ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 4/1 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බව්තීස්ම විය යුත්තේ මන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 4/1 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි බව්තීස්මයකදී කිනම් ආකල්පයක් විදහා දැක්විය යුතුද?

මෙය උනන්දුමත් ප්‍රශ්නයකි, මන්ද අපගේ පාඨකයන්ගෙන් බොහෝදෙනෙක් බව්තීස්ම වී සිටියත්, ඔවුන්ටද, එමෙන්ම බව්තීස්ම වීමට බලාපොරොත්තු වන අයටද මෙය අදාළය. සම්පූර්ණ ගිල්වීමකට යටත් වී බව්තීස්ම වන අය ගැන අපි පළමුව අදහස් දක්වමු. ඔවුන්ගේ ආකල්පය විය යුත්තේ කුමක්ද?

ජනයාව ගෝලයන් කර, ඔවුන්ට උගන්වා ඔවුන්ව බව්තීස්ම කරන ලෙස මතෙව් 28:19, 20හි යේසුස්වහන්සේ සිය ගෝලයන්ට කීසේක. බව්තීස්මය වනාහි, මොහොතකට ඇතිවන කුතුහලයෙන් නික්මෙන්නාවූ ඉහළ චිත්තවේගී අද්දැකීමක් ලෙස උන්වහන්සේ බව්තීස්මය ඉදිරිපත් කළේ නැත. යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් අප දකින පරිදි, එය බැරෑරුම් පියවරකි. ලූක් 3:21 මෙසේ පවසයි: “යේසුස් වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවර [විය].” එසේය, අපගේ ආදර්ශකයාණෝ බව්තීස්මය බැරෑරුම් ලෙස යාච්ඤාපූර්වකව සැලකූසේක. උන්වහන්සේ වතුරෙන් ඉවතට එනවිට, ජයග්‍රාහි සලකුණු කරමින්, ඔල්වර හඬදෙමින්, තම දෑත් වේගයෙන් විදහා දක්වනවා අපට සිතාගන්ට බැරිය, එහෙත්, මෑතකදී ඇතැම් අය එසේ කර තිබේ. නැත. යොහන් බව්තීස්ම අසල සිටිද්දී, උන්වහන්සේ කළේ සිය පියාණන් වෙතට යාච්ඤාවෙන් හැරීම පමණි.

එහෙත්, අදදින ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් පල්ලිවලින් අවශ්‍ය කරවන්නාක් මෙන්, බව්තීස්මය වනාහි, විශේෂ අභිනයන් හෝ නැවත නැවත කීම් කළ යුතු දුක්මුසු ශෝකාකූල සිද්ධියක් නොවේ. ඇයි, යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු දහස් ගණනක් ක්‍රිස්තියානි බව්තීස්මයට යටත් වූ, පෙන්තකොස්ත දවස ගැන සිතා බලන්න. ඔවුහු එවිටමත් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කර තිබූ අතර, උන්වහන්සේ සමඟ සබඳතාවකට පැමිණ සිටියෝය. එබැවින්, ඔවුන්ට කරන්නට අවශ්‍ය වූයේ මෙසියස්වහන්සේ වන යේසුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේව පිළිගැනීම පමණි. ඔවුන් එසේ කළ විගස, ඔවුන්ට බව්තීස්මය ලැබීමට හැකි විණි.

ක්‍රියා 2:41 මෙසේ වාර්තා කරයි: “ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය.” වේමත්ගේ බයිබල් අනුවාදයෙහි මෙසේ කියවීමට තිබේ: “එමනිසා, ඔහුගේ වචනය ප්‍රීතියෙන් යුතුව සාදරයෙන් පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ.” මෙසියස්වහන්සේ පිළිබඳ කුතුහලය දනවන පුවත් අසා ඔවුන් ප්‍රීති වූ අතර, සිය ගණනක් පිට සිය ගණනක් සන්තෝෂවත් නිරීක්ෂකයන් ඉදිරියේ සිදුවූ බව්තීස්මයක හෘදයාංගම ප්‍රීතිය පැතිර ගිය බව සහතිකය. ස්වර්ගයේ සිට බලා සිටි දේවදූතයන් පවා ප්‍රීතිවූහ. යේසුස්වහන්සේගේ වචන මතක් කරන්න: “එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමි.”—ලූක් 15:10.

බව්තීස්මයක බැරෑරුම්කම සහ ප්‍රීතිය යන දෙකම විදහාපෑමට අප සෑම කෙනෙකුටම හැකි විවිධාකාර ක්‍රම තිබේ. ඇතැම් පල්ලිවල බව්තීස්මය ලබන අය සුදු හෝ කලු ලෝගු අඳිති. එවන් අවශ්‍යතාවක් සඳහා කිසිදු ශුද්ධ ලියවිලිමය අනුබලයක් නැත. එහෙත්, යන්තමට සිරුර වැසෙන සේ හෝ ඇඳුම විනිවිද සිරුර පෙනෙන අන්දමේ නාන ඇඳුම්, පුරුෂයන් සඳහා හෝ ස්ත්‍රීන් සඳහා හෝ වේවා නුසුදුසුය. තවද කලින් සඳහන් කළාක් මෙන්, අලුත් ක්‍රිස්තියානියෙකු වතුරෙන් මතුපිටට පැමිණෙන කල, තමා සුවිශේෂ ජයග්‍රහණයක් ලැබුවා සේ විශේෂ ඉරියව් අභිනයන් නොකළ යුතුය. අලුත් තැනැත්තා බව්තීස්ම වූ බවට ක්‍රිස්තියානි සහෝදරත්වයේ සෙසු අය සන්තෝෂ වෙති. ඇදහිල්ලේ මෙම නිරූපනය, දෙවියන්වහන්සේගේ අනුමැතිය දිනාගැනීම පිණිස යන අඛණ්ඩතාවේ දිගු ගමනේ මුල් පියවර පමණක් බව ඔහුට හැඟී යා යුතුය.—මතෙව් 16:24.

ප්‍රසිද්ධ බව්තීස්මය නිරීක්ෂණය කරන්නන් වශයෙන් අප, බව්තීස්ම වෙන තැනැත්තා විශේෂයෙන් අපගේ නෑදෑයෙකු හෝ අප සමඟ බයිබලය පාඩම් කළ කෙනෙකු නම්, අපි විශේෂයෙන් ප්‍රීතිවෙමු. කෙසේවෙතත්, මීට මුළුමනින් පංගුකාර වීම පිණිස, අප අපේක්ෂකයන් සමඟ මුළු කථාවට සවන්දී, ඔවුන්හට ඉදිරිපත් කරන ප්‍රශ්නවලට ප්‍රසිද්ධියේ පිළිතුරු දෙනවා අසා, ඔවුන් සමඟ යාච්ඤාවට හවුල් විය යුතුය. එසේ කිරීමෙන්, බව්තීස්මයම ගැන හරි ආකල්පයක් තබාගැනීමට එය අපට මහෝපකාරි වෙයි; ඒ පිළිබඳව දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය අපට තිබෙනවා ඇත. බව්තීස්ම ක්‍රියාවෙන් පසුව, ජයග්‍රාහි පෙරහැරකින් කැඳවාගෙන යෑම, මල්මාලා අතට දීම හෝ පැළඳවීම, බව්තීස්ම වන තැනැත්තාට ගෞරවය කරන පිණිස සාදයක් පිළියෙළ කිරීම අපගේ ප්‍රීතියට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, අප අපගේ අලුත් සහෝදරයා හෝ සහෝදරී වෙතට එළඹ, රැගෙන තිබෙන පුදුමාකාර පියවර සම්බන්ධයෙන් ප්‍රීතිය පළකොට, අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයට ඉතා සාදරයෙන් පිළිගත හැකිය.

සාරාංශයක් වශයෙන් ගත් කල, එසේනම්, වතුර බව්තීස්මය ලබන අය ඇතුළත්ව අප සියල්ලන්ම, බව්තීස්මය සුදුසු ලෙස බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුතුය. එය සාදයන් සඳහා හෝ අධික ලෙස ප්‍රීති සන්තෝෂ වීම සඳහා අවස්ථාවක් නොවේ. එමෙන්ම, එය අඳුරු, ශෝකාකූල කාලයක්ද නොවේ. අලුත් අය අප සමඟ සදාකාල ජීවනයේ මාවතට හවුල් වී තිබීම ගැන අපට හරි ලෙස සතුටු විය හැක. එමෙන්ම අපගේ නව සහෝදර සහෝදරියන් ප්‍රීතියෙන්ද සාදරයෙන්ද අපට පිළිගත හැකිය.

[31වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න