රාජ්‍යය බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න!
“බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී විඳදරා ගෙන සිටින්න.”—රෝම 12:12 NW.
1. යෙහෝවඃ වහන්සේ සමඟ සම්බන්ධ වීමෙන් අපට ප්‍රීතිය අත් දැකිය හැක්කේ මක්නිසා ද, එමෙන් ම ප්‍රේරිත පාවුල් ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ කුමක් කිරීමට ද?
“සන්තෝෂමත් දෙවියන් වහන්සේ.” (1 තිමෝති 1:11, NW) මෙය කොතරම් හොඳින් යෙහෝවඃ වහන්සේ ව විස්තර කරයි ද! ඒ මක්නිසා ද? හේතුව ස්වකීය සියලු කර්මාන්තයන් උන් වහන්සේට මහත් සන්තෝෂයක් ගෙනෙන නිසා ය. යෙහෝවඃ වහන්සේ යහපත් එමෙන් ම සතුට දනවන සියල්ලෙහි උල්පත වන බැවින්, උන් වහන්සේගේ සියලු බුද්ධිමත් මැවිලි වලට උන් වහන්සේ සමඟ පවත්වන තමන්ගේ සම්බන්ධතාවය තුළින් සන්තෝෂය අත් දැකිය හැකි ය. යෝග්‍ය ලෙසින්, ප්‍රේරිත පාවුල්, යෙහෝවඃ දෙවියන් වහන්සේ දැන ගැනීමේ තම ප්‍රීතිමත් වරප්‍රසාදය අගය කරන ලෙස ද, උන් වහන්සේගේ මැවීමේ පුදුමාකාර දීමනාවන් සියල්ල වෙනුවෙන් ස්තුතිවන්ත වන ලෙස ද, තමන් කෙරෙහි පෙන්වන ප්‍රේමනීය කරුණාවේ ප්‍රීති වන ලෙස ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. පාවුල් මෙසේ ලීවේ ය: “ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙයල්ලා. ප්රීතිවෙයල්ලායයි නැවතත් කියමි.”!—පිලිප්පි 4:4; ගීතාවලිය 104:31.
2. මහත් ප්‍රීතියක් ගෙනෙනුයේ කිනම් බලාපොරොත්තුව ද, එමෙන් ම මෙම බලාපොරොත්තුව සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් දිරිගන්වනු ලබන්නේ කුමක් කිරීමට ද?
2 ක්‍රිස්තියානීහු පාවුල් ඉදිරිපත් කළ මෙම උනන්දුමය උපදේශයට අවනත වෙමින් සිටිත් ද? ඇත්තෙන් ම ඔවුහු එසේ කරති! යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මික සහෝදරයෝ දෙවියන් වහන්සේ තමන් වෙනුවෙන් විවෘත කළ තේජාන්විත බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙමින් සිටිති. (රෝම 8:19-21; පිලිප්පි 3:20, 21) එසේ ය, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය ආණ්ඩුවෙහි උන් වහන්සේ සමඟ සේවය කිරීමෙන්, ජීවත් වන හා මියගිය යන දෙකොටසේ ම මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය උදෙසා වූ උදාර බලාපොරොත්තුව ඉෂ්ට කිරීමෙහි ඔවුන් හවුල් වනු ඇති බව ඔවුහු දනිති. රජවරුන් හා පූජකයන් ලෙස සේවය කරමින්, හවුල් උරුමක්කාරයන් ලෙසට වූ සිය වරප්‍රසාදයෙහි ඔවුන් කොතරම් ප්‍රීති වනු ඇද්දැයි කල්පනා කර බලන්න! (එළිදරව් 20:6) ඇදහිලිවන්ත මනුෂ්‍ය වර්ගයාට පරිපූර්ණත්වය අත්කර ගැනීමටත් උපකාර කරමින්, අපගේ පෘථිවිය පාරාදීසයක් බවට යළි පත් කිරීමට උපකාර කරත් ම, ඔවුන් අත්කර ගනු ඇති සන්තෝෂය මොනතරම් ද! සැබවින් ම, දෙවියන් වහන්සේගේ සේවකයන් සියල්ලන් හට “බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ, . . . සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා” පදනමක් ඇත. (තීතස් 1:1, 2) මෙම ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව හේතුවෙන්, “බලාපොරොත්තුවෙහි ප්රීතිවෙයල්ලා” කියා ප්‍රේරිත පාවුල් සියලු ක්‍රිස්තියානින්ට දිරිගන්වන්නේය.—රෝම 12:12.a
සැබෑ ප්‍රීතිය—හෘදයේ ගුණාංගයකි
3, 4. (අ) “ප්‍රීති වන්න” යන පදයෙහි අදහස කුමක් ද, එමෙන් ම ක්‍රිස්තියානින් ප්‍රීති විය යුතු ප්‍රමාණය කොපමණ ද? (ආ) සැබෑ ප්‍රීතිය යනු කුමක් ද, එමෙන් ම එය රඳා පවතිනුයේ කුමක් මත ද?
3 “ප්‍රීති වීම” යනු ප්‍රීතිය දැනී, එය විදහා දැක්වීම ය; නිතර ම උද්දාම තත්ත්වයක, නැතහොත් අත්‍යාධික ප්‍රීතියෙන් සිටීම ඉන් අදහස් නොවේ. “ප්‍රීතිය,” “ප්‍රමෝදය,” හා “ප්‍රීති වීම,” සඳහා බයිබලයේ භාවිතා කර ඇති හෙබ්‍රෙව් හා ග්‍රීක් වදන්වලට අනුරූප වන ක්‍රියා පද, ප්‍රීතියේ අභ්‍යන්තර හැඟීම් හා බාහිර විදහා පෙන්වීම යන දෙක ම ප්‍රකාශ කරයි. “දිගට ම ප්‍රීතියෙන් සිටින්න,” “නිතරම ප්රීතිවෙයල්ලා” යනුවෙන් ක්‍රිස්තියානින් හට දිරිගැන්වේ.—2 කොරින්ති 13:11 NW; 1 තෙසලෝනික 5:16.
4 එහෙත් කෙනෙකුට නිතර ම ප්‍රීති වෙමින් සිටිය හැක්කේ කෙසේ ද? සැබෑ ප්‍රීතිය ආත්මික වූ, ගැඹුරු අභ්‍යන්තර ගුණාංගයක් වන, හෘදයේ ගුණාංගයක් නිසා මෙය කළ හැකි දෙයකි. (ද්විතීය කථාව 28:47; හිතෝපදේශ 15:13; 17:22) එය පාවුල් විසින් ප්‍රේමයෙන් පසු ලේඛන ගත කරන ලද, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලයකි. (ගලාති 5:22) අභ්‍යන්තර ගුණාංගයක් හැටියට එය බාහිර දේවල් මත, අපගේ සහෝදරයන් මත පවා රඳා නොපවතී. එහෙත් එය දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය මත රඳා පවතින්නකි. තව ද ඔබට සත්‍යය, රාජ්‍යයේ බලාපොරොත්තුව ඇති බවටත්, ඔබ යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න කරන්නා වූ දෙය කරමින් සිටින බවටත් දැන සිටීමේ ගැඹුරු අභ්‍යන්තර තෘප්තියෙන් එය ජනිත වේ. එබැවින්, ප්‍රීතිය වනාහි ඉපදෙන විට අප සතුව ඇත්තා වූ හුදු පුද්ගලිකත්ව ගති ලක්ෂණයක් නොවේ ය; එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශිෂ්ට කොට දැක්වුවා වූ ගුණාංගවල ඒකරාශී කිරීමක්, එනම් “අලුත් පුද්ගලිකත්වය” යන්නෙහි කොටසක් වේ.—එපීස 4:24; කොලොස්සි 3:10, NW.
5. ප්‍රීතියේ පිටස්තර විදහා පෙන්වීමක් තිබිය හැක්කේ කොයි අවස්ථාවේ ද, එමෙන් ම කෙසේ ද?
5 ප්‍රීතිය හෘදයේ ගුණාංගයක් වුව ද, එය වරින් වර කෙසේ හෝ බාහිර ව විදහා දැක්විය හැකි ය. මෙසේ වරින් වර ප්‍රීතිය බාහිර ව විදහා දක්වන ලද අවස්ථා මොනවා ද? එය මුහුණේ ප්‍රසන්න පෙනුම සිට ප්‍රීතියෙන් ඉපිල යාම දක්වා ඕනෑ ම ස්වරූපයක් ගත හැකි ය. (1 රාජාවලිය 1:40; ලූක් 1:44; ක්‍රියා 3:8; 6:15) එසේ නම් දොඩමලු නොවන්නා වූ, නොඑසේ නම් මදහස නොපාන්නා වූ අය ප්‍රීතියෙන් නොසිටින බව මින් අදහස් කරයි ද? නැත! සැබෑ ප්‍රීතිය නිතර දොඩමලු භාවයෙන්, සිනහසීමෙන්, මදහස පෑමෙන්, හෝ සිනහ මුසු මුහුණින් සිටීමෙන් එය ප්‍රකාශ කරවන්නේ නැත. තත්ත්වයන්, ප්‍රීතිය විවිධාකාර අයුරින් ප්‍රකාශ වන්නට සැලැස්විය හැකි ය. රාජ්‍යය ශාලාවේ අප ව ප්‍රසන්නතාවයෙන් සරසන්නේ ප්‍රීතිය පමණක් ම නොව, එහෙත් ඒ වෙනුවට අපගේ සහෝදර ස්නේහයත්, ප්‍රේමයත් ය.
6. ක්‍රිස්තියානින් අප්‍රසන්න තත්ත්වයන්ට මුහුණ දෙන විට පවා නිතර ප්‍රීති විය හැක්කේ මක්නිසා ද?
6 ක්‍රිස්තියානියෙකුගේ නව පුද්ගලිකත්වයේ හෘදයාංගම අංග ලක්ෂණයක් ලෙස එහි අභ්‍යන්තර ස්ථාවර බව ප්‍රීතියේ නිරන්තරයෙන් ම දැකිය හැකි අංගයක් ය. නිතර ප්‍රීති වෙමින් සිටීමට හැකියාව සලසනුයේ මෙය ය. ඇත්ත වශයෙන් ම, ඇතැම් අවස්ථාවන්හි අප යමක් ගැන කැළඹෙන්නට හෝ අප අප්‍රසන්න තත්ත්වයන්ට මුහුණ දෙන්නට හෝ පුළුවන. එහෙත් අපට තව දුරටත් අපගේ හෘදයේ ප්‍රීතිය ඇති ව සිටිය හැකි ය. ඇතැම් මුල් ක්‍රිස්තියානිහු සතුටු කිරීමට අපහසු ස්වාමිවරුන් ඇති ව වහලුන් ව සිටියහ. එවන් ක්‍රිස්තියානින්ට නිතර ප්‍රීතියෙන් සිටිය හැකි වී ද? එසේ ය, හේතුව සිය රාජ්‍යය බලාපොරොත්තුව හා සිය හෘදයන්හි තිබූ ප්‍රීතිය නිසා ය.—යොහන් 15:11; 16:24; 17:13.
7. (අ) පීඩා යටතේ ප්‍රීතිය සම්බන්ධයෙන් යේසුස් වහන්සේ කුමක් පැවසූ සේක් ද? (ආ) පීඩා යටතේ විඳදරා සිටීමට අපට උපකාර කරනුයේ කුමක් ද, එමෙන් ම මේ සම්බන්ධයෙන් අනර්ඝතම ආදර්ශය තැබුවේ කවරෙක් ද?
7 “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” යයි ප්‍රේරිත පාවුල් පැවසීමත් සමඟ ම, තව දුරටත් “පීඩාවන්හි දී විඳදරා ගෙන සිටින්න.” යනුවෙන් ද එකතු කළේ ය. (රෝම 12:12 NW) යේසුස් වහන්සේ මතෙව් 5:11, 12 හි මෙසේ වදාළ කල්හි, පීඩා යටතේ ප්‍රීතිය ගැන කථා කළ සේක: “මනුෂ්‍යයන් නුඹලාට නින්දා පීඩාකරන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්රීතිවෙයල්ලා, ඉතා සන්තෝෂවෙයල්ලා; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය.” මෙහි ප්‍රීතිවීම හා ප්‍රීතියෙන් ඉපිල යෑම සැබවින් ම බාහිර ව දැක්විය යුතු විදහාපෑමක් අවශ්‍ය නොකෙරේ; එය මූලික ව පීඩාවන් යටතේ ස්ථිරව සිටින විට යෙහෝවඃ වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රසන්න කිරීමෙන් කෙනෙකු ලබන ගැඹුරු අභ්‍යන්තර තෘප්තිය ය. (ක්‍රියා 5:41) ඇත්ත වශයෙන් ම, පීඩාවන් යටතේ විඳදරා ගෙන සිටීමට අපට උපකාර කරනුයේ ප්‍රීතිය ය. (1 තෙසලෝනික 1:6) මෙහිලා යේසුස් වහන්සේ අනර්ඝතම ආදර්ශය තැබූ සේක. “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා” වදකණුව විඳදරා ගත් බව ශුද්ධ ලියවිලි අපට පවසයි.—හෙබ්‍රෙව් 12:2.
ගැටලු මධ්‍යයෙහි පවා බලාපොරොත්තුවෙහි ප්‍රීති වීම
8. ක්‍රිස්තියානින් මුහුණ දිය හැක්කේ කිනම් ගැටලුවලට ද, එහෙත් ගැටලු ක්‍රිස්තියානියෙකුගේ ප්‍රීතිය ඉවත් නොකරන්නේ මක්නිසා ද?
8 යෙහෝවඃ වහන්සේගේ සේවකයෙක් වීම කෙනෙකු ව ගැටලුවලින් නිදහස් කරන්නට යන්නේ නැත. පවුල් ගැටලු, ආර්ථික දුෂ්කරතා, දුබල සෞඛ්‍ය තත්ත්වයන්, නැතහොත් ප්රේමනීයෙකුගේ මරණය යනාදිය සිදු විය හැකි දේවල් ය. මෙවන් දේවල් දුක ඇති කළ හැකි වුවත්, ඒවා අපගේ හෘදයේ අපට ඇති අභ්‍යන්තර ප්‍රීතිය, රාජ්‍යය, බලාපොරොත්තුවෙහි ප්‍රීති වීමට ඇති අපගේ පදනම ඉවත් කරන්නට යන්නේ නැත.—1 තෙසලෝනික 4:13.
9. ආබ්‍රහම්ට තිබුනේ කිනම් ගැටලු ද, එමෙන් ම ඔහුට සිය හෘදයේ ප්‍රීතිය තිබූ බව අප දන්නේ කෙසේ ද?
9 උදාහරණයක් ලෙස, ආබ්‍රහම් සලකා බලන්න. ඔහුට ජීවිතය සෑම විට ම ප්‍රසන්න නොවී ය. ඔහුට පවුලේ ගැටලු තිබිණ. ඔහුගේ උපභාර්යාව වූ හාගර් හා ඔහුගේ භාර්යාව වූ සාරා සාමකාමී ව කල්ගත කළේ නැත. සුළු දේ ගැන දබර තිබුණි. (උත්පත්ති 16:4, 5) ඊසාක්ට පීඩා කරමින්, ඉෂ්මායෙල් ඔහුට සරදම් කරන්නට විය. (උත්පත්ති 21:8, 9; ගලාති 4:29) අවසානයේ දී, ආබ්‍රහම්ගේ ප්‍රේමනීය භාර්යාව වූ සාරා මිය ගියා ය. (උත්පත්ති 23:2) මේ ගැටලු තිබියදීත්, හෙතෙම පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන, ආබ්‍රහම්ගේ වංශය වූ, රාජ්‍යය වංශය පිළිබඳ බලාපොරොත්තුවෙහි ප්‍රීති වූයේ ය. (උත්පත්ති 22:15-18) සිය හෘදයේ ප්‍රීතිය ඇති ව, හෙතෙම සිය ගම වූ ඌර් අත්හැර යාමෙන් පසු වසර සියයකට යෙහෝවඃ වහන්සේගේ සේවයෙහි විඳදරා ක්‍රියා කළේ ය. එබැවින් ඔහු පිළිබඳ ව මෙසේ ලියා ඇත: “[සැබෑ NW] අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේ ය.” පැමිණෙන්නා වූ මෙසියානු රාජ්‍යය කෙරෙහි වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේ විසින් රජ ව සිටීමට ස්වාමි වූ යේසුස් වහන්සේ ව පත් කරනු ලැබූ කල, උන් වහන්සේට මෙසේ පැවසීමට හැකි විය: “ආබ්‍රහම් මාගේ දවස දකින්ට [අතිශයින් ම NW] ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවිය” [ප්‍රීති විය NW].—හෙබ්‍රෙව් 11:10; යොහන් 8:56.
10, 11. (අ) ක්‍රිස්තියානින් හැටියට අපට ඇත්තේ කිනම් අරගලයක් ද, එමෙන් ම අප ගලවා ගනු ලබන්නේ කෙසේ ද? (ආ) අපගේ පාපතර මාංසයට එරෙහි සටන සම්පූර්ණ ලෙස පොර බැදීමට අප අපොහොසත් වීම පිරිමසාලන්නේ කුමක් ද?
10 අසම්පූර්ණ මනුෂ්‍යයින් හැටියට, සටන් කිරීමට අපට අපගේ පාපතර මාංසය ද ඇති අතර හරි දෙය කිරීමට වූ මෙම අරගලය ඉතා ශෝකජනක විය හැකි ය. අපගේ දුර්වලකම්වලට එරෙහි අපගේ සටන, කෙසේ නමුත්, අපට බලාපොරොත්තුවක් නොමැති බව අදහස් කරන්නේ නැත. පාවුල්ට මෙම සටන සම්බන්ධයෙන් දුක්ඛිත බවක් හැඟුන අතර ඔහු පැවසුවේ මෙසේ ය: “මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි”! (රෝම 7:24, 25) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා උන් වහන්සේ සැපයූ මිදීම කරණකොටගෙන අපි බේරාගනු ලබන්නෙමු.—රෝම 5:19-21.
11 සම්පූර්ණ ලෙස සටනේ යෙදීමට අපොහොසත් වීම පිරිමසා ලීමට ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය දායක වෙයි. පවිත්‍ර හෘදය සාක්ෂියක් හා අපගේ පාපවලට සමාව හැකි කරවන බැවින්, මෙම මිදීමේ මිලය කෙරෙහි අපට ප්‍රීති විය හැකි ය. හෙබ්‍රෙව් 9:14 හි “මළ ක්‍රියාවලින් අපගේ හෘදයසාක්ෂිය පිරිසිදු කිරීමට” බලය ඇති “ක්‍රිස්තුස්වහන්සේගේ ලෙය” සම්බන්ධයෙන් පාවුල් කථා කරයි. එබැවින්, ක්‍රිස්තියානින්ගේ හෘදය සාක්ෂිය සදොස් බවින් හා නිවරදකාරිත්වයේ හැඟීම්වලින් බර කර ගැනීමට අවශ්‍යතාවයක් නැත. මෙය ද, අපට ඇත්තා වූ බලාපොරොත්තුව ද ප්‍රීතිදායක සන්තෝෂයක් උදෙසා ප්‍රබල බලවේගයක් සකසයි. (ගීතාවලිය 103:8-14; රෝම 8:1, 2, 32) අපගේ බලාපොරොත්තුව මෙනෙහි කිරීමෙන්, සටනෙහි සාර්ථක ව යෙදීමට අප සියල්ලන් ම ධෛර්ය ලබනු නියත ය.
අපගේ බලාපොරොත්තුව මනසෙහි සමීප ව තබා ගැනීම
12. ආලේපලත් ක්‍රිස්තියානින්ට මෙනෙහි කළ හැක්කේ කිනම් බලාපොරොත්තුවක් ද?
12 ආත්මයෙන් ආලේපලත් ඉතිරි කොටස මෙන් ම වෙනත් බැටළුවන් යන දෙකොටස ම, සිය “ගැළවීමේ බලාපොරොත්තුව” මනස් තුළ, ආරක්ෂක හිස්වැස්මක් ලෙස පැළඳගෙන සිටීම වැදගත් වේ. (1 තෙසලෝනික 5:8) යෙහෝවඃ දෙවියන් වහන්සේ වෙත සමීප වීමට හැකියාවත්, තේජවත් කරන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා ප්‍රේරිතයින් මෙන් ම ශතවර්ෂයන් පුරා සිය අඛණ්ඩතාවය රක්ෂා කළා වූ 1,44,000 අනෙක් සියල්ලන් සමඟ පුද්ගලික ඇසුර භුක්ති විඳීමටත් ස්වර්ගයේ අමරණීයත්වය ලැබීමේ මහිමාන්විත වරප්‍රසාදය පිළිබඳවත් ආලේප ලත් ක්‍රිස්තියානින්ට මෙනෙහි කළ හැකි ය. කොතරම් විස්තර කළ නොහැකි තරම් මාහැඟි ඇසුරක්ද!
13. පොළොව මත සිටින්නා වූ ආලේපලත් අයට තමන්ගේ බලාපොරොත්තුව ගැන තව දුරටත් හැඟෙන්නේ කෙසේ ද?
13 තවමත් පොළොව මත සිටින්නා වූ ආලේපලත් ස්වල්පයට තමන්ගේ රාජ්‍යය බලාපොරොත්තුව ගැන හැඟෙන්නේ කෙසේ ද? වර්ෂ 1913 බව්තීස්මලත් කෙනෙකුගේ වදන්වලින් මෙය සංක්ෂිප්ත කොට දැක්විය හැකි ය: “අපගේ බලාපොරොත්තුව නිසැක එකක් වන අතර එය කුඩා රැළට අයත් සාමාජිකයන් 1,44,000 දෙනාගෙන් සෑම අන්තිම තැනැත්තා දක්වා ම පූර්ණ ලෙස අප පරිකල්පනය කළ ආකාරය පවා ඉක්මවා යන අයුරකින් ඉෂ්ට වෙනවා ඇත. වර්ෂ 1914 දී කුඩා රැළෙහි ඉතිරි කොටසට අයත් ව සිටි අප, එවිට සියල්ලන් ම ස්වර්ගයට යාමට අපේක්ෂා කළ ද, එම බලාපොරොත්තුවේ වටිනාකම පිළිබඳ අපගේ හැඟීම අහිමි කර ගෙන නැත. එහෙත් අප නොවෙනස් ව ඒ වෙනුවෙන් ශක්තිමත් ව සිටින අතර ඒ සඳහා බලා සිටීමට අපට සිදුවන කාලය වැඩි වෙත් ම, අපි එය වඩා වැඩියෙන් අගය කරන්නෙමු. ඒ සඳහා වසර මිලියන ගණනක් ගත වුවද එය බලා සිටීමට වටිනා යමකි. මා අන් කවර දවසකටත් වඩා අපගේ බලාපොරොත්තුව උසස් කොට තක්සේරු කරන අතර ඒ කෙරෙහි ඇති මාගේ අගැයීම කිසිසේත් අහිමි කර ගැනීමට මට වුවමනා නැත. කුඩා රැලේ බලාපොරොත්තුව, වෙනත් බැටළුවන්ගේ මහත් සමූහයේ අපේක්ෂාව අසමත් වීමට ඇති ඕනෑම හැකියාවකින් තොරව, අපට පරිකල්පනය කළ හැකි පමණ ඉක්මවා ඉෂ්ට වන බවට සහතිකයක් වන්නේ ය. ඒ නිසා ම මේ මොහොත දක්වා අප ස්ථිර ව සිටින අතර දෙවියන් වහන්සේ ස්වකීය ‘අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු’ සම්බන්ධයෙන් තමන් වහන්සේ සත්‍ය බව ඇත්තෙන් ම තහවුරු කරන තෙක් අපි ස්ථීර ව සිටින්නට යන්නෙමු.”—2 පේතෘස් 1:4; ගණන් කථාව 23:19; රෝම 5:5.
පාරාදීස බලාපොරොත්තුවෙහි දැන් ප්‍රීති වීම
14. මහත් සමූහය මනස තුළ තබා ගත යුත්තේ කිනම් බලාපොරොත්තුවක් ද?
14 ජයෙන් කුල්මත් ඇදහිල්ල පිළිබඳ මෙවන් ප්‍රකාශයන් වෙනත් බැටළුවන්ගේ මහත් සමූහයේ අය අතර ප්‍රීති වීම සඳහා විශිෂ්ට හේතු සිතට කාවද්දවයි. (එළිදරව් 7:15, 16) මෙවන් අය අර්මගෙදොනයෙන් බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව සිතැති ව සිටිය යුතු ය. එසේ ය, මහත් පීඩාව ගෙන ඒමෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේගේ සර්වලෝක ස්වාධිපත්‍යය නිදොස් කිරීම ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය විශුද්ධ කිරීම ද, යක්ෂයා දෙවියන් බවට පත් වී ඇති දුෂ්ටයන්ගෙන් පොළොව පවිත්‍ර කිරීම ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය විසින් කරනු ලැබීම දැකීමට ආශාවෙන් ඉදිරිය දෙස බලා සිටින්න. එම මහත් පීඩාවෙන් බේරී ජීවත් වීම කොතරම් ප්‍රීතියක් ද!—දානියෙල් 2:44, 45 ආ; එළිදරව් 7:14.
15. (අ) යේසුස් වහන්සේ පොළොව මත සිටිය දී, සුව කිරීම පිළිබඳ කිනම් කාර්ය භාරයක් ඉටු කළ සේක් ද, එමෙන් ම ඒ මක්නිසා ද? (ආ) අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන් අතර කිනම් සෞඛ්‍ය අවශ්‍යතාවයන් තිබෙනු ඇත්ද, එමෙන් ම ඔවුන් මළවුන්ගෙන් නැවත නැගිටුවනු ලබන්නන්ගෙන් වෙනස් වනුයේ මක්නිසා ද?
15 මහත් සමූහය සම්බන්ධයෙන් එළිදරව් 7:17 පවසනුයේ: “බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.” මෙම අනාවැකියට දැන් ආත්මික ඉෂ්ට වීමක් තිබුණ ද, අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන් මෙහි වචනානුසාර ඉෂ්ට වීමක් අත් දකිනු ඇත. ඒ කෙසේ ද? හොඳයි, තමන් පොළොව මත සිටිය දී, යේසුස් වහන්සේ කළේ කුමක් ද? උන් වහන්සේ අබ්බගාතයන් සුවපත් කළ සේක, කොරුන්ට ඇවිදින්නට සැලැස් වූ සේක, බිහිරි අයගේ කන් හා අන්ධ අයගේ ඇස් විවෘත කළ සේක, එමෙන් ම උන් වහන්සේ ලාදුරු, අංශභාගය, හා “සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග” සුව කළ සේක. (මතෙව් 9:35; 15:30, 31) අද දවසේ ක්‍රිස්තියානින්ට අවශ්‍ය ව ඇත්තේ එය නොවේ ද? මහත් සමූහය පැරණි ලෝකයේ ආබාධයන් හා බෙලහීනත්වයන් නව ලෝකය තුළට ගෙන යනු ඇත. ඒ පිළිබඳ ව කුමක් කිරීමට අප බැටළුපැටවාණන්ගෙන් බලාපොරොත්තු වනු ඇත් ද? අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන්ගේ අවශ්‍යතාවයන් මරණින් නැවත නැගිටින්නන්ගේ අවශ්‍යතාවයන්ගෙන් අතිශයින් වෙනස් වනු ඇත. තවමත් මනුෂ්‍ය පරිපූර්ණත්වය නොතිබෙනු නමුත් මරණින් නැවත නැගිටින්නන් බොහෝ දුරට සම්පූර්ණ, ඇද පලුදු නැති, සෞඛ්‍ය සම්පන්න ශරීරයන්ගෙන් නැවත මවනු ලබනවා ඇත. පෙනෙන ආකාරයට, නැවත නැගිටුවනු ලැබීමේ ආශ්චර්ය නිසා, කලින් තිබූ ආබාධයන්, සුව කිරීමේ ආශ්චර්යයෙන් සුව කරනු ලැබීමට අවශ්‍යතාවයක් නොතිබෙනු ඇත. අනෙක් අතට, අර්මගෙදොනයෙන් බේරී ජීවත් වීමෙන් තමන් ලද අද්විතීය අත් දැකීම් නිසා, මහත් සමූහයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වනු ඇත්තේ, එමෙන් ම ලැබෙනු ඇත්තේ ආශ්චර්යමත් සුව කිරීම ය. පෙනෙන හැටියට, යේසුස් වහන්සේගේ සුව කිරීමේ මූලික අභිප්‍රායන්ගෙන් එකක් වූයේ, මහත් සමූහය දිරිගන්වනු ලැබීම පිණිස ඔවුන් බේරී ජීවත් වන බව පමණක් නොව නමුත් ඉන් අනතුරුව සුව කරනු ලබන බවට වූ ප්‍රීතිමත් අපේක්ෂාව පැහැදිලි කිරීමට ය.
16. (අ) අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන්ගේ ආශ්චර්යමත් සුව කිරීම සිදු විය හැක්කේ කොයි අවස්ථාවෙහි ද, එමෙන් ම කිනම් විපාකයක් සහිත ව ද? (ආ) සහස්‍රය තුළ අප තව දුරටත් ප්‍රීති වනු ඇත්තේ කිනම් බලාපොරොත්තුවක් තුළ ද?
16 එවන් ආශ්චර්යමත් සුව කිරීමක් තර්කානුකූල ව අර්මගෙදොනයෙන් බේරී ජීවත් වන්නන් අතර අර්මගෙදොනයේ අවසානයට සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් තුළ දී, එමෙන් ම මළවුන්ගෙන් නැවත නැගිටීමට බෙහෙවින් පෙර සිදු වෙනවා ඇත. (යෙසායා 33:24; 35:5, 6; එළිදරව් 21:4; මාර්ක් 5:25-29 සසඳන්න.) එවිට මිනිසුන් ඇස් කණ්ණාඩි, සැරයටි, කිහිලි කරු, රෝද පුටු, බොරු දත් කුට්ටම්, ශ්‍රව්‍යාධාරක, හා සමාන දෑ වීසි කරනු ඇත. ප්‍රීති වීම සඳහා කොතරම් හොඳ හේතුවක් ද! යේසුස් වහන්සේගෙන් වූ මෙවන් නොපමා පිළිසකර ක්‍රියාවන් අලුත් පොළොවේ අත්තිවාරම ලෙස අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන්ගේ ක්රියාදාමයත් සමඟ කොතරම් යෝග්‍ය ව පවතී ද! බේරී ජීවත් වන මේ අය, පැරණි ලෝකය විසින් තමන් ව පීඩා කරන්නට ඇත්තා වූ දේවල් මගින් අධෛර්යට පත් නොවී, තමන් ඉදිරියේ තබා ඇති සහස්‍රය තුළ කරන්නට ඇති ආශ්චර්යමත් ක්‍රියාකාරකම් දෙස මහත් ඕනෑකමින් බලමින්, මහත් උනන්දුවෙන් ඉදිරියට යා හැකි ලෙසින් දුබල කරවන රෝග ඉවත් කරනු ලබනවා ඇත. එසේ ය, අර්මගෙදොනයෙන් පසුව පවා, දහස් අවුරුද්ද අවසානයේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය අත්කර ගැනීමේ මෙම චමත්කාරජනක බලාපොරොත්තුවෙහි මහත් සමූහය තව දුරටත් ප්‍රීති වෙමින් සිටිනු ඇත. සියල්ලන් ම සහස්ර වාර්ෂිකය තුළ, එම සන්තෝෂදායක නිෂ්ටාව [goal] කරා ළඟා වීමේ බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙමින් සිටිනු ඇත.
17. පාරාදීසය නැවත ඇති කිරීමේ වැඩය කෙරෙත් ම කිනම් ප්‍රීතියක් එහි තිබෙනු ඇත්ද?
17 එය ඔබගේ බලාපොරොත්තුව වන්නේ නම්, පොළොව මත පාරාදීසය යළි ඇති කිරීමට සහය වීමේ ප්‍රීතිය ද කල්පනා කර බලන්න. (ලූක් 23:42, 43) අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන් පොළොව පවිත්‍ර කිරීමට උපකාර කර, එසේ මළ අය නැවත නැගිටුවනු ලබන ස්ථානයන්හි ප්රසන්නත්වයක් සලසන බවට නිසැක ය. අවමංගල්‍ය උත්සව වෙනුවට, මරණින් අපෙන් වෙන් වූ අපගේ ම ප්‍රේමනීයයන් ද ඇතුළුව, මරණින් නැවත නැගිටුවනු ලබන අය පිළිගැනීමේ එක්රැස්වීම් තිබෙනවා විය හැකියි. තවද ගත වූ ශතවර්ෂයන්ට අයත් ඇදහිලිවන්ත පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් ලැබෙන සඵල කරවන මිත්‍රත්වය ගැන සලකා බලන්න. ඔබට විශේෂයෙන් ම කථා කරන්නට අවශ්‍ය වනුයේ කවරෙකු සමඟ ද? ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා, ඊසාක්, යාකොබ්, යෝසෙප්, මෝසෙස්, යෝෂුවා, රාහබ්, දෙබොරා, සම්සොන්, දාවිත්, එලියා, එලීෂා, යෙරෙමියා, එසකියෙල්, දානියෙල්, හෝ යොහන් බව්තිස්ත සමඟ ද? හොඳයි, එසේ නම්, මෙම ප්‍රිය ජනක අපේක්ෂාව ද ඔබගේ බලාපොරොත්තුවේ කොටසක් වන්නේ ය. ඔබට ඔවුන් හා කථා කළ හැකි ය, ඔවුන්ගෙන් ඉගෙන ගත හැකි ය, තවද මුළු පොළොව පාරාදීසයක් බවට පත් කිරීමෙහිලා ඔවුන් සමඟ වැඩ කළ හැකි ය.
18. අපට තවත් කිනම් ප්‍රීතියක් මෙනෙහි කළ හැකි ද?
18 අපගේ පොළොව, යෙහෝවඃ වහන්සේ එය පවතින්නට මැවූ ආකාරයට සනීපදායක ආහාර, නිර්මල ජලය, හා පවිත්‍ර වාතය සහිත ව, පරිපූර්ණ භූ සමතුලනයට යළි පත් කිරීම ගැනත් කල්පනා කර බලන්න. ජීවිතය එවිට, පරිපූර්ණත්වයේ හුදු අකර්මණ්‍ය භුක්තිවිඳීමක් නොවේ. නමුත්, ප්‍රීතිමත් ක්‍රියාකාරකම්වල ක්‍රියාශීලී හා අර්ථවත් සහභාගිත්වයක් වනු ඇත. අපරාධ, උඩඟුකම, ඊර්ෂ්‍යාව, දබර කර ගැනීම යනාදියෙන් තොර ලෝක ව්‍යාප්ත මනුෂ්‍ය සමාජයක්—සියල්ලන් විසින් ශුද්ධාත්මයේ ඵල දියුණු කර නිපදවනු ලබන සහෝදරයත්වයක් කල්පනා කර බලන්න. කොතරම් හද දනවන දෙයක් ද!—ගලාති 5:22, 23.
ජීවත්වීම වටිනා දෙයක් කරවන බලාපොරොත්තුව
19. (අ) රෝම 12:12 හි දක්වා ඇති ප්‍රීති වීම අත් දැකීමට ඇත්තේ කවදා ද? (ආ) අපගේ බලාපොරොත්තුව පසෙකට තල්ලු කිරීමට ජීවිතයේ බරට ඉඩ නොදීමට අප අධිෂ්ඨාන කළ යුත්තේ මක්නිසා ද?
19 ඉෂ්ට වූ අපේක්ෂාව තව දුරටත් බලාපොරොත්තුවක් නොවන බැවින්, පාවුල් විසින් රෝම 12:12 හි දිරිගන්වනු ලබන සන්තෝෂය අත් දැකිය යුත්තේ දැන් ය. (රෝම 8:24) දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගෙනෙන්නා වූ අනාගතික ආශීර්වාදයන් ගැන කල්පනා කිරීම පමණින් ම එම බලාපොරොත්තුවෙහි දැන් අපට ප්‍රීති වීම සඳහා හේතුවක් වන්නේ ය. එබැවින් දූෂිත ලෝකයක ඇති ජීවිතයේ දුෂ්කරතාවන්ට ඔබගේ තේජාන්විත බලාපොරොත්තුව පසෙකට තල්ලු කිරීමට ඉඩ නෑරීමට අධිෂ්ඨාන කර ගන්න. ඉදිරියේ ඇති බලාපොරොත්තුව පිළිබඳ ව දෘෂ්ටිය නැති කර ගනිමින්, දුබල වී වෙහෙසට පත් නොවන්න. (හෙබ්‍රෙව් 12:3) ක්‍රිස්තියානි මාර්ගය අත්හැරීම ඔබගේ ගැටලු විසඳන්නට යන්නේ නැත. යමෙක් දැන් ජීවිතයේ පවතින සියලු බර හේතුවෙන් දෙවියන් වහන්සේට සේවය කිරීමෙන් ඉවත් වන්නේ නම්, ඔහු තව දුරටත් එම බරවල්වලින් ග්‍රහණය වනු ඇති නමුත්, බලාපොරොත්තුව නැති කර ගනු ඇත, එසේ ඉදිරියේ ආශ්චර්යමත් අපේක්ෂාවන්හි ප්‍රීති වීමට ඇති හැකියාව ද ඔහු අහිමි කර ගනු ඇත.
20. රාජ්‍යය බලාපොරොත්තුව එය වැළඳ ගන්නා අය කෙරෙහි ඇති කරනුයේ කිනම් බලපෑම ද, එමෙන් ම ඒ මක්නිසා ද?
20 යෙහෝවඃ වහන්සේගේ ජනයාට සන්තෝෂදායක ජීවිත ගත කිරීමට සෑම හේතුවක් ම ඇත. ඔවුන්ගේ දීප්තිමත්, පොලඹවන සුලු බලාපොරොත්තුව ජීවිත් වීම වටිනා එකක් කරවයි. තවද ඔවුහු එම ප්‍රීතිදායක බලාපොරොත්තුව තමන්ට ම සීමා කර නොගනිති. නැත, ඔවුහු එය අන්‍යයන් සමඟ බෙදා ගැනීමට උත්සුක වෙති. (2 කොරින්ති 3:12) එසේ රාජ්‍යය බලාපොරොත්තුව වැළඳ ගන්නා අය නිසැක ජන කොටසක් වන අතර ඔවුහු දෙවියන් වහන්සේගෙන් වූ ශුභාරංචිය අන්‍යයන්ට පැවසීමෙන් ඒ අය ද දිරිගැන්වීමට ද උත්සහ කරති. පොළොව යළි පාරාදීසයක් බවට පත් කරන්නා වූ රාජ්‍යයේ බලාපොරොත්තුව පොදුවේ මනුෂ්‍ය වර්ගයාට දෙන ලද ආශ්චර්යමත් බලාපොරොත්තුව සහිත පණිවුඩය—පිළිගන්නා අයගේ ජීවිත පූර්ණත්වයට පත් කරයි. ජනයා එය පිළි නොගත්තත්, අපට බලාපොරොත්තුව ඇති බැවින්, අපි තව දුරටත් ප්‍රීති වන්නෙමු. පරාජිතයන් වනුයේ අප නොව, සවන් නොදෙන්නන් ය.—2 කොරින්ති 4:3, 4.
21. අත ළඟ ඇත්තේ කුමක් ද, එමෙන් ම අප අපගේ බලාපොරොත්තුව තක්සේරු කළ යුත්තේ කෙසේ ද?
21 දෙවියන් වහන්සේගේ පොරොන්දුව වනුයේ: “බලව, සියල්ල අලුත්කරමි” යන්න ය. (එළිදරව් 21:5) එහි සියලු ප්‍රමුදිත කරවන හා නිමාවක් නොමැති ආශීර්වාදයන් සමඟින් අලුත් ලෝකය අත ළඟ ය. අපගේ බලාපොරොත්තුව—ස්වර්ගීය හෝ පාරාදීස පොළොවක් මත ජීවිතය—මාහැඟි යමකි; එය තදින් අල්ලා ගෙන සිටින්න. මෙම අන්තරා සහිත අන්තිම දවස්වල, කවරදාකටත් වඩා එය “ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, . . . නැංගුරමක් මෙන්” සලකන්න. “සදාකාල පර්වතයක්—සියලු යුගවල පර්වතයෝ” වූ යෙහෝවඃ වහන්සේ කෙරෙහි නොසැලෙන සේ රඳවා ගත් අපගේ බලාපොරොත්තුවෙන් යුක්ත ව, අප ඉදිරියේ තබා ඇති ‘බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්නට’ දැන් ම ශක්තිමත් හා ප්‍රබෝධවත් කරවන සුලු හේතු අපට නිසැක ව ම ඇත.—හෙබ්‍රෙව් 6:19; යෙසායා 26:4, දි ඇම්ප්ලිෆයිඩ් බයිබල්. w91 12/15
[පාදසටහන්වල]
a වර්ෂ 1992 තුළ, ලෝක ව්‍යාප්ත ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් වාර්ෂික පදය ලෙස මෙය තබා ගනු ඇත: “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; . . . යාච්ඤාවෙහි නොකඩවා පවතින්න.”—රෝම 12:12, NW.
පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න
◻ මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව කුමක් ද?
◻ සැබෑ ප්‍රීතිය යනු කුමක් ද?
◻ අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන්ගේ ආශ්චර්යමත් සුව කිරීම බොහෝ දුරට සිදු විය හැක්කේ කොයි අවස්ථාවේ ද?
◻ ජීවිතයේ බර අපගේ බලාපොරොත්තුව පසෙකට තල්ලු කිරීමට අප ඉඩ නෑරිය යුත්තේ මක්නිසා ද?
◻ නව ලෝකයේ ඔබ ආශාවෙන් බලාපොරොත්තු වනුයේ කිනම් ප්‍රීතිමත් දේවල් ද?
[9වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ ඉටු කළා වූ සුව කිරීමේ ආකාරයන් සියැසින් දැක ගැනීම ඔබගේ හෘදය ප්‍රීතියෙන් පුරවනු නැත්ද?
[10වන පිටුවේ පින්තූරය]
රාජ්‍යයෙහි ප්‍රීතිවන්නෝ සිය බලාපොරොත්තුව බෙදා ගැනීමෙන් අන්‍යයන් දිරිගන්වති