ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 9/15 25-26 පි.
  • නොපසුබස්නා ධෛර්යයේ උල්පත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොපසුබස්නා ධෛර්යයේ උල්පත
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තියානීන්ට පාඩමක්
  • මහත් ධෛර්යයෙන් යුක්ත ව සිටින්න!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ‘ධෛර්යවත්ව එඩිතරව සිටින්න!’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 9/15 25-26 පි.

නොපසුබස්නා ධෛර්යයේ උල්පත

අපි ගිය ගමන් මගෙහි ස්ස් හඬින් පැමිණි ශබ්දය නිසා හදිසියේ අපි නතර වීමු. අපට වම්පැත්තෙන් තිබූ පඳුරකින් කුරුල්ලෝ දෙදෙනෙක් පියාපත් විහිදාගෙන අප දෙසට දිව ආහ. අප ඉදිරිපිට, බිමේ කුඩා වළක බිත්තර දෙකක් දමා තිබිණි. හදිසියෙන්වත් තමන්ගේ කූඩුව පාගා දැමීමෙන් එම කුරුල්ලන් අපව නවතා තිබිණි. එම දුඹුරු පැහැති දැකුම්කලු බිත්තර දෙක ඡායාරූප ගත කිරීමට ඊට ළංවීම සඳහා අප උත්සාහ කළ සෑම විටෙකදීම එම කුරුල්ලෝ යළි යළිත් තම තර්ජනය අප වෙත එල්ල කළහ. ‘මොනතරම් ධෛර්යයක්ද!’ අපට සිතිණි.

එය වනාහි තිත් සහිත ඩිකෝප් නම් කුරුලු විශේෂයේ කැදැල්ලට ළං වීමට යත්න දැරූ වැඩිහිටියන් හතරදෙනෙකුගේ අද්දැකීමකි. ඊටත් වඩා කුඩා කුරුල්ලෙකු බ්ලැක්ස්මිත් ඔලෙවියන්ය. එව්රිවන්ස් ගයිඩ් ටු සවුත් ඇෆ්‍රිකන් බර්ඩ්ස්, යන පොතෙහි පක්ෂිවිශේෂඥ සින්ක්ලැයාර් සහ මෙන්ඩල්සන් මෙසේ පැහැදිලි කරයි: “බෝකරන කුරුලු ජෝඩු තමන්ගේ කැදැලි රැකගන්නා අතර, යම් ආක්‍රමණිකයෙක් ළඟා වෙත්ම ඉතා ප්‍රහාරාත්මක තත්ත්වයකට පත්වෙයි. අවසර නොමැතිව ඇතුල්වූ ආක්‍රමණිකයාගේ තරම කුමක් වුවත් ඒ ගැන බිය නොවන ඔවුහු ඉහළට පියඹා ගොස් පරුෂ විලාසයෙන් නොබියව වැරෙන් පහතට එකඑල්ලේ පියඹා විත් මිනිසුන්ව පවා එලවා දමති.”

බ්ලැක්ස්මිත් නම් මෙම කුරුලු විශේෂයේ කැදැල්ල කරා අහම්බෙන් ගමන් කළ විශාල තනි අලින්ට කැළඹුණු කුරුල්ලන්ගේ තර්ජනාත්මක විදහාපෑම අද්දැකීමට සිදුවිය. අලි සාමාන්‍යයෙන් වෙන මාර්ගයකින් ඉවත්ව යමින් මෙම තර්ජනයට අවනත වෙති.

කුරුල්ලන් තුළ දක්නට ඇති මෙම ධෛර්යය ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? එය ආරම්භ වන්නේ ඔවුන්ව මැවූ තැනැන්වහන්සේ වෙතිනි. ඔවුන්ගේ කැදැලි හෝ ඔවුන්ගේ පැටවුන්ට වඩාත් විශාල සතුන්ගෙන් හානි පැමිණීම වළකාලනු පිණිස යෙහෝවඃ දෙවියන්වහන්සේ මෙම කුඩා සත්ත්වයන්ව සහජ යාන්ත්‍රනයක් සහිතව නිමැවූසේක.

ක්‍රිස්තියානීන්ට පාඩමක්

සහජයෙන් පැමිණි ධෛර්යය අභිබවා යෑමට වුවමනා වුවද, ක්‍රිස්තියානීන්ට මින් පාඩමක් උගත හැක. දෙවියන්වහන්සේගේ අණපනත්වලට නිර්භීතව කීකරු වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනම් ඔවුන්ගේ ස්වාමියාණන්ව අනුකරණය කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිට තිබේ. (හෙබ්‍රෙව් 12:1-3) දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් ඉවත්වී සිටින බියගුල්ලන්ව බයිබලයේ හෙළා දැක තිබේ. (හෙබ්‍රෙව් 10:39, NW; එළිදරව් 21:8) ඒ අතරම, යෙහෝවඃවහන්සේ අප සෑදී තිබෙන ආකාරය තේරුම් ගන්නා අතර, ඇතැම් අවස්ථාවලදී අප පව්කරන බවත් එසේ නැතහොත්, උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන් කිරීමට අවශ්‍ය ධෛර්යය ඌනව සිටින බවත් උන්වහන්සේ දන්නාසේක. (ගීතාවලිය 103:12-14) යම් පුද්ගලයෙකුව හරි දේ කිරීමෙන් වැලැක්වීමට භය හේතුවක් වේ නම්, ඔහුට කළ හැක්කේ කුමක්ද?

ක්‍රිස්තියානියෙක්, පරීක්ෂාවලට මුහුණ දෙමින් දිව්‍ය කැමැත්ත දිගටම කිරීම සඳහා ශක්තිය ඉල්ලා යාච්ඤාපූර්වකව දෙවියන්වහන්සේ වෙතට හැරිය යුතුය. යෙහෝවඃවහන්සේගේ උපකාරය පිළිබඳව මෙම සහනදායී පොරොන්දුව බයිබලයේ අඩංගු වෙයි: “එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති; යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. එහෙත්, සමිඳුන් [යෙහෝවඃවහන්සේ, NW] සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝය; ඔවුහු දුවන්නෝය; එහෙත්, වෙහෙස නොවන්නෝය; ඇවිදින්නෝය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝය.” (යෙසායා 40:29-31, නව අනුවාදය) අසම්පූර්ණ මිනිසුන් බොහෝ දෙනෙක් මෙම වචනවල සත්‍යතාව අද්දැක තිබෙන අතර, ‘දුර්වල තත්ත්වයක සිට ප්‍රබලයන් වී තිබේ.’ (හෙබ්‍රෙව් 11:34) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් හොඳ ආදර්ශයක් වූයේය, ඔහු ලීවේ මෙසේයි: “මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක [බලය මා තුළට කාවැද්දවූසේක, NW].”—2 තිමෝති 4:17.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වීමට වුවමනා කරන අලුත උනන්දු වූ පුද්ගලයන්ට පවා එවන් ශක්තිමත් ආධාරකයක් අද්දැකිය හැක. තම පල්ලියේ භාණ්ඩාගාරිකවූද, තම පාදිලිවරයාගේ නිවස අසල ජීවත්වූද හෙන්රි නමැති දකුණු අප්‍රිකානු මිනිසා සලකා බලන්න. හෙන්රි සත්‍යය සොයමින් සිටියේය. ඔහු තම පල්ලියට බැඳී සිටියද, එක් දිනක් ඔහු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නොමිලයේ බයිබල් පාඩමක් ඔවුන් සමඟ කිරීමට කැමති විය. කලක් ගත වන විට, සාක්ෂිකරුවෙකු බවට පත්වීමට ආශාව පළ කළ ඔහු, එම ඉලක්කය අත්කර ගැනීමට තමා කුමන පියවර ගත යුතුදැයි විචාළේය. පළමුව ඔහුට තම පල්ලියෙන් අස්වීමට සිදුවන බව පැහැදිලි කරන ලදි. (එළිදරව් 18:4) පාදිලිවරයා තමාගේ අසල්වාසියෙක්ද මිත්‍රයෙක්ද වූ බැවින්, නිකම්ම අස්වීමේ ලිපියක් ලියා යවනවා වෙනුවට, කාරණය ගැන මුහුණට මුහුණලා කථා කිරීමට හෙන්රිට අවශ්‍ය බව හැඟුණි. මෙය ඔහු ධෛර්යසම්පන්නව කළේය.

මින් කම්පනයට පත් වූ පාදිලිවරයා, පසුව පල්ලියේ දේවගැති සභාවේ නායක තැන සහ පල්ලියේ වෙනත් සාමාජිකයන්ද කැටුව හෙන්රි බැහැදැකීමට ගියේය. ඔවුන් පවසන පරිදි, තම පල්ලිය අතහැර, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය නැති ආගමක සාමාජිකයෙකු බවට පත්වන්නේ මන්දැයි දැනගැනීමට ඔවුන්ට වුවමනා විය. “මුලින්ම, ඔවුන්ට පිළිතුරු දීමට මා බියවුණා,” යයි පහදා දුන් හෙන්රි මෙසේද කීය: “මන්ද, ඔවුන් සෑමවිටම මා කෙරෙහි මහත් බලපෑමක් කළා. එහෙත්, මා උපකාරය පතා යෙහෝවඃවහන්සේට යාච්ඤා කළා, ඇරත් මේ විදිහට මගේ ස්ථාවරයට පක්ෂව කථා කරන්නට උන්වහන්සේ මට සැලැස්සුවා, ‘සියලුම ජාත්‍යන්තර ආගම් අතුරින්, දෙවියන්වහන්සේගේ නාමය වන යෙහෝවඃවහන්සේ යන්න භාවිත කරන එකම ආගම කුමක්ද? ඒ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නොවේද? දෙවියන්වහන්සේ තම නාමය දැරීමට ඔවුන්ට ඉඩ දෙනවා නම්, ඔවුන්ට සිය ශුද්ධාත්මයත් නොදේවිය කියා ඔබ සිතනවාද?’ ” එවන් තර්කයක් නිෂ්ප්‍රභ කිරීමට පල්ලියේ නිලධාරීන්ට නොහැකි විය. යෙහෝවඃවහන්සේ සපයන දැනුම සහ ශක්තියට ස්තුතිවන්ත වෙමින්, හෙන්රි දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ගෙයින්-ගෙට දේව සේවයේ ධෛර්යයෙන් යුතුව හවුල් වේ.

එසේය, සැබෑ ක්‍රිස්තියානිවරයෙකු වීමට ධෛර්යය අවශ්‍යය. මෙම ලෝකය එහි නිමාවට ආසන්න වෙනවාත් සමඟම, ඇදහිල්ලේ පරීක්ෂණ වැඩි වනු ඇත. සාතන්ට වුවමනා වනුයේ, දෙවියන්වහන්සේගේ සේවකයන් යෙහෝවඃවහන්සේට ඔවුන්ගේ ඇති අඛණ්ඩතාව කැඩීමට උත්සාහ කිරීම මගින් සදාකාල ජීවනය නමැති ඔවුන්ගේ පුදුමාකාර බලාපොරොත්තුව සොරා ගැනීමටය. (එළිදරව් 2:10 සසඳන්න.) එහෙත්, අප කිසිවිටෙකත් අතහැරිය යුතු නොවේ. භය හේතුකොටගෙන අප තාවකාලිකව පසුබැස්සත්, යළි ධෛර්යය ලැබීම සඳහා අපට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේට හැකිය. උන්වහන්සේගේ කැමැත්ත දිගටම කිරීම සඳහා ශක්තිය ඉල්ලා උන්වහන්සේ දෙස නොකඩවා බලා සිටින්න. නිර්භීත කුරුල්ලන් මැවූ තැනැන්වහන්සේ නොපසුබස්නා ධෛර්යයේ උල්පත බව මතක තබා ගන්න. ඇත්ත වශයෙන්ම, සැබෑ ක්‍රිස්තියානීන් මෙසේ කිව යුතුය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි. මනුෂ්‍යා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමු.”—හෙබ්‍රෙව් 13:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න