පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තියානියෙකුට සුදුසු විවාහ සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගත නොහැකි වූ විට, ඔහුට හෝ ඇයට කළ හැක්කේ කුමක් ද?
භක්තියෙන් පූර්ණ වූ ක්‍රිස්තියානින් ව සිටිය ද, සැබවින් ම ඉෂ්ට නොවන යමක් කෙරෙහි අප බලාපොරොත්තු තබන විට, අප කෙසේ හෝ සංවේගයට පත් වන්නට පුළුවන. අපගේ හැඟීම් හිතෝපදේශ 13:12 හි හොඳින් ප්‍රකාශයට පත් කොට ඇත. එහි කියවීමට ඇත්තේ: “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත [හදවත NW] කලකිරෙන්නේය” යනුවෙනි. විවාහ වීමට කැමති වුවත්, තමාට සුදුසු සහකරුවෙකු සොයා ගත නොහැකි වූ විට ඇතැම් ක්‍රිස්තියානින්ට දැනී ඇත්තේ මෙයාකාරයට ය. මෙය විශේෂාකාරයෙන් ප්‍රේරිත පාවුල් “කාම ආශාවෙන් [රාගයෙන් දැවෙන NW]” වෙළී සිටින්නේ යයි විස්තර කළ අය සම්බන්ධයෙන් එසේ වේ.—1 කොරින්ති 7:9.
යෙහෝවඃ වහන්සේ විරුද්ධ ලිංගයේ කෙනෙකු අතරින් සැබෑ ඌන පූරණයක් සෙවීමේ ආශාව මනුෂ්‍යයන් තුළ ඇතුල් කළ සේක. එබැවින්, තනිකඩ ක්‍රිස්තියානින් බොහෝ දෙනෙක් තුළ එවන් චිත්ත වේගයන් ප්‍රබල ව පැවතීම පුදුමයක් නොවේ. (උත්පත්ති 2:18) විවාහ වීම (නැතහොත් යම් වයසකට එළඹෙන විට විවාහ වීම) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සංස්කෘතීන්වල බලපෑම නිසා හෝ සභාවේ තනිකඩ ක්‍රිස්තියානින් ව සන්තෝෂයෙන් පිරි විවාහක ජෝඩුවලින් වට වී සිටින නිසා හෝ මෙම සාමාන්‍ය හැඟීම් ප්‍රබල ව පැවතිය හැක. ඒ කෙසේ වෙතත්, කාන්සාවට යම් දීර්ඝ කාලයක් පුරා පවතින්නට ඉඩ හැරීම එතරම් හොඳ නැත. එනිසා සැබෑ ක්‍රිස්තියානියෙකුට පමණ ඉක්මවා කනස්සලු නොවී, පවතින තත්ත්වයත් සමඟ ක්‍රියා කළ හැක්කේ කෙසේ ද?
මෙම තත්ත්වයත් සමඟ ක්‍රියා කිරීම එතරම් පහසු නොවන අතර, අන්‍යයන් ද මෙම සංවේගයෙන් සිටීම නිකම් අතිශයෝක්තියක් හෝ හුදු නොවැදගත් අපහසුතාවයක් හැටියට නොසැලකිය යුතු ය. එහෙත් සෑහෙන පමණට, මේ සමඟ ක්‍රියා කරන්නට ඇති හැකියාව හෝ තත්ත්වය සඳහා විසඳුම තනිකඩ තැනැත්තාට ගත හැකි පියවර මත රඳා පවතී.
“ගැනීමට වඩා දීම ආශීර්වාදයක [සන්තෝෂදායක NW]” යයි යන මෙම ප්‍රායෝගික බයිබල් ප්‍රතිපත්ති තුළ අපට ප්‍රබල යමක් දැකිය හැකි ය. (ක්‍රියා 20:35) එය තනිකඩ මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පවසන ලද අතර උන් වහන්සේ මෙම විෂය පිළිබඳ ව මනා අවබෝධයකින් යුක්ත ව සිටි සේක. පරාර්ථකාමී ආකල්පයකින් අන්‍යයන් සඳහා දේවල් ඉටු කිරීම අපෙන් කවරෙකුට හෝ පැතූ දේ ප්‍රමාද වීම නිසා ප්‍රතිඵල වන හැඟීම් යටපත් කිරීමට මාහැඟි උපාය මාර්ගයකි. තනිකඩ ක්‍රිස්තියානියෙක් සම්බන්ධයෙන් ගත් කල මෙය ඔහුට කුමක් අදහස් කරයි ද?
ඔබගේ පවුලටත්, සභාවේ අන්‍යයන්ටත් දයාබරිත ක්‍රියා ඉටු කරන්නට ප්‍රස්තාව බලමින්, සේවයේ ඔබගේ ක්‍රියාකාරකම් වැඩිකර ගන්න. මෙම අවවාදය, ‘කාර්ය බහුල ව සිටින්න, එවිට විවාහ වීමට ඇති අවශ්‍යතාව ඔබට අමතක වනු ඇත’ යයි පවසන ක්‍රමයක් නොවේ. නැත, මෙම ඵලදායී ක්‍රිස්තියානි ලුහුබැඳිම්වල නිරත ව සිටීමෙන්, ඔබ ‘ඔබගේ හෘදයෙන් ඉතා තදින් අදිටන් කර ඔබගේ ම කැමැත්ත සම්පූර්ණයෙන් දමනය කර’ සිටින බවත්, ඔබගේ වත්මත් තත්ත්වයන් ප්‍රයෝජන ආකාරයකට යොදා ගත හැකි බවත් ඔබ දකිනු ඇත.—1 කොරින්ති 7:37.
විවාහ වීමට මහත් ආශාවක් ඇති ඇතැම් අය, හානිදායක ලෙස සිත වෙනතකට යොමු කරවන හේතුකාරකයක් බවට පත්වීමට තමන්ගේ මෙම ආශාවට ඉඩ හැර ඇත්තාහ. ඔවුහු කලත්‍රයෙකු සඳහා පුවත්පත්වල දැන්වීම් පළ කිරීම දක්වා දුර දිග ගොස් ඇත්තාහ. කෙසේ වෙතත්, තනිකඩ ව සිටින කාලය තුළ ලැබිය හැකි ප්‍රයෝජන අගය කිරීමට අවධානය යොමු කිරීම කොතරම් හොඳ ද.—කරුණාකර 1988 පෙබරවාරි මුරටැඹ හි “අවිවාහකය නමුත් දෙවියන්වහන්සේගේ සේවය සඳහා පරිපූර්ණය” හා “තනිකඩභාවය—විපාකදායක ජීවන මාර්ගයකි” සහ 1992 ඔක්තෝබර් 1 මුරටැඹෙහි “සන්තෝෂයට එක ම මඟ විවාහය ද?” යන ලිපි බලන්න.
වැඩිදුරටත් තනිකඩ තත්ත්වයෙන් සිටීමට උපකාරය ඉල්ලා යෙහෝවඃ වහන්සේට යාච්ඤා කරන්න. (පිලිප්පි 4:6, 7, 13) බොහෝ අවිවාහක ක්‍රිස්තියානිහු තමන්ගේ කාලය දේව වචනය ඉගෙන ගැනීමට හා මෙනෙහි කිරීමට මෙන් ම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට හා සහභාගි වීමට යොදා ගැනීමෙන්, යේසුස් වහන්සේ තමන් අනුගමනය කළ අයට පොරොන්දු කළාක් මෙන්, ‘ඔවුන්ගේ ආත්මවලට’ අමතර ‘සහනයක්’ භුක්ති විඳ ඇති බව ඔවුන් සොයා ගෙන ඇත. (මතෙව් 11:28-30) මෙය තමන්ට අනාගතයේ දී සුදුසු කලත්‍රයෙකු සොයා ගත හැකි වුවහොත්, එවිට ඔවුන් වඩාත් හොඳ ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් කරවනු ඇති ලෙසින්, ආත්මික වශයෙන් වැඩි දියුණු වීමට ඔවුන්ට උපකාර කර ඇත.
යෙහෝවඃ වහන්සේ තමන්ට සේවය කරන සියලු ම තනිකඩ අයගේ තත්ත්වය පිළිබඳ ව හොඳ අවබෝධයකින් සිටින බව කිසිදා අමතක නොකරන්න. ඔබගේ වත්මන් තත්ත්වය ඔබ වඩාත් කැමති තත්ත්වය ලෙස ඔබට නොහැඟෙන බව උන් වහන්සේ දන්නා සේක. අපගේ ප්‍රේමනීය ස්වර්ගීය පියාණන් වහන්සේ ආත්මික හා චිත්ත වේගී වශයෙන්, දිගු කාලීන ව ඔබට වඩාත් හොඳ විය හැකි දෙය කුමක් ද කියා දන්නා සේක. කලක් යන විට ඔබට මෙය නිශ්චිත වශයෙන් දැන ගත හැකි වේ: යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඉවසිලිවන්ත ව රැඳී සිටීමෙන් හා උන් වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති දෛනික ජීවිතයේ අදාළ කර ගැනීමෙන්, උන් වහන්සේ ඔබගේ වඩා වැදගත් අවශ්‍යතා ඔබගේ ම සදාකාලික යහපතට දායක වන ආකාරයකට තෘප්තිමත් කරනු ඇති බව ඔබට නිසැක විය හැකි ය.—ගීතාවලිය 145:16 සසඳන්න.