ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 5/15 31 පි.
  • මලාවි රටෙන් ශුභාරංචි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මලාවි රටෙන් ශුභාරංචි!
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 5/15 31 පි.

මලාවි රටෙන් ශුභාරංචි!

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා, අග්නි දිග අප්‍රිකාවේ පිහිටි මලාවි රටේ, 1993 නොවැම්බර් මස 15වන දින නිල වශයෙන් ලියාපදිංචි කරන ලදි. මෙය මලාවි රටේ වෙසෙන ජනයාට බයිබල් සත්‍යයන් දේශනා කිරීම සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට නීත්‍යානුකූල පිළිගැන්ම හා නිදහස ලබා දෙනු ඇත.

එම රටේ වෙසෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීමට, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක්, 1948 තරම් අතීතයේ මලාවි රටේ පිහිටුවනු ලැබීය. එහි පළමු වතාවට වොච් ටවර් සමිතිය ලියාපදිංචි කරනු ලැබුවේ 1957, ජනවාරි 8වන දිනය. වසර ගණනාවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වේගවත් වර්ධනයක් භුක්ති වින්දාහ. එහෙත් දරුණු පීඩා 1964දී ආරම්භ විය. ඒ මන්ද?

දෙවියන්වහන්සේට කීකරු වෙමින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දේශපාලනය සම්බන්ධයෙන් පවත්වනුයේ දැඩි මධ්‍යස්ථ භාවයකි. (යොහන් 17:16) ප්‍රත්‍යක්ෂ ලෙසින්, ඇතැමෙක් ශුද්ධ ලියවිලිමය වූ මෙම තත්ත්වය හරිහැටි තේරුම් නොගත් අතර, සාක්ෂිකරුවන්ව උන්මූල (අන්තවාදී ප්‍රතිපත්ති දරන) ආගමක් මෙන්ම නීතියට පිටුපාන අපරාධකරුවන් හැටියට වරදවා තේරුම් කර දුන්හ. එබැවින්, ඇතැමෙක් කල්පනා කළේ මෙම සාමකාමී ක්‍රිස්තියානින්ට පීඩා කිරීම යුක්ති සහගත බවයි. බොහෝ සාක්ෂිකරුවන්ට රැකියා අහිමි කර, පහර දෙනු ලැබ, වෙනත් ආකාරවලින් අවමන්ද කරනු ලැබූහ. ඇතැම් අයව තම දරුවන්ගෙන් බලෙන්ම වෙන් කරනු ලැබුවෝය.

වර්ෂ 1972දී, 30,000කට වැඩි සාක්ෂිකරුවන්ටත් ඔවුන් සමඟ බයිබලය ඉගෙන ගනිමින් සිටි අයටත් තමන්ගේ ජීවිත අහිමි වීමේ භීතිය නිසා රටෙන් පිට වන්නට සිදු විය. දහස් සංඛ්‍යාවක් අසල්වැසි රටක් වූ මොසැම්බික්හි සරණාගත කඳවුරුවල පදිංචි වූහ. එහෙත් 1975දී මෙම සරණාගතයන්ව යළිත් මලාවි රටට යවන ලද අතර, එහිදී ඔවුන්ට වැඩිමනත් පීඩාවන්ට මුහුණ දීමට සිදු විය. බොහෝ දෙනෙකුව තබනු ලැබුවේ වදක සිර කඳවුරුවලය. මෙම දරුණු විපත් මැද, වොච් ටවර් සමිතිය මලාවි රටේ නීත්‍යානුකූල සංවිධාන ලැයිස්තුවෙන් කපා හරිනු ලැබීය. එවක් පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ නීත්‍යානුකූල සංවිධාන එම රටේ තහනමට ලක් විය.

සිදුවූ මේ සියල්ල අභිමුවේ, සාක්ෂිකරුවන් එකට එක කළේ නැත. ඔවුන් ආණ්ඩුවට විරෝධය පළ කිරීමක් හැටියට කැරලිකෝලාහල ඇති කළේ නැත. ඒ වෙනුවට, ආණ්ඩු බලය දරන “බලයලත් මුලාදෑනීන්ට” නිසි ගෞරවය හා සැලකිල්ල පෙන්වීමට වූ සිය ක්‍රිස්තියානි බැඳියාව, ඔවුහු යාච්ඤාපූර්වකව දිගටම පැවැත්වූහ. (රෝම 13:1-7; 1 තිමෝති 2:1, 2) බයිබලයේ නියම කර තිබෙන උසස් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිද සාක්ෂිකරුවන් රක්ෂා කර ඇති අතර, එසේ කිරීමෙන් ඔවුහු හැසිරීම සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක් තබා ඇත්තාහ.

තමන් අලුතෙන් අත්කර ගත් නිදහසෙන්, හිතකර ‘කාලය’ තුළ බයිබල් සත්‍යයන් වේගයෙන් දේශනා කිරීමට, මලාවි රටේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ අධිෂ්ඨාන කරගෙන සිටිති.—2 තිමෝති 4:2.

[31වන පිටුවේ පින්තූරය]

එම්. ජී. හෙන්ෂල් සහ මලාවි බෙතෙල් පවුල 1960 ගණන්වල

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න