ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 10/1 21 පි.
  • පුරෝකථනය කරන ලද සාගත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරෝකථනය කරන ලද සාගත
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • විසඳුම කුමක්ද?
    1996 පිබිදෙව්!
  • වැඩි වෙමින් සිටින සරණාගතයෝ
    1996 පිබිදෙව්!
  • අවතැන් වුණ අයට අත දෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යුක්රේනයේ වැසියන් මිලියන ගාණක් සරණාගතයන් වෙයි!
    තවත් ලිපි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 10/1 21 පි.

පුරෝකථනය කරන ලද සාගත

මෑත වසරවල සාගතයේ අවතාරය වේදනාව දනවමින් ලෝක ප්‍රවෘත්ති වාර්තාවල සුපුරුදු ව දක්නට ලැබෙන පුවතක් බවට පත් ව ඇත. ඉතියෝපියාවෙන් හා වෙනත් තැන්වලින් අමතක කළ නොහැකි වේදනාකාරී චිත්‍ර අප නෙත්වල ගැටී ඇත. නියඟය හා යුද්ධය නිසා දුක්ඛදායක ලෙසින් සෝමාලියාවේ සාගතයට ගොදුරු වූ අය කෙරෙහි 1992 දී, ලෝක අවධානය ග්‍රහණය කරනු ලැබී ය. ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් නම් පුවත් පත 1992 සැප්තැම්බර් මාසයේ දී මෙසේ වාර්තා කළේ ය: “මිය ගොස් ඇති සෝමාලි ජාතිකයින් සංඛ්‍යාව කොපමණ ද කියා කවරෙකුවත් නොදන්න නමුත් රතු කුරුස සංවිධානය එය 1,00,000කට වැඩි බව තක්සේරු කරයි. සිය ගණනක්, එසේත් නැතහොත් දහස් ගණනක් සෑම දවසක ම මිය යති.”

මෙම සංඛ්‍යාවලින් මීට ඇතුළත් වී සිටින අය ගොදුරු වී සිටින දුක්ඛිත හා වේදනාකාරී තත්ත්වය ඇත්ත වශයෙන් ම ප්‍රකාශ වෙන්නේ නැත. රෙෆියුජීස් ඉන්ටනැෂනල් නම් සංවිධානයේ යුරෝපීය නියෝජිතවරිය වන, ඉවෙට් පයර්පාඕලි, රෙෆියුජීස් නම් එක්සත් ජනපද සඟරාවේ මෙසේ ලිව්වා ය: “න්‍යූ යෝක් හි නැතහොත් ජිනීවා හි සරණාගත ප්‍රශ්නය ඉතා පැහැදිලි ව පෙනෙන්නට ඇත; සංඛ්‍යාවන් සඳහන් කරනු ලැබේ, තව ද එම සංඛ්‍යාවට එකතු වන බින්දු වැල කොතරම් ද කියතොත් එය ඇදහිය නොහැකි තරම් ය. එහෙත් සැතපුම් දහස් ගණනකට එහා, බොහෝ දුරට විප්ලව පවතින රටවල දැඩි චිත්ත වේගයන්ගෙන් ඔබගේ උගුර කොතරම් හිර වේ ද කියතොත්, වේදනාවේ විශාලත්වය ඔබ ව මොර ගැසීමට සලස්වයි.”

සෝමාලියාවට ආධාර කිරීම සඳහා එය ගන්නා උත්සාහය, මෙතෙක් රතු කුරුස සංවිධානය විසින් කර ඇති විශාලතම මානව හිතවාදී සහන ක්‍රියාවලිය බව එය කියා සිටිය ද, නිරීක්ෂකයින් චෝදනා කරන පරිදි, මින් දිස්වන සාමාන්‍ය චිත්‍රය වනුයේ කිසිසේත් ප්‍රමාණවත් නොවූ මෙන් ම පමා වූ ද පිහිටාධාර සැපයීමක් වන බව ය. පයර්පාඕලි මෙසේ කනගාටු වන්නී ය: “සහනාධාර දෙන රටවල් වැඩිදුරටත් එසේ උපකාර කරන්නට අදිමදි කරමින් සිටින අතර, ගරාවැටෙන අප්‍රිකාවකට අනුබල දීමෙන් වෙහෙසට පත් ව සිටී. . . . දුර්වල කළමනාකාරිත්වය, ඔවුන්ගේ නායකයින්ගේ ගිජුකම හා පෙනෙන්නට ඇති නිමා නොවන අරගල සඳහා ඔවුහු අප්‍රිකානුවන්ට දොස් නගති.”

ආහාර හිඟකම් “එක් තැනක් පාසා තවත් තැනක” පවතින කාලයක් පිළිබඳ ව බයිබලය පුරෝකථනය කළේ ය. මෙම ආහාර හිඟකම් සමඟ, යුද්ධ, භූමිකම්පා හා වසංගත වැනි වැඩි වර්ධනය වී ඇති තවත් බොහෝ දේවල් එක් ව ගත් කල, දේව රාජ්‍යය ළඟ බව අඟවයි. (ලූක් 21:11, 31, NW) දෙවියන් වහන්සේගේ සත්ගුණවත් රාජ්‍යය යටතේ, සියලු මනුෂ්‍ය වර්ගයාට ආහාර බහුල ව තිබෙන්නට යන බව ද බයිබලය වැඩිදුරටත් පෙන්වයි. “පොළොව මත බොහෝ ධාන්‍ය ඇති වන්නේ ය; කඳු මුදුන් මත ඒවා පිරී ඉතිරී යන්නේ ය” යයි ගීතිකාකරු ලිව්වේ ය.—ගීතාවලිය 72:16, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න