ඔබ මෙවැනි කෙනෙක් ද?
අවුරුදු සියයක් පුරා බැටළු පැටවෙකු ව සිටිනවාට වඩා දවසකටවත් සිංහයෙකු වීම වඩා හොඳ ය.’ මෙම වචන පවසනු ලැබූ බවට නම් දරා ඇත්තේ එක් කලෙක ඉතාලියේ ආඥාදායකයා ව සිටි බෙනිටෝ මුසොලීනි ය.
මුසොලීනි මෙන්, බොහෝ මිනිස්සු, තමන් බැටළුවන් හා බැටළු පැටවුන් වශයෙන් වර්ග කරනු ලැබීමට විරුද්ධ වනු ඇත. කෙසේ වෙතත්, පුරාණ ඊශ්‍රායෙලයේ ගීතිකාකාර-රජු වූ දාවිත් මෙසේ ප්‍රකාශ කළේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මාගේ එඬේරාය; . . . උන්වහන්සේ නිශ්චලවූ දිය අසලින් මා ගෙනයන සේක.” (ගීතාවලිය 23:1, 2) එසේ ය, ස්වකීය සෙනඟ අහිංසක බැටළුවන් බඳු වූවා සේ, යෙහෝවඃ දෙවියන් වහන්සේ, ඔවුන් හට මුදු මොළොක් සෙනෙහස දෙන ශ්‍රේෂ්ඨ එඬේරාණෝ ය.
ගීතාවලිය 95:7 හි දෙවියන් වහන්සේගේ ජනයා ව විස්තර කොට ඇත්තේ උපහැරණාත්මක බැටළුවන් ලෙසට ය, එහි අපට මෙසේ කියවීමට තිබේ: “මක්නිසාද [යෙහෝවඃ වහන්සේ NW] අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය.” ගීතිකාකරු විසින්, “උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය” යනුවෙනුත් “උන්වහන්සේගේ අතේ සෙනඟත්” කියාත් පැවසීමට සමහරුන් අපේක්ෂා කළා විය හැකි ය. එහෙත්, මෙහි මෙම කාරණා විස්තර කර තිබෙන්නේ අනෙක් අතට වන අතර, යෙහෝවඃ වහන්සේගේ සෙනඟ ම මෙසේ උන් වහන්සේගේ බැටළුවන් බවට හඳුන්වා දී තිබේ. ඔවුන් දෙවියන් වහන්සේගේ ගොදුරු බිමේ ප්‍රයෝජන ලබන අතර, උන් වහන්සේගේ ප්‍රේමනීය හස්තය මගින් මඟ පෙන්වනු ලැබේ.
යෙහෝවඃ වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාහැඟි එඬේරාණන් ය. උන් වහන්සේ බොහෝ විට ජනයා ගැන යොමු දැක්වූයේ බැටළුවන් හැටියට ය. නිදසුනක් වශයෙන්, යේසුස් වහන්සේ “කුඩා රැළ” සහ උන් වහන්සේගේ “වෙනත් බැටළුවන්” ගැන කථා කළ සේක. (ලූක් 12:32; යොහන් 10:14-16) යේසුස් වහන්සේ සිය යටහත් පහත් බැටළුවන් ගැන මෙසේ පැවසූ සේක: “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් හඳුනමි, ඔව්හු මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය; කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නෝය.” (යොහන් 10:27, 28) සත් ගුණවත් පාලකයෙකුගේ හස්තය යටතේ, යටත් වැසියෝ උන් වහන්සේගේ බලයෙත්, අනුග්‍රහයෙත්, මඟ පෙන්වීමෙත් එමෙන් ම ආරක්ෂාවෙත් ප්‍රයෝජන ලබති.—එළිදරව් 1:16, 20; 2:1.
යේසුස් වහන්සේගේ ආරක්ෂිත හස්තයේ සිටින සැබෑ බැටළුගුණැති ජනයා ව උදුරා ගැනීමට කිසිවෙකුට නොහැක. අද දින, උන් වහන්සේගේ අනුග්‍රහයෙන් හීන ව සිටින ජනයා ව “එළුවන්” වශයෙන් ද, දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ පාලනය යටතේ සදාකාල ජීවනය භුක්ති විඳිනු ඇති අය “බැටළුවන්” වශයෙන් ද උන් වහන්සේ වෙන් කරමින් සිටින සේක. (මතෙව් 25:31-46) ඔබ එම ආශීර්වාද ලත් බැටළුවන්ගෙන් කෙනෙකු බවට ඔප්පු වනු ඇත් ද?
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian