දුප්පතුන්ට කොතරම් කාලයක් බලා සිටින්ට සිදුවේවිද?
“දුප්පත් බොහෝදෙනෙකුට උපකාර කරන්ට නිදහස් සමාජයකට නොහැකි නම්, ස්වල්ප ගණනක් වූ පොහොසතුන්ව මුදන්ටද එයට නොහැකිය.”—ජෝන්. එෆ්. කෙනඩි.
“සෑම කෙනෙකු සඳහාම අනාගතය දීප්තිමත් එකක් වනවාට මා කැමතියි—එනම්, කිසිම දුප්පත්කමක් නැති, කිසිවෙක් පාරේ නිදානොගන්නාවූ, පාරාදීසයකට!” මෙසේ පැවසුවේ, බ්‍රසීලයේ සැවෝ පවුලෝ නුවර 12 හැවිරිදි එක් පිරිමි ළමයෙකි. එහෙත්, දුප්පත්කම සහමුලිනුපුටා දැමීමට හැකිවේද? දුප්පතුන්ට කොතරම් කාලයක් බලාසිටින්ට සිදුවේවිද?
තමන්ට වුවමනා දේ මිල දී ගත නොහැකි නිසා, ඇතැම්හු තමන් දුප්පත් යයි සලකති. එහෙත්, ඇත්තටම දුප්පත්කමින් මිරිකී සිටින අයගේ දුක්ඛිත තත්වය සලකා බලන්න. එවැනි ජනයාගේ අතිදරුණු අසීරුතාවන් හා අසන්තෝෂය ඔබට සිතාගත හැකිද? ඇතැම් අය ආහාර ලබාගැනීම සඳහා කුණු කසල භාජන අවුස්සන විට, මුහුදු ලිහිණින් සහ මීයන් සමඟ තරඟ කිරීමට සිදුව තිබේ! එවැනි දුප්පත්කමක් මිනිස්වර්ගයාට කොතරම් කලකට පහර දේවිද? යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය)හි, අධ්‍යක්ෂක ජනරාල් වන ෆෙඩ්රෙකෝ මේයර්ගේ ඇයදුම යෝග්‍යය: “දුප්පත්කම, කුසගින්න සහ මිනිස් ජීවිත මිලියන ගණනකගේ දුක්විඳීම නමැති ඉවසිය නොහැකි දේ ඉවසා සිටීමට ඉඩ සලසන මෙම දුෂ්කර ඉවසීම අපි අත්හැර දමමු.”
විශ්වනීය සුභ-සාධනය පිළිබඳ සිහිනය ඉටුවේවිද? දුප්පතුන්ට ඇත්තේ කිනම් බලාපොරොත්තුවද?
දුප්පතුන් සඳහා කිනම් ප්‍රස්තාවන්ද?
හොඳ චේතනාවන්ගෙන් යුත් නායකයෝ, වැඩිමනත් රැකියා, වඩාත් හොඳ වැටුප්, දියුණු කරන ලද සමාජීය වැඩසටහන්, ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනා කරති. මෙසේ පැවසූ එ. ජ. හිටපු ජනාධිපති වූ ජෝන්. එෆ්. කෙනඩි සමඟ ඔවුන් එකඟ වෙනවා විය හැක: “දුප්පත් බොහෝදෙනෙකුට උපකාර කරන්ට නිදහස් සමාජයකට නොහැකි නම්, ස්වල්ප ගණනක් වූ පොහොසතුන්ව මුදන්ටද එයට නොහැකිය.” එහෙත්, හොඳ චේතනා දුප්පත්කම මුලිනුපුටා දැමීමට ප්‍රමාණවත් නොවේ. නිදසුනක් වශයෙන්, පොදුවේ දුප්පතුන්ට උපකාර කිරීමට ආර්ථික දියුණුව ඉවහල් වේවිද? එය එසේම යයි කිව නොහැක. ඉන්දියාවේ හිටපු නායක ජවහල්ලාල් නේරු මෙසේ ප්‍රකාශ කළේය: “ධනවාදී සමාජයක බලවේගයන්, පරීක්ෂාවට භාජන නොවේ නම්, පොහොසතුන්ව තවත් පොහොසත් කිරීමටත්, දුප්පතුන්ව තවත් දුප්පත් කිරීමටත් ඉඩ ඇත.” කෙසේවෙතත්, අසීරුතා සහ අඟහිඟකම්වලට අමතරව, කිසිම විටිනාකමක් නැති බවට වූ හැඟීම දුප්පතුන්ව තවත් පීඩාවට පත් කරයි. අසරණභාවයේ සහ බලාපොරොත්තු නැතිකමේ හැඟීම්වලින් ජයගැනීමට දුප්පතුන්ට උපකාර කිරීමට මිනිස් නායකයන්ට හැකිවේද?
ඇත්තෙන්ම, ඉතා අසරණ දුප්පත්තු බොහෝදෙනෙක්, දුප්පත්කම සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉගෙනගෙන ඇති අතර, අහස් උසට නැඟ තිබෙන උද්ධමනය හා විරැකියාව වැනි මහත් දුෂ්කරතා හමුවේ පහත් ආත්මගෞරවයක හැඟීම්වලින් ජයගෙන සිටිති. එපමණක්ද නොව, සාගතය, නිවාස නැතිකම, සහ දුක්ඛිතභාවය කිසිම සැකයක් නැතිව සහමුලින්ම ඉවත් කර දමනු ලබනවා ඇත. මෙය ඔබට පුදුමයක්ද? “ළඟදීම, කිසිවෙකු දුප්පත් නොවනු ඇත” යන ඊළඟ ලිපිය කියවීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.