රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සත්‍යය සොයන්නෝ අනියම් සාක්ෂි දැරීමට ප්‍රතිචාර දක්වති
බැටළු ගුණැති පුද්ගලයන් මාහැඟි එඬේරාණන්ගේ කට හඬට ප්‍රතිචාරය දක්වන බව බයිබලය අපට දන්වයි. (යොහන් 10:27) බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රටවල තත්ත්වය වී ඇත්තේ මෙයයි.
◻ නිදසුනක් වශයෙන්, වර්ෂ 1988, නත්තලට දවස් කිහිපයකට පෙර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක් වූ පැමලා, තමා වැඩ කළ කාර්යාලයේ දුරකථනයෙන් පිළිතුරු දෙමින්, එම සමාගමට ම සේවය කරමින් සිටි එංගලන්තයේ වෙනත් ප්‍රදේශයක වූ අලෙවිකරුවෙකුට කථා කළා ය. ඇමතුම අවසානයේ, “ඔබ දැන් නත්තලට සූදානම් ද?” යයි මිනිසා ඇසී ය. “නැත!” යයි පැමලා පිළිතුරු දුන්නා ය. “ඔබ දැනටත් ටිකක් ප්‍රමාදයි නේද?” යනුවෙන් අමතන්නා ප්‍රශ්න කළේ ය. “මං නත්තල් පවත්වන්නේ නැහැ” යනු පැමලාගේ පිළිතුර විය. මෙය අසමාන්‍යය දෙයක් බව කී මිනිසා ඒ මන්දැයි ඇගෙන් විමසුවේ ය. තමා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක බව පැවසූ පැමලා, යේසුස් වහන්සේ උපන් දිනය පවත්වන ලෙසට බයිබලයේ ආඥාවක් දී නොමැති බවත්, මීට අමතර ව, යේසුස් වහන්සේ දෙසැම්බර් 25දා ඉපදුණේ නැති බවත් පැහැදිලි කර සිටියා ය. එපමණක් ද නොව, නත්තල මූලාරම්භයේ දී මිථ්‍යා උත්සවයක් යැයි ද පැවසුවා ය. මේ සියල්ල ම ඉතා උනන්දුව ඇති කරවන සුලු බව තමාට හැඟී ගියේ යයි අමතන්නා කියා සිටියේ ය.
මාස තුනකට පසු ව, පැමලා දුරකථනයට පිළිතුරු දුන් අතර, අමතන්නා මෙසේ පැවසී ය: “නත්තලට පෙර ඔබ මට කථා කොට, ඔබ නන්තල් පවත්වන්නේ නැති බව කීවා ඔබට මතක ද? ඔව්, මා සත්‍යය සොයා ගෙන තිබෙනවා!” ඒ කථා කළේ එම මිනිසා ම ය, තව ද, නත්තලට සති දෙකකට පසු ව, සාක්ෂිකරුවන් දෙදෙනෙක් තම නිවසට පැමිණි බව ඔහු පැහැදිලි කළේ ය. ඔහු ඔවුන් ව ඇතුළට ආරාධනා කළ අතර, බයිබල් පාඩමක් පටන් ගැණිනි. තමා තම පාඩම්වල සීඝ්‍ර වර්ධනයක් ලැබූ බව ඔහු විස්තර කළේ ය. තම ජීවිත රටාව යෙහෝවඃ වහන්සේට ප්‍රසන්න නොවන බව තමා සමඟ එකට ජීවත් වූ පෙම්වතියට ඔහු පැවසූ අතර, ඉන් පසු ඔවුහු වෙන් වූහ, දැන් ඔවුන් දෙදෙනා ම රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට සහභාගි වෙමින් සිටිත්.
එම වසර අවසානයේ දී, ඔවුන් දෙදෙනා ම බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වශයෙන් පිළිගනු ලැබූ අතර, 1990 වසරේ මුල් අවදියේ දී ඔවුහු විවාහ වූහ. ඉන් පසු ඔවුහු එකට බව්තීස්ම වූවෝ ය. දුරකථනයෙන් කළ කෙටි අනියම් සාක්ෂි දැරීමක් නිසා ලත් ඉතා කදිම ප්රතිඵලයකි!
◻ එංගලන්තයේ අනියම් සාක්ෂි දැරූ තවත් සහෝදරියකට යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කළ සේක. රක්ෂණ සමාගමක එක් මිනිසෙකු ඇගේ නිවසට පැමිණි විට, හොඳ සෞඛ්‍යය, සන්තෝෂය, සහ සදාකාල ජීවනය සහතික ව ම ලබා ගැනීමට ඔහු කැමැති දැයි ඈ ඔහුගෙන් ඇසුවා ය. ඔව් යයි පැවසූ ඔහු ඈ කථා කරමින් සිටින්නේ කුමන රක්ෂණ ක්‍රමය ගැන දැයි ඇගෙන් ඇසී ය. පොළොව මත පාරාදීසයක සදාකාල ජීවනය පිළිබඳ බයිබලයේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ගැන පෙන්වනු ලැබුවායින් පසු, ඔහු පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොතේ පිටපතක් ලබා ගත් අතර, එම මුළු ප්රකාශනය ම එක් සැන්දෑවක් තුළ කියෙව්වේ ය. ඔහු නැවතත් එම සහෝදරී ව මුණ ගැසුණු විට, තමාට මෙම තොරතුරු විශ්වාස කිරීමට ඇදහිල්ල තිබුණා නම් එය කදිම යයි ඔහු ඈ හට පැවසී ය. බයිබලය පාඩම් කිරීමටත් රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණීමටත් ඔහුට අවශ්‍ය බව සහෝදරිය ඔහුට පැහැදිලි කළා ය. බයිබල් පාඩමක් සූදානම් කරන ලදි, තව ද ඔහු රැස්වීම්වලට පැමිණීමට පටන් ගත්තේ ය, එම වසරේ ම සරත් ඍතුවේ දී, ඔහු බව්තීස්මය ලැබී ය. හරියට ම වසරකට පසු ව, තමාට පළමුවෙන් සාක්ෂි දැරූ සහෝදරියගේ දියණිය සමඟ ඔහු විවාහ වූයේ ය. සහෝදරිය මෙසේ පවසන්නී ය: “ඉතින්, මම මගේ අනියම් සාක්ෂි දැරීම තුළින් සහෝදරයෙකු ව සහ බෑනා කෙනෙකු ව ලබා ගත්තෙමි!”
සත්‍ය කරුණක් නම්, අනියම් සාක්ෂි දැරීම මගින් සත්‍යය සොයන්නන් හට බයිබල් සත්‍යය ගෙන යන විට ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන බවයි. යේසුස් වහන්සේ වදාළාක් මෙන්, උන් වහන්සේගේ බැටළුවෝ උන් වහන්සේගේ හඬ අසති. w91 11/1