ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 8/15 5-7 පි.
  • ශුභ ආරංචියට නෙත් විවෘත කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභ ආරංචියට නෙත් විවෘත කිරීම
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආත්මික අන්ධභාවය ජය ගැනීම
  • එකම ස්ථිර සුවය—දෙවියන්වහන්සේගේ රාජ්‍යය
  • දෙවියන්වහන්සේගේ නව ලෝකයේ සන්තෝෂය
  • අන්ධ අයට උදව් කරමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • අන්ධ අය සඳහා ඇති අපේක්ෂාව කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇස් නොපෙනුණත් සතුටින්
    2015 පිබිදෙව්!
  • පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 8/15 5-7 පි.

ශුභ ආරංචියට නෙත් විවෘත කිරීම

අන්ධ මිනිසාට පෙනෙන්නේ නැති නිසා අහසේ නිල අඩු නොවේ,” යයි එක් ඕලන්ද ආප්තෝපදේශයක් කියයි. එහෙත්, අප ගත කරන එදිනෙදා කාර්ය බහුල ජීවිතයේදී, යම් විදිහකින් කියනවා නම් අහසේ නිල අපට පෙනේද? අප අනාගතය දෙස නිසැකකමින් බලනවාද? දේව වචනය වන බයිබලය ඉදිරිපත් කරන ශුභාරංචිය අප ඇත්තටම විශ්වාස කරනවාද?

මීට පෙර ලිපියේ, සැබෑ අන්ධභාවයේ පැති ගැන අපි සාකච්ඡා කළෙමු. ඊට වඩා බෙහෙවින් තවත් ආකාරයක වැදගත් දෘෂ්ටියක් ගැන අපි දැන් පරීක්ෂාකර බලමු. අපගේ දිගුකාලීන සන්තෝෂය මෙන්ම අප ප්‍රේම කරන අයගේ අපේක්ෂාවන්ද ඊට ඇතුළත් වෙයි.

අප “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල් [වලට]” මුහුණු දෙන බවට කිසිම සැකයක් නැත. (2 තිමෝති 3:1, NW) ජනයා එදිනෙදා ජීවිතය සමඟ පොරබදන විට, සෞඛ්‍යමය දුෂ්කරතා සහ පවුල් ගැටලු විඳදරාගන්නා විට, සාමාජීය අයුක්තිය හා ප්‍රේමයේ ඌනතාව සමඟ කටයුතු කරන විට සිදුවන්නේ කුමක්ද? ආගම සහ ආණ්ඩුව කෙරෙහි සෙසු ජනයාගේ විශ්වාසය පිරිහෙන බව, බොහෝ දෙනෙකුට වැටහීම කනගාටුවට හේතුවකි. කිසිම විසඳුමක් නැති බවට හැඟී යන ඇතැම්හු, තම ගැටලු සාමාන්‍ය ක්‍රමයකින් කිසිදා නොවිසඳෙනු ඇති බව නිගමනය කරති. බ්‍රසිලියානු පුවත්පතක් වන ජොර්නල් ඩා ටාර්ඩහි, ජාකොබ් පින්යේරූ ගෝල්ඩ්බර්ග් මෙසේ නීරීක්ෂණය කළේය: “කෲරතර යථාර්ථයට මුහුණ දෙන මිනිස්සු, දෝෂවලින් කොතරම් කුපිතවනවාද කිවතොත් ඔවුහු තර්කානුකූලව කාරණා කිරාමැන නොබලති, එමෙන්ම ඔවුහු ව්‍යාකූල කරවන මිථ්‍යා විශ්වාස මත රඳා සිටිති.” එහෙත්, දේවල් හරිහැටි සිදුනොවන විටත්, හොඳ සිහිය පාවිච්චි කිරීමට අපට වුවමනාය, එසේ නොවේද?

ඔබට ඔබගේ පවුල සඳහා නිවසක් අවශ්‍ය වී ඇති බව මොහොතකට සිතන්න, මුදල් අතින් ඔබට ප්‍රශ්නයක් නැත. සමහරවිට ඔබ වටාපිටාවෙන් ඒ ගැන සෝදිසි කර ඔබගේ අසල්වැසි පෙදෙසේ නොයෙක් නිවෙස් බලන්නට යන්නෙහිය. නිවාස දේපළ වෙළඳුන් ඔබට වුවමනා දේ ඉටු කිරීමට උත්සාහ කරතත්, ඔබගේ මනසේ තිබෙන නිවස තවමත් ඔබට හමුවී නැත. එහෙත්, ඔබගේ පවුලේ සුභසාධනය ගැන ඔබ සැලකිලිමත් වන බැවින්, ඔබ මෙය අත්හරින්නේ නැත. ඔබ එසේ කරනවාද? දැන් අවසානයේදී ඔබ සිහින මැවූ නිවස හමුවන විට ඔබට ඇතිවන සන්තෝෂය මනසේ ඇඳගන්න.

නව නිවසක් සෙවීම සඳහා ඔබ කාලය ගත කරනවාක් මෙන්, ඔබගේ ගැටලුවලට විසඳුමක් දැක ගැනීම සඳහා ඔබ බයිබලය පරීක්ෂා නොකරන්නේ මන්ද? නිවසක් පිළිබඳව තීරණ ගැනීමේදී කාරණා කිරා මැන බැලීමට අපට සිදුවන්නාක් මෙන්, අප දෙවියන්වහන්සේගේ වචනයෙන් කියවන දේ සම්බන්ධව තර්කානුකූලව විමසා බැලීමට අපට අවශ්‍යය. ඇරත්, අප විසින් යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යය දැක පිළිගැනීම, නිවසක් සොයනවාට වඩා බොහෝ සෙයින් වැදගත් වන්නේය. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔවුන් විසින් දැනුම ලබා ගැනීමය.”—යොහන් 17:3, NW.

එහෙත්, බයිබලයේ පණිවුඩය මෙතරම් වැදගත් නම්, මෙතරම් බොහෝ දෙනෙක් ශුභාරංචියට අන්ධ වී සිටින්නේ මන්ද? එක් දෙයක් නම්, ඇරත් මෙය බොහෝ දෙනෙකුව පුදුමයට පත්කළ හැකිය, එනම් “මුළු ලෝකයම නපුරාගේ බලයේ රැඳී තිබේ.” (1 යොහන් 5:19, NW) ප්‍රතිඵලයක් වශයෙන්, සාතන් වන යක්ෂයා “නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, . . . ඔවුන්ගේ සිත් [මනස්, NW] අන්ධකළේය.” (2 කොරින්ති 4:4) අප අපගේ ඇස්වලින් දුටුවත්, ඇසට ඇතුළු වන ආලෝකය අර්ථදක්වන්නේ මොළයයි. මේ අනුව, අන්ධව සිටීම, “වටහා ගැනීමට හෝ විනිශ්චය කිරීමට නොහැකිව හෝ අකමැතිව සිටීම” යනුවෙන්ද නිර්වචනය කොට තිබේ. මෙය මෙම සුප්‍රකට කියමන සිහියට නංවයි: “බලන්නට කැමති නැති අය තරම් අන්ධයන් තවත් නැත.”

අන්ධ කෙනෙකුට තමා ඉදිරියේ තිබෙන දේ දැකිය නොහැක, එබැවින් ඔහුට යම් අනතුරක් වෙන්නටත් පුළුවන. කායික අන්ධභාවය සුවකරගන්නට අදදින සිටින බොහෝ දෙනෙකුට නොහැක, එහෙත් ආත්මික අන්ධභාවයේ හිරවී සිටින්නට කිසිවෙකුට අවශ්‍ය නැත.

ආත්මික අන්ධභාවය ජය ගැනීම

දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් නිසා යමෙකුගේ ඇස් පෙනීම දුර්වල වන්නාක් මෙන්, පිරිහුණු පරිසරයක් සදාචාර අන්ධභාවයට දායක විය හැකිය. තවදුරටත්, මිනිසා විසින් සාදන ලද මූලධර්ම හා සම්ප්‍රදායන්ට එරෙහිව යේසුස්වහන්සේ අනතුරු ඇඟවූසේක. එකල ආගමික නායකයන් තමන්ගේ රැළ මුළාකරමින් සිටි බව උන්වහන්සේ පැහැදිලි කළසේක: “ඔව්හු මඟ පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මඟ පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇත.”—මතෙව් 15:14.

අන්ධ මඟ පෙන්වන්නන් විසින් රවටනු ලබමින් සිටිනවා වෙනුවට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට තමන්ගේ නෙත් විවෘත කරන අය කොතරම් සන්තෝෂ විය යුතුද! යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිස . . . විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමි.” (යොහන් 9:39) එනමුත්, ආත්මිකව අන්ධව සිටින අයට පෙනීම ලැබිය හැක්කේ කෙසේද? හොඳයි, වචනානුසාර අන්ධභාවය පිළිබඳ අපගේ සාකච්ඡාව අපි තවදුරටත් ඉදිරියට ගෙන යමු.

දෘෂ්ටි ආබාධ ඇති අය වෙනුවෙන් දැන් නොයෙක් සැපයුම් ලබාගත හැකිව තිබේ. තත්ත්වය සෑම විටම මෙසේ වූවා නොවේ. වර්ෂ 1784දී වලාන්ටාන් අව්යී විසින් අන්ධ අය සඳහා විශේෂ පාසැලක් පිහිටුවීමට පෙර, අන්ධ අයට ආධාර කිරීම සඳහා විශේෂ ප්‍රයත්න නොදරන ලදි. පසුව, ලුවී බ්‍රේල්, ඔහුගේ නාමය දරන ක්‍රමය සොයාගත්තේය; ඔහු එසේ කළේ දෘෂ්ටි ආබාධ ඇති අයට කියවීම සඳහා උපකාර කිරීමටය.

ආත්මිකව අන්ධව සිටින අය ගැන කුමක් කිව හැකිද? මෑත වර්ෂවලදී, පොළොවේ ඉතා ඈත ප්‍රදේශවල පවා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බැරෑරුම් ප්‍රයත්න දරන ලදි. (මතෙව් 24:14) උපහැරනාත්මක හා වචනානුසාරයෙන් යන දෙයාකාරයෙන්ම අන්ධව සිටින අයට බලාපොරොත්තුවක් ගෙන ඒම සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටු වෙති.

එක් බ්‍රසිලියානු කාන්තාවක් මෙසේ ලීවාය: “මට කායික දුබලතාවක් තිබුණත් මට ආත්මිකව දැකිය හැකියි. මොනතරම් පුදුමාකාර දෙවි කෙනෙක්ද! ‘යෙහෝවඃවහන්සේ ස්වකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්ට යන’ බව දැනගැනීමට ලැබීම අපට සන්තෝෂයක්.” (ගීතාවලිය 145:16) කායික වශයෙන් අන්ධව සිටින ජෝර්ජ මෙසේ සිහිකරයි: “මගේ ජීවිතය කොටස් දෙකකට මැනවින් බෙදන්නට පුළුවන්: සාක්ෂිකරුවෙකු වීමට පෙර සහ පසුව වශයෙන් . . . ඔවුන් නිසා, මම ලෝකය පැහැදිලිවත් දීප්තිමත්වත් දකින්නට පටන් ගත්තා. මා සභාවේ සෑම කෙනෙකු සමඟ හොඳ සම්බන්ධතාවක් භුක්ති විඳිනවා.” එමෙන්ම දීප්තිමත්ව තිබෙන තවත් දෙයක් නම්, ඉතා ඉක්මනින්ම මේ පොළොවේ කිසිම කෙනෙක් වචනානුසාරයෙන් හෝ ආත්මිකව අන්ධව නොසිටින්නට යන බවයි. එය වන්නේ කෙසේද? ලොව පුරා ‘ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] අන්ධයන්ගේ ඇස් පහදන’ බව සත්‍යයක් වන්නට යන්නේ කෙසේද?—ගීතාවලිය 146:8.

එකම ස්ථිර සුවය—දෙවියන්වහන්සේගේ රාජ්‍යය

වැඩිවෙමින් තිබෙන වෛද්‍යමය දැනුම් තේරුම් හැකියා අභිබවා, රෝග ගණනාවක් මගින් අන්ධභාවය, වේදනාව හා මරණය දිගටම ගෙන දෙයි. එසේ නම්, මන්දපෝෂණය, දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්, මෙන්ම දෘෂ්ටිය හා ජීවිතයේ ප්‍රීතිය යන දෙකම පැහැර ගන්නාවූ දුක් පීඩා මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන්නේ කුමක්ද? යේසුස්වහන්සේ විසින් අන්ධ සහ තවත් අයව සුව කිරීම අනාගතයේ සිදුවෙන්නට යන දෙයක සුළු පරිමාණ ක්‍රියාවක් විය. උන්වහන්සේගේ ඉගැන්වීම හා සුවකිරීමේ ක්‍රියා, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ආණ්ඩුව යටතේ පොළොව පුරා විහිදෙන්නට යන ආශීර්වාදවල පෙර නිමිත්තක් වීම සතුටට හේතුවකි.

ලෝක ව්‍යාප්තව සුවකිරීම ළඟය.a මෙම දිව්‍ය සුවකිරීමේ වැඩසටහන, ප්‍රේරිත යොහන් විසින් අලංකාරව උපහැරණය කරන ලදි: “දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්, එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය [ජීවන වෘක්ෂ, NW] තිබුණේය. ඒ වෘක්ෂයේ [වෘක්ෂවල, NW] කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.”—එළිදරව් 22:1, 2.

“ජීවනදායක වතුර” සහ “ජීවන වෘක්ෂ” වැනි යෙදුම්වලින් සංකේතවත් කරන්නේ, අදදින දුෂ්ට පිළිවෙළ අවසන් වීමෙන් පසු, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුව කිරීමේ සැපයුම්, ක්‍රමානුකූලව මිනිස්වර්ගයාව පරිපූර්ණත්වයට ඔසවනු ඇති බවයි. ඇත්තෙන්ම, (සම්පූර්ණ පව්කමාව ඇතුළුව) යේසුස්වහන්සේගේ මිදීමේ මිල යාගයේ ප්‍රයෝජන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් පිළිබඳ දැනුම සමඟින්, පරිපූර්ණ සෞඛ්‍යය හා සදාකාල ජීවනය ගෙන එනවා ඇත.—යොහන් 3:16.

දෙවියන්වහන්සේගේ නව ලෝකයේ සන්තෝෂය

එසේ නම්, අපරාධ, පරිසර දූෂණය, හෝ දිළිඳුබව නැති ලෝකයක් මනසේ මවා ගන්න. නැවත පිහිටුවන ලද පාරාදීසයේ ඔබගේ පවුල, සාමයෙන් ජීවත්වීම මනසින් ඇඳගන්න. (යෙසායා 32:17, 18) පරිපූර්ණ මනසක් හා සංවේද ඉන්ද්‍රීන් සමඟින් විවිධාකාර වර්ණ නිරීක්ෂණය කිරීම මොනතරම් ප්‍රබෝධයක් වනු ඇත්ද!

“මිනිසා නමැති පුද්ගලයා සඳහා ස්වාභාවික තත්ත්වය වනුයේ, ආලෝකයේ, වර්ණවල, රූපවල නිතරම වෙනසක් ඇති වන පරිසරයක ජීවත්වීමයි. ඒකාකාර පරිසරයක් කියා දෙයක් ස්වභාව ධර්මය තුළ නැත,” යයි ෆේබර් බයිරන් කියයි. “වර්ණ යනු මේ ලෝකයේ ස්වාභාවික මනෝහර දේවලින් එකකි. එය ස්වභාව ධර්මයේ නීතියයි, විරල දෙයක් නොවේ, තවද යහපත් ජීවිතයක බොහොමයක් රඳා පවතින්නේ ඒ මතය.”

දෘෂ්ටිය නමැති ත්‍යාගය කොතරම් වටිනා එකක්ද! වරෙක වචනානුසාරයෙන් හා ආත්මිකව අන්ධ වී තිබූ ඇස්, ඒවායේ දෘෂ්ටිය ලබා ගැනීම කොතරම් ප්‍රීතියක් වනු ඇත්ද!

එසේය, පැමිණෙන්නට යන යළි පිහිටුවනු ලැබූ පාරාදීසයේදී, අන්ධභාවය සහ වෙනත් ආබාධ තවත් අසන්තෝෂය ඇති කරන්නට යන්නේ නැත! කිසිවෙක් තවත් රැවටෙන්නට යන්නේ නැත. අව්‍යාජ ප්‍රේමය හාත්පස පැතිර පවත්නට යන නිසා, සියල්ලෝම ආත්මිකව ඥානාලෝක ලබනවා ඇත. එය සහ තවත් බොහෝ දේවල්, තිබෙන්නේ ඉදිරියටය, නමුත්, “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය” යන ස්වකීය අනාගතික පොරොන්දුව ඉටු කරන්නට යන තැනැන්වහන්සේ විසින් අනුමත කරනු ලබන තත්ත්වයට පත්වීමට කාලය මේ දැන්ය.—යෙසායා 35:5.

[පාදසටහන්වල]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් පළ කරන ලද පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොතේ, 18 පරිච්ඡේදයෙහි ඉදිරිපත් කර ඇති සාක්ෂි කරුණාකර පරීක්ෂාකර බලන්න.

[7වන පිටුවේ පින්තූරය]

එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න