යෙහෝවඃවහන්සේ පොළොව ගළවාගනු ඇත
මාලදිවයිනේ එක් ගුවන් තොටුපොළක්, සෑම දවසකම පැය කිහිපයක් වසා තිබේ. ඊට හේතුව? එහි ධාවන පථය වඩදියෙන් පිරී, ඊට යටව යන හෙයින්, ගුවන් යානාවල ගොඩබැසීම අනාරක්ෂිත බැවිනි. ඊළඟ සියවසේදී මාලදිවයින් දූපත්වල මුහුදු මට්ටම් අඩු තරමින් අඩි තුනකින්වත් ඉහළ යනු ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ භයවී සිටිති. මෙය එතරම් විශේෂ ප්‍රමාණයක් බවට පෙනෙන්ට නොතිබුණද, එවැනි වැඩිවීමකින් ජාතීන් වෙසෙන දූපත් හතක් මුළුමනින්ම සිතියමින් අතුරුදහන් වී යෑමට පිළිවන. ඇත්තවශයෙන්ම, යූ එන් ක්රොනිකල්ට අනුව, වඩදිය අඩි හයකින් වැඩිවුවහොත්, දූපත් 1200ක් පමණ මුළු මහත් දූපත් සමූහයම, සහමුලින්ම වැසී යෑමට පිළිවන!
මෙම මුහුදු මට්ටම ඉහළ යෑමට හේතුව කුමක්ද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව, “හරිතාගාර වායු” මගින් පොළොවේ පරිසරය දූෂණය වීම නිසා, උෂ්ණ ප්‍රදේශවල සාගර ප්‍රසාරණය, අයිස් පර්වත හා ග්ලැසියර දියවී, මෙසේ ජල මට්ටම වැඩිවීමට සලස්වයි. මෙම දූෂණය, “ගොඩබිමේ සහ මුහුදේ සීමා වෙනස් කරමින් සෙමෙන් සිදුවන ලෝක ව්‍යසනය, වඩාත් වේගවත් කරන්ට පිළිවනැයි” ලන්ඩනයේ පිහිටි පේනස් ආයතනය පවසයි.
පොළොවේ උණුසුම් වීමක් පැවතීම තවමත් විද්‍යාඥයන් අතර විවාදයට තුඩු දී තිබේ. කෙසේවෙතත්, පාරිසරික ගැටලු දෙවියන්වහන්සේගේ අරමුණට බාධා නොකරන බවට අපට සහතික විය හැකිය. “නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ” යයි බයිබලය ප්‍රකාශ කරයි. (1 ලේකම් 16:30) යෙහෝවඃවහන්සේට පොළොවේ පරිසරය කෙරෙහි පාලනයක් ඇති අතර, උන්වහන්සේ ඉතා ඉක්මනින් පොළොව සහ මිනිස්වර්ගයාව වනසාදැමීමෙන් ගළවනු ඇති බවට, අපට ප්‍රීති විය හැකිය.—ගීතාවලිය 24:1, 2; 135:6; 2 පේතෘස් 3:13.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Drawing based on NASA photo