ඔබට මතකද?
මෑතකදී පළ වූ මුරටැඹ කලාපවල ප්‍රායෝගික වටිනාකමක් තිබෙන බව ඔබට පෙනී ගියාද? එසේනම්, පහත දැක්වෙන ප්‍රශ්න සමඟින් ඔබගේ මතකය පරීක්ෂා කර නොබලන්නේ මන්ද:
▫ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තම අසල්වාසීන්ව බැහැදැකීමට නිතර නිතර එන්නේ ඇයි?
පොරොන්දු වූ රාජ්‍යය තුළින් දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබාගැනීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වුවමනා වන අතර, තම අසල්වාසීන් කෙරෙහි ඇති ප්‍රේමය නිසා, එම ආශීර්වාද ඔවුන්ද ලබාගන්නවා දැකීම ඔවුන්ට වුවමනාය. මෙසේ, යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කරන ඔවුහු, පරාර්ථකාමී ප්‍රේමයෙන් පෙලඹී, තම අසල්වාසීන්ව බැහැදැකීමට යති. (මතෙව් 6:9, 10; 22:37-39)—8⁄15, 8, 9 පිටු.
▫ පරිණාමවාදය කෙරෙහි විශ්වාසය ඇදහිල්ල පිළිබඳ කාරණයක් වන්නේ මන්ද?
විද්‍යාඥයෝ අලුත් ජීව රූපයන් බිහි කරන්නාවූ විකෘති ජීවීන්—ප්‍රයෝජනදායක ජීවීන් පවා—කවර කලකවත් නිරීක්ෂණය කර නැත්තාහ; එහෙත් කලින් අලුත් වර්ග බිහිවූයේ මෙයාකාරයෙන් බව ඔවුහු කියා සිටිති. ජීවයේ ස්වයංසිද්ධ ජනනයක් ඔවුන් ඇස්වලින් දැක නැත; එහෙත් ජීවය ආරම්භ වූයේ මෙයාකාරයෙන් යයි ඔවුහු තරයේ කියා සිටිති.—9⁄1, 5 පිටුව.
▫ ජීවිතයේ සීමා තහංචිවලින් පැමිණිය හැකි අධෛර්යවීම්වලින් ඉතාම හොඳින් ගොඩඒමට අපට හැක්කේ කෙසේද?
අපගේ තත්ත්වය කුමක් වුවත්, අපට කළ නොහැකි දෙය පිළිබඳව නොසන්සුන්බවක් ඇති කරගන්නවා වෙනුවට, අපට කළ හැකි දේ ගැන අපගේ සිත ඒකාග්‍ර කරගන්නවා නම්, ජීවිතය තෘප්තිමත් එකක් වනු ඇත, තවද අප දේව සේවය තුළ ප්‍රීතිය සොයාගන්නවා ඇත. (ගීතාවලිය 126:5, 6)—9⁄1, 28 පිටුව.
▫ සමාව දීමේ ප්‍රයෝජන මොනවාද?
අන්‍යයන්ට සමාව දීම යහපත් සබඳතා වැඩි දියුණු කරයි (එපීස 4:32); එය සෙසු මිනිසුන් සමඟ සමාදානය ඇති කරනවා පමණක් නොව, නුමුත් අභ්‍යන්තර සමාදානයද ගෙනෙනවා ඇත (රෝම 14:19; කොලොස්සි 3:13-15); අන්‍යයන්ට සමාව දීම අපගේ පව්වලට සමාව දෙනු ලැබීමට මාර්ගය එළිපෙහෙළි කරයි (මතෙව් 6:14); තවද, අපත් සමාව ලැබිය යුතු තත්ත්වයක සිටින බව මතක් කරගැනීමට එය අපට උපකාරවත් වෙයි. (රෝම 3:23)—9⁄15 7 පිටුව.
▫ අනාගතවක්තෘ ආමොස්ගේ ආදර්ශය අපගේ දේශනා ක්‍රියාකාරකමේදී අපට උපකාරවත් වන්නේ කෙලෙසද?
ආමොස් මෙන්, අපද, දෙවියන්වහන්සේගේ පණිවුඩය වෙනස් කරන්නේවත්, එහි බලය අඩු කරන්නේවත් නැත. ඒ වෙනුවට, අපට සවන්දෙන්නන්ගේ ප්‍රතික්‍රියාව කුමක් හෝ වේවා, අපි ආමොස් මෙන් එය කීකරුව ප්‍රකාශ කරමු.—9⁄15 17 පිටුව.
▫ අප අනුකරණය කළ යුත්තේ දෙවියන්වහන්සේගේ කිනම් ගුණාංගද?
විශේෂ දෙකක් වනුයේ යෙහෝවඃවහන්සේගේ සංවිධානාත්මක හැකියාව සහ උන්වහන්සේගේ සන්තෝෂවත්කමයි. (1 කොරින්ති 14:33; 1 තිමෝති 1:11, NW) දෙවියන්වහන්සේගේ මෙම ගුණාංග සමබර වන අතර එබැවින්, මෙහිදී එක් ලක්ෂණයකට හානියක් සිදුවන ලෙසින් තවෙකකට ප්‍රමුඛත්වයක් ලබා දී නැත.—10⁄1, 10 පිටුව.
▫ යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තම දරුවන්ට උපකාර කිරීමේදී, දෙමාපියන් ගෙන ඇති ඒකාන්ත පියවරවල් සමහරක් මොනවාද?
අතිවැදගත් සාධකයක් වනුයේ කල් ඇතිව ආරම්භ කිරීමයි. ළපටි වියේ ලබාගත් කාවදිනසුලු දෑ සහ ඉගෙනගත් පාඩම් ජීවිත කාලයක් පුරා පවතිනු ඇත. (හිතෝපදේශ 22:6) රැස්වීම් සියල්ලේදී යෙහෝවඃවහන්සේට සහ උන්වහන්සේගේ නමස්කාරය උදෙසා කීකරුකම, ගෞරවයත් ඉගැන්වීම වැදගත්ය. සාර්ථක දෙමාපියන් වැරදි ප්‍රවණතාවන් හඳුනාගැනීමට ඉගෙනගන්නා අතර, ඒවා නිවැරදි කරගැනීමට ඔවුහු තම දරුවන්ට උපකාර කරති. (හිතෝපදේශ 22:15) අවසන් වශයෙන්, ඔබගේ දරුවාට සාධාරණ වශයෙන් අත්කරගත හැකි දිව්‍යාණ්ඩු ඉලක්ක කල් ඇතිව ඔහු වෙනුවෙන් තබන්න.—10⁄1, 27-8 පිටු.
▫ යෙහෝවඃවහන්සේගේ සමාව දීමේ කිනම් අතිවිශේෂ අංගය අප විසින් ක්‍රියාවට නැංවිය යුතුද?
යෙහෝවඃවහන්සේ සමාව දෙන්නාක් මෙන්ම අමතක කරනසේක. (යෙරෙමියා 31:34) මෙය වනාහි මිනිස් මැවිලිවලට කිරීමට දුෂ්කර දෙයකි. මතෙව් 6:14, 15හි වාර්තා වී ඇති පරිදි, මෙය කිරීමේ වැදගත්කම යේසුස්වහන්සේ විසින් අවධාරණය කරන ලදි.—10⁄15, 25-6 පිටු.
▫ අප විසින් දයානුකම්පාව දැක්වීමට බාධා කරන දේවල් තුනක් මොනවාද?
අපගේ පව්කාර මිනිස් ස්වභාවය නිසා, ඊර්ෂ්‍යාසහගත හැඟීම් මුල්බැස ගන්ට පුළුවන. අප යම් කෙනෙකු කෙරෙහි ඊර්ෂ්‍යාසහගත වුවහොත්, ඔහුට මුදු මොළොක් දයානුකම්පාවෙන් යුතුව සැලකීමට අපට හැක්කේ කෙසේද? අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමද තවත් බාධාවකි. අන්‍යයන් දුක් විඳින විට කිසිදු හැඟීමකින් තොරව සිටීමට මෙය අපහට සැලැස්වීමට නැඹුරුවාවක් දක්වයි. එපමණක්ද නොව, තමා ගැනම සිතන පුද්ගලයා තුළ දයානුකම්පාව ඌනබවක් පෙනෙන්ට තිබේ. (1 යොහන් 3:17)—11⁄1, 19, 20 පිටු.
▫ යෝබ් සම්බන්ධ ශුද්ධ ලියවිලිමය වාර්තාවෙන් කිනම් පාඩම් ඉගෙනගත හැකිද?
යෝබ්ගේ වාර්තාව, සාතන්ගේ උපායන් ගැන අපව වඩාත් දැනුවත් කරන අතර, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය මිනිස් අඛණ්ඩතාවට සම්බන්ධ වී ඇති ආකාරය දැකගැනීමට අපට උපකාර කරයි. යෝබ් මෙන්, දෙවියන්වහන්සේට ප්‍රේම කරන සියල්ලන්ම පරීක්ෂා කරනු ලැබිය යුතුය. අපටත් යෝබ් මෙන්, විඳදරාගෙන, සාතන්ව බොරුකාරයෙක් බව ඔප්පු කර, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳිය හැකිය.—11⁄15, 20 පිටුව.
▫ වැඩිමහල්ලන්ගේ මණ්ඩලයක සභාපතිට, එක් එක් වැඩිමහල්ලාට නිසි පිළිගැනීම පෙන්විය හැක්කේ කෙසේද?
හැකි සෑම අවස්ථාවකදීම, සාකච්ඡාවට බඳුන් වෙන එක් එක් කාරණය සම්බන්ධයෙන් කල්පනාකාරිව යාච්ඤාපූර්වක අවධානයක් දීමට අනෙක් වැඩිමහල්ලන්ට හැකි වන පිණිස, සභාපති, කලින්ම න්‍යාය පත්‍රයක් ඔවුන්ට සැපයිය යුතුය. වැඩිමහල්ලන්ගේ රැස්වීමේදී, වැඩිමහල්ලන්ගේ මතය හැඩගැස්වීමට ඔහු උත්සාහ නොකරන අතර, නමුත් සාකච්ඡාවට බඳුන් වී ඇති කාරණා සම්බන්ධව ‘නිදහස් ලෙස කථා කිරීමට’ ඔහු ඔවුන්ව දිරිගන්වනු ඇත. (1 තිමෝති 3:13, NW)—12⁄1, 30 පිටුව.