‘ඔහුගේ ක්‍රියා ඔහු කැටුව යයි’
වර්ෂ 1994 ජූලි 28වන දින, පෙ.ව. 8.50ට ජෝර්ජ් ඩී. ගැංගස් සිය භූමික ජීවිත කාලය අවසන් කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 98ක් විය. ආලේප ලත් අයගෙන් කෙනෙකු වූ, ජෝර්ජ් ගැංගස්, 1971 ඔක්තෝබර් 15වන දින පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුව සිට තිබුණි.
සහෝදර ගැංගස්ව පෞද්ගලිකව දැන හැඳිනගෙන සිටි සියල්ලෝම ධර්මිෂ්ඨකම කෙරෙහි ඔහුගේ ප්‍රේමයත් දුෂ්ටකම කෙරෙහි බද්ධ වෛරයත් දැන සිටියහ. ඔහු සාතන්ව අශික්ෂිත, භයානක, දුෂ්ට, ප්‍රධාන හා නින්දිත බොරුකාරයෙකු හැටියට පුන පුනා විස්තර කළ ආකාරය ඔවුන්ට හොඳින් මතක ඇත. මීට පටහැනිව, ඔහු යෙහෝවඃවහන්සේ ගැන කථා කළේ ප්‍රේමනීය, කාරුණික, දයානුකම්පිත, මොළොක් හා සැලකිල්ල දක්වන පියෙකු හැටියටය. බයිබල් ප්‍රශ්න ඇසීමට තිබූ ඔහුගේ කැමැත්තද බොහෝ අයට මතකය. ඕනෑම සාකච්ඡාවක, ඔහු නොවරදවාම ප්‍රශ්න ඉදිරිපත් කරනු ඇත—ඒවායින් සමහරක් සරල ඒවාය, සමහරක් වඩාත් දුෂ්කරය. ඇත්තවශයෙන්ම, ඔහු බයිබල් සත්‍යයට ප්‍රේම කළේය.
සහෝදර ගැංගස් බව්තීස්ම වූයේ 1921 ජූලි 15වන දිනය. ජීවිතයේ කාර්යය හැටියට පූර්ණ-කාලීන දේශනා (පුරෝගාමි) සේවය ඔහු පටන්ගත්තේ 1928 මාර්තු මාසයේය. එබැවින්, ඔහු සමස්තයක් වශයෙන් අවුරුදු 66ක් පූර්ණ-කාලීන සේවයේ යෙදී ඇත. ඔහු වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි බෘක්ලින් මූලස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත්වූයේ 1928 ඔක්තෝබර් 31වන දිනය.
ඔහුගේ ජීවිත කථාව, 1966 ඔක්තෝබර් 15වන දිනැති ද වොච්ටවර් කලාපයේ පළ විය. එය දෙවියන්වහන්සේගේ සැබෑ ආත්මික මිනිසෙකුව විස්තර කරයි. එම ලිපියේ ඔහු, මතු සඳහන් හද උණුසුම් කරවන ප්‍රකාශය කළේය: “මා ජීවිතයට ප්‍රේම කරන අතර මට වුවමනා කරන්නේ මගේ සහෝදරයන් ජීවිතය අත්කරගැනීමයි. ප්‍රේරිත පාවුල් සමඟ, මාත් සලකන්නේ, සියලු වෙනත් දේවල් ‘ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා අලාභයක්’ ” හැටියටය.—පිලිප්පි 3:8.
සිය ක්‍රියාවන්ගෙන්, සහෝදර ගැංගස්, තමා ඇත්තවශයෙන්ම, ජීවිතයට ප්‍රේම කරන බව පෙන්වූ අතර ඔහු ‘ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පිළිබඳ දැනුම’ උනන්දුවෙන් අන්‍යයන් සමඟ බෙදාහදාගත්තේය. ඔහුගේ වියෝව දැනෙනු ඇති මුත්, ඔහුගේ ස්වර්ගීය විපාකය දැන් ඔහුට ලැබී තිබීම ගැන අප කොතරම් සතුටු වෙනවාද! ‘ඔහුගේ ක්‍රියා ඔහු කැටුව යන’ බැවින් දැන්, ‘තමාගේ වෙහෙසීම්වලින් ඔහු නිවාඩු ලබනවා ඇත.’—එළිදරව් 14:13.
[31වන පිටුවේ පින්තූර]