නමස්කාරයේ දී ඔවුන් ශුද්ධ වස්තු භාවිතා කිරීමට හේතුව
ඉතාලියේ, නේපල්ස් නගරය. අපගේ පොදු යුගයේ 18වන සියවසේ මුල් අවධියේ ඔබ එහි සිටිනවා යයි සිතන්න. එහි ප්‍රධාන පල්ලියේ, අයර්ලන්ත ජාතික දාර්ශනික ජෝර්ජ් බර්ක්ලේ ප්‍රසිද්ධ ආගමික ශුද්ධ වස්තුවක් ඉදිරියේ සිට ගෙන සිටී. පෙනෙනාකාරයට කතෝලික “සාන්ත” ජැනුරියුස් හෙවත් “සැන් ගෙන්නාරෝගේ” රුධිරය ද්‍රව වන සැටි ඔහු බලා සිටින්නේ අවිශ්වාසයෙන් යුතු ව ය.
මේ සම්බන්ධයෙන් නැප්ල්ස් වෙනස් වී ඇත්තේ මඳ වශයෙනි. උදාහරණයක් වශයෙන්, මෑත වසරවල දී, අයහපත් කාලගුණය නොසලකා මහජනයා පල්ලිය වෙත එක් රොක් වන්නට වූ අතර, ප්රාතිහාර්යයක් සිදු වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ශුද්ධ වස්තුව සහ අගරදගුරු කාදිනල් විසින් මෙහෙය වනු ලැබූ පෙරහැර, අත් පොළසන් මැද උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි. එසේ ය, මේ වනාහි “සැන් ගෙන්නාරෝගේ” රුධිරය ද්‍රව බවට පත් වී යයි පෙනුණු අවස්ථා කිහිපයෙන් එක් අවස්ථාවක් විය. මෙම ආගමික ශුද්ධ වස්තුව සම්බන්ධයෙන් ප්රාතිහාර්ය 14වන සියවසේ සිට සිදු වී ඇතැයි වාර්තා වේ.
කතෝලික සම්ප්රදායන්හි පැවසෙන පරිදි, ශුද්ධ වස්තුවක් [relic] (රෙලින්ක්යුවර්, යන ලතින් වදනෙන් රැගත්, “තබා යෑම” යන අරුත දෙයි) යනු සාන්තුවරයෙකු ලෙස සලකනු ලබන පුද්ගලයෙකු විසින් තබා ගොස් ඇති යම් වස්තුවකි. ඩිසියෝනාරියෝ එක්ලිස්ටියාස්ටිකෝ ගෙන හැර දක්වන පරිදි, “වචනයේ නියම සාරය සහිත අර්ථය ගත් කළ,” ශුද්ධ වස්තු හෙවත් ධාතු නෂ්ටාවශේෂ යනු, “සාන්තුවරයාගේ ශරීරය හෝ ශරීරයේ කොටස් සහ අළු ය.” පුළුල් අර්ථයකින් ගත් කළ, මෙය සාන්තුවරයාගේ සිරුරේ ස්පර්ශ වීම නිසා එය භක්තිය ලැබීමට සුදුසු වස්තුවකි.”
පාප් අනුමැතිය
ආගමික ශුද්ධ වස්තු සම්බන්ධ කර ගෙන සිදු වෙනවා යයි පෙනෙන්නට තිබෙන ප්රාතිහාර්ය හේතුවෙන් බොහෝ දෙනා ඒවා ගෞරවයෙන් සලකන බවට කිසිදු සැකයක් නැත. පාප් අනුමැතිය මේවායේ ජනප්‍රිය භාවයට තවත් සාධකයක් බව පෙනී යයි.
අඩු තරමින් පසුගිය වසර 70 තුළ සිටි පාප්වරු හතර දෙනෙක් ශුද්ධ වස්තුවලට විශේෂ අවධානයක් දී තිබේ. දොළොස්වන පියුස් පාප්, තමාගේ පූර්වගාමියා වූ XIවන පියුස් මෙන්, සාන්ත ලිසියූගේ නෂ්ටාවශේෂ තමා ළඟ ම තබා ගත්” බව එක් කාලීන කතෝලික ප්රකාශනයක් පවසයි. හයවන පාවුලු, “අධ්‍යයනය කටයුතුවල දී අපෝස්තුලු [තෝමස්ගේ] ඇඟිල්ලක් තමා ළඟ තබා ගෙන සිටි” අතර, 2වන ජුවාම් පාවුලු පාප්, “සාන්ත බෙනඩික්ට්” සහ “සාන්ත ඇන්ඩෲ” යන අයගේ සිරුරුවල . . . කොටස් තමාගේ ම කාමරයේ තබා ගෙන සිටී.”—30 ජියෝර්නි, 1990, මාර්තු, 50 පිටුව.
එවන් පාප් අනුමැතියක් තිබීම ගැන බලන කළ, පුද්ගලික වශයෙන් සහ ප්‍රසිද්ධ ලෙස ශුද්ධ වස්තුවලට භක්තිය පිදීම වැඩි වී තිබීම ගැන පුදුමවෙන්නට දෙයක් නැත. එහෙත්, ආගමික ශුද්ධ වස්තුවලට භක්තිය පිදීම දෙවියන් වහන්සේට ප්‍රසන්න ද? w91 11/15
[3වන පිටුවේ පින්තූරය]
ආගමික ශුද්ධ වස්තු ආරක්ෂා කොට තිබෙන ධාතු කරඬුවක්
[හිමිකම් විස්තර]
Courtesy of The British Museum