මාගේ කෝපය ද නැතහොත් මාගේ සෞඛ්‍ය ද?
කෝප නොවන්නේ කවරෙක් ද? එය අප සියල්ලන්ට ම සිදු වන්නක්. ඇතැම් අවස්ථාවල යම් ප්‍රමාණයක කෝපයක් ඇති වීම යුක්ති සහගත වෙන්නට පුළුවන. එහෙත්, අවංක ව ම, බොහෝ අවස්ථාවන්හි අපගේ කෝපය (නැතහොත් එහි අධිකතාව) යුක්ති සහගත නොවන බව සැබෑවක් නොවේ ද?
“තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව [ඇවිස්සී නොසිටින්න, NW], එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය” කියා බයිබලය අපට පවසයි. (ගීතාවලිය 37:8) එවන් උපදෙස් කොතරම් ඥානවන්ත ද? එය ඔබගේ දිගු-කාලීන සෞඛ්‍යට බලපෑ හැකි ද?
නිව් යෝක් ටයිම්ස් සඟරාව, එහි “සෞඛ්‍ය” කොටස යටතේ මෙසේ සඳහන් කළේ ය:
“සටන්කාමී කෝපයෙන් ඇවිස්සී සිටින්නා වූ ද සිදුවන බවට සිතන සෑම මදිපුංචිකමක් ගැන ම සිතන්නා වූ ද ජනයා තමන් ව අප්‍රසන්න තත්ත්වයකට පත් කරගන්නවාට වැඩි යමක් කරමින් සිටිත්. ඔවුන් තමන් ව මරා ගනිමින් සිටිනවා විය හැක.
“ ‘නිදන්ගත කෝපය ශරීරයට කොතරම් හානිදායක ද කිවහොත් එය අකල් මරණයක් සිදු වීමට දායක විය හැකි බලගතු සාධකයක් වශයෙන් ගත හැකි සිගරට් දුම, ස්ථූලතාවය හා මේදය වැඩි ආහාර යනාදියට සමාන නැතහොත් ඊටත් වඩා භයානක බව යෝජනා කරන්නා වූ දත්ත රාශියක් පරීක්ෂකයෝ සොයා ගෙන ඇත්තාහ.
“ඩියුක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හැසිරීම පිළිබඳ වෛද්‍ය කර්මයේ පර්යේෂක වෛද්‍ය රෙඩ්ෆඩ් විලියම්ස් කියා සිටියේ, ‘එදිරිවාදී, සැක සහිත කෝපය අප දන්නා වෙනත් ඕනෑ ම සෞඛ්‍ය උපද්‍රවයකට බෙහෙවින් සමාන බව අපගේ අධ්‍යයනයන් අඟවයි’ යනුවෙනි.”
ජීවන ගමනේ සාමාන්‍ය ගැටලුවලට පමණ ඉක්මවා ප්රතික්රියාකරන්නන්, අධි මානසික පීඩනය නිසා ඇති වන හෝමෝන වැඩියෙන් නිපදවන බව අධ්‍යයනයන් අඟවයි. ඔවුන් නිතර නිතර කෝපයට පත්වීම, ඔවුන් ව හෘද රෝග ඇති වීමේ අන්තරාව වැඩි කරමින්, කොලෙස්ටෙරෝල්වල ආරක්ෂාකාරී හා හානිදායක වර්ග අතර සමබරතාවය නැති කළ හැකි ය.
ඇතැමෙක්, ‘ඒත් ඒ මගේ ස්වභාවය’ හෝ ‘මම හැදුනෙ වැඩුනේ එයාකාරයටයි’ කියමින් ප්‍රතිචාරය දක්වන්නට පුළුවන. එසේ වුවත්, දෙවියන් වහන්සේගේ උපදෙස් අවංක ව අදාළ කර ගැනීමෙන්, ඔබට වෙනස් විය නොහැකි බව ඉන් අදහස් කරනවා නොවේ. කෝපය හා උදහස පිළිබඳ ව හිතෝපදේශ 14:29, 30; 22:24, 25; එපීස 4:26; යාකොබ් 1:19, 20 යනාදි ස්ථානවල වාර්තා වී ඇති උන් වහන්සේගේ උපදෙස්, ඔබගේ ම බයිබලයෙන් පරීක්ෂා කර බලන්න.
එම දිව්‍ය ප්‍රඥාව අදාළ කර ගැනීම ඔබගේ සෞඛ්‍ය වැඩි දියුණු කර ඔබගේ ජීවිතය තවත් දීර්ඝ කළ හැකි ය. “කෝපයට නැඹුරු වූ අය, හදිසි, කෝපාවිෂ්ට ප්‍රතික්‍රියාවන්, නිරායාසයෙන් වෙනස් කිරීමෙන් අකල් මරණයන්ට ගොදුරු වීමේ අන්තරාව අඩු කර ගත හැකි යයි බොහෝ පර්යේෂකයෝ පවසති” කියා ටයිම්ස් සඟරාව සඳහන් කළේ ය.