ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/1 4 පි.
  • පවුල් විපත් කාලවල ලකුණකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල් විපත් කාලවල ලකුණකි
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුදල් සහ රැකියාව
  • දුර්වල වූ විවාහ සබඳතා
  • ප්‍රහාරයට ලක් වන යෞවනයෝ
  • පවුල් විපත්වල මූලයන්
  • සඵල වන පවුල්
  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?
    පවුලේ සන්තෝෂයට රහස
  • පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ පවුල සඳහා කල්පවතින අනාගතයක් සහතික කරගන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/1 4 පි.

පවුල් විපත් කාලවල ලකුණකි

පවුල් විපත්—බොහෝ අය එය දකින්නේ, විවාහයේ හා මාපියත්වයේ සම්ප්‍රදායක නීති අභාවයට පත් වී යාමේ ලකුණක් හැටියට ය. වෙනත් අය දකින්නේ, එය දේශපාලන, ආර්ථික, හා සමාජීය වෙනස්කම්වල හේතු ඵලයක් ලෙස ය. තවත් අය එය දකින්නේ, නවීන තාක්ෂණයට ගොදුරු වූ තවත් යමක් ලෙස ය. යථාර්ථය නම්, අද දින පවුල් පොරබදින ගැටලු මීටත් වඩා දුර විශේෂ යමකට යොමු දැක්වීමයි. බයිබලයේ 2 තිමෝති 3:1-4 [NW ] හි වචන ගැන සලකා බලන්න:

“අන්තිම දවස්වල දී, කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල් මෙහි තිබෙන්නට යන බව දැනගන්න. මිනිසුන් වනාහි තමන් ට ම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, තමන් ගැන ම පාරට්ටු කරගන්නා, උද්දච්ච, නින්දා කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාත බවක් නැති, ජන්ම ස්නේහයක් නැති, කිසි එකඟත්වයකට කැමති නොවන, අපහාසාත්මක, ආත්ම දමනයක් නැති, කෲර, යහපතට ප්‍රේමයක් නැති, ද්‍රෝහී, හිස උදුම්මාගත්, අහංකාරයෙන් ඉදිමුණු, දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන අය වනු ඇත.”

මෙම වචන වත්මන් ගැටලුවල නියම මූලය කරා යන්නේ නැත් ද? වත්මන් පවුල් විපත් වනාහි මෙම ලෝකයේ අවසාන දවස්වල සිදුවෙන බවට පුරෝකථනය කර ඇති තත්ත්වයන්හි පැහැදිලි ඍජු ප්‍රතිඵලයකි. මෙම විපත්ති කාල පරිච්ඡේදය ආරම්භ වූයේ 1914 දී බවට ඒත්තු ගන්වන සාක්ෂි තිබේ.a එවක් පටන්, සාතන් වන යක්ෂයා නමින් හැඳින්වෙන මිනිසත් බව ඉක්මවූ ආත්ම මැවිල්ලේ බලපෑම විශේෂයෙන් මාරාන්තික එකක් වී තිබේ.—මතෙව් 4:8-10; 1 යොහන් 5:19.

වර්ෂ 1914 සිට පෘථිවියට ආශ්‍රිත පෙදෙසකට සීමා කරනු ලැබ සිටින සාතන්, “තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින්” සිටී. (එළිදරව් 12:7-12) “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සෑම පවුලක් ම තම නාමයට ණය ගැති ව සිටින” දෙවියන් වහන්සේගේ පරම සතුරා සාතන් වන බැවින්, පොළොව පවුල් සඳහා උපද්‍රව සහිත තැනක් බවට පත්වීම පුදුමයක් ද? (එපීස 3:15, NW) සාතන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මුළු මිනිස් වර්ගයා ව ම දෙවියන් වහන්සේගෙන් ඉවත හැරවීමට ය. ගැටලු සමඟින් පවුල්වලට පහර දීම හැර මීට වඩා හොඳින් මෙය ඉටු කර ගැනීමට ඔහුට තිබෙන්නේ වෙන කුමන මාර්ගයක් ද?

එවන් මිනිසත් බව ඉක්මවූ ප්‍රහාරයකින් පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා අනුමාන විශේෂඥයන්ගේ මුඛරි මතවලට වඩා වැඩි යමක් අවශ්‍ය වනු ඇත. ඒ කෙසේ නමුත්, “ඔහුගේ උපක්‍රම ගැන නොසැලකිල්ලෙන් නොසිටිමු” යයි බයිබලය සාතන් ගැන පවසයි. (2 කොරින්ති 2:11, NW) ඔහු පහර එල්ල කරන විශේෂ ක්‍රමයන් දැනගෙන සිටීමෙන්, යම් පමණක ආරක්ෂාවක් තිබේ.

මුදල් සහ රැකියාව

සාතන්ගේ ප්‍රහාරවල බොහෝ ප්‍රබල ආයුධවලින් එකකි, ආර්ථික පීඩනය. මේවා වනාහි “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල්” හෙවත්, රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන් 2 තිමෝති 3:1 ගෙනහැර දක්වන්නාක් මෙන්, “පීඩාකාරී කාලවල්” ය. දියුණු වෙමින් පවතින රටවල, විරැකියාව, අඩු වැටුප්, සහ මූලික අවශ්‍යතාවල හිඟකම පවුල් මහත් අසීරුතාවයකට පත් කරයි. කෙසේ වුවද, සාපේක්ෂ වශයෙන් ධනවත් වූ එක්සත් ජනපදයේ පවා, ආර්ථික පීඩන ප්‍රබල බලපෑමක් කර තිබේ. මුදල් වනාහි පවුල් ආරවුල්වල ප්‍රධාන හේතුකාරකවලින් එකක් යයි එක් එක්සත් ජනපද සමීක්ෂණයකින් හෙළි විය. රැකියාව සඳහා කැප කිරීමට සිදු වන “කාලය, අවධානය, [සහ] ශක්තිය” ද විවාහ බැඳීම් පරිහානියට ලක් කරවන “සියුම් සතුරෙක්” විය හැකි බව ද සීක්‍රට් ඔෆ් ස්ට්‍රෝං ෆැමිලීස් නමැති පොත පැහැදිලි කරයි.

මුහුණ දීමට සිදුවන තත්ත්වයන්, ස්ත්‍රීන් වාර්තා ගත සංඛ්‍යාවක් රැකියා වෙළෙඳ පොළට බලෙන් ඇද දමා තිබේ. ලේඛක වෑන්ස් පැකාර්ඩ් මෙසේ වාර්තා කරයි: “දැනට, අමෙරිකාවේ ළදරුවන් සහ වයස අවුරුදු තුනට අඩු යන්තමින් ඇවිදින දරුවන් හතරෙන් එක් කෙනෙකුට යම් ආකාරයක බාහිර රැකියාවක නියැලී සිටින මව්වරුන් සිටියි.” සෑහීමකට පත් නොවන තරම් වූ කුඩා දරුවන්ගේ අවශ්‍යතා බලා කියා ගැනීම මෙන් ම රැකියාවක නියැලීම, දෙමාපියන් හා දරුවන් යන දෙපාර්ශ්වය මත ම නිෂේධාත්මක බලපෑම් ඇති වන්නා වූ අතිශයින් වෙහෙසට පත් කරවන දෙයක් වන්නට පුළුවන. එක්සත් ජනපදයේ දරුවන් රැකබලා ගැනීමේ ප්‍රමාණවත් සැපයුම්වල ඌනතාවයක් ඇති හෙයින්, “තමන්ගේ මුල් අවුරුදුවල ලැබිය යුතු හොඳ සැලකිල්ල දරුවන් සෑහෙන මිලියන ප්‍රමාණයකට අහිමි වෙමින් පවතිනු ඇත.”—අවර් එන්ඩේන්ජර්ඩ් චිල්ඩ්රන්.

රැකියා ස්ථානය ම බොහෝ විට පවුලේ සමගිය යටින් කා දමයි. රැකියාවල නියැලී සිටින බොහෝ දෙනෙක් තමන් සමඟ එකට වැඩ කරන අය සමඟ අයථා ලිංගික සම්බන්ධකම්වලට ඇදී යති. ඇරත්, තවත් අය සාර්ථකත්වය සඳහා නිෂ්ඵල ලුහුබැඳීම්වලට හසු වන අතර, තම රැකියාවේ දියුණුව වෙනුවෙන් තමන්ගේ පවුල් ජීවිතය පරිත්‍යාග කරති. (දේශනාකාරයා 4:4 සසඳන්න.) එක් මිනිසෙක් අලෙවි නියෝජිතයෙකු වශයෙන් මොනතරම් එහි ගිලී සිටියා ද කිවහොත් ඔහුගේ භාර්යාව තමා ව ම හඳුන්වා ගත්තේ, “ඇත්තට ම කියනවා නම් තනි දෙමාපියෙක්” වශයෙන් ය.

දුර්වල වූ විවාහ සබඳතා

විවාහ ආයතනය ම ප්‍රහාරයකට ලක් වී තිබේ. දි ඉන්ටිමට් එන්වයර්මන්ට් නමැති පොත මෙසේ කියයි: “අතීතයේ දී නම්, අපේක්ෂාව වූයේ විවාහක කලත්‍රයන්ගෙන් එක් කෙනෙක්, කාමමිථ්‍යාචාරය, කෲරකම, අතිශයින් නොසලකා හැරීම යන විවාහයට එරෙහි ව කරනු ලබන යම් බරපතළ වැරැද්දක් නොකළා නම් පමණක් යුවළ එකට සිටිනවා ය යන්න ය. දැන් බොහෝ දෙනෙකුට විවාහයේ අරමුණ පෙනෙන්නේ පුද්ගලික ඕනෑ එපාකම් සපුරා ගැනීමක් ලෙසයි.” එසේ ය, විවාහය සැලකෙන්නේ, අසන්තෝෂය, උදාසීනකම, හෝ තනිකම යන දේවල නාශකයක් ලෙසට මිස තවත් පුද්ගලයෙකු හා ඇති කර ගන්නා ජීවිත කාලීන බන්ධනයක් ලෙස නොවේ. දැන් අවධානය යොමු වී තිබෙන්නේ යමෙක් විවාහයෙන් ලබා ගන්නා දේට මිස, එම තැනැත්තා ඒ වෙනුවෙන් දෙන දෙයට නොවේ. (මීට පටහැනි ව ක්‍රියා 20:35 සසඳන්න.) මෙම, “විවාහය වටා ගෙතී තිබෙන සාරධර්මවල විශාල වෙනස්කම” විවාහ සබඳතා මහත් සේ දුර්වල කර ඇත. තමන් බලාපොරොත්තු වන පුද්ගලික ඕනෑ එපාකම් සපුරා ගැනීමට අපොහොසත් වන විට, බොහෝ විට, ජෝඩු කරන්නේ, ක්ෂණික විසඳුමක් ලෙස දික්කසාද වීමයි.

මෙම “අවසාන කාලයේ” සිටින ජනයා ව බයිබලයේ අනාවැකිමය ආකාරයෙන් විස්තර කරන්නේ, “ආගමේ [දේව භක්තියේ NW ] බාහිර පෙනුම ඔවුනට තිබුණත්, . . . එහි අභ්‍යන්තර බලය ගැන නොසලකන” අය හැටියට ය. (2 තිමෝති 3:1, 5, නව අනුවාදය) ආගම පිරිහීයාම විවාහය යටින් කා දැමීමට බෙහෙවින් දායක වී ඇති බව බොහෝ විශේෂඥයන්ට හැඟී යයි. ආචාරිනී. ඩයියෑන් මෙඩ්වෙඩ් ද කේස් එගේන්ස්ට් ඩිවෝස් යන තම පොතේ මෙසේ ලීවා ය: “බොහෝ ආගම්වලට අනුව, විවාහය ස්ථිර එකක් විය යුතු බව දෙවියන් වහන්සේ පැවසූ සේක. ඔබ දෙවියන් වහන්සේ ගැන ස්ථිර නොවී උන් වහන්සේ ව විශ්වාස කරන්නේ නැත්නම්, ඔබ කරන්නේ ඔබට වුවමනා දෙයයි.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, විවාහයකට ගැටලු තිබෙන විට, විවාහකයන් ඒවා සඳහා ප්‍රායෝගික විසඳුම් සොයන්නේ නැත. “ඔවුන් ඉක්මන් වන්නේ විවාහය අවසන් කර දැමීමටයි.”

ප්‍රහාරයට ලක් වන යෞවනයෝ

දරුවෝ වත්මන් පීඩනයන්ගෙන් පුදුම සහගත ලෙස දුක් විඳිති. අතිශය සංඛ්‍යාවක් ප්‍රචණ්ඩකාරී ලෙස තැලුම් කෑම්වලට ලක් වන අතර, තමන්ගේ ම දෙමාපියන් මගින් වාචික හෝ ලිංගික වශයෙන් අඩන්තේට්ටම්වලට ගොදුරු වෙති. දික්කසාදය නිසා, තවත් මිලියන ගණනකට දෙමාපියන් දෙදෙනෙකුගේ ප්‍රේමනීය පහස අහිමි වී යන අතර, දෙමාපියන්ගේ දික්කසාදය නිසා ඇති වන වේදනාව, බොහෝ විට ජීවිත කාලය පුරා දිවෙයි.

ප්‍රබල බලපෑම් මගින් යෞවනයෝ ප්‍රහාරයට ලක් වෙති. අමෙරිකානු යෞවනයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 14වන විට, හුදෙක් රූපවාහිනිය නැරඹීමෙන් පමණක්, මිනීමැරුම් 18,000ක්, සහ වෙනත් ආකාරයේ ගණන් කළ නොහැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා, නීති විරෝධී ලිංගික දේවල්, ලිංගික ව හා වෙනත් අයුරින් හිංසා පැමිණ වීමෙන් ආස්වාදයක් ලැබීමේ ක්‍රියා සහ අපරාධ දැක තිබෙනු ඇත. සංගීතය ද යෞවනයන් කෙරෙහි මහත් ප්‍රබල බලපෑමක් කරන අතර, ඉන් බොහොමයක්හි අඩංගු වී ඇත්තේ, අශික්ෂිත, විස්තරාත්මක ලිංගික අදහස් හෝ යක්ෂ වන්දනාවට සම්බන්ධ දේවල් ය. දෙවියන් වහන්සේ සහ බයිබලය කෙරෙහි තිබෙන ඇදහිල්ල දුර්වල කිරීමට තුඩු දෙන පරිණාම වාදය වැනි මතවලට පාසල් යෞවනයෝ නිරාවරණය වෙති. තුල්‍ය පීඩනය, විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදීමට හා මත්පැත් හෝ මත් ද්‍රව්‍ය අනිසි භාවිතයට බොහෝ දෙනෙකු ව පොලඹවයි.

පවුල් විපත්වල මූලයන්

එමනිසා, පවුල්වලට වදින ප්‍රහාරයන් පරිමාණයෙන් පුළුල් ව තිබෙන අතර, විනාශකාරී විය හැකි ය. මින් බේරීම සඳහා පවුල්වලට උපකාර කළ හැක්කේ කුමකට ද? පවුල් උපදේශක ජෝන් බ්‍රැඩ්ෂෝ මෙසේ යෝජනා කරයි: “අපගේ මාපිය නීති වසර 150කට බැරෑරුම් ලෙස තත්කාලීන කර නොමැත . . . මගේ විශ්වාසය නම්, පැරණි නීති තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බවයි.” කෙසේ වෙතත්, මිනිසා තව තවත් සාදන නීති විසඳුම නොවේ. පවුලේ ආරම්භකයාණෝ යෙහෝවඃ දෙවියන් වහන්සේ ය. අපගේ පුද්ගලික සන්තෝෂය තුළ පවුල් ජීවිතය කරන කාර්ය භාරය කෙතරම් වැදගත් ද කියාත්, පවුල සන්තෝෂවත් ව හා ශක්තිමත් ව තබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුමක් ද කියාත් වෙන කවරෙකුටත් වඩා හොඳින් දන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේගේ වචනය වන බයිබලය පවුල් විපත්වලට විසඳුම සපයන බව අප ව පුදුමයට පත් කළ යුතු ද?

එම පවුල් ජීවිතය නොමඟ ගිය ආකාරය එම පැරණි පොත පැහැදිලි කරයි. පළමු මිනිස් යුවළ, එනම් ආදම් සහ ඒව, අලංකාර උද්‍යානයක් බඳු තැනක තබනු ලැබූ අතර, පෘථිවිය ලෝක ව්‍යාප්ත පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමේ විපාකදායී අභියෝගය දෙන ලදි. ආදම් පවුලේ මූලිකයා විය යුතු යයි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒව ඔහුගේ “උපකාර කරන්නිය” හෙවත් “ඌනපූරණය” වශයෙන් ඔහුට සහයෝගය දැක්විය යුතු ව තිබුණි. එහෙත් ඒව මෙම විධිවිධානයට එරෙහි ව කැරලි ගැසුවා ය. තම සැමියාගේ මූලිකත්වය බලෙන් පැහැර ගත් ඈ, දෙවියන් වහන්සේ ඔවුන් මත පනවා තිබූ එක ම තහනම් නීතියට අකීකරු වූවා ය. එවිට ආදම් තම මූලිකත්වය අත්හැර දමා ඈ සමඟ මේ කැරැල්ලට හවුල් විය.—උත්පත්ති 1:26–3:6.

දෙවියන් වහන්සේගේ විධිවිධානයෙන් අහක් ව යාමේ මෙම විනාශකාරී ප්‍රතිඵල සැනෙකින් දිස් වන්නට විය. තවදුරටත් නිර්මල ව හා නිර්දෝෂී ව නොසිටි ආදම් සහ ඒව ප්‍රතික්‍රියා කළේ ලජ්ජාව සහ වරද සහිත බවෙන් යුතුවයි. මීට පෙර තම භාර්යාව ව කාව්‍යමය ආකාරයෙන් ප්‍රසාදයෙන් යුතු ව විස්තර කළ ආදම් දැන් උදාසීන ලෙස ඈ ගැන පැවසුවේ ‘ඔබ මට දුන් ස්ත්‍රිය’ ලෙස ය. එම නිෂේධාත්මක ප්‍රකාශනය විවාහ දුක්ඛිත බවේ හුදෙක් ආරම්භය පමණක් විය. ආදම් යළි සිය මූලිකත්වය ලබා ගන්නට දරන නිෂ්ඵල වෑයමෙන් ප්‍රතිඵල වනු ඇත්තේ, ඔහු විසින් ඈ ව ‘ආණ්ඩු කිරීමයි’. අනෙක් අතට, ඒවට තම සැමියා කෙරෙහි “ආශාවක්” තිබෙනු ඇති අතර, පෙනෙන අයුරින් එය අන්තයට ගිය හෝ අසමබර ආකාරයට ය.—උත්පත්ති 2:23; 3:7-16.

ආදම් සහ ඒවගේ විවාහ ආරවුල ඔවුන්ගේ ජනිතයන් මත හානිකර බලපෑමක් ඇති කළ බව පුදුමයට කරුණක් නොවේ. ඔවුන්ගේ පළමු පුත්‍රයා වූ කායින්, දරුණු මිනීමරුවෙකු බවට පත් විය. (උත්පත්ති 4:8) කායින්ගෙන් පැවතෙන්නෙකු වූ ලාමෙක්, වාර්තාවේ සඳහන් බහුභාර්යා සේවනයේ යෙදුණා වූ පළමුවැන්නා බවට පත් වීමෙන් පවුල් ජීවිතයේ පරිහානියට තවත් දායක විය. (උත්පත්ති 4:19) මේ අයුරින් ආදම් සහ ඒව, පාපයේ හා මරණයේ උරුමයක් පමණක් නොව නමුත්, එතැන් පටන් මිනිස් ජාතියේ තත්ත්වය වී ඇති රෝගී පවුල් රටාවක් උරුමයක් වශයෙන් තබා ගියෝ ය. මෙම අන්තිම දවස් තුළ දී, පවුල් අසමගිය වාර්තා ගත ආකාරයකින් උග්‍ර වී ඇත.

සඵල වන පවුල්

කෙසේ වෙතත්, සියලු පවුල් වත්මන් ගැටලුවලින් යට වී සිටිනවා නොවේ. නිදසුනක් වශයෙන්, එක් සැමියෙක්, සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ එක්සත් ජනපදයේ කුඩා ජන සමාජයක ජීවත් වෙයි. ඔවුන්ගේ අසල් වාසීන් බොහෝ දෙනෙකුට, දෙමාපියන් හා ඔවුන්ගේ ජනිතයන් අතර පරම්පරා පරතරයක් තිබුණ ද, ඔහු සහ ඔහුගේ බිරිඳට එවැන්නක් නැත, තමන්ගේ දියණියන් මත් ද්‍රව්‍ය හා ලිංගික දේවල් සමඟ අත්හදා බැලීම් කරාවි ය කියා ඔවුන්ට කනස්සල්ලක් ද නැත. සඳුදා සැන්දෑ කාලයේ, වෙනත් යෞවනයන්ගේ ඇස් රූපවාහිනියට ඇලී තිබෙන විට, ඔවුන්ගේ මුළු පවුල ම බයිබල් සාකච්ඡාවක් සඳහා සාලයේ මේසයක් වටා රැස්වෙයි. “සඳුදා රාත්‍රිය අප එකට එකතු වී කථා කරන විශේෂ රාත්‍රියයි,” ඔහු පැහැදිලි කරයි. “අපගේ දියණියන්, ඔවුන්ට තිබෙන ගැටලු ගැන අප සමඟ නිදහසේ කථා කරනවා.”

අනෙක් අතට, තම දියණියන් දෙදෙනා සමඟ අසාමාන්‍ය ලෙස පවුලේ සමගියක් ද භුක්ති විඳින තනි දෙමාපියෙක් න්‍යූ යෝර්ක් නගරයේ සිටී. ඇගේ රහස? “අපි සති අන්තය දක්වා රූපවාහිනිය නරඹන්නේ නැහැ.” ඈ පැහැදිලි කරන්නී ය. “අපි හැමදාම බයිබලයෙන් පදයක් සාකච්ඡා කරනවා. ඒ වගේ ම අප එක සැන්දෑවක් පවුලේ බයිබල් සාකච්ඡාවක් සඳහා වෙන් කොට තබනවා.”

මෙම පවුල් දෙකේ ම අය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ය. පවුල් සඳහා බයිබලයේ තබා තිබෙන උපදෙස් ඔවුහු අනුගමනය කරති—ඒවායින් ඇත්තෙන් ම ප්‍රතිඵල නෙලාගත හැකි ය. එහෙත්, එසේ කරන්නේ ඔවුන් පමණක් නොවේ. එම පොතේ අඩංගු, පවුල් ජීවිතය සඳහා දී ඇති නීති අදාළ කර ගැනීම මගින් හොඳ ප්‍රතිඵල ලබන්නා වූ ඔවුන් වැනි පවුල් සිය දහස් ගණනක් තිබේ.b ඇත්තෙන් ම එම නීති මොනවා ද? ඔබටත් ඔබගේ පවුලේ අයටත් ඒවා ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද? පිළිතුරු වශයෙන්, ඊළඟ පිටුවෙන් පටන් ගන්නා වූ ලිපි සලකා බලන ලෙස අපි ඔබට ඇරයුම් කරමු. w92 10/15

[පාදසටහන්වල]

a වර්ෂ 1914 දී අන්තිම දවස් ආරම්භ වූ බවට තවදුරටත් සාක්ෂි ගැන දැනගැනීම සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යූ යොර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලද පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොතේ 18 වෙනි පරිච්ඡේදය බලන්න.

b යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, නොමිලයේ නිවාස බයිබල් පාඩමක් මගින්, පවුලේ අයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීම සඳහා පුද්ගලික ව උපකාර කරති. මෙම සඟරාවේ ප්‍රකාශකයන් හට ලිවීමෙන් ඔවුන් ව මුණ ගැසිය හැක.

U.S. Navy photo

දියුණු වෙමින් පවතින රටවල දිළිඳු ආර්ථික තත්ත්වයන් පවුල්වලට බොහෝ විපත් සිදු කරයි

බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීම මගින්, බොහෝ පවුල් වත්මන් පීඩනයන්ට එරෙහි ව නැගී සිටී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න