බව්තීස්ම කරන්න! බව්තීස්ම කරන්න! බව්තීස්ම කරන්න!—එහෙත් මන්ද?
“මාස කීපයක් ඇතුළත මම දස දහසකට වැඩි පුරුෂයන්, කාන්තාවන්, හා දරුවන් සංඛ්‍යාවක් බව්තීස්ම කර ඇත්තෙමි.” ඉන්දියාවේ, ට්රාවන්කොර් රාජ්‍යයේ සිය වැඩකටයුතු සම්බන්ධයෙන් එසේ ලීවේ, ජෙසුවිට් මිෂනාරිවරයෙක් වූ, ෆ්රාන්සිස් සේවියර් ය. “මම ගමින් ගමට යමින් ඔවුන් ව ක්‍රිස්තියානින් කළෙමි. තව ද මා ගිය සෑම තැනක ම මම, ඔවුන්ගේ දේශීය භාෂාවෙන් වූ අපගේ යාච්ඤාවන්වල හා අණ පනත්වල පිටපතක් ද තැබුවෙමි.”
ෆ්රාන්සිස් සේවියර්ගේ ලිපියෙන් මහත් විස්මයට පත් පෘතුගාලයේ ජෝන් රජ, ඒවා සිය රාජධානිය පුරා සෑම දේශනා කූඩුවක ම සිට හඬ නගා කියවන්නැයි විධාන කළේ ය. වර්ෂ 1545 ජනවාරියේ ලියන ලද ඉහත උපුටා දක්වා ඇති ලිපිය පවා ප්‍රකාශයට පත් කිරීමට අනුමත කරනු ලැබී ය. එහි ප්‍රතිඵලය? “වැඩි කලක් යන්නට මත්තෙන් යුරෝපයේ සිසුන් බොහෝ දෙනෙක් ‘සිය දණ මත වැටෙමින් උණුසුම් හැඟීම්බර කඳුළු හෙළමින්’ මිථ්‍යා දෘෂ්ටිකයාගේ ආගම වෙනස් කිරීමට ඉන්දියාව වෙත යාමට පොරකමින් සිටි” බව මැන්ෆ්රෙට් බාර්ටල්, ද ජෙසුවිට්ස්—හිස්ටරි & ලෙජන්ඩ් ඔෆ් ද සොසයටි ඔෆ් ජීසස් නම් සිය පොතේ ලියයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද ලීවේ ය: “මුළු මහත් රාජධානියක ආගම වෙනස් කිරීම සඳහා ආසිරි පැන් ඉසින්නන් හා ධර්ම පත්‍රිකා අඩංගු කුඩා මලු කීපයකට වැඩි යමක් අවශ්‍ය වනු ඇති බවට වූ අදහස, ඒ කාලයේ බොහෝ දෙනෙකුට පහළ වූ බවක් පෙනෙන්ට නොමැත.”
එවන් පුළුල් පරිමාණයේ ආගම වෙනස් කරවීම් මගින් ඇත්ත වශයෙන් ම ඉෂ්ට කරන ලද්දේ කුමක් ද? ජෙසුවිට් නිකායට අයත් නීකෝලාස් ලාන්චිලෝට්ටො තථ්‍යාකාරයෙන් සිදු වූ දෙය රෝමයට වාර්තා කළේ මෙසේ ය: “බව්තීස්ම කරන ලද වැඩි දෙනෙකුට යම් සැඟවුණු චේතනාවක් ඇත. අරාබි හා හින්දු භක්තීන්ට අයත් වහල්ලු එමගින් සිය නිදහස අත්කර ගැනීමට, නැතහොත් හිංසාකාරී ස්වාමියෙකුගෙන් ආරක්ෂාව, හෝ හුදෙක් අලුත් සළුවක් හෝ තලප්පාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ දෙනෙකු එසේ කරන්නේ යම් දඬුවමකින් ගැලවීමට ය. . . . අපගේ ඉගැන්වීම්වලින් ගැලවීම සෙවීමට, තමන්ගේ ම විශ්වාසය මගින් පෙලඹීම් ලබන ඕනෑ ම කෙනෙකු ව මෝඩයන් හැටියට සලකනු ලැබේ. බව්තීස්ම කරනු ලැබීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන් බොහෝ දෙනෙක් භක්තියෙන් ඉවත් ව, යළිත් තමන්ගේ මුල් මිථ්‍යා දෘෂ්ටික පුරුදුවලට හැරී යති.”
මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ආගම වෙනස් කර ඔවුන් බව්තීස්ම කිරීම, ඒ සමයේ විසූ යුරෝපීය දේශ ගවේෂකයන්ගේ ද ආශාව විය. ක්‍රිස්ටෝෆර් කොලොම්බස්, තමාට කැරෙබියානු දූපත්වල හමු වූ මුල් “ඉන්දියානුවන්” බව්තීස්ම කළේ යයි පැවසේ. “ස්පාඤ්ඤ රාජ්‍යයේ නිල ප්‍රතිපත්තිය, දේශිකයන් ව ආගමට හැරවීම පළමු ප්‍රමුඛත්වය ලෙස තැබී ය” යයි දි ඔක්ස්ෆර්ඩ් ඉලස්ට්‍රේටඩ් හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියැනිටි පවසයි. “දහසය වන ශතවර්ෂයේ අවසානය වන විට, ස්පාඤ්ඤ අධිරාජ්‍යය යටතේ විසූ ඉන්දියානුවන් 70,00,000 දෙනා, අඩු තරමින් නමින්වත්, ක්‍රිස්තියානින් වූහ. ආගමට හැරවීම පිළිබඳ ව අපට ලබා ගත හැකි සංඛ්‍යා ලේඛන අනුව (මිෂනාරිවරුන් හා එක් වූ, Vවන චාල්ස් අධිරාජ්‍යයාගේ ඥාතියෙක් වූ ප්ත්‍ර ඩේ ගාන්ටර්, තවත් සහකරුවෙකුගේ උපකාරය ඇති ව එක් දිනක් තුළ, 14,000 දෙනෙකු බව්තීස්ම කළ බවට පැවසී ය) වැදගත් ආරම්භක උපදෙස් දීමට අපොහොසත් වූ බවක් පෙනෙන්ට තිබේ.” මෙවන් නමට කරන ආගමට හැරවීම් හා සමඟ ම බොහෝ විට දේශිකයන් ව පරුෂ, කෲර, පීඩාකාරී අයුරින් සලකන ලදි.
බව්තීස්මය කෙරෙහි දක්වන ලද වැදගත්කම මෙම දේශ ගවේෂකයන් හා මිෂනාරිවරුන් තුළ දිගට ම පෙලඹවීමක් ඇති කළේ ය. වර්ෂ 1439 දී, IVවන ඉයූජීනියස් පාප්, මෙසේ පැවසූ නියෝගයක් ෆ්ලොරන්ස් මන්ත්‍රණ සභාවේ දී නිකුත් කළේ ය: “ශුද්ධ බව්තීස්මය සක්‍රමේන්තු අතර පළමු තැන ගනී, ඊට හේතුව එය ආත්මික ජීවිතයේ දොරටුව ය; එමගින් අපි ක්‍රිස්තුස් වහන්සේගේ සාමාජිකයන් කරනු ලබන අතර සභාව සමඟ සම්බන්ධ කරනු ලබමු. තව ද පළමු මනුෂ්‍යයා මගින් පාපය සියල්ලන් කරා පැමිණි බැවින්, අප ජලයෙන් හා ශුද්ධාත්මයෙන් යළි නොඉපදේ නම් අපට ස්වර්ගීය රාජ්‍යයට ඇතුල් විය නොහැකි ය.”
කෙසේ වෙතත්, වලංගු වන්නේ කවරෙකුගේ බව්තීස්මය ද යන්න ගැන විවාද ඇති විය. “එය සභා පිරිස අතරට ඇතුල් වීමේ මූලික ආගමික චාරිත්‍රය ද වූ බැවින්, තමන් පමණක් සත්‍යලබ්ධික යයි ද අන්‍යයන් මිථ්‍යාග්‍රාහී හා නිකාය භේදී යයි ද කියා සිටි ප්‍රති විරෝධී සභා ගණනාවක් විසින්, බව්තීස්මය, තමා සතු විශේෂ වරප්‍රසාදයක් හැටියට ඉක්මනින් ම ප්‍රකාශයට පත් කරනු ලැබී ය. විවිධ නිකායන් බව්තීස්ම චාරිත්‍රය නවීකරණය කිරීම වැළැක්විය නොහැක්කක් විය” යයි දි එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් සටහන් කරයි.
කෙසේ වෙතත්, බව්තීස්ම ක්‍රියා මාර්ගය, ක්‍රිස්තියානි ඇදහිල්ලටත් වඩා පැරණි ය. එය බබිලෝනියේ උපයෝගි කර ගන්නා ලද අතර නයිල් ගඟේ සිසිල් ජලය වැඩි ශක්තිය දෙන්නක් හැටියට ද අමරණීය භාවය ප්රදානය කරන යමක් හැටියට සලකනු ලැබූ පුරාණ මිසරයේ ද එය උපයෝගි කර ගන්නා ලදි. බව්තීස්මය ප්‍රජාව තුළට උපනයනය කරනු ලබන්නාට [සාමාජිකත්වය ලබන්නාට] පුනර්ජීවයක් ලබා දිය හැකි බවත්, අමරණීයත්වයක් ලබා දිය හැකි බවත් ග්රීකවරුන් ද විශ්වාස කළහ. කුම්රාන් හි යුදෙව් නිකාය තම ප්‍රජාව අතරට යමෙකු ඇතුළත් කිරීම සඳහා බව්තීස්මය ක්‍රියාවට නැගූහ. අන්‍යාගමිකයන් යුදෙව්වාදි ආගමට ඇතුල් වීමේ දී චර්මච්ඡේදනය කරනු ලැබීමත්, ඉන් දින හතකට පසු සාක්ෂිකරුවන් ඉදිරියේ ජලයේ ගිල්වීමෙන් බව්තීස්මය කරනු ලැබීමත් අවශ්‍ය කරවී ය.
පෙනෙන හැටියට, යුග ගණනාවක් පුරා, බව්තීස්මය කෙරෙහි සෑහෙන වැදගත්කමක් තබා ඇති බවට නොකිව මනා ය. එහෙත් අද දවස ගැන කුමක් කිව හැකි ද? මෙම නවීන කාලවලත් එය වැදගත් වේ ද? එසේ නම්, ඒ මන්ද? ඇත්ත වශයෙන් ම ඔබ බව්තීස්මය විය යුතු ද?