“ජීවනයේ ඔටුන්නෙන්” විපාක ලැබී
“මරණය දක්වා විශ්වාසව සිටපන්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි” යයි ස්මර්ණයේ සභාවේ දූතයාට ලියන්නට ප්‍රේරිත යොහන්ට කියනු ලැබී ය. (එළිදරව් 2:8, 10) එබැවින්, පෙන්සිල්වේනියාවේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි න්‍යූ යෝක් ඉන්ක්. හි පිහිටි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මෙන් ම වෙනත් දිව්‍යාණ්ඩු ඒකක ගණනාවක ද සභාපති ව සිටි, ෆ්‍රෙඩ්රික් විලියම් ෆ්‍රාන්ස්, තමාගේ භූමික ජීවිතය 1992 දෙසැම්බර් 22වන දින උදයේ අවසන් කළ බව කනගාටුදායක හා ප්‍රීතිජනක යන දෙයාකාරයෙන් ම මෙහි නිවේදනය කරනු ලැබේ.
එය කනගාටුදායක නිවේදනයක් වනුයේ, අතිශයින් ආදරය කරන ලද හා යෙහෝවඃ වහන්සේගේ කැපී පෙනුන විශ්වාසනීය සේවකයෙකුගේ භූමික ජීවිතයේ අවසානය එමගින් පැවසෙන නිසා ය. එහෙත්, අපගේ ප්‍රේමනීය සහෝදර ෆ්‍රාන්ස්ට එළිදරව් 14:13 හි සඳහන් වදන් දැන් අදාළ වන බැවින් එය ප්‍රීතිජනක නිවේදනයක් ද වේ. එහි සඳහන් වනුයේ: “මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය . . . එසේය, ඔවහු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] කියනසේක.” සහෝදර ෆ්‍රාන්ස් වනාහි යෙහෝවඃ වහන්සේ විසින් “ගෙයිවැසියන්ට” හා ඔවුන් සමඟ ඇසුර පවත්වන්නන්ට ආත්මික ආහාර ලබා දීමෙහි සහය වන්නට “විශ්වාසවූ නුවණ ඇති” දාසයාගේ සාමාජිකයෙක් හැටියට පාවිච්චි කරන ලද නිරහංකාර, යටහත් පහත්, වෙහෙස මහන්සියෙන් වැඩ කළ හා ඵලදායක දේව සේවකයෙකි.—මතෙව් 24:45-47.
සහෝදර ෆ්‍රාන්ස්, කෙන්ටකියේ, කොවිංටන්න හි 1893 සැප්තැම්බර් 12වන දින උපත ලැබී ය. ඔහුට සත්‍යය දැනගන්නට ලැබුණේ තමාගේ වැඩිමහල් සහෝදරයෙකුගෙනි. එවිට ඔහු සින්සින්නාටි විශ්ව විද්‍යාලයට යමින් සිටි අතර ප්‍රෙස්බීටෙරියානු දේවගැතියෙක් වීමට සූදානම් වෙමින් සිටියේ ය. එසේ කටයුතු කරනවා වෙනුවට ඔහු ප්‍රෙස්බීටෙරියානු පල්ලියෙන් වෙන් වී, එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හඳුන්වනු ලැබූ ආකාරයට, බයිබල් ශිෂ්‍යයන් ව ඇසුරු කරන්නට විය. ඔහු 1913 නොවැම්බර් 30වන දින බව්තීස්ම ලැබූ අතර ඊළඟ වසරේ විශ්ව විද්‍යාලයෙන් ඉවත් ව ධර්ම පත්‍රිකා බෙදා දෙන (පුරෝගාමි) සේවයට ඇතුල් විය. වර්ෂ 1920 ජූනි 1වන දින ඔහු බෘක්ලින් හි බෙතෙල් පවුලේ සාමාජිකයෙක් බවට පත්විය. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු ව ධර්ම පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු භාර තත්ත්වයට පත් කරනු ලැබූ අතර 1926 දී, ඔහු ව සංස්කාරක දෙපාර්තමේන්තුවට මාරු කරනු ලැබ, එහි ඔහු අතිශයින් ඵලදායී ලෙස සේවය කළේ ය. වර්ෂ 1945 දී ඔහු වොච් ටවර් සමිතියේ හා වෙනත් සම්බන්ධක ඒකකවල උප සභාපති බවට පත් විය. ඒ කාලයේ සිටි සභාපති වූ නේදන් එච්. නෝර්ගේ වියෝවෙන් පසු, 1977 දී, ඔහු වොච් ටවර් සමිතියේ සභාපති බවට පත් වූ අතර ඔහුගේ මරණය දක්වා ඔහු එම පදවියේ ම සේවය කළේ ය. සහෝදර ෆ්‍රාන්ස්, තම ජීවිත කාලය තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව දහස් ගණනක පටන් මිලියන හතරාමාරක් පමණ දක්වා වර්ධනය වනු දිටී ය. ඔහු ජාත්‍යන්තර සමුළුවල කථා කිරීම හා ලෝකයේ බොහෝ ප්‍රදේශවල ශාඛා හා මිෂනාරි නිවාස බැලීමට යාම වැනි බොහෝ සේවා වරප්‍රසාද භුක්ති වින්දේ ය. ඔහුගේ ජීවිත කථාව 1987 මැයි 1වන දිනැති ද වොච්ටවර් සඟරාවේ පළ විය.
වර්ෂ 1992 දෙසැම්බර් මස 28වන සඳු දින සවස, බෘක්ලින් බෙතෙල්හි රාජ්‍ය ශාලාවේ අනුස්මරණ උත්සවයක් පවත්වනු ලැබී ය. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇල්බර්ට් ඩී. ෂ්‍රෝඩර් විසින් ඉතා උණුසුම් හා ආත්මික වශයෙන් වර්ධනාත්මක කථාවක් දෙනු ලැබී ය. මෙය වොච්ටවර් ගොවිපොළවල්වලත්, පැටර්සන්වලත්, මවුන්ටන් ගොවිපොළත්, කිංඩම් ගොවිපොළේත්, එමෙන් ම කැනඩා ශාඛාවට අයත් බෙතෙල් පවුලටත් දුරකථනයෙන් සම්බන්ධ කරනු ලැබී ය.
සියල්ලන්ට, විශේෂයෙන් ඔහු සමඟ කිට්ටුවෙන් සේවය කළ අයට, සහෝදර ෆ්‍රාන්ස්ගේ වියෝව දැනෙනු ඇත. තමා සමඟ සේවය කළ හා ගමන් කළ සෑම කෙනෙක් කෙරෙහි ම ඔහු අවබෝධයෙන් යුතු, දිරිගන්වන සුලු, හා ඉවසිලිවන්ත ව සිටි කෙනෙකි. සැබවින් ම, සෙසු ඇදහිලිවන්තයන් හෙබ්‍රෙව් 13:7 හි සඳහන් ස්වභාවයෙන් ඔහුට ප්‍රතිචාරය දැක්වූහ: “දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරපල්ලා; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙයල්ලා.”
සහෝදර ෆ්‍රාන්ස්ගේ තැන ගැනීමට, සමිතියේ පස්වන සභාපති ලෙස සහෝදර මිල්ටන් ජී. හෙන්ෂෙල් ව 1992 දෙසැම්බර් 30වන දින තෝරා ගනු ලැබී ය.
[31, 32වන පිටුවේ පින්තූර]
ෆ්‍රෙඩ්රික් ඩබ්. ෆ්‍රාන්ස් 1913 දී
වර්ෂ 1920 සමිතිය සතු මායිර්ටි ඇවනිව් කර්මාන්තශාලාවේ දී
නේදන් එච්. නෝර් සමඟ වර්ෂ 1953 යැංකි ක්‍රිඩාංගනයේ දී