ඉතිහාසයේ වඩාත් ම වැදගත් සිද්ධිය
එසේ වන්නේ මන්ද? එම සිද්ධිය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයයි.
එය දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කළ අතර මනුෂ්‍යයෙකුට දෙවියන් වහන්සේ කෙරෙහි අඛණ්ඩතාව රක්ෂා කළ හැකි බව සනාථ කළේ ය.
එය පාරාදීස තත්ත්වයන් තුළ සදාකාල ජීවිතය ලබා ගැනීමේ බලාපොරොත්තුව මනුෂ්‍ය වර්ගයාට විවෘත කළේ ය.
යේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ දී උන් වහන්සේ ම සිය මරණයේ සිහි කිරීමක් පිහිටෙවූ සේක. එය සරල උත්සවයක් විය. ඒ තුළ, යේසුස් වහන්සේ සිය ගෝලයන්ට “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා” යයි වදාළ සේක.—ලූක් 22:19, 20.
ඔබට සිහිපත් වෙයි ද?
ඉතිහාසයේ මෙම අති වැදගත් සිද්ධිය සැමරීමෙහි තමන් හා හවුල් වන ලෙස යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට ආරාධනා කරති. මේ වසරේ දිනය නම්, අප්‍රියෙල් මස 6වන දා ඉරු බැස යාමෙන් පසු ව ය.
එය සමරණ හරි වේලාව හා ස්ථානය දැනගැනීමට කරුණාකර ඔබට කිට්ටු ම රාජ්‍යය ශාලාවෙන් විමසන්න. කිසිදු සම්මාදමක් අය කරනු නොලැබෙන අතර දෙනු ලබන උපදේශාත්මක කථාවට සවන් දීමටත් එහි කෙරෙන සරල කටයුතු නැරඹීමටත් ආගන්තුකයන්ට ආරාධනා කෙරේ.