නැවත නැගිටීම ගැන පාවුල් ප්ලේටෝට එරෙහි වී
ප්‍රේරිත පාවුල්, 1 කොරින්ති 15:35-58 හි සහ 2 කොරින්ති 5:1-10 හි නැවත නැගිටීම පිළිබඳ ව ලීවේ ය. එසේ කිරීමේ දී, ඔහු ප්ලේටෝගේ සහ ග්‍රීක දර්ශනවාදීන්ගේ අමරණීය ආත්මය සම්බන්ධ අදහස් අනුගමනය කළා ද, නැතහොත් ඔහු යේසුස් වහන්සේගේ සහ වෙනත් ශුද්ධ ලියවිලිවල ඉගැන්වීමට අනුකූල වූයේ ද?
වර්ෂ 1974 දී ලියන ලද, උතුරු සහ දකුණු අමෙරිකාවේ ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ අගරදගුරු විසින් අනුමත කරන ලද, ඉමෝටලිටි ඔෆ් ද සෝල් ඔ රෙසරෙක්ෂන් ඔෆ් ද ඉන්ඩිවිඩුවල්: සේන්ට් පෝල්’ස් ව විත් ස්පෙෂල් රෙෆරන්ස් ටු ප්ලේටෝ [ආත්මයේ අමරණීය බව නැතහොත් පුද්ගලයාගේ නැවත නැගිටීම; සා. පාවුලුගේ දෘෂ්ටිය විශේෂ ලෙස ප්ලේටෝ සමඟ යොමු දක්වමින්] නමැති පොත් පිංචය, මීට ක්‍රමක්‍රමයෙන් අනාවරණය වන්නා වූ පිළිතුරක් දෙයි. ඉහත සඳහන් ශුද්ධ ලියවිලිවල විස්තර කර තිබෙන නැවත නැගිටීමේ ස්වභාවය සහ එවකට තිබූ හෙලනිකවාදී [ග්‍රීක] බලපෑම ගැන සාකච්ඡා කිරීමෙන් පසු ව, එහි කර්තෘවරයා පහත නිගමනයට එළඹෙයි:
“ආත්මය, සිරුරෙන් බැහැර ව නිමාවක් නැති සදාකාලික පැවැත්මක දිගට ම පවතින බව ප්ලේටෝ උගන්වයි. ප්ලේටෝ පවසන පරිදි, ආත්මය සහජයෙන් ම සහ ස්වභාවයෙන් ම අමරණීය ය. . . . සා. පාවුලු තුමා එවැනි අදහසක් උගන්වන්නේවත්, එසේ කිරීමට කිසි ප්රයත්නයක් දරන්නේවත් නැත. . . .
“පාවුලු අපෝස්තුලුවරයා සැලකිලිමත් වන්නේ වෙන් වූ හෝ වෙනස් ව පවත්නා වූ කොටස් ලෙස පවතින සයිකි හෝ ස්ප්රීතුවේ අමරණීයත්වය ගැන නොව, නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ විපාකයක් වශයෙන් මිනිසාගේ සම්පූර්ණ දේහ ලක්ෂණවලින් යුත් ආත්ම-ස්ප්‍රීතු ශරීරයක් සහිත පුද්ගලයෙකුගේ නැවත නැගිටීමක් ගැන ය. නැවත නැගිටෙවූ සිරුර පිළිබඳ ව පාවුලු තුමා දරන අදහසට, මිනී වළෙන් මළ සිරුරවලට යළි පණ දීම කිසිදු සම්බන්ධයක් නැත.
“සිරුරේ නැවත නැගිටීම පිළිබඳ ඔහුගේ අදහස, දෙවියන් වහන්සේගේ බලය මගින්, මුළු මිනිසාගේ ඒකීය භාවයේ, එම පුද්ගලයාගේ ම, එම පුද්ගලිකත්වයේ ම, මනෝදෛහික ජීවයේ, සැබෑ මනෝ-භෞතික පුද්ගලයාගේ ස්වභාවය පරිවර්තනය වීමක්, යළි මැවීමක්, සහ යළි සංයුක්ත කිරීමක් ලෙස වඩාත් හොඳින් ප්‍රකාශ කළ හැකි ය. අපගේ අනාගත නැවත නැගිටීම සිදුවනු ඇත්තේ, අපට ස්වභාවයෙන් ම අයත් දෙයක් ලෙස නොව, නමුත් දෙවියන් වහන්සේගේ රාජකීය ත්‍යාගය ලෙස ය.”
එසේ ය, අමරණීයත්වය යම් මිනිසෙකුට සහජයෙන් ම අයත් දෙයක් නොවේ. ඒ වෙනුවට, එය වනාහි, ආලේප ලත් ක්‍රිස්තියානි සභාව සාදන්නා වූ අයට අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේගෙන් ලැබෙන ඉස්තරම් කරුණා-භරිත ත්‍යාගයකි.—1 කොරින්ති 15:20, 57; පිලිප්පි 3:14. w92 5/15
Vatican Museum photograph
ග්‍රීක දර්ශනවාදී ප්ලේටෝ