රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“යෙහෝවඃවහන්සේගේ නාමය බලකොටුවක්ය”
අපි ජීවත්ව සිටින්නේ ස්ථීරත්වයක් නොමැති කාලවලය. ස්ථීර තත්ත්වයක පවතින්නේ යයි පෙනෙන්නට තිබෙන අපගේ ජීවිත, එක් රැයකින් වෙනස් විය හැකි අතර ඇතැමෙක් අනතුරු ඇඟවීමකින් තොරව, තමන් තේරුම් ගන්නටත් පෙර තමන් මහත් උපද්‍රවයකට පත්ව සිටින බව අද්දැක ඇත්තාහ. දේශපාලනමය විප්ලවයක්, ප්රචණ්ඩ ප්‍රහාරකයෙක්, ස්වාභාවික විපතක්, එසේත් නැතහොත් යම් බරපතළ අසනීපයක් යනාදි ආකාරයන්ගෙන් උවදුරු පැමිණෙන්නට පුළුවන. සිද්ධිය කුමක් වෙතත්, සිය ජීවිතය අනතුරට පත්ව තිබෙන විට, ක්‍රිස්තියානියෙක් පිහිට පැතිය යුත්තේ කොතැනින්ද?
වොච් ටවර් සමිතියේ එක්තරා ශාඛාවක ජීවත් වන මිෂනාරිවරයෙක් වන, ඩේවිඩ්, එම පැනයට පිළිතුර ඉගෙන ගත්තේ බියජනක අද්දැකීමකිනි. රියදුරෙක් හැටියට පැවරුම් ලබා සිටි ඔහු, එක් උදෑසනක පාන්දරින්ම ශාඛාවෙන් පිටස්තරව වාසය කරන ස්වේච්ඡා බෙතෙල් සාමාජිකයන් කීපදෙනෙක් කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ගියේය. තවදුරටත් අන්ධකාරය පැතිර පැවතුණි. ඔහුට පළමු වෙඩි හඬ ඇසුණේ රොසාලියාව රථයට ඇතුල්කොට පොලිස් ස්ථානයක් පසු කරනවාත් සමඟය.
ඉන්පසුව දේවල් වේගයෙන් සිදු විය. ලොකු රතිඤ්ඤා කරලක් පුපුරනවා වැනි ශබ්දයක් ඔහුට ඇසුණ අතර එක් රෝදයක සුළං ෂූ ශබ්දය නගමින් පිට වන්නට පටන් ගත් බව ඔහු තේරුම් ගත්තේය. ඒත් සමඟම තමා වෙත එල්ල කළ රයිපලයක් අතැති හමුදා භටයෙක් පාර මැද සිටිනවා ඔහු හදිසියේම දුටුවේය. එකවිටම වාගේ දේවල් තුනක් සිදු විය: ජනෙල් සුනු විසුනු කරමින් වෙඩි උණ්ඩ වර්ෂාවකින් ඔහු සිටි ජීප් රථයේ පැත්තක් සිදුරු විය, ඩේවිඩ් හා රොසාලියා පහත් වූහ; එම හමුදා භටයා ඇස් මට්ටමට රථයේ සුළං මුවා වීදුරුව තුළින් වෙඩි තැබීය.
ජීප් රථයට නොනැවතී උණ්ඩ වදිත්ම, තවමත් පහත්වී සිටි ඩේවිඩ් ඔහුගේ උපරිමය යොදා තිරිංග තද කළේය. තමන් මැරෙන්නට යන බව ඩේවිඩ් හා රොසාලියා යන දෙදෙනාම කල්පනා කළහ. තමන්ව රැකබලා ගන්නැයි අයැදිමින්, ඔවුහු හඬ නගා යෙහෝවඃවහන්සේට යාච්ඤා කළහ. පසුව රොසාලියා කියා සිටියේ, තමාගේ මරණය ගැන සිය පවුලේ අය ඇසූ විට ඔවුන් ප්‍රතික්‍රියා කරන්නට යන ආකාරය තමා ඒ මොහොතේ කල්පනා කළ බවයි!
තවමත් පණපිටින්!
වෙඩි හඬත් වීදුරු බිඳෙන හඬත් අන්තිමේදී නැවතුණි, ඩේවිඩ් වහා රොසාලියා දෙස බැලුවේය. ඇයගේ පිටෙහි කුඩා, වටකුරු ලේ පැල්ලමක් දුටු ඔහු, මහත් සේ කම්පාවට පත් විය. එහෙත් එතැන සිදුරු කර තිබුණේ උණ්ඩයක් නොව, විසි වූ වීදුරු කෑල්ලකි. වැටෙන වීදුරුවල කැපීම්වලින් ඇයගේ දණිස් තුවාල වී ඉන් ලේ ගලා යමින් තිබුණද, ඒ හැරුණුකොට ඇය සතුටුදායක තත්ත්වයක සිටියාය.
සුදු අත්වැසුම් සහිතව හමුදා නිල ඇඳුමෙන් සැරසුණු පුරුෂයෝ ජීප් රථය වෙතට පැමිණ අත් ඔසවාගෙන පිටතට එන හැටියට ඔවුන්ට අණ කළහ. වඩාත් ඉහළ නිලයකට අයත් යයි පෙනුන කෙනෙක්, එක් භටයෙකු වෙතට හැරී, “ඔබට කිව්වේ සාමාන්‍ය වැසියන්ට වෙඩි තියන්න එපා කියලා” යයි පැවසුවේය. තමාට වෙඩි හඬවල් ඇසුණ බවත් ඒවා ජීප් රථයෙන් ආවේ යයි තමා කල්පනා කළ බවත් පවසමින් එම භටයා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට විය.
තමන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට ඩේවිඩ්, තමාවත් රොසාලියාවත් හඳුන්වා දුන් විට, ප්‍රතික්‍රියාව හිතකර එකක් විය. තමා කරමින් සිටි දෙය ඔහු පැහැදිලි කළද, ඔවුන්ව තවදුරටත් රඳවා ගැනීමට එම භටයන්ට වුවමනා විය. එහිදී සිදු වී තිබුණ දෙය නම්, එම උදෑසන අලුයම් කාලයේ, හමුදා පිරිසක් කුමන්ත්රණයකින් රජය පෙරළීමට වෑයම් කර තිබුණ අතර ඩේවිඩ් හා රොසාලියා ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී, මෙම භටයන් සිටියේ එම පොලිස් ස්ථානය තමන්ගේ පාලනයට නතු කර ගනිමිනි.
තමන්ව නිදහස් කරන හැටියට ඩේවිඩ් ආයාචනා කරත්ම රොසාලියා අතිශයින් කම්පනයට පත්ව සිටියද, නිර්භීතකම උපදවා සන්සුන්ව සිටියාය. අන්තිමේදී ජීප් රථය නොමැතිව ඔවුන්ට යන්නට අවසර ලැබුණි. අසල පාරකට පයින් ගොස්, බස් රථයකින් ශාඛාවට යාමට ඔවුන්ට සිදුවූ අතර එහිදී ප්‍රථමාධාර අංශය රොසාලියාට ප්‍රතිකාර කළේය.
යාච්ඤාවේ බලය
ඩේවිඩ් එම අද්දැකීමෙන් යමක් ඉගෙන ගත්තේය—එනම්, උනන්දුමත් යාච්ඤාවේ බලය කිසිදිනක අවතක්සේරු නොකිරීමටත් තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට නිර්භීතව හඳුන්වා දීම නිතර ආරක්ෂාවක් බවත් “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි” යන්න පදගතාර්ථයෙන් සැබෑවක් වන බවත්ය.—හිතෝපදේශ 15:29; 18:10; පිලිප්පි 4:6.
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Fotografía de publicaciones Capriles, Caracas, Venezuela