සුවිශේෂී අරුතක් ඇති අභිලේඛන
“යෙහෝවා සිට් ටිබි කුස්ටොස්”
මෙම වචන කොටා ඇත්තේ නැගෙනහිර ස්විට්සර්ලන්තයේ කැලරීනා ගම්මානයේ පිහිටි 17වන සියවසට අයත් නිවසක ඉදිරිපස බිත්තියේය. එහි අදහස “යෙහෝවඃවහන්සේ ඔබගේ ආරක්ෂකයාණන් වේවා” යන්නය. මෙම කඳුකර ප්‍රදේශයේ, දෙවියන්වහන්සේගේ නාමය, සියවස් ගණනක් ඉපැරණි නිවෙස්වල, පල්ලිවල සහ පූජක නිවෙස්වල බිත්තිවල කොටා තිබෙනවා හෝ පින්තාරු කර තිබෙනවා දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. යෙහෝවඃවහන්සේ යන නාමය එතරම් ප්‍රසිද්ධ වූයේ කෙසේද?
ඉපැරණි රිෂියා (දැන් ජර්මනියේ ගිණිකොන දිසාව, ඕස්ට්‍රියාව සහ නැගෙනහිර ස්විට්සර්ලන්තය යන කොටස්වලින් සමන්විත) දේශය පො.යු.පෙ. 15වෙනි සියවසේදී රෝම ප්‍රාන්තයක් බවට පත් විය. එහි වැසියන් රොමාන්ෂ් භාෂාව කථා කරන්නට පටන් ගත් අතර, ලතින් භාෂාව මත පදනම් වූ එය, ස්විට්සර්ලන්තයේ සහ උතුරු ඉතාලියේ ඇල්පයින් නිම්න සමහරක තවමත් කථා කරනු ලබන උප භාෂා කිහිපයකට වර්ධනය වී තිබේ.
කල්යත්ම, බයිබලයේ කොටස් රොමාන්ෂ් භාෂාවට පරිවර්තනය කරන ලදි. එක් සංස්කරණයක් වූ, බිබ්ලියා පිට්ෂ්නාහි ගීතාවලිය සහ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලි ඇතුළත් විය. වර්ෂ 1666දී පළවූ මෙම බයිබලයෙහි, යෙහෝවා නාමය ගීතාවලිය පුරා බොහෝ වතාවක් දක්නට තිබිණි. බයිබලය වනාහි නිවෙස්වල මූලික වශයෙන් කියවනු ලැබූ පොතක්වූ නිසා, බිබ්ලියා පිට්ෂ්නා කියවූ පාඨකයන්ට මැවුම්කරුවාණන්ගේ නාමය හුරුපුරුදු දෙයක් බවට පත් විය.
කෙසේවෙතත්, ඉන්පසුව සිටි පරම්පරාවන්ගෙන් බයිබලයේ කාරණා කෙරෙහි උනන්දුව ගිලිහී ගියේය. “යෙහෝවා” යන වචනයේ තේරුම කුමක්ද කියා සොයා බලන්නට බොහෝ දෙනෙක් කරදර නොවූ අතර, පූජක පක්ෂයද එය විස්තර කිරීමටවත් උත්සාහ කළේ නැත. මෙබැවින්, මෙම අභිලේඛන, පසුවූ යුගයක නිකම්ම විසිතුරු කැටයම් අකුරු බවට පත්විණි.
මෑත දශක තුළ, කැපී පෙනෙන යළි දැනුවත් කිරීමක් සිදුවෙමින් තිබේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පහත රටවලින් පැමිණ, මෙම ශෝභමාන නිම්නවල නිවාඩු ගත කරමින්, යෙහෝවා යන නාමය ඇති දෙවියන්වහන්සේ ගැන එහි වැසියන්ට ඉගැන්වීමට විශේෂ ප්රයත්නයක් දරති. ඇතැම් සාක්ෂිකරුවන් ඒවායේ මෙම ප්‍රදේශයේ ලෙස පදිංචි වී ඇති අතර, පොළොව සහ මිනිසා උදෙසා මැවුම්කරුවාණන්ගේ පුදුමාකාර පොරොන්දු ගැන ජනයාට කථා කිරීමට වැඩිමනත් කාලය වැය කරමින් සිටිති. මෙසේ, ජනයා සැබෑ දෙවියන් වන යෙහෝවඃවහන්සේ ගැන ඉගෙන ගන්නවාත් සමඟම, මෙම ඉපැරණි රොමාන්ෂ් අභිලේඛනවලට දැන් නව අරුතක් ලැබෙමින් තිබේ.
[32වන පිටුවේ පින්තූර]
යෙහෝවා පොර්ටියෝ මෙයා: මාගේ කොටස නම් යෙහෝවඃවහන්සේය. —ගීතාවලිය 119:57 බලන්න