ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 8/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවි දාවිත්ව තෝරාගනී
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔහු දෙවිගේ සිත සතුටු කළා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙසායා පොතෙන් විශේෂාංග—පළමුවන කොටස
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දාවිත් සහ ගොලියත්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 8/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස්වහන්සේ යෙස්සේ සහ දාවිත් යන දෙදෙනාගෙන්ම පැවතෙන්නෙකු වූ බැවින්, උන්වහන්සේව සිය මුතුන්මිත්තන්වූ යෙස්සේගේ හා දාවිත්ගේ “මුල” වශයෙන් හඳුන්වා ඇත්තේ මන්ද?

ඔබ සාමාන්‍යයෙන් ගසක හෝ පැළෑටියක මුලක් ගැන සිතන්නේ, එය එහි කඳේ හෝ අතුවලට ප්‍රථමයෙන් පැමිණෙන යමක් ලෙසය. එබැවින්, යෙස්සේ (හෝ ඔහුගේ පුත්‍ර දාවිත්), අන්තිමේදී යේසුස්වහන්සේ පැමිණි මුල ලෙස පැවසේ යයි පෙනී යා හැකිය. එහෙත්, යෙසායා 11:10හි [NW] පැමිණෙන මෙසියස්වහන්සේ “යෙස්සේගේ මුල” වනු ඇති බව පුරෝකථනය කළ අතර, රෝම 15:12 මෙම අනාවැකිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අදාළ කළේය. පසුව, එළිදරව් 5:5හි උන්වහන්සේව “සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනැන්වහන්සේ” යයි හැඳින්විණි. මෙම පදවිනාම සඳහා හේතු තිබේ.

බයිබලය බොහෝ විට පැළෑටියක්, ගසක් වැනි යමක් යොදා ගන්නේ උපහැරණාත්මකවය. බීජයක් දළුලා වැඩෙත්ම, මුල් මගින් පෝෂණය වන ගසේ ශාඛා, වෙනත් අතු හෝ ඵලදාව සෑදෙන්නට පෙර මුල් වර්ධනය වේය යන සත්‍යය ඇතැම් විට මෙමගින් අවධාරණයට ලක්කරනවා විය හැක. නිදසුනක් වශයෙන්, යෙසායා 37:31හි මෙසේ කියවීමට තිබේ: “යුදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.”—යෝබ් 14:8, 9; යෙසායා 14:29.

මුලට යම් හානියක් වුවහොත්, ගසේ ඉතිරි කොටස්වලට ඒ බව දැනෙයි. (සසඳන්න මතෙව් 3:10; 13:6.) මේ අනුව, මලාකී මෙසේ ලීවේය: “ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.” (මලාකී 4:1) අර්ථය පැහැදිලිය—එනම්, සම්පූර්ණයෙන්ම කපා දැමීමකි. දෙමාපියන්ද (මුල්) කපා දමනු ඇත, එමෙන්ම ඔවුන්ගේ ජනිතයන්ද (ශාඛා) කපා දමනු ඇත.a තමන්ගේ කුඩා දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇති වගකීම් මෙයින් මැනවින් හුවා දැක්වේ; එනම්, කුඩා දරුවන්ගේ දිගුකාලීන අනාගතය, ඔවුන්ගේ දෙමාපියන් දෙවියන්වහන්සේ ඉදිරියේ දරන පිහිටීම මගින් තීරණය කළ හැක.—1 කොරින්ති 7:14.

යෙසායා 37:31 සහ මලාකී 4:1හි යොදා ගෙන ඇති භාෂාවෙන් හුවා දැක්වෙන කාරණය නම්, ශාඛාවලට (සහ ද්විතීය අතුවල ඵලවලට) ජීවය ලැබෙන්නේ ඒවායේ මුල්වලින් බවය. යේසුස්වහන්සේ “යෙස්සේගේ මුල” සහ “දාවිත්ගේ මුල” වන්නේ කෙසේද කියා තේරුම් ගැනීමට මෙය ප්‍රධාන මඟක් වෙයි.

මාංසික ආකාරයකින්, යෙස්සේ සහ දාවිත් වනාහි යේසුස්වහන්සේගේ මුතුන්මිත්තෝ වූහ; ඔවුහු වනාහි මුල් වූහ, උන්වහන්සේ අංකුරය හෙවත් ශාඛාව වූසේක. යෙසායා 11:1හි පැමිණෙන මෙසියස්වහන්සේ ගැන පැවසුවේ මෙසේය: “තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.” මේ හා සමානව, එළිදරව් 22:16හි යේසුස්වහන්සේ තමන්වම හඳුන්වාගන්නේ, “දාවිත්ගේ වංශය” කියාය. එහෙත්, තමා “දාවිත්ගේ මුල” යන යෙදුමින්ම තමන්ව හඳුන්වා දෙනසේක. මන්ද?

යේසුස්වහන්සේ, යෙස්සේගේ සහ දාවිත්ගේ “මුල” වන එක ආකාරයක් නම්, උන්වහන්සේ මාර්ගයෙන් ඔවුන්ගේ නාම පෙළපත ජීවමානව තිබීමයි. අදදින කිසිම මිනිසෙකුට තමා ලෙවීගේ, දාන්ගේ හෝ යුදාගේ ගෝත්‍රයේ කෙනෙක් යයි පවසන්නට නොහැක, නමුත් යේසුස්වහන්සේ දැන් ස්වර්ගයේ ජීවමානව සිටින නිසා, යෙස්සේගේ සහ දාවිත්ගේ පෙළපත ජීවත්වන බවට අපට සහතික විය හැක.—මතෙව් 1:1-16; රෝම 6:9.

තවද යේසුස්වහන්සේ ස්වර්ගික රජු වීමේ තත්ත්වය ලැබූසේක. (ලූක් 1:32, 33; 19:12, 15; 1 කොරින්ති 15:25) මෙය උන්වහන්සේගේ මුතුන්මිත්තන් සමඟ පවා උන්වහන්සේට ඇති සම්බන්ධයට බලපෑමක් කරයි. අනාවැකිමය අයුරින්, දාවිත් යේසුස්වහන්සේට තමාගේ ස්වාමියා කියා ඇමතීය.—ගීතාවලිය 110:1; ක්‍රියා 2:34-36.

අවසානයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විනිශ්චයකරුවාණන් වශයෙන් බලය ලැබ සිටිනසේක. පැමිණෙන දහස් අවුරුද්ද අතරතුර, යේසුස්වහන්සේගේ මිදීමේ මිල යාගයේ ප්‍රයෝජන යෙස්සේ සහ දාවිත්ටද විහිදෙනවා ඇත. ඔවුන්ගේ පොළොව මත ජීවිතය, තම “සදාකාල පියාණන්” ලෙස සේවය කරන්නට යන යේසුස්වහන්සේ මත රඳා පවතිනු ඇත.—යෙසායා 9:6.

එබැවින්, යේසුස්වහන්සේ යෙස්සේ සහ දාවිත්ගේ පෙළපතෙන් නිකුත් වුවද, උන්වහන්සේ පත්ව සිටින තත්ත්වය හා තවදුරටත් ඉදිරියට උන්වහන්සේ ලබන සුදුසුකම්වලට අනුව, උන්වහන්සේ “යෙස්සේගේ මුල” සහ “දාවිත්ගේ මුල” යනුවෙන් හඳුන්වනු ලබනවා ඇත.

[පාදසටහන්වල]

a ඉපැරණි ෆිනීසිය අනුස්මරණ සිහිවටනයක මීට සමාන භාෂාවක් යොදා ගන්නා ලදි. සොහොන් ස්ථානය විවෘත කළ ඕනෑම අයෙකු සම්බන්ධයෙන් එහි මෙසේ කියවිණි: “ඔවුන්ට පහතින් මුල්වත් ඉහළින් ඵලවත් නොතිබේවා.”—වෙටුස් ටෙස්ටාමෙන්ටුම්, 1961 අප්‍රියෙල්.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න