ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 1/15 3-4 පි.
  • ඔබ ව ස්වර්ගයට ඔසවා ගනු ඇත් ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ව ස්වර්ගයට ඔසවා ගනු ඇත් ද?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අහස් නැගීම පිළිබඳ විවිධ මත
  • ‘ස්වාමීන් වහන්සේ හමුවන පිණිස ඔසවාගනු ලැබී ය’—ඒ කෙසේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ ගැලවීම ළඟයි”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඒ දේ සිදු වන්නේ කවදාද?”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 1/15 3-4 පි.

ඔබ ව ස්වර්ගයට ඔසවා ගනු ඇත් ද?

මිය ගිය විට තමා ව ස්වර්ගයට යනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහෙත් අහස් නැගීම [Rapture] යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රමයකට තමන් ව ස්වර්ගයට ඔසවනු ලබනු ඇතැයි ද සමහරෙක් කල්පනා කරත්. ඔබගේ අපේක්ෂාවත් එය ද?

අහස් නැගීම වනාහි, “මිලියන සංඛ්‍යාත අය, ඔවුන් ගිය ස්ථානය පිළිබඳ ව තොරතුරු මාත්‍රයක්වත් නොතබා සිදුවෙන හදිසි අතුරුදහන් වීමකි!” මෙසේ කීවේ එක්තරා රෙපරමාදු එවැන්ජලිස්තවරයෙකි. එවැන්ජලිකල් ඩික්ෂනරි ඔෆ් තියොලජි අනුව, “අහස් නැගීම” යන වදන, “ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී සභාව උන් වහන්සේ සමඟ එකමුතු වීම” කෙරෙහි යොමු දක්වයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව හමු වීම පිණිස මිත්‍රයන්වත් පවුලේ සාමාජිකයන්වත් අත් හැරීම ගැන කල්පනා කිරීම සමහරෙකුට කැළඹිලි සහගත හැඟීම් ඇති කරවයි. එනමුත්, අහස් නැගීම සිදු විය යුතු ම යයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එය සිදු වනු ඇද්ද? එසේ නම්, ඒ කවදා ද?

අහස් නැගීම පිළිබඳ විවිධ මත

ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දු වූ දහස් අවුරුදු පාලනය පටන් ගන්නට පෙර, “මහත් පීඩාව” යනුවෙන් හැඳින්වෙන කාල පරිච්ඡේදයක් පවතිනු ඇතැයි බයිබලය පෙන්වයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය” යයි යේසුස් වහන්සේ වදාළ සේක. (මතෙව් 24:21; එළිදරව් 20:6) මෙම අහස් නැගීම එම මහත් පීඩාවට කලින් සිදු වනු ඇතැයි සමහරෙක් කල්පනා කරති. තවත් පිරිසක් එය එම කාලය තුළ බලාපොරොත්තු වෙති. ඉතිරි අය අහස් නැගීම එම පෙර නොවූ විරූ විපතට පසු ව සිදු වනු ඇතැයි කල්පනා කරති.

අහස් නැගීම, මහත් පීඩාවෙන් පසු ව සිදු වනු ඇති බවට වූ මතය 19වන ශතවර්ෂයේ මුල් භාගය දක්වා ඉතා ප්‍රබල ව පැවතිණ. ඉන් පසු ව, එංගලන්තයේ දී, අයර්ලන්ත සභාවේ හිටපු පූජකයෙක් වන, ජෝන් නෙල්සන් ඩර්බි විසින් නායකත්වය ගන්නා ලද ව්‍යාපාරයක් වර්ධනය විය. ඔහු ද, ඔහුට සමාන අදහස් දැරූ එංගලන්ත සභා භක්තිකයනුත් සොහොයුරන් ලෙස ප්‍රසිද්ධත්වයට පත් වූහ. ප්ලිමත් හි පිහිටි සිය මූලස්ථානයෙන්, ඩර්බි, ස්විට්සර්ලන්තයේත් යුරෝපයේ වෙනත් තැන්වලත් දේශනා කිරීමට පිටත් ව ගියේ ය. ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම අවස්ථා දෙකකින් සිදු වනු ඇතැයි ඔහු ස්ථිර ලෙස කියා සිටියේ ය. පොළොව විනාශ කරවනු ඇති පීඩාවේ සත් අවුරුදු කාල පරිච්ඡේදයකට පෙර “සාන්තුවරුන්” ඔසවනු ලබන්නා වූ, රහසිගත අහස් නැගීමකින් එය ආරම්භ වනු ඇත. ඉන් පසු ව ක්‍රිස්තුස් වහන්සේ මෙම “සාන්තුවරුන්” පිරිවරා දෘශ්‍යමාන ව පෙනී සිටිනු ඇති අතර, ඔවුන් එකතු ව දහස් වසරකට පොළොව පාලනය කරනු ඇත.

ඩර්බි, ලෝකයෙන් වෙන් ව සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ඔහුගේ මත දැරුවෝ අවසානයේ වෙන් වූ සොහොයුරන් ලෙස ප්‍රසිද්ධියට පත්වූහ. අහස් නැගීම විශ්වාස කළ එහෙත් මහත් පීඩාවට පෙර සිදුවනු ඇති එකක් කෙරෙහි විශ්වාස නොකළ වෙනස් පක්ෂයක් බී. ඩබ්. නිව්ටන්ගේ නායකත්වය යටතේ තිබුණේ ය. මහත් පීඩාවෙන් පසු එය සිදු වනු ඇතැයි කියා සිටි ඇලෙක්සැන්ඩර් රීසේගේ අදහස වූයේ “රහසිගත අහස් නැගීම පිළිබඳ මත ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳ බලාපොරොත්තුවට තර්ජනයක්” බව ය.

අහස් නැගීම පිළිබඳ මතය සම්බන්ධයෙන් ඇති මෙම වෙනස්කම “ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම හා සම්බන්ධයෙන් [තමන්ගේ] බලාපොරොත්තුවේ ස්වභාවයට” බලපෑම් කිරීමට තරම් බරපතළ බව, එය මහත් පීඩාවට පෙර සිදු වනු ඇතැයි කියා සිටි අය විශ්වාස කළහ. වෙනත් අය ක්‍රිස්තුස් වහන්සේට වඩාත් ම පක්ෂපාතී ව සිටින අය පළමු ව අහස් නැගීම අත්දකින බවත්, වඩාත් ලෞකික වන අය පසු ව ගනු ලබන බවත් විශ්වාස කරමින් “පක්ෂවාදී අහස් නැගීම පිළිබඳ මතයක්” කෙරෙහි විශ්වාසය තබති.

එවැන්ජලිස්ත කණ්ඩායම් බොහොමයක් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින්ගේ අහස් නැගීමක් සිදු විය හැකි බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, විවිධ මතවලට මුහුණ දී සිටින හෙයින්, බ්‍රිතාන්‍යයේ එලිම් පෙන්තකොස්ත සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පිංචයක් මෙසේ පවසයි: “ස්වාමි වූ යේසුස් වහන්සේගේ නැවත පැමිණීමට අදාළ වූ සිද්ධීන් පිළිබඳ විවිධාකාර වූ මත අප විශ්වාස කරන අතර . . . එක් එක් පුද්ගලයාගේ විශ්වාසය අනුව අනාවැකිවල අර්ථ පහදා දීමට නිදහසක් දී ඇත. බොහෝ දෙනෙක්, අනාවැකිමය සිදුවීම් වැල අනාවරණය කිරීම සඳහා සිද්ධීන් පැමිණෙන තෙක් ඉවසිලිවන්ත ව බලා සිටිමින් යම් මතයක් තුළ දැඩි ව එල්බ නොසිටින ස්ථාවරයක් පිළිගනිති.”

දේවානුභාවය ලත් වචනය වන බයිබලය, සියලු විශ්වාසයන්හි සත්‍යතාව අපට මැනිය හැකි සම්මතය ලෙස පවතී. (2 තිමෝති 1:13; 3:16) එනිසා අහස් නැගීම පිළිබඳ ව එය පවසනුයේ කුමක් ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න