ලෝක ආර්ථිකයේ අනාගතය පුරෝකථනය කිරීම
ආර්ථික වෙළෙඳ පොළේ අස්ථාවරත්වය හා 1987 ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළේ බිඳ වැටීම පුරෝකථනය කිරීමට අසමත් වූ විශ්ලේෂකයන් කෙරෙහි ඇති අවිශ්වාසය, ඇතැම් ව්‍යාපාරිකයන් ව සිය මූල්‍ය අනාගතය පුරෝකථනය කිරීමට ජ්‍යෝතිඃ ශාස්ත්‍රය වෙතට හැරීමට බලකර ඇතැයි එකවුන්ටන්සි ඒජ් නම් ලන්ඩන් සඟරාව ප්‍රකාශ කරයි. “මූල්‍ය කටයුතු පුරෝකථනය කරන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්, වෙළෙඳ පොළ සම්බන්ධයෙන් තමන්ගේ විස්තරාත්මක පුරෝකථනයන් සඳහා සුප්‍රකට අනුග්රාහකයන් සෑහෙන ප්‍රමාණයක් ආකර්ශනය කරමින් සිටිත්” යනුවෙන් එම සඟරාව වැඩිදුරටත් සටහන් කරයි.
එක් උපදෙස් දෙන්නෙක්, දෛනික මූල්‍ය දත්ත පිළිබඳ ව තමා වසර 30ක් පුරා සොයා ගත් චක්රයන් ග්‍රහ තාරකාවල චලනයන් සමඟ සසඳයි. මෙම පදනම මත ඔහු තමාගේ පුරෝකථනයන් ඉදිරිපත් කරයි. අනුග්රාහකයන් බොහෝ දෙනෙක් 1987ට පෙර ඔහුගේ අවවාදයට එකඟ ව ක්‍රියා කිරීමට මැලි වුව ද, හොඳ සිහිකල්පනාව ඇති මූල්‍ය සම්පාදකයන් පවා සවන් දීමට සූදානමින් සිටින බව ඔහුට දැන් පෙනෙන්නට තිබේ.
තවත් මූල්‍ය ජ්‍යෝතිඃ ශාස්ත්රාඥයෙක් පුද්ගලයෙකුගේ ස්වභාවය නිශ්චය කිරීමටත්, “විය හැකි ව්‍යාපාර දියුණුවීම් පිළිබඳ ඉඟි” සොයා ගැනීමටත් උපන් දින මත පදනම් ව සටහන් අඳී. තවත් කෙනෙක් විශ්වාස කරන්නේ, රිදී වෙළෙඳ පොළේ උච්චාවචනය චන්ද්‍ර චක්‍රයක් අනුව සිදු වන බව ය. එහෙත් විධිවත් මූල්‍ය විශ්ලේෂකයන් සමඟ සසඳන විට, තම අනුග්රාහකයන් “පුරෝකථනයන් වැරදි ලෙස ලබා ගැනීමට” තමාට “ඉතා අඩු අවකාශයක්” දෙන බව මෙම ජ්‍යෝතිඃ ශාස්ත්රාඥයා සොයා ගෙන ඇත.
කෙසේ වෙතත්, සැබෑ වන්නට යන මූල්‍ය පුරෝකථනයක් තිබෙන අතර ජ්‍යෝතිඃ ශාස්ත්රයත් සමඟ කිසි ම සම්බන්ධයක් එයට නැත. මෙම පුරෝකථනය බයිබලයේ වාර්තා කර ඇති අතර, එය “වැරදි ලෙස ලබා ගැනීමට කිසි ම අවකාශයක්” තමන් වහන්සේ හට ඉඩ නොදෙන දෙවි වූ, යෙහෝවඃ වහන්සේගේ ආනුභාවය ලැබී ඇත. උන් වහන්සේ “බොරු නොකියන දෙවියන්වහන්සේ” ය. (තීතස්1:1) උන් වහන්සේ ස්වකීය දිවැස්වර එසකියෙල් ලවා මෙසේ ප්‍රකාශ කළ සේක: “ඔවුන් තමුන්ගේ රිදී වීථිවල වීසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන . . . ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය.”—එසකියෙල් 7:19.
මෙය සිදු වනු ඇත්තේ කවදා ද? එසකියෙල් ‘ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] උදහස් දවස’ හැටියටත් නම් කළ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද පැමිණෙන්නා වූ “මහත් පීඩාව” තුළ දී ය. (මතෙව් 24:21; එසකියෙල් 7:19;) ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කුමක් පුරෝකථනය කළ ද, මූල්‍යමය සෞභාග්‍යය, ගැලවීම සලස්වන්නට යන්නේ නැත. සියලු ම දූෂණයන්—දේශපාලන, ආගමික, හා වාණිජ්‍ය—ඉවත් කරනු ඇති ලෝක ව්‍යාප්ත වූ මෙම බලවත් කැළඹීම තුළ සුරක්ෂිත භාවය සහතික කළ හැක්කේ, ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසයට පමණකි.—හිතෝපදේශ 3:5, 6; ශෙපනියා 2:3; 2 පේතෘස් 2:9.