“සියලු සිතිවිලි අභිබවා යන දෙවියන්වහන්සේගේ සමාදානය”
ඉතිහාසය පුරා, දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයෝ, ඉතා දැඩි චිත්තවේගී සන්තාප කාලයන් පසු කර සිටිති. අප “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” තුළ ජීවත්වන හෙයින්, මෙය අදදින ඊටත් වඩා මොනතරම් සැබෑද! (2 තිමෝති 3:1, NW) යාච්ඤාව තුළින් තම සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට දමන මෙන් ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේය. කිනම් ප්‍රතිඵලයක් සහිතවද? “සියලු සිතිවිලි අභිබවා යන දෙවියන්වහන්සේගේ සමාදානය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කරණකොටගෙන ඔබගේ හෘදයන්ද ඔබගේ මානසික බලයන්ද ආරක්ෂා කරනවා ඇත.”—පිලිප්පි 4:7, NW.
මෙම “දෙවියන්වහන්සේගේ සමාදානය” යනු කුමක්ද? ඒ වූ කලි මැවුම්කරුවාණන් සමඟ ඇතිකරගෙන තිබෙන සමීප සබඳතාවකින් පැමිණෙන සන්සුන්කමකි. අපගේ පීඩන මොනවා වුවත්, යෙහෝවඃවහන්සේ, ‘තමන් සෙනඟ ඉවත නොදමන බවටත් තමන්ට අයිති අය අත්නොහරින’ බවටත්, නිසැකකමක් එවැනි සමීපතාවක් අපහට ලබා දෙයි.—ගීතාවලිය 94:14, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
මින් අදහස් කරන්නේ අප විපත්තිවලට ගොදුරු නොවී සිටිනවාය යන්න නොවේ. “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය” කියා ගීතිකාකරු ලීවේය. (ගීතාවලිය 34:19) එහෙත්, දෙවියන්වහන්සේගේ සමාදානයට සහනය ගෙන ආ හැකිය. කෙසේද?
දෙවියන්වහන්සේගේ සමාදානය “සියලු සිතිවිලි අභිබවා යන” බව පාවුල් ලීවේය.—නැතහොත්, කොන්කෝර්ඩන්ට් වර්ෂන්හි ගෙනහැර දක්වා ඇති පරිදි, “සෑම මානසික තත්ත්වයකට වඩා උසස්” ය. සිත්තැවුල් නිසා අප තුළ බොහෝ පුළුල් ආකාරයේ පීඩාකාරි චිත්තවේග අද්දැකීමට සිදුවිය හැක. (දේශනාකාරයා 7:7) එහෙත්, දෙවියන්වහන්සේගේ සමාදානයට, විශේෂයෙන්ම අපට “සාමාන්‍යය ඉක්මවූ බලය” අවශ්‍ය විට අපව ස්ථාවර කළ හැකිය.—2 කොරින්ති 4:7, NW; 2 තිමෝති 1:7.
එපමණක්ද නොව, දෙවියන්වහන්සේගේ සමාදානය ආරක්ෂාවකි. පාවුල් පිලිප්පිවරුන්ට ලීවාක් මෙන්, “ඔබගේ හෘදයන්ද ඔබගේ මානසික බලයන්ද ආරක්ෂා” කිරීමට එයට හැකිය. මෙහි “ආරක්ෂා” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය, යුද්ධ හමුදාවලට සම්බන්ධ වචනයක් වන අතර, එය දිවා රෑ මුරකාවල් ලා සිටින හේවායන්ගේ පින්තූරයක් මනසට නංවන බවක් පෙනෙන්ට තිබේ. ඒ ආකාරයෙන්ම, අපගේ හෘදයන් හා මානසික බලයන් මත පැය 24 මුළුල්ලේම මුරකාවල් ලා සිටීමට දෙවියන්වහන්සේගේ සමාදානයට හැකිය.—1 කොරින්ති 10:13; සසඳන්න එපීස 4:26.
අදදින අප මුහුණපාන පීඩාකාරි අභියෝගයන් සැලකීමේදී, දෙවියන්වහන්සේගේ සමාදානය යන්න ස්තුතිවන්ත විය යුතු යමක් නොවේද?—ගීතාවලිය 18:2; සසඳන්න නික්මයාම 40:38.