හොංකොං නුවරෙහි සැබෑ සම්පත් සෙවීම
හොං කොං වනාහි සියලු සාධක ඔබට වාසිදායක ව තිබේ නම්—කෙටි කාලයක් තුළ විශාල මුදල් සම්භාරයක් උපයා ගත හැකි ස්ථානයකි. ගත වූ වසර 40ක පමණ කාලයක් තුළ, එම බ්‍රිතාන්‍ය විජිතය මද ක්‍රියාකාරකම්වලින් යුත් වරායක පටන් ගිනිකොනදිග ආසියාවේ පමණක් නොව, එහෙත් ලෝක ව්‍යාප්ත වෙළෙඳ කවය තුළ ම සැලකිය යුතු වැදගත්කමකින් යුත් ආර්ථික බලවේගයක් බවට වර්ධනය වී ඇත.
අඩු බදු අනුපාතිකය විදේශ ආයෝජකයන් ව ආකර්ෂණය කරමින්, මිලියන හයක් වූ හොං කොං වැසියන් අතර දක්නට ලැබෙන කඩිසර කම්කරු බලයට අනුබලයක් ලබා දෙයි. දකුණු චීනයත් ආසියානු පැසිෆික් ප්‍රදේශය හා ඉන් ඔබ්බටත් අතරේ පිහිටි ද්වාර මාර්ගයක් හැටියට එය පිහිටි ස්ථානය ද වාසිදායක ය. නවීන ප්‍රවාහන පහසුකම් හා සංනිවේදන ක්‍රමත්, හොඳින් සංවර්ධිත තොග හා සිල්ලර වෙළෙඳ පද්ධතියකුත් ඇති හොං කොං, අන්තර් ජාතික වෙළෙඳාමේ ඉල්ලුමට ඉක්මනින් ම ප්‍රතිචාරය දැක්වීමට සැකසී සිටී.
ආර්ථික සඵලතාව ලෝකයේ ඉහළතම ජීවන මට්ටම්වලින් එකක් හොං කොං නුවරට ලබා දී ඇත. කෙසේ නමුත්, ද්‍රව්‍යමය සමෘද්ධීන් සියල්ල හොං කොං හි වැසියන්ට තෘප්තිය හා කල්පවතින සන්තෝෂය ලබා දී තිබේ ද? නැත, එහෙත් ඇතැමෙක් වඩාත් හොඳ වර්ගයක සම්පත් සොයා එය ලබා ගෙන ඇත්තාහ.
ඔවුහු ආත්මික සම්පත් සොයා ගත්හ
මිල කළ නොහැකි ආත්මික සම්පත් සොයා ගත් අයගෙන් කෙනෙකි, හොං කොං හි උපත ලැබූ ඇල්ෆ්‍රඩ්. බ්‍රිතාන්‍යයේ මූලස්ථානය පිහිටා තිබූ අන්තර් ජාතික වෙළෙඳ සංපිණ්ඩිතයක අධ්‍යක්ෂක කෙනෙක් හැටියට ඔහුට සාර්ථක වෘත්තියක් තිබුණි. හොං කොං හි වෙසෙන වෙනත් බොහෝ දෙනෙක් මෙන්, ජීවිතයේ ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමාගේ ම නිවසක් ඇති ව, හොඳින් කා බී, හොඳ ජීවිතයක් ගත කිරීම යනාදිය ය. ඔහුගේ තනතුර හා ආදායම සමඟින්, ඔහු ඒ සියල්ල අත් කරගෙන තිබූ බව පෙනෙන්නට තිබුණි. එහෙත් ඔහු සතුටින් සිටියේ ද? “මුදලෙන් කළ හැකි දෑ සීමා සහිත බව මා අත්දැකීමෙන් ඉගෙන ගත්තා,” යයි පවසමින් ඇල්ෆ්‍රඩ් සුසුම් හෙළුවේ ය. තමාගේ රැකියාව තමාට අහිමි වූයේ නම් සිය ඉතිරි කිරීම් කොතරම් කලකට සෑහෙනු ඇද්දැයි ඔහු නිතර කරදරයට පත් විය. ඔහු වැඩි කාලයක් සිය රැකියාව වෙනුවෙන් වැය කළ විට, පවුලේ ගැටලු වර්ධනය වන්නට පටන් ගති. තමන්ගේ පුත්‍රයා හදිසියේ ම මිය ගිය විට, ඔහුගේ භාර්යාව වන එමිලි මහත් සේ දුකට පත් වූවා ය. “ඔහුට උපකාර කිරීමට මා විසින් යමක් කළ හැකි වනු පිණිස ඔහු සිටි තැන මට දැනගැනීමට ඕනෑ විය” යයි ඇය කියන්නී ය. ඇයට කිසිවක් කළ නොහැකි වූ බැවින්, ඇය අතිශයින් අසහනයට පත් වූවා ය.
ජස්ටිනා ළාබාල වියේ සිටිය දී ඇයට සිය පියා අහිමි විය. එහෙත් උත්සාහවන්ත ව කටයුතු කිරීමෙන් ඇය සුප්‍රසිද්ධ හොං කොං විශ්ව විද්‍යාලයේ උපාධියක් ලැබුවා ය. මෙය ඇයට රජයේ රැකියාවක් ලබා දුණි. කැන්ටනීස් බසින් මෙය ගුම් ෆැන් වූන්, රත්රන් බත් පිඟානක්—රැකියා සුරක්ෂිත භාවය හා හොඳ වැටුපක් ලෙස හැඳින්වේ. එහෙත් ජස්ටිනා සන්තෝෂයෙන් සිටියේ හෝ තෘප්තියට පත් වූයේ නැත. ජීවිතයේ අරමුණත්, අනාගතයේ දී කුමක් වනු ඇද්ද කියාත් ඇය නිතර කල්පනා කළා ය. ජීවිතයට අරමුණක් නැතැයි ඇයගේ සැමියා වූ ෆ්රැන්සිස්ට ද හැඟුණි. තමා යෝධ යන්ත්‍රයක, නොවැදගත් වූ කුඩා උපාංගයක් හැටියට, නිමාවක් නැති චක්‍රයකට අසු වූ, තත්ත්වයක් නැති තැනැත්තෙක් හැටියට ඔහුට හැඟුණි.
මීට අමතර ව වෙළෙඳ ආයතනයක කළමනාකරු වන රිකී ව සැලකිල්ලට ගමු. ඔහු විශාල මුදල් ප්‍රමාණයක් ඉපැයුව ද, තමාගේ ජීවිතයේ වෙනත් පැත්තක්—සෙසු සේවකයන් අතර කුළල් කෑමකුත්, තමාගේ පවුලේ ගැටලුත්—අත්දකින්නට පටන් ගත්තේ ය. මුදල් මෙම ගැටලු විසඳීමට උපකාර කිරීමට අසමත් විය. ඔහුගේ භාර්යාව වන වෙන්ඩි කල්පනා කළ ආකාරයට, ගෞරවනීය වෘත්තියක්, මුදල් සම්භාරයක්, හා දේශපාලනික වශයෙන් ස්ථාවර සමාජයක ජීවත්වීම, සුරක්ෂිත භාවය අදහස් කළේ ය. එහෙත් ඇයට සුරක්ෂිත යයි හැඟුන ජීවිතය කොතරම් කල් පවතිනු ඇද්ද? මරණය ගැන කල්පනා කරන විට තමාගේ ජීවිතය නිරර්ථක හා අරමුණු රහිත බව ඇයට හැඟුණ බැවින්, එය ඇය ව කරදරයට පත් කළේ ය.
ඩේවිඩ්ටත් කියන්නට කථාවක් ඇත. ඔහුගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔහුට හොඳ රැකියාවක් හා ආර්ථික සුරක්ෂිත භාවයක් ලබා දුන්න ද, ඔහුට තෘප්තියක් සොයා ගත නොහැකි විය. හේතුව? ඔහු පරිණාම වාදයේ හා දර්ශනයන්හි ඇලී ගැලී සිටි අතර ජීවිතය වත්මන් පැවැත්මට එහා නොයන්නේ යයි ඔහු විශ්වාස කළේ ය. ඩේවිඩ් බලාපොරොත්තු තැබීමට කිසිවක් නැතැයි සිතූ අතර ඔහුගේ සියලු ද්‍රව්‍යමය සම්පත් ඔහු තුළ පැවති අසරණ හැඟීම ඔහුගෙන් ඉවත් කළේ නැත.
මේ සෑම පුද්ගලයෙකුට ම වෙනස් පසුතලයන් තිබුණ ද, ඔවුන්ට එක් පොදු දෙයක් තිබිණ. ඔවුන් සියලු දෙනා ම සන්තෝෂවත් හා තෘප්තිකර ජීවිතයක් ලබා දෙනු ඇතැයි ඔවුන් සිතූ දෙය අත් කරගෙන තිබුණි. කෙසේ නමුත්, ඔවුන්ගේ සිහින සැබෑ වනු ඇතැයි ඔවුන් සිතූ තත්ත්වයට ඔවුන් පත් වූ විට, ඔවුන්ගේ ජීවිත හිස් ව තිබුණි.
දෙවියන් වහන්සේ කෙරෙහි ධනවත් වීම
ඇල්ෆ්‍රඩ්, ජස්ටිනා, මෙන් මොහොතකට කලින් සඳහන් කළ වෙනත් අයගේ තත්ත්වය, යේසුස් වහන්සේගේ උපමාවේ ධනවත් මිනිසා හා සමාන ය. ඔහු ‘තමාට ම වස්තු රැස් කර ගත්ත ද, දෙවියන් වහන්සේ කෙරෙහි පොහොසත් නොවී ය.’ (ලූක් 12:21) කෙසේ නමුත්, සතුටු විය හැකි ලෙසින්, ඔවුහු වඩාත් හොඳ වූ යමක්—සැබෑ සම්පත්වලින් පූර්ණ ජීවිතයක් සොයා ගත්හ. සැබෑ සන්තෝෂය හා තෘප්තිය ආශා කරන අය, “වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී” සිටිය යුතු ය. (1 තිමෝති 6:17) එසේ ය, සැබෑ දෙවි වූ යෙහෝවඃ වහන්සේ ව දැනගැනීම හා උන් වහන්සේ කෙරෙහි සිය විශ්වාසය තැබීම, මේ එක් එක් තැනැත්තාගේ ජීවිතයේ වෙනස සිදු වීමට හේතු විය. මේ සියල්ල සිදු වූ ආකාරය අපි සලකා බලමු.
තමන්ගේ පුත්‍රයා හදිසියේ ම මිය ගිය විට ඇල්ෆ්‍රඩ් හා එමිලි කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් වූ අතර තමන්ගේ ද්‍රව්‍යමය දේවල් සියල්ලට ඔවුන්ගේ වේදනාව අඩු කළ නොහැකි විය. ඔවුන් පල්ලියට ගිය ද ඔවුන්ට තවදුරටත් හිස් භාවය හා අසතුට දැනුණි. එවිට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් ඔවුන්ගේ දොර අසලට පැමිණ, “අනාගතය සඳහා මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව කුමක් ද?” යයි ඇසී ය. පල්ලියේ දී ස්වර්ගය හා නිරය ගැන තමාට කියා දී තිබූ දෑ අනුව ඇල්ෆ්‍රඩ් පිළිතුරු දුන්නේ ය. එහෙත්, “මළාහු කිසිවක් නොදන්නා” බවත්; දෙවියන් වහන්සේගේ මතකයේ සිටින අය නැවත නැගිටීමක් බලාපොරොත්තුවෙන් මනුෂ්‍ය වර්ගයාගේ පොදු මිනීවළේ සිටින බවත් බයිබලයෙන් ඔහුට පෙන්වා දෙනු ලැබී ය. (දේශනාකාරයා 9:5, 10; යොහන් 5:28, 29) එය තර්කානුකූල හා යුක්ති සහගත බව ඇල්ෆ්‍රඩ්ට හැඟුණි. තමාගේ පුත්‍රයා ඇතැම් විට තමාගේ පවුලත් සමඟ නැවත නැගිටීමක් මාර්ගයෙන් යළි එක් කරනු ලැබීමේ බලාපොරොත්තුවෙන්, යම් තැනක වේදනා නොවිඳිනමුත් මරණ නින්දේ පසු වන බව මෙහිදී ඔහු තේරුම් ගත්තේ ය. කොතරම් පහසුවක් හා සහනයක් ද! කලකට පසු ඇල්ෆ්‍රඩ් හා ඔහුගේ භාර්යාව නිවාස බයිබල් පාඩමක් පිළිගෙන බයිබලය ඉදිරිපත් කරන්නා වූ සැබෑ සම්පත් කෙරෙහි දැඩි ග්‍රහණයක් තැබිය හැකි මාර්ගයේ ගමන් කරන්නට පටන් ගත්හ.
සිය සෙසු සේවකයන් තුළ ජනයාට සැලකිල්ල දැක්වීමට පොලඹවන ස්වභාවයක් තමා දකින්නට අසමත් වූ විට, ජස්ටිනා සිතින් කලකිරුණා ය. පූජක තැනත් වෙනත් ලෞකික අය මෙන් දුම්පානය කරමින් නැටුම්වල සහභාගි වීම ඇය දුටු විට, කැප වූ කතෝලිකයෙක් ව සිටි ඇය, බලාපොරොත්තු රහිත භාවයට පත් වූවා ය. එවිට ඇයට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හමු වූ අතර ප්‍රශ්න බොහොමයකට තෘප්තිය ලැබිය හැකි ශුද්ධ ලියවිලිමය පිළිතුරු ලබන්නට පටන් ගත්තා ය. පූජක තැන ඇයට දී තිබුණේ අන් යමක් නොව, තමාගේ ම පුද්ගලික මතය වූ අතර ඇය විධිමත් ව පල්ලියට යන්නියක් මෙන් ම වසර 10කට ගිහියන්ට උපදෙස් දෙන්නියක් ව සිටිය ද, වසර 16කට ඇය බයිබලය විවෘත කර තිබුණේ නැත.
සාක්ෂිකරුවන් ජස්ටිනා හා ඇයගේ ස්වාමිපුරුෂයා වන ෆ්‍රැන්සිස් සමඟ බයිබලය පාඩම් කරත් ම, ඇදහිල්ලේ හා ක්රියාවේ ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත එක්සත් භාවය ඔහුගේ සිත් ගත්තේ ය. දෙවියන් වහන්සේ සැබවින් ම පවතින බව ෆ්රැන්සිස්ට ඒත්තු ගියේ ය. සියල්ල සලකා බලද්දී, ජාත්‍යන්තර සමූහයක් කෙරෙහි මෙවන් බලපෑමක් කළ හැක්කේ ජීවමාන, සැබෑ දෙවි කෙනෙකුට පමණකි. තමන් සැබෑ සම්පත් සොයා ගෙන සිටීම ගැන මෙම විවාහක යුවළ කොතරම් සතුටු වන්නෝ ද!
තමන් ක්‍රමයෙන් බරපතළ පුද්ගලික ගැටලුවලට ගොදුරු වන බව රිකී හා වෙන්ඩි දැන ගත් විට, ඔවුන්ට යමක් කරන්නට සිදු වූ බව ඔවුහු වටහා ගත්හ. ඔවුන් දෙදෙනා ම අතීතයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ බැවින්, ඔවුන් වෙන් වෙන් ව ඔවුන් ව යළිත් සොයා යන්නට පියවර ගත්හ. අවංක වෑයමෙන්, රිකී හා වෙන්ඩි තමන්ගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් පමණක් නොව “ශුභාන්විත [සන්තෝෂවත් NW] දෙවියන්වහන්සේ” සමඟ පුද්ගලික සම්බන්ධතාවයක සැබෑ සම්පත් ද සොයා ගත්හ.—1 තිමෝති 1:11.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔහුට හමු වූ විට ඩේවිඩ්ගේ ජීවිතය ද වෙනස් විය. තමා ව බැහැදැකීමට ඔහු ඔවුන්ට අවසර දුන්න ද, ඔහු එසේ කළේ ඔවුන්ගේ දෝෂ හෙළි කිරීමේ අදහසිනි. කලක් යන විට, කෙසේ හෝ, බයිබලය විද්‍යාත්මක, ඓතිහාසික, හා වෙනත් ක්‍රමවලින් නිරවද්‍ය බව ඔහු දකින්නට පටන් ගත් නිසා, ඔහුගේ නෙත් විවෘත විය. මේ සියල්ලක් ම තමාට ජීවිතයේ සැබෑ අරමුණක් දුන් සත්‍යතාවේ පොතක් හැටියට බයිබලය දෙස බලන්නට ඩේවිඩ්ට උපකාරවත් විය. ඔහු සම්බන්ධයෙන් සිදු වූයේ කොතරම් සන්තෝෂවත් හා සමෘද්ධිමත් වෙනසක් ද!
සැබෑ සම්පත් සෙවීමට තවත් බොහෝ දෙනෙකුට උපකාර කිරීම
හොං කොං හි දිනෙන් දින වැඩි වන්නා වූ ජනගහණය තුළ, ඇල්ෆ්‍රඩ්, එමිලි, ජස්ටිනා, ෆ්‍රැන්සිස් හා මෙහි සඳහන් වෙනත් අය බයිබල් සත්‍යයන් තුළ හා යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළ සැබෑ සම්පත් සොයා ගත් අය අතරින් කීප දෙනෙක් පමණකි. වර්ෂ 1992 තුළ 2,600ක් පමණ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, හොං කොං හි ජනයා හමුවෙමින් ද ඔවුන් සමඟ නිවාස බයිබල් පාඩම් 3,800කට වැඩි ප්‍රමාණයක් පවත්වමින් ද පැය 9,00,000ක් පමණ ගත කළෝ ය. කෙසේ නමුත්, හොං කොං හි ජීවන ගමන වේගවත් වන අතර ජනයා ද කාර්යය බහුල ව සිටිති. ඒ හේතුවෙන්, ගෙයින් ගෙට යාමට අමතර ව, රාජ්‍යය ප්‍රචාරකයන් වීදි සේවයේ නිරත වීමෙන් ද මහත් සාර්ථකත්වයක් ලබන්නාහ. කාර්යාල සේවකයන්, ගබඩාකරුවන්, ගොවියන් හා දකුණු චීන මුහුදෙන් මසුන් ඇල්ලීමෙන් පසු හැරී එන ජනයා යනාදීන් ව තමන්ගේ වැඩ කරන ස්ථානයන්හි දී ඔවුහු හමු වෙති.
හොං කොං හි ඇත්ත වශයෙන් ම “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” යයි පැවසිය හැකි ය. (මතෙව් 9:37) වර්තමානයේ සාක්ෂිකරුවන් හා ජනගහණය අතර අනුපාතය 1ට 2,300කි. අස්වනු එකතු කිරීමේ හදිසිතාව අගයමින්, එහි සිටින රාජ්‍යය ප්‍රචාරකයන් 2,600න් 600ක් පමණ පුරෝගාමින් ය, නැතහොත් ශුභාරංචියේ පූර්ණ කාලීන දේශනාකරුවන් ය. වෙනත් තැන්වල සිටින අය මෙන්, හොං කොං හි සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ද ‘යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය කෙනෙකුට පොහොසත්කම ලබා දෙන’ බව දනිති. (හිතෝපදේශ 10:22) එනිසා, එම සමෘද්ධිමත් ප්‍රජාව තුළ සැබෑ සම්පත් සොයා ගැනීමට තවත් බොහෝ දෙනෙකුට උපකාර කරන්නට ඔවුහු ඉතා මහන්සි වී ක්‍රියා කරමින් සිටින්නාහ.
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
දකුණු චීන මුහුද
චීනය
හොං කොං
කිලෝමීටර
සැතපුම්
15
15