බ්‍රිතාන්‍යයේ ජ්වලිතවත් ක්‍රිස්තියානිහු
දි එකොනමිස්ට් නම් සඟරාවට අනුව බ්‍රිතාන්‍යයේ මිලියන 56ක් වූ ජනයාගෙන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් වර්තමානයේ ජ්වලිත ක්‍රිස්තියානින් ව සිටිති. එක් ඉරු දිනක් ගත් කල, මිලියන හතරකට අඩු ජන සංඛ්‍යාවක් පල්ලිවල දේව මෙහෙයට සහභාගි වෙති. මෙයින් එංගලන්ත සභාවට අයත් ව සිටින්නේ මිලියන 1.1ක් පමණකි. ආඥේය වාදය පැතිර පැවතුණත්, එංගලන්ත සභාව රාජ්‍ය ආගම හැටියට එය අත්කර ගෙන සිටින තැන දිගට ම පවත්වාගෙන යයි. “වසර ගණනාවකට බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානි සමාජයක් ව නොපැවතුණ ද, ප්‍රධාන කොට පැරණි සම්ප්‍රදායට ගරුකරන නිසා ආඥේය වාදය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් එම පුවත් සඟරාව පවසයි. නවීන දින දේශපාලනඥයන් හා පල්ලියේ පුවත් පත් ස්ථාවරය අවලංගු කිරීමක්, එනම් පල්ලිය-රජය අතර සම්බන්ධතාවයේ බිඳ හෙලීමක් ඉල්ලීම පුදුමයක් නොවේ.
“ක්‍රිස්තියානි යයි කියා සිටින, සැබවින් ම ලෞකික වූ ලෝකයක්, ලෝක අතරින් වඩාත් ම නපුරු ලෝකය වන්නේ ය” යයි පවසමින් දි එකොනමිස්ට් සඟරාවේ 19වන සියවසේ සංස්කාරක වෝල්ටර් බැජට් ළත වුණේ ය. එහෙත් පො.යු. පළමුවන සියවසේ දී, සිය ගෝලයන් ගැන කථා කරමින් යේසුස් වහන්සේ කියා සිටියේ ‘මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවන’ බව ය. (යොහන් 17:16) කෙසේ වෙතත්, ශුභාරංචිය දේශනා කරන්නට උන් වහන්සේ ඔවුන් ව ලෝකයට එවූ සේක. සමානාකාරයෙන් අද දිනත්, ලෝක ව්‍යාප්ත ව වසන්නා වූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් “ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද” ජ්වලිත ව දේශනා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ ව සිටිති.
එංගලන්ත සභාවට අයත් අය සමඟ සසඳන කල, බ්‍රිතාන්‍යයේ සිටින සාක්ෂිකරුවන් 1,26,173දෙනා සංඛ්‍යාවෙන් ස්වල්ප දෙනෙක් වෙති. එහෙත් ඔවුහු මසකට පැය 20ක් පමණ රැස්වීම්වලට යෑම සඳහා වැය කරති. මීට අමතර ව, 1992 තුළ සෑම සාක්ෂිකරුවෙක් ම, ධර්මිෂ්ඨ නව ලෝකයක් ඉක්මනින් පිහිටුවන්නට යන ආණ්ඩුව වන, දේව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට මසකට තවත් පැය 16ක සාමාන්‍යයක් වැය කළේ ය. (මතෙව් 24:14; 2 පේතෘස් 3:13) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔබගේ නිවසට එන මීළඟ වතාවේ, ඔබ ඔවුන්ගේ විශිෂ්ඨ පණිවුඩයට සවන් දී, ඔවුන්ගේ ජ්වලිතය පොලඹවන්නා වූ හේතුකාරකය සොයා දැනගන්නෙහි ද?