ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/1 19 පි.
  • “නාමය තුළට” බව්තීස්මය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “නාමය තුළට” බව්තීස්මය
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබේ බව්තීස්මයේ අර්ථය
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • බව්තීස්ම විය යුත්තේ මන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සැමදා සේවය කිරීම ඔබේ ඉලක්කය කරගන්න
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/1 19 පි.

“නාමය තුළට” බව්තීස්මය

මෙම සියවසේ ආරම්භයේ දී, මිසර භූමියෙන් සොයා ගන්නා ලද පැරණි ලෞකික පැපිරස් ලේඛන දහස් ගණනක් පිළිබඳ අධ්‍යයනයක්, ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලි මත උනන්දුව ඇති කරවන ආලෝක ධාරාවන් පතිත කරයි. කෙසේ ද? ඇතැම් වචන භාවිතා කරනු ලැබ ඇති ආකාරයන් ගැන සලකා බලනු ලැබීමෙන්, එම වචන ශුද්ධ ලියවිල්ලේ දක්නට ලැබෙන විට ඒවා වඩා පැහැදිලි ව අවබෝධ කර ගැනීමට අපට ආධාර වෙයි.

එක් උදාහරණයක් නම්, යේසුස් වහන්සේ ස්වර්ගයට යාමට පෙර, සිය ගෝලයන්ට මෙසේ ආඥා කළ විට, “නාමයෙන්” කියා උන් වහන්සේ විසින් භාවිතා කරනු ලැබී ම ය: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයේත් NW ] නාමයට [නාමයෙන් NW] ඔවුන් බව්තීස්මකරපල්ලා.”—මතෙව් 28:19.

ලෞකික ලියවිලිවල “නාමයෙන්,” හෙවත් “නාමය තුළට” යන ප්‍රකාශනය (කිංඩම් ඉන්ටලීනියර්) යොදා ඇත්තේ, “යම් අයෙකුගේ ගිණුමට” ගෙවීමක් සම්බන්ධයෙන් යයි විශාරදයන් විසින් සොයා ගනු ලැබ තිබේ. පැපිරස් ලේඛනවල තිබෙන සාක්ෂිවල හැටියට, “ස්වාමීන් වහන්සේගේ නාමය තුළට බව්තීස්මය හෙවත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය තුළට විශ්වාස කිරීම, යන යෙදුම්වල සනිටුහන් කර ගත යුතු අදහස් නම්, එම බව්තීස්මය සහ ඇදහිල්ල, දෙවියන් වහන්සේට හෝ දේව පුත්‍රයාණන්ට අයත් දෙයකට ඇතුළත්වීම බව” යයි දේවධර්මීය මහාචාර්ය ජී. අඩෝල්ෆ් ඩීස්මාන් විශ්වාස කළේ ය.

තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද න ටෙස්ටමන්ට් හි පැහැදිලි කර ඇත්තාක් මෙන්, යේසුස් වහන්සේගේ දවස්වල විසූ යුදෙව්වන් විසින් ද මීට සමාන යෙදුමක් භාවිතා කර තිබීම, උනන්දුමත් කරුණකි, එහි මෙසේ කියයි: “යුදා ආගම තුළට පිළිගැනීම සඳහා ආගමට හරවා ගන්නා ලද තැනැත්තෙකුගේ චර්මච්ඡේදනය සිදු කරනු ලබන්නේ, . . . ‘ආගමට හවරා ගන්නට යන එම තැනැත්තාගේ නාමයෙන්’ ය. මෙම චර්මච්ඡේදනය සිදු කරනු ලබන්නේ, ඔහු ව ගිවිසුමට භාර ගැනීම සඳහා ‘ගිවිසුමේ නාමයෙනි.’ ” මේ අයුරින්, සම්බන්ධතාවයක් ප්‍රතිෂ්ඨාපනය වන අතර, යුදෙව් නොවන්නෙක් ගිවිසුමේ අධිකාරිත්වය යටතේ, ආගමට හරවා ගන්නා ලද කෙනෙකු බවට පත් වේ.

එමනිසා, ක්‍රිස්තියානියෙකු සම්බන්ධයෙන් නම්, කැපවීමෙන් පසු ව සිදු වන බව්තීස්මය, යෙහෝවඃ දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සහ ශුද්ධාත්මය සමඟ කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නංවයි. හැරුණු මෙම තැනැත්තා, තම නව ජීවිත මාර්ගය තුළ, යෙහෝවඃ වහන්සේගේ, යේසුස් වහන්සේගේ සහ ශුද්ධාත්මයේ අධිකාරිත්වය පිළිගනී. නම් කරනු ලැබූ මෙම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධාත්මය සම්බන්ධයෙන් මෙය සැබෑ වන්නේ කෙසේ දැයි සලකා බලමු.

දෙවියන් වහන්සේගේ අධිකාරිත්වය පිළිගැනීම මගින්, අපි උන් වහන්සේ වෙතට ළංවී, උන් වහන්සේ සමඟ කිටිටු සම්බන්ධතාවයකට ඇතුල් වන්නෙමු. (හෙබ්‍රෙව් 12:9; යාකොබ් 4:7, 8) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව සමඟ මිලට ගත්, දෙවියන් වහන්සේගේ වහලුන් වශයෙන් අපි උන් වහන්සේ සන්තක වූවන් බවට පත් වන්නෙමු. (1 කොරින්ති 3:23; 6:20) ප්‍රේරිත පාවුල් ද පළමු සියවසේ ක්‍රිස්තියානින්ට පැවසුවේ ඔවුන් අයත් වන්නේ ඔවුන් ව සත්‍යයට ගෙනවිත් තිබෙන්නට හැකි යමෙකුට නොව නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බව ය. (1 කොරින්ති 1:12, 13; 7:23; සසඳන්න මතෙව් 16:24.) පුත්‍රයාණන්ගේ නාමයෙන් බව්තීස්ම වීමෙන් අඟවන්නේ මෙම කාරණය දැන තේරුම් ගැනීම ය, එනම් යේසුස් වහන්සේ ව “මාර්ගයද සැබෑවද ජීවනයද” වශයෙන් පිළිගැනීම යන්න ය. —යොහන් 14:6.

යෙහෝවඃ වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති අපගේ හරි සම්බන්ධතාවයට ශුද්ධාත්මය ද අත්‍යවශ්‍ය වෙයි. ශුද්ධාත්මයේ නාමයෙන් බව්තීස්ම වීමෙන් පෙන්වන්නේ, දෙවියන් වහන්සේ අප සමඟ කටයුතු කිරීමේ දී, ශුද්ධාත්මයේ කාර්ය භාරය අප විසින් පිළිගන්නා බව ය. ශුද්ධාත්මය නොසලකා හැරීමෙන් හෝ ඊට පටහැනි ව ක්‍රියාකාරීවීමෙන් වැළකී, අප තුළ එහි ක්‍රියාකාරිත්වයට බාධා කිරීමකින් තොර ව, එහි මඟ පෙන්වීම අනුගමනය කිරීමට අපි ඉටා ගෙන සිටිමු. (එපීස 4:30; 1 තෙසලෝනික 5:19) ආත්මය පුද්ගලයෙක් නොවීම, එහි භාවිතයට හෝ අර්ථයට කිසිදු බාධාවක් නොවන්නේ, යුදෙව් ආගමේ “ගිවිසුමේ නාමයෙන්” යන යෙදුමේ භාවිතයට කිසිදු බාධාවක් නොවූවා හා සමාන ව ය.

එමනිසා, කැපවීම හා බව්තීස්මය සිදු කරන අවස්ථාවේ දී, අපගේ නව සම්බන්ධතාවයට ඇතුළත් වන දේ කුමක් ද කියා අප යාච්ඤා පූර්වක ව මෙනෙහි කළ යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයෙන් හා මිදීම මිල සැපයුමෙන් විදහා දක්වන්නා වූ, දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත්වීම මින් අවශ්‍ය කරන අතර, එය ලොව පුරා දෙවියන් වහන්සේගේ සේවකයන් ව, ප්‍රේමයෙන් හා එකමුතුකමින් යුක්ත ව මඟ පෙන්වන්නා වූ ශුද්ධාත්මය තුළින් ඉටු කරනු ලබනවා ඇත. w92 10/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න