ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 3/15 32 පි.
  • බයිබලයක වටිනාකම කීයද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයක වටිනාකම කීයද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 3/15 32 පි.

බයිබලයක වටිනාකම කීයද?

මෑතකදී බ්‍රිතාන්‍ය පුස්තකාලය, විලියම් ටින්ඩේල්ගේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ඉංග්‍රීසි පරිවර්තනයේ පිටපතකට ඩොලර් 16,00,000ක් පමණ ගෙවීමට එකඟ විය. මීට වසර 468කට පෙර, පළ කරන ලද මෙය වනාහි, විනාශ කිරීමට දරන ලද ප්‍රයත්නය අභිබවා තවමත් එසේම පවතින ටින්ඩේල්ගේ බයිබලයේ එකම පළමු සංස්කරණයේ සම්පූර්ණ මුද්‍රණයයි. මෙම බයිබලය ලන්ඩනයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබිණ.

මෙම ටින්ඩේල් බයිබලය මිල දී ගනු ලැබුවේ, එය 1784 සිට තබා තිබූ එංගලන්තයේ බ්‍රිස්ටල් බැප්ටිස්ට් විද්‍යාලයෙනි. විද්‍යාල කමිටුවේ උප සභාපති වන ආචාර්ය රොජර් හේඩන් මෙසේ පැවසීය: “මෙය වනාහි අතිමහත් වටිනාකමකින් හෙබි ජාතික, සංස්කෘතික හා ක්‍රිස්තියානි ග්‍රන්ථයක් වන අතර, අප මෙය ඉතා සුරක්ෂිතව තබාගත් හෙයින්, එය වඩාත් පුළුල් ලෙස සුලභ කිරීමට අපට වුවමනා විය.”

සියවස් ගණනාවක් පුරා බයිබලය වැඩි හරියක් ලතින්වලින් ලබාගත හැකිව තිබූ අතර, එය කියවීමට හැකි වූයේ පූජක පංතියට හා උගත් ඉහළ පැලැන්තියේ අයට පමණි. තමාට පෙර විසූ ජෝන් වයික්ලිෆ්ට මෙන්, ටින්ඩේල්ටද සියල්ලන්ට කියවා තේරුම්ගත හැකි බයිබලයක් බෙදාහැරීමට වුවමනා විය. තමාට විරුද්ධ වූ පූජකයෙකුට ඔහු වරක් මෙසේ ප්‍රකාශ කළේය: ‘තවත් වසර කිහිපයක් ජීවත්වීමට දෙවියන්වහන්සේ මට ඉඩ දුන්නොත්, ඔබට වඩා හොඳින් නඟුල පදවන කොල්ලෙකුට ශුද්ධ ලියවිලි දැනගැනීමට මම සලස්වන්නෙමි.’

පොදු ජනයාට ශුද්ධ ලියවිලි ලබාගැනීමට හැකි කරවීමට පූජකයන් දැඩි සේ විරුද්ධ වූ බැවින්, මෙය භයානක කර්තව්‍යයක් වූයේය. එබැවින්, ටින්ඩේල් එංගලන්තයේ සිට ජර්මනියට පලා ගියේය. එහිදී ඔහු මුල් ග්‍රීක් භාෂාවේ සිට “අලුත් තෙස්තමේන්තුව” පරිවර්තනය කළේය. මෙහි පිටපත් 3,000ක් පමණ මුද්‍රණය කර, හොර රහසේ එංගලන්තයට ගෙනෙන ලදි. එංගලන්තයේ බිෂොප්, තමාට සොයාගත හැකි සෑම පිටපතක්ම මිල දී ගෙන ඒවා සා. පාවුලු පල්ලි භූමියේ ප්‍රසිද්ධියේ පුළුස්සා දැමුවේය. අවසානයේදී, ටින්ඩේල්ව අල්ලාගනු ලැබ, නඩු විභාග කොට, ධර්ම විරෝධී වරදකරුවෙකු බවට පත් කරන ලදි. වර්ෂ 1536දී ඔහුගේ හුස්ම හිරකොට ඔහුව කණුවක බැඳදමා පුළුස්සන ලදි. පූජක පංතිය විසින් එතරම් වෛර කරනු ලැබූ බයිබලයක් දැන් මෙතරම් වටිනාකමක් ගැනීම කොතරම් උනන්දුව දනවනසුලුද!

ඒකාන්ත බයිබල් දැනුම සොයන සෑම කෙනෙකුටම එය දානය කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මහත් උනන්දුවෙන් වීර්ය කරති. වෙනත් අනුවාද මුද්‍රණය කර බෙදාහරිනවාට අමතරව, ඔවුහු ප්‍රාරම්භක භාෂාවලින් නිවැරදි සහ කියවීමට පහසු සම්පූර්ණ බයිබලයම නිපදවා ඇත්තාහ. වසර 1995 වන විට, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්හි පිටපත් 7,40,00,000කට බෙහෙවින් වැඩි ප්‍රමාණයක් භාෂා 12කින් පළ කොට තිබේ. ඇත්තවශයෙන්ම, ඕනෑම බයිබලයක නියම වටිනාකම ඇත්තේ එහි ජීවන-දායක පණිවුඩය තුළයි.

[32වන පිටුවේ පින්තූරය]

විලියම් ටින්ඩේල්

[හිමිකම් විස්තර]

From an old engraving in the Bibliothèque Nationale

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න