ඔබට සෞඛ්‍යය පරීක්ෂණයක්?
වෛද්‍යමය සහ රෝග නිර්ණය කිරීමේ ක්‍රම ගැන වොච්ටවර් සමිතිය පුද්ගලයන් සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ හෝ තීරණ දෙන්නේ හෝ නැත. කෙසේවෙතත්, බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව, යම් පැතිවලින් සැකකටයුතු යමක් තිබේ නම්, මේවා කෙරෙහි අවධානය යොමු කරනවා විය හැකිය. අනතුරුව, ඇතුළත් වන දේවල් මොනවාද සහ කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධව එක් එක් පුද්ගලයා තීරණගත යුතුය.
ප්‍රිය සහෝදරයෙනි: මෙම කාරණය සම්බන්ධව මම ඔබේ අදහස දැනගැනීමට කැමැත්තෙමි. එක් [වෛද්‍යවරියක්] රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහිලා හොඳ සාර්ථකත්වයක් ලබා ඇති බව පෙනෙන්ට තිබෙන නමුත්, ඇය භාවිත කරන එක් ක්‍රමයක් ගැන මට සැක පහළ වේ. . . . රෝගයේ මූලය කුමක්ද කියා ඈ පරීක්ෂණයකින් නිගමනය කරන්නීය. අනතුරුව, කුමන ආකාරයේ බෙහෙතක් භාවිත කළ යුතුද, නැතහොත් කොතරම් ප්‍රමාණයක් යොදාගත යුතුද කියා සොයා බැලීමට, ග්‍රන්ථියක් හෝ ඉන්ද්‍රියක් අසල හමට ඈ බෙහෙත් බෝතලයක් තබන්නීය. රෝගියාගේ ඔසවන ලද අත් පහතට දැමීමට ඈ උත්සාහ කරන්නීය. බෙහෙත්වල වර්ගය හෝ එය භාවිත කළ යුතු ප්‍රමාණය නිර්ණය කරනු ලබන්නේ, අත පහතට දැමීමට ඈට අවශ්‍ය බලය මගිනි. මෙහි න්‍යාය වනුයේ, බෝතලයේ ලෝහ මූඩිය තුළින් බෙහෙත් හරහා ධාරාවක් මෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ශරීර ඉන්ද්‍රිය තුළට කාවැදී එය ශක්තිමත් කිරීමය. මෙය වතුර විදීමක් හා සමාන දෙයක්ද?
එක්සත් ජනපදවල ඔරිගන් වෙතින් පැමිණෙන මෙම ලිපියේ සඳහන් වන්නේ, පෝෂණ අවශ්‍යතා නිර්ණය කිරීමට, චිත්තවේගී ප්‍රශ්න කිරාමැන බැලීමට, මතකයන් තක්සේරු කිරීමට සහ එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කිරීමට ඇතැම් අය යොදාගන්නා වූ ව්‍යවහාරයක් සම්බන්ධවය. මෙම ව්‍යවහාරය කොතරම් පොදුවේ භාවිත කරනු ලැබුවත් ලේඛකයාගේ සැකයන් යුක්තිසහගතවේද?
සෞඛ්‍යය—අත්කරගැනීමට කොතරම් වෙහෙසක්ද?
ඉපැරණි කාලවල පටන්, මිනිසුන් අසනීප වන්නේ මන්ද සහ සුවය ලබන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට ජනයා උත්සාහ කර තිබේ. ඉශ්‍රායෙල්වරුන්ට මෙහිදී වාසියක් තිබිණි, මන්දයත්, තමන් පව්කාරයන් බව ඔවුහු දැන සිටියෝය, තවද බොහෝ රෝග වැළඳීමෙන් හෝ ව්‍යාප්ත වීමෙන් වැළකීමට ඔවුන්ට උපකාරවත් වූ නීති දෙවියන්වහන්සේගෙන් ඔවුන්ට ලැබී තිබිණි. (ලෙවී කථාව 5:2; 11:39, 40; 13:1-4; 15:4-12; ද්විතීය කථාව 23:12-14) කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ ජනයෝද, ඔවුන්ගේ දවස්වල සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගෙන් උපකාර පැතූහ.—යෙසායා 1:6; 38:21; මාර්ක් 2:17; 5:25, 26; ලූක් 10:34; කොලොස්සි 4:14.
ඉපැරණි බබිලෝනියේ සහ මිසරයේ සිටි ජනයාට වඩා කොතරම් වෙනස්ද! ඔවුන්ගේ “වෛද්‍යවරුන්ට” ස්වාභාවික ද්‍රව්‍ය මත පදනම් වූ යම් ප්‍රතිකාර ක්‍රම තිබුණද, ඔවුන්ගේ බොහොමයක් “ප්‍රතිකාර” බොරු වෙදකමක් ලෙස දැන් විස්තර කළ හැකිය. එක් වෛද්‍යවරයෙකු විසින් ඌරෙකුගේ ඇස් අඤ්ජන සහ රතු හිරියල් සහ පැණි මිශ්‍රිත ඉතා අපවිත්‍ර ද්‍රාවණයක් සමඟින් අන්ධභාවයට ප්‍රතිකාර කරන ලද බව මිසර සිද්ධාක්ෂර පාඨයක සඳහන් වෙයි. මිශ්‍රිත කෂාය අසනීප පුද්ගලයාගේ කනට වත් කරන ලදි! මෙම ප්‍රතිකාරය, “සැබවින්ම අනර්ඝ” බව ඉපැරණි සාක්ෂි පත්‍රවල කියා සිටී. එහි අමුතු බව හෝ අභිරහස් බව එහි ආකර්ෂණය තවත් වැඩි කළා විය හැකිය.
බබිලෝනීයවරු සහ මිසරවරු බොහෝ විට භූත බලයන් කෙරෙහි අයැද සිටියෝය.a පූජක⁄වෛද්‍යවරයෙක්, රෝගියෙකුට පවසන්නේ බැටළුවෙකුගේ නාසිකා තුළට හුස්ම පිඹින ලෙසටය, මන්ද මෙහිදී යම් බලයක් හෙවත් ශක්තියක් රෝගියා වෙතින් තවත් සත්ත්වයෙකුහට ඇතුල්වී යම් බලපෑමක් ඇති කරන්ට හැකි බවට විශ්වාස කෙරිණි. බැටළුවා මරනු ලැබූ අතර, එහි අක්මාවෙන් රෝගියාගේ අසනීප හෝ ඔහුගේ අනාගතය හෙළිවී යයි උපකල්පන කෙරිණි.—යෙසායා 47:1, 9-13; එසකියෙල් 21:21.
ඇත්තෙන්ම, ඉපැරණි ඉශ්‍රායලයේ විසූ දේවභයැති වෛද්‍යවරයෙකු, එවැනි ආත්ම බන්ධන ක්‍රියා නොකරනු ඇත. දෙවියන්වහන්සේ ඥානවන්ත ලෙස මෙසේ නියෝග කළසේක: “පේනකියන්නෙක්වත්, නිමිති බලන්නෙක්වත්, ශාස්ත්‍ර කියන්නෙක්වත්, මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත්, ආත්ම බන්ධනකාරයෙක්වත් . . . නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පිළිකුලක්ය.” (ද්විතීය කථාව 18:10-12; ලෙවී කථාව 19:26; 20:27) අදදින දෙවියන්වහන්සේගේ ක්‍රිස්තියානි සේවකයන්ටද එයම අදාළ වේ. සුපරීක්ෂාකාරි වීම යෙහෙකි.
මෑත වර්ෂවලදී, බොහෝදෙනෙක්, “විකල්ප” රෝග නිර්ණය කරන ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රමවලට හැරී ගොස් සිටිති. මෙය, මූලික වශයෙන් පෞද්ගලික තීරණ ගත යුතු ක්ෂේත්‍රයක්ය. (මතෙව් 7:1; සසඳන්න රෝම 14:3, 4.) ඇත්තවශයෙන්ම, යම් ක්‍රිස්තියානියෙකු, ජීවිත ගළවන සැබෑ ස්ථිර විසඳුම වන දේව සේවය යටපත් වී යන තරමට මතභේදවලට තුඩුදෙන සෞඛ්‍යය කාරණා තුළ නියැලී සිටී නම්, එය ඉතා කනගාටුදායක වනු ඇත. (1 තිමෝති 4:16) නව ලෝකයේදී අසනීප සුව වනු ඇත්තේ හා පරිපූර්ණ සෞඛ්‍යය අත්කර ගනු ඇත්තේ වෛද්‍යමය පිළියම්, ඖෂධ, ආහාර හෝ සාකල්‍ය [holistic] ප්‍රතිකාර ක්‍රම තුළින් බව බයිබලය පවසන්නේ නැත. ඇත්තෙන්ම, පූර්ණ සුවය ගෙනෙනු ඇත්තේ, යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත පව්කමාව ලැබීම කරණකොටගෙන පමණි.—යෙසායා 33:24; එළිදරව් 22:1, 2.
කුමන බලවේග ඇතුළත්ද?
මුලින් ලියුමෙහි සඳහන් මාංස පේශි පරීක්ෂාව පිළිබඳ ව්‍යවහාර ගැන තීරණයක් ගැනීමේදී යම් ක්‍රිස්තියානියෙකු සමහර විට කුමක් සලකා බැලීම වටීද?
මාංසපේශිවල ශක්තිය හා ඉන් දැක්වෙන ප්‍රතිචාරය උරගා බැලීමේ ක්‍රම සම්මත වෛද්‍ය විද්‍යාවේ කොටසක් වන අතර, එහි වලංගුභාවය ගැන ප්‍රශ්න කරන්නේ ස්වල්පදෙනෙකු පමණි. නිදසුනක් වශයෙන්, බාලපක්ෂඝාත රෝගයෙන් මාංසපේශී දුර්වල කළ හැකි අතර, මේ සඳහා යෙදෙන ප්‍රතිකාරයට චලවේදය—“මාංසපේශි හා පේශීන්වල චලනය අධ්‍යයනය” යන්න ඇතුළත් විය හැක. එවන් චලවේදය වනාහි ආඝාතයකට (ස්ට්‍රෝක්) ගොදුරුවූවන් සඳහා යොදන පුනරුත්ථාපන ප්‍රතිකාරකයකි. එවැනි ප්‍රතිකාරවල සාධාරණ බව පිළිබඳව වැඩි දෙනෙකු වටහාගනු ඇත.
එහෙත්, මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් වූ ලියුමෙහි විස්තර කරන ලද මාංසපේශි ප්‍රතිකාරය ගැන කුමක් කිව හැකිද? මේ ආකාර “චලවේදය” එක්තරා ආහාර වර්ග, ඖෂධ වර්ග හෝ විටමින් වර්ග යම් පුද්ගලයෙකුට උපකාර කරනවාද නැතහොත් හානි කරනවාද කියා නිර්ණය කිරීමට ගන්නා ලද උත්සාහයේදී යොදාගෙන තිබේ. මෙය බොහෝදුරට කරනු ලබන්නේ පුද්ගලයා තමාගේ අත ඉදිරියට අල්ලාගෙන සිටින අතර, මාංසපේශිවල ශක්තිය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයා එය පහළට තෙරපීම මගිනි. ඊළඟට රෝගියා, තමාගේ මුඛ්‍ය තුළට හෝ තමාගේ උදරය මත හෝ ඔහුගේ අත්වල පෝෂ්‍යදායී ආහාරයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් තබයි. අනතුරුව අත්වල මාංසපේශි යළි පරීක්ෂා කරනු ලැබේ. ඔහුට එම පෝෂ්‍යදායී ආහාරය අවශ්‍ය වේ නම්, පරීක්ෂණයේදී ඔහුගේ අත වඩාත් ශක්තිමත් වන බවත්; ඒවා ඔහු සඳහා සුදුසු නොවේ නම්, මාංසපේශි වඩාත් දුර්වල වන බවත් කියනු ලැබේ.b
මෙම ක්‍රමය සාර්ථක බවත්, එහි බලපෑම ශරීරය තුළම තිබෙන බලයන් මත පදනම්ව ඇති බවත් මෙය අත්හදා බලා ඇති බොහෝදෙනෙක් විශ්වාස කරති. නවීන විද්‍යාවට බොහෝ දේවල් පැහැදිලි කිරීමට නොහැකි වුවද, ඒවා සිදුවිය හැකි හෝ නිරීක්ෂණය කළ හැකි බවට බොහෝදෙනෙක් තර්ක කරති. මෙසේ, වෛද්‍යවරුන් විසින් සොයාගෙන නැතිවා හෝ පිළිගනු ලැබ නැතුවා විය හැකි වුවත්, බලයන් සහ ද්‍රව්‍යයන් අතර යම් ශක්තියක් හුවමාරු වීමට තුඩුදෙන අන්තර් සබඳතාවක් තිබිය හැකි බවට ඔවුහු කියා සිටිති.
අනික් අතට, ඇප්ලයිඩ් කනිසියොලජි මෙසේ සඳහන් කරයි: “පෝෂ්‍ය පදාර්ථ වැනි රසායනික ද්‍රව්‍යයන් තක්සේරු කෙරෙන්නේ, ඒවා අඩංගු ද්‍රව්‍ය අතේ තබාගෙන මාංසපේශි පරීක්ෂා කිරීමෙන් බව [පොත්] උගන්වයි. මේ ආකාර පරීක්ෂණවල විශ්වාසකටයුතුභාවය ගැන කියාපාන කිසිදු සාක්ෂියක් නොමැත. ප්‍රතිකාරය පිළිබඳව තිබෙන විශ්වාසය කොතරම් ප්‍රබලද කිවහොත්, මෙම පරීක්ෂාව කරන තැනැත්තාගේ අගතිසහගත මත, පරීක්ෂණයේ නිවැරදි තොරතුරු ලබාගැනීමට බාධකයක් වෙයි.” “මාංසපේශි පරීක්ෂණ දෑතෙන් කර පළපුරුදු ඇති කෙනෙක්, පරීක්ෂණය ඉතා මඳ වශයෙන් වෙනස් කිරීමෙන් ඔහුගේ කැමැත්තට අනුව, පරීක්ෂණයට භාජන වූ තැනැත්තාගේ මාංසපේශි දුර්වල හෝ ශක්තිමත් බව පෙනීමට පහසුවෙන් සලස්වන්ට පුළුවන.”
පරෙස්සම් වන්න!
කෙසේවෙතත්, ඇතැම් මාංසපේශි පරීක්ෂණ මින් ඔබ්බට යයි. “ප්‍රතිනිහිතය පරීක්ෂණය” [තව කෙනෙකු යොදා පරීක්ෂා කිරීම]” යනුවෙන් හැඳින්වෙන දේ ගැන සලකා බලන්න. මෙය පරීක්ෂා කරනු ලැබීමට නොහැකි තරම් දුර්වලව සිටින මහලු පුද්ගලයෙකු හෝ ළදරුවෙකු සම්බන්ධව කරනවා විය හැකිය. රෝගියා වෙනුවට ක්‍රියාකරන එනම් “ප්‍රතිනිහිත” තැනැත්තා ළදරුවාගේ සිරුර ස්පර්ශ කරත්ම, ප්‍රතිකාර කරන්නා එම ප්‍රතිනිහිත තැනැත්තාගේ අත පරීක්ෂා කරයි. මෙය සුරතල් සතුන්ට පවා කරනු ලැබ තිබේ; රෝගී සතා වෙනුවට සිටින තැනැත්තාගේ අත පරීක්ෂා කෙරෙන්නේ, ඔහුගේ අත කොලී, ජර්මන් ෂෙපර්ඩ් යන බල්ලෙකු හෝ අසනීපව සිටින වෙනත් සුරතල් සතෙකු මත තබාගෙන සිටින විටය.
අප එවන් ක්‍රියා සම්බන්ධව විනිශ්චය නොකළ යුතුය, නමුත් ‘මෙම බලපෑම් පිටුපස ශරීරයේ බලයන් තිබේද?’ කියා ඔබ අසනවා විය හැක. අන්තරීක්ෂ කිරණවල, සූක්ෂ්ම තරංග හා නොයෙක් ආකාරවල විද්‍යුත් චුම්බක විකිරණවල පැවැත්ම විද්‍යාඥයෝ ඔප්පු කොට සිටිති. එහෙත්, ළදරුවන් සහ ගෙවල ඇති කරන සුරතල් සතුන් ඇතුළු සියලු මැවිලිවලට, ඔවුන්ගේ ශරීර තුළින් නික්මී තවත් පුද්ගලයෙකුට බලපෑම් කළ හැකි බලයන් තිබේද? බලයන් නික්මී අවුත් බැටළුවෙකුට බලපෑම් කළ හැකි යයි බබිලෝනියයෝ සිතූහ. ‘අදදින මිනිසුන් හෝ සතුන් සම්බන්ධව ඒ හා සමාන යමක් සිදුවෙන්ට පුළුවන් කියා මා විශ්වාස කරනවාද? නැතහොත් මෙම බලපෑම්වලට තවත් පැහැදිලි කිරීමක් තිබිය හැකිද?’ කියා ඔබ ඔබෙන්ම අසනවා විය හැකිය.
යම් පුද්ගලයෙකුගේ “බලයන්” ලෝහ සර්පිල හෝ අවලම්බයන් වැනි ආධාරක තුළින් මැනිය හැකි බව ඇතැම් සුවකරන්නෝ කියා සිටිති. සුවකරන්නාගේ “ශක්ති ක්ෂේත්‍රය” රෝගියාගේ මෙම ශක්ති ක්ෂේත්‍රය සමඟ අන්‍යොන්‍ය වශයෙන් බලපවත්වන විට මේවා චලනය වන බවට සිතනු ලැබේ. කලක් මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ විද්‍යාඥයෙකුව සිටි හා වෛද්‍යවරියක හා ලේඛිකාවකව සිටින තැනැත්තියක්, ඇතැම් අවස්ථාවලදී, රෝග නිර්ණය කරන්නේ අවලම්බයක් භාවිත කරමිනි. පුද්ගලයන් වටා “මිනිස් ශක්ති ක්ෂේත්‍රයක්” හෙවත් වර්ණවත් ශරීර රශ්මියක් දැකගැනීමට හැකි වූ බවද ඈ සහතික කොට කියා සිටින්නීය. තවද ටියුමර, රුධිර සෛල හෝ ක්ෂුද්‍රජීවීන් දැකගැනීම සඳහා ශරීරය තුළ දැකගැනීමටද, අතීතය බැලීමටද “අභ්‍යන්තර දර්ශන” යොදාගන්නා බව ඈ කියා සිටින්නීය.c
කලින් සඳහන් වූවාක් මෙන්, අතේ ශක්තිය මගින් බලයන් මැනීම, චිත්තවේගයන් පරීක්ෂා කිරීමට යොදාගනු ලැබ තිබේ. පුළුල් ලෙස බෙදා හැර තිබෙන පොතක් මෙසේ පැවසුවේය: “එකම වේලාවකදී ඉතා සුළු චිත්තවේගී පරීක්ෂණයක් කිරීමට ඔබ ආශා කරන්නේ නම්, ‘ඔබට ගැටලුවක් තිබෙනවාද?’ කියා හඬ නගා අසා, නැවත එම පරීක්ෂණය කරන්න. පෝෂ්‍යදායී කොටස් ඌන නම්, මෙය ඉඳ හිට අත් දුර්වල කරනු ඇත.” ඇතැම් අය, “විශේෂ කායික, චිත්තවේගී හෝ ආත්මික තුවාලයක් ඇති වූයේ කිනම් වයසේදීදැයි හඳුනාගැනීමට” එවන් පරීක්ෂණයක් යොදාගනිති. තවද එය එදිනෙදා කාරණාවලදී ‘ඔව් හෝ නැහැ’ කියා තීරණය කිරීමටද යොදාගැනේ.
පෙනෙන විදිහට, එවන් මාංසපේශි පරීක්ෂණ (චලවේදය) කරන අය, තම පුරුදු, විස්තර කරන ලද පුරුදුවලින් වෙනස් බවත්, ඊට කිසිදු ආත්ම බන්ධන ක්‍රියාවක් සම්බන්ධ නැති බවත්, ඒවායින් කිසිදු චිත්තවේගී පරීක්ෂණයක් සිදු නොවන බවත් කියති. කෙසේවෙතත්, ඔවුන් කරන දෙය තවමත් පදනම්ව ඇත්තේ, විශේෂ බලයන් තිබෙනවා යයි කියා සිටින එක්තරා මිනිසුන් විසින් පමණක් පරීක්ෂා කළ හැකි හෝ දැකිය හැකි වූ, එක් එක් මිනිසා තුළ තිබෙන බලයන් කෙරෙහි ඇති විශ්වාසයන් මතද?
ක්‍රිස්තියානීහු එවන් කාරණා සැහැල්ලුවට නොගනිති. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සෙනඟට මෙසේ උපදෙස් දුන්සේක: “අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය [මට පිළිකුල්ය]. දුෂ්ටකම [අද්භූත බල භාවිතය, NW] සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.” (යෙසායා 1:13) එම ජාතිය ඇදහිල්ල අතහැර ගිය විට, ඔවුහු, ‘පේනකීමද ශාස්ත්‍ර බැලීමද’ ව්‍යවහාර කරමින් සිටියෝය. (2 රාජාවලිය 17:17; 2 ලේකම් 33:1-6) ඔවුන් විශේෂ චාරිත්‍ර මගින් තොරතුරු සෙවූ බවත්, අනතුරුව ඔවුන් “නිෂ්ඵල [අද්භූත, NW] දේ” කථා කළ බවත් පෙනෙන්ට තිබේ.—සෙකරියා 10:2.
රෝගියාට හෝ ප්‍රතිකාර කරන්නාට කිසිදු හානියක් නොවන පරිද්දෙන්, සමහරක් මාංසපේශි පරීක්ෂණ අහිංසක ලෙස කරනවා වෙන්ට පුළුවන. එනමුත්, ඇතැමුන්ට, අභ්‍යන්තර දර්ශන, ගුප්ත ශරීර රශ්මි ධාරා සහ අවලම්බන ලම්බක භාවිතය වැනි අද්භූත හෝ අධිස්වාභාවික පැති තිබෙනවා විය හැක. ක්‍රිස්තියානීන් අද්භූත බලයන් ව්‍යවහාර නොකළ යුතුයි. ඔවුන් ඒවා සමඟ අත්හදාබැලීම්වත් නොකළ යුතුය, මන්ද සාතන්ගේ ගැඹුරු දේවල් ගැන ඔවුන් කුතුහලයෙන් නොසිටින බැවිනි. (එළිදරව් 2:24) ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ වචනය හෙළාදකින, ආත්ම බන්ධන ක්‍රියාවලට නෑකම් කියන බවට පෙනෙන්ට ඇති ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සුපරීක්ෂාවෙන් සිටීමට හොඳ හේතු තිබේ.—ගලාති 5:19-21.
සුව කිරීම් කරන්නා කරන දෙය, ඔහුගේ වගකීමය, තවද යම් පුද්ගලයෙකු කියා සිටින දෙය මත හෝ ක්‍රම මත සලකා බැලීම හෝ විනිශ්චය කිරීම අපගේ අදහස නොවේ. මෙම ව්‍යවහාරවලින් සමහරක් අද්භූත බලය හා සම්බන්ධ වී ඇතැයි ඔබට හැඟුණත්, මේවා අත්හදාබැලූ බොහෝදෙනෙකු එසේ කළේ, ආත්ම බන්ධන ක්‍රියාවලට සම්බන්ධ වීමේ කිසිදු අදහසක් නැතුව, අහිංසක ලෙස බව පැහැදිලිය. එය, යහපත් සෞඛ්‍යයක් සඳහා වූ ඔවුන්ගේ ඉතා දැඩි ආශාව පිළිබිඹු කිරීමක්ද වූවා විය හැක. එහෙත්, එවන් ව්‍යවහාරයන්හි ඇලී ගැලී සිටි ඇතැමුන් පසුව තීරණය කර ඇත්තේ, ඉන් ඇති විය හැකි කායික ප්‍රයෝජන, එහි ආත්මික අවදානම සමඟ බලන කල, කිසිත් වැදගැම්මකට නැති බවය.
යළිත් වරක් කියනවා නම්, පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් තමා කරන්නේ මොනවාදැයි එක් එක් පුද්ගලයා තීරණය කළ යුතුයි. එහෙත්, ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේගේ මෙම උපදෙස මතක තබාගත යුතුය: “නුවණ නැත්තා [අද්දැකීම් අඩු තැනැත්තා, NW] හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” (හිතෝපදේශ 14:15) සුවකරනවා යයි කියන ක්‍රමවලටද මෙය අදාළ වෙයි.
දෙවියන්වහන්සේගේ සේවකයන්ව සැබෑ නමස්කාරයෙන් ඉවත හැරවීමට සාතන් ඉතා උනන්දුවෙන් මාන බලාගෙන සිටී. ක්‍රිස්තියානීන්ව අනෙකුත් දේවල් සමඟ පටලැවීමෙන් යක්ෂයාට එසේ කරන්ට හැකි වුවහොත් ඔහු සතුටු වනු ඇත. ඔවුන් ආත්ම බන්ධන ක්‍රියාවලට ඇදී යා හැකි අද්භූත ව්‍යවහාරයන් වන හෝ එසේ පෙනෙන්ට තිබෙන ආකර්ෂණීය දේවලට ඔවුන් පැටලුණොත් ඔහු ඊටත් වඩා සතුටු වනු ඇත.—1 පේතෘස් 5:8.
ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, භූත ආත්මවලට සම්බන්ධ ව්‍යවහාරයන් කෙරෙහි යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආකල්පය වෙනස් වී නොමැත. ඉහත සඳහන් කළාක් මෙන්, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල් සෙනඟට නියෝග කළේ, “පේනකියන්නෙක්වත්, නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත් මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත්” ඔවුන් අතර නොසිටිය යුතුය කියායි. “මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පිළිකුලක්ය. . . . නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉදිරියෙහි සම්පූර්ණව [දෝෂ රහිතව, NW] සිටපන්න.”—ද්විතීය කථාව 18:10-13.
එසේනම්, ‘අපේ පොරබැදීම වනාහි . . . ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධව බැවින්,’ අදදින ක්‍රිස්තියානීන්, ‘දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගැනීම’ කොතරම් ඥානවන්තද!—එපීස 6:11, 12.
[පාදසටහන්වල]
a ඇතැම් අය තවමත් ප්‍රතිකාර පතා, ශාමන්වරුන් කට්ටාඬීන් හෝ ඒ හා සමාන සුවකරන්නන් වෙතට යති. ශාමන්වරයෙකු වනාහි “අසනීපවූවන් සුවකිරීමට, නැතිවූ දේවල් සොයා දීමට සහ සිද්ධීන් පාලනය කිරීමට ඉන්ද්‍රජාලය යොදාගන්නා පූජකයෙකි.” කට්ටාඬියෙකු නැතහොත් ශාමන්වරයෙකු, ඖෂධ වර්ග (ගුප්ත බලවේගයන්ට යාතිකා කිරීමෙන්) ආත්මබන්ධන ක්‍රියා සමඟ සම්බන්ධ කළ හැකිය. යම් සුවයක් ලැබෙයි කියා පෙනෙන්ට තිබුණත්, පක්ෂපාත කිතු බැතියෙක්, ආත්ම බන්ධන ක්‍රියා තුළ එවැනි දේවල නියැලීමට යන්නේ නැත.—2 කොරින්ති 2:11; එළිදරව් 2:24; 21:8; 22:15.
b මෙය සාමාන්‍ය විස්තරයකි, නමුත් පරීක්ෂණ ක්‍රියාවලිය වෙනස් විය හැක. නිදසුනක් වශයෙන්, තම මාපටැඟිල්ල සහ දබරැඟිල්ල තද කරන ලෙස රෝගියාට පවසනු ලැබිය හැක, වෛද්‍යවරයා ඒවා ඉවතට ඇදීමට උත්සාහ කරයි.
c ඈ මෙසේ ලියන්නීය: “පෙනෙන විදිහට මෙම ආශ්චර්යමය සිදුවීම් සිදුවන්නේ කෙසේද? . . . මා භාවිත කරන ක්‍රමය හඳුන්වන්නේ, අත් තැබීම, ඇදහිල්ලෙන් සුවකිරීම හෙවත් ආත්මික සුවකිරීම කියාය. එය අභිරහස් ක්‍රියාවලියක් පමණක් නොවේ, නමුත් ඉතා ඍජු එකකි. . . . මාංසික සිරුර වටා සහ තුළට විනිවිද යන ශක්ති ක්ෂේත්‍රයක් හෝ ශරීර රශ්මියක් සෑම කෙනෙකුටම තිබේ. මෙම ශක්ති ක්ෂේත්‍රය සෞඛ්‍යය සමඟ ඉතා ළඟින් සම්බන්ධ වී තිබේ. . . . අධිසංවේදී අවබෝධය යනු ඔබගේ සාමාන්‍ය දෘෂ්ටිය භාවිත නොකර ඔබගේ මනස තුළ පින්තූරයක් අඳිමින් කරන ‘දැකීමක්ය.’ එය මනසින් මවා ගැනීමක් නොවේ. එය ඇතැම් විට දිවැස (මනස් ඇසට ලක් නොවූවක් බැලීමේ ශක්තිය) වේ.”