ප්රාතිහාර්යයන් නිෂ්ප්රභා කිරීමට විද්‍යාවට හැකි ද?
බයිබලයේ සඳහන් ප්රාතිහාර්යයන් ඇත්තට ම සිදුවුවා ද? එසේ නොවේ යයි පවසන විද්‍යාඥයන් සහ ආගමික නායකයන් ඇතුලු බොහෝ දෙනෙක් සිටිත්. ප්රතිහාර්යයන් පිළිබඳ ව විශ්වාස කිරීම මිථ්‍යා ලබ්ධික යුගයට අයත් බවත්, එය සිදුවීමට ඇති හැකියා ව නවීන විද්‍යාවෙන් නිෂ්ප්රභා කොට ඇති බවත් ඔවුනට හැඟේ. මෙබැවින් ලන්ඩන් නුවර, ද ටයිම්ස් පුවත් පතේ පළ කරන ලද, විද්‍යඥයන් ගණනාවක් විසින් අත්සන් තබන ලද සටහන සැලකිල්ලට ගැනීම වටී. එය මෙසේ පවසයි:
“ප්රතිහාර්යයන්ට එරෙහිව යම් තර්කයක් වශයෙන් විද්‍යාව භාවිතා කිරීම කර්කානුකූල ව වලංගු නොවෙයි. ප්රතිහාර්යයන් සිදුවන්නේ නැතැයි විශ්වාස කිරීම, ඒවා සිදුවෙන්නට පුලුවන් යයි ඇදහීම හා සමාන විශ්වාසයේ ක්‍රියාවක් වෙයි. . . . ප්රාතිහාර්යයන් වනාහී පෙර නොදුටු විරූ සිදුවීම් ය. දර්ශනවාදයේ වත්මන් යම් යම් ආකාරයන් හෝ මතිමතාන්තර පිළිබඳ චන්ද විමසීම්වලින් කුමක් හෙළිවුව ද, මෙම විෂය ගැන (කලින් සිදුවූ සිදුවීම් මත කරන ලද නිර්ක්ෂණයන් මත පදනම් ව ඇති) විද්‍යාවට කිසිවක් පවසන්නට නොහැකි බව සහතික ව ම කියා සිටීම වැදගත් ය. විද්‍යාවේ ‘නීති’ හුදෙක් අපගේ අත්දැකීම්වල අනුසාරයෙන් පොදු වශයෙන් නියම කර ගත් යම් අවබෝධයක් පමණයි. ඇදහිල්ල පවතින්නේ වෙනත් පදනම් මත ය.” (ඇද අකුරු අපගේ ය.) ඇත්ත වශයෙන් ම, බයිබලයේ වාර්තා ගත වී ඇති ප්රාතිහාර්යයන් පිළිබඳ වාර්තාවන් නිෂ්ප්රභා කිරීමට නවීන විද්‍යාවට කිසිම මඟක් නැත. w91 10/1