා කෙරෙහිම රඳාපවතින්න යන හැඟීමකට දිරිගන්වනවා වෙනුවට, බයිබලය අනතුරු අඟවන්නේ: “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා” කියාය. (1 කොරින්ති 10:12) ලෝකයේ අච්චුවට දමා අපව ඇඹීමට එයට ඉඩහරිනවා වෙනුවට, “ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසි[රීමට]” බයිබල් කියවීම අපට උපකාර කරනු ඇත.—කොලොස්සි 1:12; රෝම 12:2.
බයිබලය නැවත නැවත කියවීමේ අවශ්‍යතාව
6. බයිබලය නැවත නැවත කියවීම ප්‍රයෝජනවත් වනු ඇත්තේ මන්ද?
6 බයිබලය කියවීම ප්‍රබන්ධ කථා පොතක් කියවනවාට වඩා බොහෝ සෙයින් වෙනස්ය. වඩාත් සුප්‍රකට ප්‍රබන්ධ කථා පිළියෙළ කර ඇත්තේ, එක වරක් කියවීමටය; යම් පුද්ගලයෙක් එම කතාව සහ එය අවසන් වන ආකාරය දන්නේ නම්, එය එපමණය. මීට පටහැනිව, අප කොතරම් වාර ගණනක් බයිබලය කියවා ඇතත්, එය යළිත් කියවීම මගින් අපට මහත් සේ ප්‍රයෝජන ගත හැකිය. (හිතෝපදේශ 9:9) දේවල් දෙස විචාර බුද්ධියෙන් බලන පුද්ගලයෙකුට, ශුද්ධ ලියවිලි නිරන්තරයෙන්ම නව අරුතක් ගනී. තමා දැක ඇති, අසා ඇති, එමෙන්ම මෑත මාසවලදී පෞද්ගලිකව අද්දැක ඇති දේ තුළින් බලන කල, අන්තිම දවස් ගැන දී ඇති අනාවැකි ඔහුට තව තවත් අරුත් බරය. (දානියෙල් 12:4) ජීවිතයේ තම අද්දැකීම් සහ මුහුණ දෙන ගැටලු පුළුල් වෙන කල, විචාර බුද්ධියෙන් යුත් බයිබල් කියවන්නා, තමා මීට කලින් ඉඳ හිට කියවා ඇති උපදෙස් වඩාත් පූර්ණ ලෙස අගය කරන්නේය. (හිතෝපදේශ 4:18) ඔහුට යම් දරුණු අසනීපයක් වැලඳුණහොත්, වේදනාව ඉවත් කිරීම සහ සෞඛ්‍යය යළිත් ප්‍රකෘතිමත් කිරීම පිළිබඳ බයිබල් පොරොන්දු ඔහුහට මින් පෙරට වඩා මහත් ගැඹුරු අර්ථයක් ගනී. කිට්ටු මිත්‍රයන් හා පවුලේ සාමාජිකයන් මියයන විට, නැවත නැගිටීම පිළිබඳ පොරොන්දුව වඩාත් අනර්ඝ යමක් බවට පත්වෙයි.
7. අප ජීවිතයේ නව වගකීම් දරන විට, අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද, තවද මන්ද?
7 ඔබ බයිබලය පෞද්ගලිකව කියවා, එහි උපදෙස් වසර ගණනාවක් පුරා අදාළ කරගෙන තිබෙනවා විය හැක. එහෙත්, ඔබ දැන් ජීවිතයේ අලුත් වගකීම් ගනිමින් සිටින්නෙහිය. ඔබ විවාහ වීමට සැලසුම් කරමින් සිටින්නෙහිද? ඔබ දෙමාපියෙකු වීමට යනවාද? වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු වශයෙන් ඔබට සභාවේ වගකීමක් පවරා තිබෙනවාද? දේශනා කිරීමට හා ඉගැන්වීමට අමතර ප්‍රස්තා සහිතව ඔබ පූර්ණ-කාලීනව ශුභාරංචිය දේශනා කරන්නෙකු බවට පත්වී සිටින්නෙහිද? එම නව වගකීම් මනසේ ඇතුව, මුළු බයිබලයම නැවතත් කියවීම මොනතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද?—එපීස 5:24, 25; 2 තිමෝති 4:1, 2.
8. අප දැනටමත් දැන සිටියා යයි සිතා සිටි දේවල් ගැන තවත් ඉගෙනගැනීමට, තත්වයන් වෙනස්වීම නිසා අවශ්‍යතාවක් පැන නැඟිය හැක්කේ කෙසේද?
8 පසුගිය කාලයේදී, ඔබ ආත්මයේ ඵල හොඳින් පිළිබිඹු කරමින් සිටියා විය හැක. (ගලාති 5:22, 23) එහෙත් තත්වයන් වෙනස් වී ඇති නිසා, දේවගුණාංග ගැන වඩාත් වැඩියෙන් ඉගෙනගැනීමට ඔබට සිදුව තිබෙනවා විය හැකිය. (හෙබ්‍රෙව් 5:8 සසඳන්න.) හිටපු සංචාරක අවේක්ෂකයෙක්, තම වයසක දෙමාපියන්ව රැක බලාගැනීමට සිදුවීම නිසා තමාගේ විශේෂ සේවය අත්හැරීමට සිදුවී තිබෙන බව වටහාගත්තේය: “මා ආත්මයේ ඵල විදහාපෑමෙහිලා සාධාරණ ලෙස හොඳින් කටයුතු කරමින් සිටියා කියා සිතීමට මා පුරුදුව සිටියා. නමුත් දැන් මට හැඟෙන්නේ, මා නැවතත් සියල්ල පටන්ගන්නවා වගෙයි.” ඒ හා සමානව, දැඩි කායික හෝ චිත්තවේගී අසනීපවලින් දුක් විඳින කලත්‍රයන් සිටින ස්වාමිපුරුෂයන් හා භාර්යාවන්, තමන් විසින් පෞද්ගලික සැලකිල්ල දැක්වීමේදී තමන් අධෛර්යයට පත්වන අවස්ථාවන්හිදී ඉඳහිට වෙහෙසට පත්වන බවක් සොයාගන්නවා විය හැක. නිතිපතා බයිබලය කියවීම, මහත් සැනසීමේ හා උපකාරයේ උල්පතක්ය.
බයිබල් කියවීම කළ හැකි වේලාව
9. (අ) ඉතා කාර්ය බහුල පුද්ගලයෙකුට, දිනපතා බයිබලය කියවීම සඳහා කාලය සොයාගැනීමට කුමක් උපකාරවත් විය හැකිද? (ආ) දේවවචනය කියවීම විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට වැදගත් වනුයේ මන්ද?
9 ඇත්තවශයෙන්ම, දැනටමත් ඉතා කාර්ය බහුලව සිටින අයට, අමතර යමක් නිතිපතා පදනමක් මත කිරීමට කාලය සෙවීම අභියෝගයක්ය. කෙසේවෙතත්, අපට යෙහෝවඃවහන්සේගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ගත හැක. උන්වහන්සේ දේවල් කරන්නේ ‘නියමිත කාලයේදී’ බව බයිබලය එළිදරව් කරයි. (උත්පත්ති 21:2; නික්මයාම 9:5; ලූක් 21:24; ගලාති 4:4) දේවවචනය නිතිපතා කියවීමේ වැදගත්කම අගය කිරීම, එයට අපගේ එදිනෙදා කාලසටහනේ කාලයක් නියම කිරීමට අපට උපකාර කරයි. (එපීස 5:15-17) විශේෂයෙන් වැඩිමහල්ලන් නිතිපතා බයිබලය කියවීම සඳහා කාලය වෙන් කළ යුතුය, එවිට, ඔවුන් දෙන උපදෙස් ඍජුවම බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වනු ඇති අතර, ඔවුන් පෙන්වන ස්ප්‍රීතුව, “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” පිළිබිඹු කරනවා ඇත.—යාකොබ් 3:17; තීතස් 1:9.
10. දිනපතා බයිබලය කියවන්නන් කියවීම සඳහා කාලය සොයාගන්නේ කිනම් වේලාවන්හිදීද?
10 පෞද්ගලික බයිබල් කියවීමේ කාලසටහනක් සහිතව සාර්ථක වී ඇති බොහෝදෙනෙක්, තමන්ගේ කියවීම කරන්නේ, තම දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර උදෑසනය. එය වෙනත් වේලාවක නිරන්තරව කිරීමට තමන්ට වඩාත් හැකි යයි තවත් අය සොයාගනිති. බයිබල් ඕඩියෝ කැසට් පට (ලබාගත හැකිව තිබේ නම්) දිනපතා රැකියාවට ගමන් කරන අයට, එම ගමන් කරන කාලය තුළ හොඳින් භාවිත කළ හැකි අතර, ඇතැම් සාක්ෂිකරුවෝ තමන්ගේ එදිනෙදා ගෙදර දොර වැඩකටයුතුවල නියැලෙන අතරේදී ඒවාට සවන්දෙති. යුරෝපයේ, අප්‍රිකාවේ, උතුරු අමෙරිකාවේ, දකුණු අමෙරිකාවේ සහ පෙරදිග රටවල විවිධ අන්දමේ සාක්ෂිකරුවන් සඳහා සාර්ථක වී ඇති වැඩසටහන්, 20 සහ 21 පිටුවල, “ඔවුන් එය කියවන වේලාව සහ එයින් ප්‍රයෝජන ලබන ආකාරය” නමැති ලිපියේ පෙන්වා ඇත.
11. ලබාගත හැකි කාලය ඉතා සීමිත වුවත්, දිනපතා බයිබල් කියවීම ඉටු කරගත හැක්කේ කෙසේද?
11 වඩාත් වැදගත් දේ වනුයේ, ඔබගේ බයිබල් කියවීමට කැප කර ඇති කාලයේ ප්‍රමාණය නොව, නමුත් එය කොතරම් දුරට නිතිපතා කරනවාද යන්නය. ඔබ එක් වතාවක, පැයක් හෝ දෙකක් කියවමින්, පර්යේෂණ කරමින් සහ හදාරන කාරණාව තුළ මුළුමනින්ම නිමග්නවීම විපාකදායී බව ඔබ සොයාගන්නවා ඇත. එහෙත්, ඔබගේ කාලසටහනට අනුව, නිතිපතා පදනමක් මත ඔබට එය කළ හැකිද? කිසිම බයිබල් කියවීමක් කොහෙත්ම නොකර දවස් ගණනක් පසු කරනවා වෙනුවට, එය සෑම දවසකම විනාඩි 15ක් හෝ විනාඩි 5ක්වත් කියවීම වඩාත් හොඳ නොවනු ඇත්ද? දිනපතා කියවීම ඔබගේ අධිෂ්ඨානය කරගන්න. අනතුරුව, හැකි සෑමවිටම ගැඹුරු පර්යේෂණ කිරීම, එම කියවීමට ඈඳාගන්න.
බයිබල් කියවීම කරා විවිධ එළඹීම්
12. බෙතෙල් පවුලේ නව සාමාජිකයන්ට සහ ගිලියඩ් ශිෂ්‍යයන්ට තිබෙන බයිබල් කියවීමේ වැඩසටහන් කවරේද?
12 බයිබලය කියවිය හැකි බොහෝ ආකාර තිබේ. උත්පත්ති පොතේ සිට එළිදරව් දක්වා කියවීම ප්රයෝජනවත්ය. ලෝක මූලස්ථානයේ හෝ සමිතියේ ශාඛාවන්ගෙන් එකක සේවය කරන සමස්ත ලෝක බෙතෙල් පවුලේ සාමාජිකයන්, තමන්ගේ බෙතෙල් සේවයේ පළමු වසර අතරතුර මුළු බයිබලය කියවීම අවශ්‍ය කෙරේ. (ඒවායේ දිග ප්‍රමාණය අනුව, දවසකට පරිච්ඡේද තුනේ සිට පහ දක්වා හෝ පිටු හතරක් හෝ පහක් කියවීම සාමාන්‍යයෙන් මීට ඇතුළත් වෙයි.) වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි ශිෂ්‍යයන්ද, තම උපාධිය ලැබීමට පෙර, මුළු බයිබලයම කියවිය යුතුය. දිනපතා බයිබලය කියවීම ඔවුන්ගේ ජීවිතවල කොටසක් කරගැනීමට මෙය ඔවුන්ට උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
13. අලුත බව්තීස්ම වූ සාක්ෂිකරුවන් සඳහා නිර්දේශ කර ඇති ඉලක්කය කුමක්ද?
13 අලුත බව්තීස්ම වූ සාක්ෂිකරුවන්, මුළු බයිබලයම කියවීමේ ඉලක්කය තමන් ඉදිරියේ තබාගැනීම ප්රයෝජනවත්ය. වර්ෂ 1975දී, බව්තීස්මය සඳහා සූදානම් වෙමින් සිටි, ප්‍රංශයේ එක් යෞවනයෙකුගෙන්, ඔහුට බයිබලය කියවීම සඳහා ස්ථිර කාලසටහනක් තිබෙනවාදැයි වැඩිමහල්ලෙකු විසින් අසන ලදි. එතැන් පටන්, ඔහු එක් එක් වසරේ මුළු බයිබලයම කියවා ඇති අතර, සාමාන්‍යයෙන් ඔහු කියවීම කරන්නේ රැකියාවට යෑමට පෙර හිමිදිරි උදෑසනය. මෙහි ප්‍රතිඵල ගැන ඔහු මෙසේ කියයි: “මා යෙහෝවඃවහන්සේව වඩාත් හොඳින් දැනහඳුනා ගත්තා. උන්වහන්සේ කරන සෑම දෙයක්ම උන්වහන්සේගේ අරමුණට සම්බන්ධ වී ඇති ආකාරයත්, බාධා පැනනඟින විට උන්වහන්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරයත් මට දකින්ට පුළුවන්. ඒ අතරම, යෙහෝවඃවහන්සේ සියලු ක්‍රියාවලදී ධර්මිෂ්ඨ හා යහපත් බවද මම දකිනවා.”
14. (අ) දිගටම කරගෙන යා හැකි පෞද්ගලිකව බයිබලය කියවීමේ වැඩසටහනක් ආරම්භ කිරීම පිණිස, අවශ්‍ය වනුයේ කුමක්ද? (ආ) අප බයිබලයේ සෑම පොතක් කියවත්ම, ඒවායේ පොදු කරුණු ගැන මනසේ තබාගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?
14 ඔබ මුළු බයිබලයම කියවා තිබේද? එසේ නොවේ නම්, එය පටන්ගැනීම හොඳම කාලය දැන්ය. ස්ථිර කාලසටහනක් සකස් කරගෙන, එයට ඇලී සිටින්න. සෑම දවසකම පිටු කොපමණ ගණනක් හෝ පරිච්ඡේද කොමපණ සංඛ්‍යාවක් කියවන්ට යනවාද කියා නිර්ණය කරන්න, නැතහොත් ඔබ කොතරම් කාලයක් ඒ සඳහා මිඩංගු කරන්ට යනවාද කියා සරලව නිර්ණය කරන්න. සෑම කෙනෙක්ම අවුරුද්දක් ඇතුළත, බයිබලය කියවා නිම කිරීමට යන්නේ නැත, නමුත් වැදගත්ම දේ නම්, නිතිපතා දේවවචනය කියවීමත්, හැකි සෑම විටම එය දිනපතා කිරීමත්ය. ඔබ බයිබලය කියවාගෙන යද්දී, කියවන තොරතුරුවලට සම්බන්ධ පොදු තොරතුරු ඔබේ මනසට ග්‍රහණය කරගැනීම පිණිස යම් යොමුසටහන් පොත් ඔබ විසින් භාවිත කිරීම ඔබට උපකාරවත් වන බව ඔබ සොයාගන්නවා ඇත. ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් ඔබේ භාෂාවෙන් ලබාගත හැකිව තිබේ නම්, ඔබ යම් බයිබල් පොතක් කියවීමට පටන්ගන්නා විට, ඉන්සයිට් පොතේ සපයා ඇති එම පොතට සම්බන්ධ මූලික තොරතුරු සලකා බලන්න.a විශේෂයෙන්ම සටහනේ තද අකුරුවලින් යොදා ඇති ශීර්ෂ පාඨ සැලකිල්ලට ගන්න. නැතහොත්, “ඕල් ස්ක්‍රිප්චර් ඊස් ඉන්ස්පයර්ඩ් ඔෆ් ගෝඩ් ඇන්ඩ් බෙනිෆිෂල්”
15. (අ) ඔබගේ බයිබල් කියවීම දියුණු කිරීමට, පිටු 16 සහ 17හි ඉදිරිපත් කර ඇති කිනම් යෝජනා උපකාරවත් වේද? (ආ) නිකම්ම සිරිතක් හැටියට බයිබලයේ එක්තරා පිටු ගණනක්, කියවනවා වෙනුවට, අප වඩාත් අවධානයක් දිය යුත්තේ අතිශයින් වැදගත් කිනම් කාරණාවලටද?
15 පිළිවෙළින් බයිබලය කියවීම ප්රයෝජනවත්ය, නමුත් හුදෙක් සිරිතක් හැටියට කියවන්නෙකු බවට පත්නොවන්න. ඔබ අවුරුද්දක් පුරා බයිබලය කියවූ බව පැවසීමට හැකි වන පිණිස, සෑම දවසකම යම් පිටු ගණනක් කියවීම නොකරන්න. “ඔබේ බයිබල් කියවීම දියුණු කිරීමට යෝජනා” යන කොටුවේ (16 සහ 17 පිටුවල) පෙන්වා ඇති පරිදි, ඔබට බයිබලය කියවීම භුක්තිවිඳිය හැකි ක්‍රම බොහොමයක් තිබේ. ඔබ යොදාගන්නා ක්‍රමය කුමක් වුවත්, ඔබ ඔබගේ මනස සහ හෘදය යන දෙකම පෝෂණය කරගන්නා බවට ස්ථිරවන්න.
ඔබ කියවන දෙයෙහි අර්ථය වටහාගන්න
16. අප කියවන දෙය මත මෙනෙහි කිරීමට කාලයගැනීම වැදගත් වනුයේ මන්ද?
16 තම ගෝලයන්ට උගන්වන විට, යේසුස්වහන්සේ, තමා පැවසූ දෙය ඔවුන් විසින් තේරුම්ගැනීමේ වැදගත්කම අවධාරණය කළසේක. අතිශයින් වැදගත් දෙය වූයේ, හුදෙක් මනසින් අවබෝධ කරගැනීම නොව, නමුත් “තමන්ගේ හෘදවලින් එහි අර්ථය තේරුම්ගැනීමය,” එවිට ඔවුන් එය තමන්ගේ ජීවිතවලට අදාළ කරගන්නවා ඇත. (මතෙව් 13:14, 15, 19, 23) දෙවියන්වහන්සේ ගණන් ගන්නේ, පුද්ගලයෙක් සැබවින්ම අභ්‍යන්තරයෙන් කුමන ආකාර කෙනෙකුද යන්නය, තවද මෙය නියෝජනය වන්නේ හෘදයෙනි. (1 සාමුවෙල් 16:7; හිතෝපදේශ 4:23) මෙසේ, බයිබල් ඡේදයෙන් පවසන දෙය අප විසින් තේරුම්ගන්නා බවට ස්ථිර වෙනවාට අමතරව, ඒවා අපගේ ජීවිතවලට බලපාන සැටි සලකා බලමින් ඒවා මත මෙනෙහි කළ යුතුය.—ගීතාවලිය 48:9; 1 තිමෝති 4:15.
17. අප ශුද්ධ ලියවිලි තුළ කියවන දෙය මත මෙනෙහි කළ හැකි ඇතැම් කෝණ කවරේද?
17 බයිබල් වාර්තාවල කැපීපෙනෙන ප්‍රතිපත්ති හඳුනා ගැනීමට වෑයම් කරන්න, එවිට ඔබ මුහුණ දෙන තත්වයන්ට මේවා අදාළ කළ හැකිය. (සසඳන්න මතෙව් 9:13; 19:3-6) ඔබ යෙහෝවඃවහන්සේගේ පුදුමාකාර ගුණාංග ගැන කියවා ඒ මත මෙනෙහි කරත්ම, උන්වහන්සේ සමඟ ඔබට ඇති පෞද්ගලික සම්බන්ධතාව ශක්තිමත් කිරීමටත්, දේවභක්තියේ ශක්තිමත් හැඟීමක් ඔබ තුළම ගොඩනඟාගැනීමටත්, එම ප්‍රස්තාව යොදාගන්න. ඔබ යෙහෝවඃවහන්සේගේ අරමුණ පිළිබඳ ප්‍රකාශ කියවන විට, මේවාට අනුකූලව වැඩ කිරීමට ඔබට කුමක් කළ හැකිදැයි සලකා බලන්න. ඔබ ඍජු උපදෙස් කියවන විට, ‘මං ඒක දන්නවා” කියා නිකම්ම ඔබටම කියාගන්නවා වෙනුවට, ‘එහි පවසන දෙය මා කරමින් සිටිනවාද?’ කියා අසන්න. එය එසේනම්, ‘මට එය “වඩාත් පූර්ණ ලෙස” කිරීමට හැක්කේ කිනම් මාර්ගවලින්ද?’ කියා ඔබෙන්ම අසන්න. (1 තෙසලෝනික 4:1) ඔබ දෙවියන්වහන්සේගේ අවශ්‍යතා ඉගෙනගන්නවාත් සමඟම, මෙම අවශ්‍යතාවන්ට අනුකූලව ජීවත්වූ අය සහ ජීවත් නොවූ අය පිළිබඳ බයිබලයේ සඳහන් සැබෑ ජීවන ආදර්ශයන් සැලකිල්ලට ගන්න. ඔවුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග එසේ අනුගමනය කළේ මන්ද කියාත්, ඒවායේ ඵලවිපාක වූයේ මොනවාද කියාත් සලකා බලන්න. (රෝම 15:4; 1 කොරින්ති 10:11) ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය ගැන කියවත්ම, මුළු පොළොව පුරා යෙහෝවඃවහන්සේ විසින් රජකම පවරා ඇත්තේ යේසුස්වහන්සේට බව මතක තබාගන්න; දෙවියන්වහන්සේගේ නව ලෝකය සඳහා ඔබ තුළම තිබෙන දැඩි ආශාව ශක්තිමත් කරගැනීමට මෙම අවස්ථාව යොදාගන්න. එමෙන්ම, ඔබට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ව වඩාත් පූර්ණ ලෙස අනුගමනය කිරීමට හැකි ආකාරයන් ගැන විශ්ලේෂණය කර බලන්න.—1 පේතෘස් 2:21.
18. අපගේ බයිබල් කියවීම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සැපයෙන අධ්‍යයන අප විසින් භාවිත කිරීම සමඟ සමබර කළ හැක්කේ කෙසේද?
18 ඇත්තවශයෙන්ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් ලබා ගත හැකි කර තිබෙන අති අනර්ඝ අධ්‍යයන ආධාරක කියවීම, බයිබලය කියවීමේ තැන නොගත යුතුය. මේවාද යෙහෝවඃවහන්සේගේ සැපයුම්වලට කොටසකි—අතිඅනර්ඝ කොටසකි. (මතෙව් 24:45-47) දෙවියන්වහන්සේගේ වචනය නිතිපතා කියවීම ඔබගේ ජීවිතයේ ප්‍රධාන තැනක් තිබෙන බවට ස්ථිර වන්න. හැකි සෑම විටෙකම, “දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න.”
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොයයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශිතයි.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ සෑම දිනකම බයිබලයෙන් යම් කොටසක් කියවීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
◻ බයිබලය නැවත නැවතත් කියවීමට අපට අවශ්‍ය වනුයේ මන්ද?
◻ ඔබගේම වැඩසටහන තුළ, නිතිපතා බයිබලය කියවීමට හොඳ කාලය කුමක්ද?
◻ ඔබ බයිබලය යළි යළිත් කියවත්ම, ඔබගේ කියවීමේ සටහනට විවිධත්වයක් ඇති කළ හැක්කේ කුමකටද?
◻ අප කියවන දෙය මත මෙනෙහි කිරීම වැදගත් වන්නේ මන්ද?
[16, 17වන පිටුවේ කොටුව]
ඔබේ බයිබල් කියවීම දියුණු කිරීමට යෝජනා
(1) බොහෝදෙනෙක් බයිබලය කියවන්නේ, උත්පත්ති පොතේ සිට එළිදරව් දක්වා එය සාමාන්‍ය පිළිවෙළට අනුව මුද්‍රණය කර ඇති ආකාරයටය. ඒවා මූලාරම්භයේ ලියනු ලැබූ ආකාරයටද ඔබට ඒවා කියවිය හැක. බයිබලය වනාහි ආනුභාව ලත් පොත් 66ක එකතුවක්, හෙවත් දිව්‍යමය පුස්තකාලයක් බව මනසේ තබාගන්න. පිටු පිළිවෙළින් කියවනවා වෙනුවට, විවිධත්වයක් ගැනීම පිණිස, ඉතිහාසය හුවාදක්වන පොත් කිහිපයක් කියවීමට ඔබට වුවමනා වනු ඇත, අනතුරුව වඩාත් අනාවැකිමය පොත්ද, ඉන්පසුව උපදෙස්වලින් පිරී ඇති ලිපිද කියවිය හැක. ඔබ කියවා ඇති දේට සටහනක් තබාගන්න, තවද මුළු බයිබලයම කියවන බවට සහතික වන්න.
(2) ඔබ ශුද්ධ ලියවිල්ලේ කොටසක් කියවීමෙන් පසු, එය යෙහෝවඃවහන්සේ ගැන, උන්වහන්සේගේ අරමුණ ගැන සහ උන්වහන්සේ දේවල් කරන ආකාරය ගැන එය හෙළි කරන දෙය; එය ඔබගේම ජීවිතයට බලපාන ආකාරය; තවත් කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔබට එය යොදාගත හැකි ආකාරය ගැන ඔබෙන්ම අසන්න.
(3)ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්හි (“ඕල් ස්ක්‍රිප්චර් ඊස් ඉන්ස්පයර්ඩ් ඔෆ් ගෝඩ් ඇන්ඩ් බෙනිෆිෂල්”හිද ඇත) “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ” යන තේමාව යටතේ, පළ කර ඇති, “යේසුස්වහන්සේගේ භූමික ජීවිතයේ ප්‍රධාන සිද්ධීන්” නමැති වගුව ආධාරකයක් හැටියට යොදාගෙන, සුවිශේෂවල ඇති එක් එක් කොටස්වල සමාන්තර වාර්තා එකකට පසු එකක් කියවන්න. ග්‍රේටස්ට් මෑන් හූ එවර් ලිව්ඩ් පොතේ අනුරූපී කොටස් සලකා බැලීමද මේ සමඟම කරන්න.
(4) පාවුල්ගේ ජීවිතය හා දේවසේවය ගැන ප්‍රේරිතයන්ගේ ක්‍රියා පොතෙන් ඔබ කියවන විට, ඊට සම්බන්ධිත දේවානුභාව ලත් ලිපිද කියවන්න. මෙසේ, පාවුල් දේශනා කළ විවිධ නගර ගැන හෝ ප්‍රදේශ ගැන සඳහනක් කරන විට, නැවතී, ඔහු එම ස්ථානවල සෙසු ක්‍රිස්තියානීන්හට පසුව ලියූ ලිපි කියවන්න. නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන්හි අවසාන පිටුවේ සඳහන් සිතියම වැනි සිතියමක් මත ඔහුගේ චාරිකාවන් පරීක්ෂා කර බැලීමද උපකාරවත්ය.
(5) නික්මයාම සිට ද්විතීය කථාව දක්වා කියවාගෙන යෑමේදී, අනාවැකිමය රටාවන් බොහොමයක් ගැන පැහැදිලි කිරීමක් ලබාගැනීම සඳහා හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය කියවන්න. ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ, “ව්‍යවස්ථාව” යටතේ, “ව්‍යවස්ථා ගිවිසුමේ ඇතැම් විශේෂාංග” නමැති වගුව පරීක්ෂා කර බලන්න.
(6) අනාවැකිමය පොත් කියවන විට, ඊට සම්බන්ධිත බයිබල් ඓතිහාසික පසුබිම සලකා බැලීමට කාලය ගන්න. නිදසුනක් වශයෙන්, යෙසායාගේ පොත කියවන විට, යෙසායා 1:1හි සඳහන්ව ඇති උස්සියා, යෝතාම්, ආහාස් සහ හෙසකියා වැනි රජවරුන් ගැන වෙනත් තැන්වල සඳහන්ව ඇති දෙය සලකා බලන්න. (2 රාජාවලිය, පරිච්ඡේද 15-20; 2 ලේකම්, පරිච්ඡේද 26-32) නැතහොත්, හග්ගයි සහ සෙකරියා ගැන කියවන විට, එස්රාගේ පොතේ සඳහන් දේ සලකා බැලීමට කාලය ගන්න.
(7) බයිබලයේ පොතක් තෝරාගෙන, එහි කොටසක් කියවන්න (සමහරවිට පරිච්ඡේදයක්), අනතුරුව, වොච්ටවර් ප්‍රකාශන සුචිය හෝ ඔබගේ භාෂාවන් තිබේ නම්, පරිගණක ගත කරන ලද වොච්ටවර් ලයිබ්‍රරි යොදාගනිමින්, පර්යේෂණ කරන්න. එම තොරතුරු ඔබේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගන්න. එය කතාවල සහ දේවසේවයේ භාවිත කරන්න. පසුව, වෙනත් කොටසක් කියවන්න.
(8) බයිබලයේ පොතක් ගැන හෝ ඉන් කොටසක් ගැන විවරණයක් සපයා ඇති වොච් ටවර් ප්රකාශනයක් වේ නම්, ඔබ බයිබලයේ එම කොටස කියවමින් සිටින අතර, ඉන් විටින් විට තොරතුරු ලබාගන්න. (නිදසුනක් වශයෙන්: සාලමොන්ගේ ගීතිකා සම්බන්ධව, 1957 දෙසැම්බර් 1දා ද වොච්ටවර්හි පිටු 720-34 දක්වා; එසකියෙල් පොත සම්බන්ධව, “ද නේෂන්ස් ෂැල් නෝ දැට් අයෑම් ජෙහෝවා—හව්?”; දානියෙල් පොත සම්බන්ධව, “යුවර් විල් බී ඩන් ඔන් අර්ත්” හෝ අවර් ඉන්කමිං වර්ල්ඩ් ගවන්මන්ට්—ගෝඩ්ස් කිංඩම්; හග්ගයි සහ සෙකරියාගේ පොත් සම්බන්ධව; පැරඩයිස් රෙස්ටෝර්ඩ් ටු මෑන්කයින්ඩ්—බයි තියොක්රසි!; එළිදරව් පොත සම්බන්ධව, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය!)
(9) ඔබ කියවනවාත් සමඟම, සමහරක් හරස්-පද යොමුදැක්වීම් බලන්න. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලින් කෙලින්ම උපුටා දක්වා ඇති හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් ඡේද 320ක්ද, යොමු දැක්වීම් කර ඇති එමෙන්ම අදාළ වීම දී ඇති වෙනත් ඡේදයන් සිය ගණන්ද සටහන් කරගන්න. බයිබලයේ වාර්තාවී ඇති අනාවැකිවල ඉටුවීම්වලටද, ජීවලේඛන සහ භූගෝලීය තොරතුරුවලටද, සමහරවිට තේරුම්ගැනීම දුෂ්කර යයි ඔබට හැඟෙන ප්‍රකාශ පැහැදිලි කර විය හැකි සමාන්තර අදහස්වලටද මෙම හරස්-යොමුදැක්වීම් යොමු දක්වයි.
(10) ඔබගේ භාෂාවෙන් ලබාගත හැකිව තිබේ නම්, නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂ්න්හි යොමුසටහන් සංස්කරණය භාවිත කරමින්, ඔබ කියවන දෙයට සම්බන්ධ පාද සටහන් සහ උප ලිපි පරීක්ෂා කර බලන්න. ගෙනහැර දැක්වීම් කර ඇති පදනම මෙන්ම වැදගත් ප්‍රකාශ පරිවර්තනය කළ හැකි වෙනත් ආකාරයන්ද මේවා මගින් පෙන්නුම් කෙරේ. වෙනත් බයිබල් පරිවර්තනවල යම් පද ගෙනහැර දක්වා ඇති ආකාරය සසඳා බැලීමටද ඔබට වුවමනා වනු ඇත.
(11) ඔබ එක් එක් පරිච්ඡේදය කියවීමෙන් පසුව, එම පරිච්ඡේදයේ ප්‍රධාන අදහස් ගැන ඉතා කෙටි සංක්ෂේපයක් ලියන්න. පසුව පුනරීක්ෂණයට හා මෙනෙහි කිරීමට එය පදනම ලෙසට යොදාගන්න.
(12) ඔබ බයිබලය කියවත්ම, ඔබට මතක තබාගැනීමට විශේෂයෙන් වුවමනා වන තෝරාගත් පාඨ ලකුණු කරන්න, නැතහොත් ඒවා කාඩ්පත් මත පිටපත් කර, සෑම දවසකම ඔබ දකින ස්ථානවල ඒවා තබන්න. ඒවා මතක් කරන්න, ඒවා මත මෙනෙහි කරන්න; ඒවා භාවිත කරන්න. එක් වතාවකදී ඕනෑවට වඩා මතක තබාගැනීමට උත්සාහ නොකරන්න, සමහරවිට එක් එක් සතියේ එකක් හෝ දෙකක්; අනතුරුව ඔබ ඊළඟ වතාවේ කියවන විට, වැඩි ගණනක් තෝරාගන්න.
[15වන පිටුවේ පින්තූර]
ඔබ සෑම දිනකම බයිබලය කියවන්නෙහිද, නැතහොත්, එහි පටිගත කිරීම්වලට සෑමදිනකම සවන් දෙන්නෙහිද?