“සාමාන්‍ය දෙය ඉක්ම වූ බලය”
ක්රිස්තියානිවරයෙකුට කොතරම් දුක් පීඩා විඳදරා ගත හැකි ද? අද දින, ලොව වටා වෙසෙන ක්‍රිස්තියානිහු, දිළිඳුකම්, පවුල් බිඳවැටීම්, චිත්ත වේගී කැළැල්, අසනීප, යුද්ධ, සහ පීඩාවලට මුහුණ දෙති. මේ සියල්ල අභිබවා අඛණ්ඩතාවය පැවැත්වීම ඔවුන්ගෙන් අපේක්ෂා කිරීම සාධාරණ ද? එය එසේ යයි ප්‍රේරිත පාවුල් පැවසුවේ ය. ඔහු මෙසේ ලීවේ ය: “මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.”—පිලිප්පි 4:13.
යෙහෝවඃ වහන්සේ සපයන ශක්තිය ඇත්තෙන් ම සියලු දේ සඳහා ප්‍රමාණවත් බව ඉතිහාසය පෙන්වා තිබේ. නිදසුනක් වශයෙන්, ජර්මනියේ නාට්සි පාලනය යටතේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, ඉතා දරුණු පීඩා වින්දෝ ය. ඔවුහු විඳදරා ගත්තෝ ද? ලේබී බල්ෆෝර්ස්චර් එට් ලෙ නාසීසම් (බයිබල් ශිෂ්‍යයෝ සහ නාට්සි වාදය) මෙසේ පවසයි: “තැලීම්, තර්ජනය කිරීම්, සහ තහනම් කිරීම් යන මේ සියල්ල හමුවේ, ප්‍රසිද්ධියේ අවමන් කිරීම්, සිර ගත කිරීම්, සහ වධක කඳවුරුවල රඳවා ගෙන සිටීම හමුවේ, බයිබල් ශිෂ්‍යයෝ [යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ] තමන්ට ම ‘යළි උගන්වනු’ ලැබීමට කිසිවිටෙකත් ඉඩ නුදුන්නෝ ය.”
වධක කඳවුරුවල, සාක්ෂිකරුවන් ව ඔවුන්ගේ කමිස අත් මත වූ කුඩා දම් පැහැති ත්‍රිකෝණයකින් හඳුනා දෙනු ලැබූ අතර, විශේෂ කෲරකම් සඳහා වෙන් කරනු ලැබිණි. මෙය ඔවුන් ව බිඳ දැම්මා ද? මනෝවිශේෂඥ බෲනෝ බෙටෙල්හයිම් සටහන් කළේ මෙසේ ය, “ඔවුන් මිනිස් ගෞරවයේ සහ සදාචාර හැසිරීමේ අසාමාන්‍ය උසස් බවක් පෙන්නුවා පමණක් නොව, නමුත් මගේ මනෝවිශ්ලේෂක මිතුරන් සහ මා විසින් ඉතා හොඳින් හැඩගැසුණු යයි සිතනු ලැබූ පුද්ගලයන් ව විනාශ කර දැමූ කඳවුරේ එම අත්දැකීම්වලට ම එරෙහි ව ඔවුන් ව ආරක්ෂා කරනු ලැබූ බවක් පෙනෙන්නට තිබිණි.”
එසේ ය, ‘සියල්ල සඳහා ශක්තිය’ ඔවුනට තිබිණි. මන්ද? මක්නිසාදයත්, ඔවුහු යෙහෝවඃ වහන්සේ මත රඳා පැවතුණහ. පාවුල් මෙසේ පැවසී ය: “සාමාන්‍ය දේ ඉක්ම වූ බලය අපගෙන් ම නොව දෙවියන් වහන්සේගෙන් වන පිණිස, අපි මෙම නිධානය මැටි භාජනවල දරමු.” (2 කොරින්ති 4:7, NW) ඔබ දුක් පීඩා සහිත තත්ත්වයකට මුහුණ දෙන්නේ නම්, නිසැකකමින් යුතු ව උපකාර පතා යෙහෝවඃ වහන්සේ දෙස බලන්න. උන් වහන්සේ සපයන සාමාන්‍ය දෙය ඉක්ම වූ බලය මගින් ශක්තිමත්වීමෙන්, විඳදරා ගන්නට ඔබට හැකි වනු ඇත.—ලූක් 11:13. w92 2/1
යමෙක් ඔබ හමුවෙන්ට එනවාට ඔබ කැමති ද?
ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා, දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ රාජ්‍යය, සහ මිනිස් වර්ගයා උදෙසා උන් වහන්සේගේ පුදුමාකාර අරමුණ පිළිබඳ ව ඒකාන්ත බයිබල් දැනුමක් ලැබීමෙන් සන්තෝෂය අත්කර ගැනීමට ඔබට හැකි ය. ඔබ තවදුරටත් තොරතුරු දැනගන්නට කැමති නම්, හෝ ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පවත්වන්නට යමෙක් ඔබගේ නිවසට පැමිණෙනවාට ඔබ සතුටු නම්, කරුණාකර, වොච්ටවර්, 62 ලෙයාඩ්ස් පාර, කොළඹ 5. යන ලිපිනයට ලියන්න.