ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 10/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගේ ප්‍රශ්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 10/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මනුෂ්‍ය රුධිරයෙන් ලබා ගත් ඇල්බියුමින් අඩංගු එන්නත් කිරීමක් හෝ යම් වෛද්‍යමය බෙහෙත් විදීමක් පිළිගැනීම උචිත වනු ඇද්ද?

අවංකව කියතොත්, සෑම ක්‍රිස්තියානියෙක්ම මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව තීරණය කළ යුතුය.

දේව සේවකයන් සැබවින්ම කැමැත්තක් දක්වන්නේ රුධිරයෙන් වැළකී සිටින හැටියට, ක්‍රියා 15:28, 29හි දකින්ට ලැබෙන මඟ පෙන්වීමට කීකරු වන්ටයි. ඒ අනුව, ක්‍රිස්තියානීහු රුධිරය නොවැගිරෙවූ මස් හෝ රුධිරය අඩංගු ලිංගුස් වැනි නිෂ්පාදන අනුභව නොකරති. එහෙත් දෙවියන්වහන්සේගේ නීතිය වෛද්‍ය ක්ෂේත්‍රයටද අදාළ වේ. තමන් ‘රුධිර ප්‍රවේශනයන්, සම්පූර්ණ රුධිරය, රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, හෝ රුධිර ප්ලාස්මාව’ ප්‍රතික්ෂේප කරන බව දක්වන ලියවිල්ලක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තමන් සමඟ රැගෙන යති. කෙසේ වෙතත්, රුධිර ප්‍රෝටීන කුඩා ප්‍රමාණයක් අඩංගු මස්තු [serum] බෙහෙත් විදීම් ගැන කුමක් කිව හැකිද?

මෙය වනාහි සෑම කෙනෙක්ම බයිබලය මත පුහුණු කරන ලද තම හෘදය සාක්ෂියට එකඟව පෞද්ගලිකව තීරණය කිරීම සඳහා විෂයක් බව සාක්ෂිකරුවෝ බොහෝ කාලයක සිට තේරුම් ගෙන ඇත්තාහ. මෙය 1990, ජූනි 1, ද වොච්ටවර් සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යටතේ ගෙනහැර දක්වන ලද අතර කෙනෙක් ඇතැම් රෝගවලට නිරාවරණය වූ විට කාය වෛද්‍යවරයෙක් මස්තු බෙහෙත් විදීම් නිර්දේශ කළ හැකි බව එහි සාකච්ඡා කරනු ලැබීය. එසේ විදිනු ලබන බෙහෙත්වල ක්‍රියාකාරි සංරචකයන් වනුයේ රුධිර ප්ලාස්මාව නොව එහෙත් රෝගයට ප්‍රතිරෝධයක් වර්ධනය කරගෙන ඇත්තාවූ අයගේ රුධිර ප්ලාස්මාවෙන් අඩංගු ප්‍රතිදේහයන්ය. තමන්ට හොඳ හෘදය සාක්ෂියකින් එවන් බෙහෙත් විදිනයන් පිළිගත හැකි බව කල්පනා කරන ඇතැම් ක්‍රිස්තියානීන් සැලකිල්ලට ගෙන තිබෙන්නේ ළදරුවෙක් මවුගේ ගර්භයේ සිටින විට ගැබිණි මවකගේ රුධිරයේ අඩංගු ප්‍රතිදේහයන් එම ළදරුවාගේ රුධිරය තුළට මාරු වන බවය. “පාඨකයන්ගෙන් ප්‍රශ්න” මෙයත්, එමෙන්ම ඇල්බියුමින් යම් ප්‍රමාණයක් ගර්භිණි මවගෙන් සිය දරුවාට මාරු වන බවට වූ සත්‍යතාවත් සඳහන් කළේය.

බොහෝ දෙනෙක් මෙය සැලකිය යුතු යමක් හැටියට කල්පනා කරති, මන්දයත් කෙළින්ම රුධිරයෙන් සාදනු නොලබන ඇතැම් එන්නත්වල, එය සාදන විට යොදන ද්‍රව්‍යයන් ස්ථායීව තබා ගැනීමට පාවිච්චි කරන ලද නැතහොත් ආදේශ කරන ලද ප්ලාස්ම ඇල්බියුමින්වලින් සාපේක්ෂිත වශයෙන් කුඩා ප්‍රමාණයක් අඩංගුව තිබිය හැකි නිසාය. වර්තමානයේ ඇල්බියුමින්වලින් කුඩා ප්‍රමාණයක් කෘත්‍රිම හෝමෝන EPO (එරිත්‍රොපොයිටින්) අඩංගු බෙහෙත් විදිනයන්වලද පාවිච්චි කරනු ලැබේ. ඊට රතු රුධිර සෛල නිෂ්පාදනය වේගවත් කළ හැකි බැවින්, ඇතැම් සාක්ෂිකරුවන් EPO බෙහෙත් විදිනය පිළිගෙන ඇති අතර මෙනිසා රුධිර ප්‍රවේශනයක් අවශ්‍ය විය හැකි බවට වූ හැඟීමෙන් කාය වෛද්‍යවරයෙකුට සහනයක් ලබා දිය හැකිය.

ඖෂධ සමාගම් නව නිෂ්පාදිතයන් සංවර්ධනය කරන නිසාත් නැතහොත් දැනට පවතින ඖෂධවල සංයෝග වෙනස් කරන නිසාත් සන්සන්දනාත්මක වශයෙන් කුඩා ඇල්බියුමින් ප්‍රමාණයක් අඩංගු වෙනත් වෛද්‍ය නිෂ්පාදනයන් අනාගතයේදී භාවිතයට පැමිණෙන්ට පුළුවන. මෙසේ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන එන්නතක හෝ වෙනත් බෙහෙත් විදිනයක ඇල්බියුමින් අන්තර්ගතව තිබේදැයි සලකා බලන්ට ක්‍රිස්තියානියෙකුට අවශ්‍ය වන්ට පුළුවන. තමන්ට සැක සහිත නම් නැතහොත් ඇල්බියුමින් සංරචකයක් බව විශ්වාස කිරීමට හේතු ඇත්තේ නම්, ඔවුන්ට ඒ බව තමන්ගේ කාය වෛද්‍යවරයාගෙන් විමසන්ට පුළුවන.

මෙතෙක් සැලකිල්ලට ගත් පරිදි, සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඇල්බියුමින් කුඩා ප්‍රමාණයක් අඩංගු බෙහෙත් විදිනයන් විරෝධයකින් තොරව පිළිගෙන ඇත. එහෙත්, පෞද්ගලික තීරණයක් ගැනීමට පෙර වඩාත් හොඳින් එම විෂය ගැන අධ්‍යයනයක් කරන්ට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙක්, 1990, ජූනි 1, ද වොච්ටවර් “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යටතේ ඉදිරිපත් කළ තොරතුරු පුනරීක්ෂණය කළ යුතුය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න