ඔබට මතක ද?
මෑතක දී පළවුණු ද වොච්ටවර් හෝ මුරටැඹ කලාප ඔබ කියෙව්වා ද? එසේ නම්, පහත දැක්වෙන කරුණු නැවත සිහිගැන්වීම ඔබගේ උනන්දුව දනවන්නක් බවට කිසිදු සැකයක් නැත:
▫පළමු සියවස් , ශුධාත්මය් විවිධ ක්‍රියාකාරිත්වයන් මගින් දෙනු ලැබූ එත්තු ගන්වන සුලු සාක්ෂිය කුමක් ද? වසර 1500ක් පැරණි ඊශ්‍රායෙල් සභාව දෙවියන් වහන්සේගේ විශේෂ සෙනඟ වශයෙන් දෙවියන් වහන්සේ විසින් තවදුරටත් යොදා නොගන්නා බව මෙම ක්‍රියාකාරිත්වයන්ගෙන් දෘශ්‍යමාන සාක්ෂි සැපයූ නුමුදු උන් වහන්සේගේ අනුමැතිය දැන් තබනු ලැබ ඇත්තේ, ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් විසින් ප්‍රතිශ්ඨාපනය කරන ලද නව ක්‍රිස්තියානි සභාව මත බව පෙන්වන ලදි. (හෙබ්‍රෙව් 2:2-4 සසඳන්න.)—8⁄15 පිටු. 5.
▫යෙහෝවඃ වහන්ස්ග් සාක්ෂිකරුවන් විසින් අත්දකින පෙරනොවූ විරූ වර්ධනයට හ්තු වන්න් කුමක් ද? ප්‍රධාන වශයෙන් මෙය සිදු වී ඇත්තේ යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද නිසා ය. එය දෙවියන් වහන්සේගේ වැඩකි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ එවැන්ජලිස්ත වැඩයේ දී උගන්වනු ලබන දෙය පදනම් වී ඇත්තේ බයිබලය මත ය. ඔවුන්ගේ සාර්ථකත්වයේ අනෙක් රහස නම්, ඔවුන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ව ක්‍රිස්තියානි සභාවේ පත් කරන ලද මූලිකයා වශයෙන් පිළිගැනීම ය.—9⁄1, පිටු. 19.
▫දාවිත් බෙත්ෂෙබා සමඟ කළ මහත් පාපය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්ස් ඔහුට දයාව පෙන්වූය් ඇයි? මෙය ප්‍රධාන වශයෙන් ම, දෙවියන් වහන්සේ දාවිත් සමඟ කර තිබූ රාජ්‍යය ගිවිසුම නිසා ය, නමුත් දාවිත්ගේ ම දයාවන්ත භාවය හා ඔහුගේ අවංක පසුතැවිල්ල ද මීට හේතු විය. (1 සාමුවෙල් 24:4-7; 2 සාමුවෙල් 7:12; 12:13; ගීතාවලිය 51:1, 2, 17)—9⁄15, පිටු. 10, 11.
▫ය්සුස් වහන්ස්ග් මෙසියානු භාවයට අනුබල ම් ලා ක්‍රිස්තියානි ග්‍රීක ශුධ ලියවිල්ල දෙන සාක්ෂිවල ආකාර තුන කුමක් ද? යේසුස් වහන්සේගේ පෙළපත පළමු සාක්ෂියයි. (මතෙව් 1:1-16; ලූක් 3:23-38) තවත් සාක්ෂියක් නම් ඉටු වූ අනාවැකියයි. දානියෙල් 8:25 හි සඳහන් වැනි, යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බවට හඳුන්වා දෙන, ඇත්තෙන් ම වෙනත් අනාවැකි බොහෝමයක් තිබේ. තුන්වෙනි සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ විසින් ම දෙන ලද සාක්ෂියයි; මෙය උන් වහන්සේ ස්වකීය කටහඬ තුළින් ම අවස්ථා තුනක දී සැපයූ සේක. (මතෙව් 17:5; ලූක් 3:21, 22; යොහන් 12:28)—10⁄1, පිටු. 10, 12.
▫මතෙව් 24:37 හි සඳහන් පරි, “නෝවාග් දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාග් ඊමත් [පැමිණ සිටීමත් NW] වන්න්ය” යනුවෙන් ය්සුස් වහන්ස් විසින් පවසනු ලැබූ විට, උන් වහන්ස් ඉන් අදහස් කළ් කුමක් ද? නෝවා නැව සාදමින් සිටි අතර, ජල ගැල්ම පැමිණ දූෂිත ලෝක පිළිවෙළ ගසා ගෙන යාමට පෙර, දශක ගණනාවක කාල පරිච්ඡේදයක් පුරා දුෂ්ටයන්ට අනතුරු අඟවමින් සිටියේ ය. ඒ හා සමාන ව, ක්‍රිස්තුස් වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණ සිටීමේ කාල පරිච්ඡේදය, මහත් විනාශයක් තුළ උච්චාවස්ථාවක් කරා යාමට පෙර, සමස්ත ලෝක සාක්ෂියක් දෙනු ලබන්නා වූ යම් දශක කිහිපයක් පුරා පවතිනු ඇත.—10⁄1, පිටු. 6.
▫හොඳ පවුල් බයිබල් පාඩමක් සඳහා අත්‍යවශ්‍ය වල් සමහරක් මොනවා ද? පාඩම සඳහා කාලය මිලදී ගැනීමට අවශ්‍ය ය. රූපවාහිනිය හෝ වෙනත් බාධාවන් මගින් එහි තැන ගැනීමට අප ඉඩ නොහැරිය යුතු ය. පවුලේ විශේෂ අවශ්‍යතා සැලකිල්ලට ගත යුතු ය. දරුවන් ඉගෙන ගනිමින් සිටින දෙය ඔවුන්ට වැටහෙන බව සහතික කර ගැනීමට අදහස් විමසන ප්‍රශ්න යොදා ගන්න. (මතෙව් 17:25) වාතාවරණය සැහැල්ලුවෙන් තබා ගන්න. උද්‍යෝගිමත් වන්න, පවුලේ සෑම කෙනෙකු ව ම පාඩමට හවුල් කර ගන්න.—මු 21⁄1 පිටු. 17.
▫ආහාර නිෂ්පාදනවලට රුධිර සංඝටක ඇතුළත් වී ඇත් ද කියා ක්‍රිස්තියානින් කොතරම් දුරට සැලකිලිමත් විය යුතු ද? හුදෙක් අනුමානවලින් හෝ කටකථාවකින් කරදරයට පත්වීමට එරෙහි ව ක්‍රිස්තියානියෙක් ආරක්ෂා විය යුතු අතර, ලේබල් පරීක්ෂා කිරීමේ දී හෝ මස් වෙළෙඳුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී පවා සාධාරණකම අවශ්‍ය ය. කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රදේශයේ ආහාරවල වේවා, නැතහොත් වෛද්‍ය ප්‍රතිකාරවල වේවා, රුධිරය ප්‍රසිද්ධියේ භාවිතා කරනු ලබන බව දැනගැනීමට තිබේ නම්, රුධිරයෙන් වළකින ලෙස දෙවියන් වහන්සේ විසින් දී තිබෙන ආඥාවට කීකරුවීමට ක්‍රිස්තියානියෙක් ප්‍රවේසම් විය යුතු ය. (ක්‍රියා 15:28, 29)—මු 12⁄1 පිටු. 30-1.
▫හිතෝපශ පොත, ඊශ්‍රයෙලය් භාවිතා වූ ඉගැන්වීම් ක්‍රමවල ආත්මික ගැඹුර කැපී පෙනෙන්ට සලස්වන්න් කෙස් ද? හිතෝපදේශ පොතෙන් පෙන්වන අරමුණ වූයේ, “අත්දැකීම්වලින් හීන අයට,” “යෙහෝවඃ වහන්සේට භය වීමේ” ලා ප්‍රඥාව, හික්මවීම, අවබෝධය, තීක්ෂ්ණ බුද්ධිය, විනිශ්චය, විචක්ෂණ බව, දැනුම හා සිතීමේ හැකියාව වැනි උත්තරීතර දේවල් ඉගැන්වීම බවයි.—(හිතෝපදේශ 1:1-7; 2:1-14, NW)—11⁄1, පිටු. 12.
▫අද න යෞවනයන් අධ්‍යාපනය පිළිබඳ ව තබා ගත යුතු සමබර දෘෂ්ටිය කුමක් ද? අධ්‍යාපනය වනාහි බලාපොරොත්තු වන යම් ඉලක්කයක් ඉටු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ක්‍රිස්තියානින් කල්පනා කළ යුතු ය. මෙම අන්තිම දවස්වල සිටින ඔවුන්ගේ අරමුණ හැකි නම්, පූර්ණ කාලීන දේව සේවය තුළ හැකි ප්‍රමාණයට හා හැකි තරම් බලපෑමෙන් යුත් අයුරින් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමයි.—11⁄1, පිටු. 18.
▫යෙහෝවඃ වහන්ස්, ඊශ්‍රයෙල් ජාතියගෙන් දසයෙන් කොටස අවශ්‍ය කරවූය් ඇයි? පළමුව, එවිට යෙහෝවඃ වහන්සේගේ යහපත්කම උදෙසා ඔවුන්ගේ අගය කිරීම පැහැදිලි ආකාරයකින් පෙන්වීමට හැකි වන පිණිස ය, දෙවෙනුව, ලෙවීවරුන්ට අනුබල දීමට තමන් සම්මාදම් කළ හැකි වන පිණිස ය, එවිට ලෙවීවරුන්ට ව්‍යවස්ථාව ඉගැන්වීම ඇතුළු තමන්ගේ වගකීම් ගැන අවධානය යොමු කිරීමට හැකි වන්නේ ය. (2 ලේකම් 17:7-9.)—12⁄1, පිටු. 9.
▫ක්‍රිස්තියානින් විසින් ගෙන ඒමට ආරාධනා කරනු ලැබ ඇති දසයෙන් කොටස කුමක් ද? (මලාකි 3:10) දසයෙන් කොටසින් නියෝජනය කරන්නේ, අප යෙහෝවඃ වහන්සේ වෙත ගෙන එන හෝ උන් වහන්සේගේ සේවය තුළ යොදවන අපගේ ම කොටසයි. මෙය, උන් වහන්සේ උදෙසා අපගේ ප්‍රේමයේ හා අප උන් වහන්සේට අයත් බව වටහා ගැනීමේ ලකුණකි.—12⁄1, පිටු. 15.