බලයලත් මුලාදෑනීන්ට අපගේ සාපේක්ෂී යටත්වීම
“එබැවින් . . . ඔබට යටත් වෙන්ට බල කරවන හේතු ඇත්තේ ය.”—රෝම 13:5 NW.
වර්ෂ 1940, ජනවාරි 7 වන දින, ෆ්රාන්ස් රෙයිටර් ඇතුළු තවත් ඔස්ට්‍රියානුවන් පස් දෙනෙක් ගිලටිනයෙන් ඝාතනය කරනු ලැබුවාහ. ඔවුන් බයිබල් අනාවැකි සොයන්නන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් වූ අතර, ඔවුන් මැරුණේ තමන්ට හිට්ලර්ගේ ජර්මන් පාලනය වෙනුවෙන් හෘදය සාක්ෂියට එකඟ ව අවි දැරීමට නොහැකි වූ නිසා ය. රෙයිටර්, සිය ඇදහිල්ල වෙනුවෙන් දෙවන ලෝක යුද්ධය තුළ දිවි පිදූ දහස් සංඛ්‍යාත සාක්ෂිකාරයින් අතරින් එක් කෙනෙක් පමණි. තවත් විශාල සංඛ්‍යාවක් ගාල් කඳවුරුවල දීර්ඝ කාලයකට විඳදරා ජීවත් වුනාහ. මේ සියල්ලන් ම නාට්සි බලයලත් මුලාදෑනීන්ගේ ‘කඩුවෙන්’ දුක් වින්ඳේ ‘නපුර කළ’ නිසා ද? (රෝම 13:4) සහමුලින් ම නැත! මෙම ක්‍රිස්තියානීන් මුලාදෑනීන් යටතේ වේදනා වින්ඳ ද, රෝම 13 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වූ බව පාවුල් වැඩි දුරටත් ලියූ වචනවලින් පෙන්වයි.
2 රෝම 13:5 හි, එම ප්‍රේරිතයා ලියනුයේ: “එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද ඔබට යටත් වෙන්ට බල කරවන හේතු ඇත්තේ ය” යනුවෙනි. [NW] ඊට කලින්, මුලාදෑනියා විසින් “කඩුව” දැරීම, ඊට යටත් වීම සඳහා හොඳ හේතුවක් වන්නේ යයි පාවුල් පැවසී ය. මෙහි දී, කෙසේ නමුත්, හෙතෙම වඩා ස්ථීර හේතු සාධකයක්, එනම්: හෘදයසාක්ෂිය, ඉදිරිපත් කරයි. අප “ඇදහිල්ල සහ ප්‍රේමයෙන් [පවිත්‍ර හෘදයසාක්ෂියකින් NW] යුක්තව” දෙවියන් වහන්සේට සේවය කිරීමට වෑයම් දරමුව. (2 තිමෝති 1:3) බලයලත් මුලාදෑනීන්ට යටත් වන ලෙස බයිබලය අපට පවසන අතර අප කීකරු වනුයේ, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ හරි දෙය කිරීමට අපට අවශ්‍ය ව ඇති නිසා ය. (හෙබ්‍රෙව් 5:14) ඇත්ත වශයෙන් ම, බයිබලයට එකඟ ව පුහුණු කරවන ලද අපගේ හෘදයසාක්ෂිය අප පරික්ෂා කිරීමට කිසි මනුෂ්‍යයෙක් නොසිටින විට පවා අධිපතීන්ට කීකරු වීමට අප ව පොළඹන්නේ ය.—දේශනාකාරයා 10:20 සසඳන්න.
“නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය”
3 නයිජීරියාවේ වසර ගණනාවකට පෙර, බදු ගෙවීම සම්බන්ධයෙන් කැරලි කෝලහාල ඇති විය. කීප දෙනෙක් මිය ගිය අතර මුලාදෑනීන් හමුදාව කැඳ වී ය. හමුදා භටයින්, රැස්වීමක් පැවැත්වෙමින් තිබූ රාජ්‍ය ශාලාවකට ඇතුල් වී, එම රැස්වීමේ අරමුණ බලකරමින් විමසුවාහ. එය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ බයිබල් අධ්‍යයන රැස්වීමක් බව සොයා ගැනීමෙන් පසු, එහි කාර්ය භාර නිලධාරියා: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් බදු පැහැර හරින්නන් නොවේ” යයි පවසමින්, ඉන් පිටතට යන ලෙස එම හමුදා භටයින්ට කීවේ ය.
4 නයිජීරියාවේ සාක්ෂිකාරයින්, “එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදීසිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය” යන පාවුල්ගේ වදන්වලට එකඟ ව ජීවත් වීම උදෙසා නම්දරා සිටියාහ. (රෝම 13:6) ‘කායිසර්ගේ දේ කායිසර්ට දීපල්ලා’ යන රීතිය යේසුස් වහන්සේ දුන් විට, උන් වහන්සේ බදු ගෙවීම ගැන කථා කරමින් සිටි සේක. (මතෙව් 22:21) ලෞකීක මුලාදෑනීන් මාර්ග, පොලිස් ආරක්ෂාව, පුස්තකාල පහසුකම්, ප්‍රවාහන පද්ධති, පාසල්, තැපැල් සේවාව, මෙන් ම තවත් බොහෝ දෑ සපයත්. අප බොහෝ විට මෙම සැපයුම් පාවිච්චියට ගන්නෙමු. එබැවින්, අප අපගේ බදු මාර්ගයෙන් ඒවා සඳහා ගෙවීම, යුතු හරි දෙය වන්නේ ය.
“සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා”
5 පාවුල් තවදුරටත්: “එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දීපල්ලා; භයවෙන්ට නිස්සාට භයවෙයල්ලා ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරපල්ලා” යයි ද පවසයි. (රෝම 13:7) “සියල්ලන්” යන වචනය, දෙවියන් වහන්සේගේ පොදුජන සේවකයෙක් ව සිටින්නා වූ සියලු ලෞකීක මුලාදෑනීන්ට අදාළ වේ. මෙහිලා නියමයට එකඟ නොවන කිසිත් නොමැත. අප පුද්ගලීක ව නොකැමති දේශපාලන ක්‍රමයක් යටතේ ජීවත් වෙතත්, අපි බදු ගෙවන්නෙමු. අප ජීවත් වන ප්‍රදේශයන් හි ආගම් බදුවලින් නිදහස් කර ඇත්තේ නම්, සභාවන්ට මෙයින් ප්‍රයෝජන ගත හැකි ය. එමෙන් ම වෙනත් පුරවැසියන් මෙන්, ක්‍රිස්තියානීන්ට තමන් ගෙවන්නා වූ බදු සීමා කිරීමට කර ඇති ඕනෑ ම නීතිමය සැපයුමක් පාවිච්චියට ගත හැකි ය. එහෙත් කිසිදු ක්‍රිස්තියානියෙක් නීති විරෝධි ලෙස බදු ගෙවීම පැහැර නොහළ යුතු ය.—මතෙව් 5:41; 17:24-27 සසඳන්න.
6 කෙසේ නමුත්, ඇතැම් විට, එම බදු අයුක්ති සහගත බව පෙනෙන්නට පුළුවන. නොඑසේ නම්, එම බදු මුදලින් කොටසක් නොමිලයේ සිදු කෙරෙන ගබ්සාව, ලේ බැංකු, හෝ අපගේ මධ්‍යස්ථ මතවලට පටහැනි වන්නා වූ වැඩසටහන් වැනි, අප එකඟ නොවන්නා වූ යමකට වැය කෙරේ නම් කුමක් ද? අප තවදුරටත් අපගේ සියලු බදු ගෙවන්නෙමුව. මුලාදෑනියා විනිශ්චය කිරීමට අපට අධිබලයක් පවරා නැත. දෙවියන් වහන්සේ ‘පොළොවේ විනිශ්චයකාරයාණන්’ වන අතර ස්වකීය නියම කාලයේ දී, තමන් සිය මුලාදෑනිකම පාවිච්චි කර ඇති ආකාරය පිළිබඳව, උන් වහන්සේ ආණ්ඩු සමඟ ගණන් ගැනීමක් කරනු ඇත. (ගීතාවලිය 94:2; යෙරෙමියා 25:31) එය සිදු වන තුරු, අප අපගේ බදු ගෙවන්නෙමු.
7 මුලාදෑනියා අපට හිංසා පීඩා කරන්නේ නම් කුමක් ද? දෛනික ව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් අප තවදුරටත් බදු ගෙවනු ඇත. එක්තරා අප්‍රිකානු රටක හිංසා පීඩා විඳින්නා වූ සාක්ෂිකාරයින් සම්බන්ධයෙන්, සැන් ෆ්රැන්සිස්කෝ එක්සෑමිනර් පැවසුවේ: “ඔබ ඔවුන් ආදර්ශවත් පුරවැසියන් ලෙස කල්පනා කළ හැකි ය. ඔවුන් බදු අප්‍රමාද ව ගෙවන්නාහ, රෝගාතුර වූවන් රැකබලා ගන්නාහ, අකුරු නොදත් අයගේ තත්ත්වය දියුණු කරති.” යනුවෙනි. එසේ ය, හිංසා පීඩා කරන ලද එම සාක්ෂිකරුවන් සිය බදු ගෙව්වාහ.
“භයවෙයල්ලා” එමෙන් ම “ගෞරවකරපල්ලා”
8 රෝම 13:7 හි “භය,” බියගුලු භයක් නොව, ඒ වෙනුවට, එහි නීතිය කඩ කිරීමට ඇති භයක්, ලෞකීක මුලාදෑනීන් සඳහා ගෞරවයක් වන්නේ ය. මෙම ගෞරවය දෙනු ලබන්නේ පවරනු ලැබ ඇත්තා වූ තත්ත්වය නිසා විනා, නිතර එම තත්ත්වය සපුරන්නා වූ පුද්ගලයා නිසා නොවේ ය. බයිබලය, අනිවැකිමය ලෙස රෝමානු අධිරාජයා වූ තිබේරියස් ගැන කථා කරන විට, ඔහු ව “නීචයෙක්” ලෙස හඳුන්වයි. (දානියෙල් 11:21) එහෙත් හෙතෙම අධිරාජ්‍යයා වූ අතර, ඒ හේතුවෙන්, ක්‍රිස්තියානියෙක් ඔහුට භය හා ගෞරවය ගැති ව සිටියේ ය.
9 ගෞරවය ගැන සැලකීමේ දී, ආගමීක තත්ත්වයන් මත පදනම් නම්බුනාම නොදීමට වූ යේසුස් වහන්සේගේ ආඥාව අප අනුගමනය කරන්නෙමු. (මතෙව් 23:8-10) එහෙත් ලෞකීක මුලාදෑනින් ගත් කල, ඔවුනට ගෞරව කිරීමට අවශ්‍ය කරන්නා වූ ඕනෑ ම නම්බුනාමයකින් ඔවුන් ඇමතීමට අප සතුටු වන්නෙමු. රෝමානු පාලකයිනට කථා කිරීමේ දී, පාවුල් “ගරුතර” යන වචනය පාවිච්චි කළේ ය. (ක්‍රියා 26:25 පො. න. .අ.) දානියෙල් “මාගේ ස්වාමිනී” කියා නෙබුකද්නේශර් ඇමතී ය. (දානියෙල් 4:19) අද දින, ක්‍රිස්තියානීන් “ස්වාමිනී” නැතහොත් “අති ගරු” වැනි ප්‍රකාශයන් භාවිතා කළ හැකි ය. විනිශ්චයකාරයෙක් නඩු ශාලාවට පිවිසෙන විට නැගී සිටීම හෝ පාලකයෙක් ඉදිරියේ ගෞරවනීය ලෙස නැමී ආචාර කිරීම සිරිතක් වේ නම්, ඔවුනට එසේ කරන්නට හැකි ය.
සාපේක්ෂී යටත්භාවය
10 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් මනුෂ්‍ය මුලාදෑනීන්ට යටත් වන බැවින්, ෆ්රාන්ස් රෙයිටර් මෙන් ම තවත් බොහෝ අය තමන් විඳි ලෙස, පීඩා වින්ඳේ මක්නිසා ද? ඊට හේතුව අපගේ යටත්වීම සාපේක්ෂී වන අතර, මුලාදෑනීන් නිතර තමන් බලෙන් ඉල්ලා සිටිය හැකි දේ පිළිබඳව, බයිබලයේ පනවන ලද සීමා ඇති බව පිළි නොගැනීම ය. මුලාදෑනීන්, පුහුණු කරන ලද හෘදයසාක්ෂියකට වරද තබන්නා වූ යමක් බලෙන් ඉල්ලා සිටතහොත්, එය ඊට දෙවියන් වහන්සේ විසින් දෙන ලද සීමාව ඉක්ම යන්නකි. යේසුස් වහන්සේ, “කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා” යයී වදාළ විට, මෙය ඇඟ වූ සේක. (මතෙව් 22:21) කායිසර්, දෙවියන් වහන්සේට අයත් දෙය බලෙන් ඉල්ලා සිටින විට, දෙවියන් වහන්සේට මූලික හිමිකමක් ඇති බව අප පිළිගත යුතු ය.
11 මෙම තත්ත්වය විප්ලවකාරී හෝ ද්‍රෝහිකාර වනුයේ ද? කිසිසේත් නැත. මෙය ඇත්ත වශයෙන් ම, ශිෂ්ඨ සම්පන්න රටවල් බොහොමයකින් පිළිගත් ප්රතිපත්තියක වැඩි යමක් වෙයි. පහලොස් වන ශත වර්ෂයේ, පීටර් වොන් හැගන්බාක් නැමැත්තෙක්, තමාට මුලාදෑනිකම තිබූ යුරෝපා ප්‍රදේශයේ ත්‍රස්ත කරවන පාලනයක් මුලපිරීම වෙනුවෙන් නඩු විභාගයට ලක් කරනු ලැබී ය. තමා හුදෙක් සිය ස්වාමියා වූ, බර්ගන්ඩිහි ආදිපාදයාගේ අණ අනුගමනය කරමින් සිටි බවට වූ සිය නිදහසට කරුණු ප්‍රතික්ෂේප කරනු ලැබී ය. දාමරික ක්‍රියා කරන්නා වූ තැනැත්තෙක් බලයලත් මුලාදෑනියෙකුගේ අණ අනුගමනය කරන්නේ නම් ගණන් දිය යුතු නැත යන බලවත් ප්‍රකාශය එවක් පටන් වාර බොහොමයක්—කැපී පෙනෙන ලෙස නියුරෙම්බර්ග් හි ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නාට්සි යුද්ධ අපරාධකරුවන් විසින් කරනු ලැබ ඇත. මෙම බලවත් ප්‍රකාශය සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ය. එම ජාත්‍යන්තර අධිකරණය එහි විනිසුමෙහි පැවසුවේ: “එක් එක් රට මගින් පනවන ලද අවනත භාවයේ ජාතික බන්ධනය ඉක්මවා යන්නා වූ ජාත්‍යන්තර පුද්ගලයින්ට යුතුකම් ඇත්තේ ය” යනුවෙනි.
12 දෙවියන් වහන්සේගේ සේවකයින් බලයලත් මුලාදෑනීන්ට තමන් හෘදයසාක්ෂියට එකඟව ගැතිව සිටින්නා වූ යටත් භාවයට සීමාවන් ඇති බව පිළිගෙන ඇත්තාහ. මෝසෙස් මිසරයේ ඉපදුන කාලයේ දී, ඵාරාවෝ අලුත උපන් සියලු හෙබ්‍රෙව් පිරිමි දරුවන් මැරීමට හෙබ්‍රෙව් වින්නඹුවන් දෙදෙනෙකුට අණ කළේ ය. එම වින්නඹුවන්, කෙසේ නමුත්, එම ළදරුවන් පණපිටින් ආරක්ෂා කළාහ. ඔවුන් ඵාරාවෝට අකීකරු වීමෙහි වැරදි සහගත වූවෝ ද? නැත, ඔවුන් දෙවියන් වහන්සේ විසින් තමන්ට දෙන ලද හෘදයසාක්ෂිය අනුගමනය කරමින් සිටි අතර දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද කළ සේක. (නික්මයාම 1:15-20) ඉශ්රායෙල්වරුන් බබිලෝනියේ වහලුන් ව සිටි කාලයේ, ෂද්‍රක්, මේෂක්, අබේද්නෙගෝ ඇතුළු සිය නිලධාරීන්ට, තමන් දූරා සමභූමියෙහි තැබූ රූපයක් ඉදිරියේ වැටී නමස්කාර කරන්ට නෙබුකද්නේශර් අණ කළේ ය. එම හෙබ්‍රෙව්වරුන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළාහ. ඔවුන් වැරදි සහගත වූවෝ ද? නැත, මන්දයත් එම රජුගේ ආඥාව අනුගමනය කිරීම දෙවියන් වහන්සේගේ නීතියට අකීකරුවීමක් අදහස් කළ හැකි වීම ය.—නික්මයාම 20:4, 5; දානියෙල් 3:1-18.
‘පාලකයාණන් ලෙස දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතු ය’
13 සමානාකාරයෙන්, යුදෙව් මුලාදෑනීන් යේසුස් වහන්සේ ගැන දේශනා කිරීම නවත්වන ලෙස පේතෘස් හා යොහන්ට ආඥා කළ විට, ඔවුන් පිළිතුරු දුන්නේ: “දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට අහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චය කරපල්ලා” කියා ය. (ක්‍රියා 4:19; 5:29) ඔවුනට නිශ්ශබ්ද ව සිටිය නොහැකි විය. ද ක්‍රිස්ටියන් සෙන්චරි නම් සඟරාව, “මුල් ක්‍රිස්තියානීන් සන්නද්ධ හමුදාවල සේවය නොකළාහ. ‘නව ගිවිසුමේ කාල පරිච්ඡේදයේ අවසානයේ සිට 170-180 දශකය දක්වා ක්‍රිස්තියානීන් හමුදාවේ සිටි බවට කිසිදු සාක්ෂියක් නොමැත’ යයි රෝලන්ඩ් බෙයින්ටන් දක්වයි (ක්‍රිස්ටියන් ඇටිටියුඩ්ස් ටුවර්ඩ්ස් වෝර් ඇන්ඩ් පීස් [ඇබිංඩොන්, 1960], 67-8 පිටු). . . . ‘ක්‍රිස්තියානීන් සැහැසික ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම අවශ්‍යයෙන් ම විය යුත්තක් ලෙස’ ජස්ටින් මාටර් ‘ගණන් ගන්නේ’ යයි ස්විෆ්ට් පවසයි.’ ”
14 මුල් ක්‍රිස්තියානීන් යුද්ධ භටයන් ලෙස සේවය නොකළේ මක්නිසා ද? නිසැක ව ම, සෑම කෙනෙක් ම දෙවියන් වහන්සේගේ වචනය හා ව්‍යවස්ථාව පරික්ෂාකාරී ව ඉගෙන ගත් අතර සිය පුද්ගලීක තීරණය ගත්තේ බයිබලය අනුව පුහුණු කරන ලද සිය හෘදයසාක්ෂිය පදනම් කොටගෙන ය. ඔවුන් “ලෝකයේ කොටසක් නොවී,” මධ්‍යස්ථ ව සිටි අතර ඔවුන්ගේ මධ්‍යස්ථභාවය මේ ලෝකයේ පිළිගැටුම්වල පැති තෝරා ගැනීම ඔවුනට තහනම් කළේ ය. (යොහන් 17:16; 18:36) මීට අමතරව, ඔවුන් දෙවියන් වහන්සේට අයත් ව සිටියාහ. (2 තිමෝති 2:19) සිය ජීවිත රාජ්‍යය උදෙසා කැප කිරීම දෙවියන් වහන්සේට අයත් දෙය කායිසර්ට දීමක් අදහස් කරනු ඇත. මීට අමතරව, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳුම් ලත් ජාත්‍යන්තර සහෝදරත්වයක කොටසක් ව සිටියාහ. (යොහන් 13:34, 35; කොලොස්සි 3:14; 1 පේතෘස් 4:8; 5:9) ඔවුනට සහකාර ක්‍රිස්තියානියෙක් මැරීමට ඇති හැකියාව සමඟින් හොඳ හෘදයසාක්ෂියක් ඇතිව අවි දැරිය නොහැකි ය.
15 මීට අමතරව, ක්‍රිස්තියානීන්ට අධිරාජ්‍යයා නමස්කාර කිරීම වැනි, ජනප්‍රිය ආගමීක පිළිවෙත් පිළිපැදිය නොහැකි ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් “ඉතිරි ජනගහනය විසින් සාමාන්‍යයෙන් සැක කරන ලද අතර, අසාමාන්‍ය එමෙන් ම භයානක ජන කොටසක්” ලෙස කල්පනා කරනු ලැබුවාහ. (ඩබ්. ඒ. ස්මාට් විසින් ලියන ලද, ස්ටිල් ද බයිබල් ස්පීක්ස්) පාවුල්, ක්‍රිස්තියානීන් ‘භයවෙන්ට නිස්සාට භය විය යුතු’ යයි ලියුවද, ඔවුන් යෙහෝවඃ වහන්සේට ඇති සිය මහත් භය, නැතහොත් ගෞරවය, අමතක කළේ නැත. (රෝම 13:7; ගීතාවලිය 86:11) යේසුස් වහන්සේ ම: “ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙල්ලා. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි [ගෙහෙන්නාවෙහි NW] විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙයල්ලා” යි වදාළ සේක.—මතෙව් 10:28.
16 ක්‍රිස්තියානීන් වශයෙන් අප අද දවසේ, මෙයාකාර අභියෝගයන්ට මුහුණ දෙන්නෙමුව. අපට රූප නමස්කාරයේ යම් නූතන අනුවාදයක—පිළිමයකට හෝ සංකේතයකට නමස්කාරමය අංග චලනයක්, නැතහොත් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ගැලවීම පැවරීමක් වේවා—කොටස්කරුවන් විය නොහැකි ය. (1 කොරින්ති 10:14; 1 යොහන් 5:21) එසේ ම මුල් ක්‍රිස්තියානීන් මෙන්, අපට අපගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සමගි සම්මුතියකට ගෙන ආ නොහැකි ය.—සසඳන්න 2 කොරින්ති 10:4.
“මෘදුකමින්ද යටහත්කමින්ද”
17 ප්‍රේරිත පේතෘස් අපගේ හෘදය සාක්ෂියට එකඟ වූ ස්ථාවරය ගැන ලියමින් පැවසුවේ: “යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදයසාක්ෂිය නිසා අයුතුලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප්‍රශංසනීය දෙයක්” කියා ය. (1 පේතෘස් 2:19) එසේ ය, ක්‍රිස්තියානියෙක් හිංසා පීඩා නොසලකා ස්ථීර ව සිටින්නේ නම් එය දෙවියන් වහන්සේට ප්‍රියමනාප දෙයක් වන අතර, එහි ක්රිස්තියානියාගේ ඇදහිල්ල ශක්තිමත් කර පිරිසිදු කරවීමේ අමතර ප්‍රයෝජනයක් ද ඇත්තේ ය. (යාකොබ් 1:2-4; 1 පේතෘස් 1:6, 7; 5:8-10) පේතෘස් තවදුරටත්: “නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහු ය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා; නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය” යයි ලීවේ ය. (1 පේතෘස් 3:14, 15) ඇත්තෙන් ම උපකාරවත් උපදේශයකි.
18 මුලාදෑනිහු ක්‍රිස්තියානීන්ගේ තත්ත්වය වරදවා වටහා ගැනීම නිසා හෝ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල නායකයින් විසින් මුලාදෑනීන්ට වරදවා විස්තර කිරීම නිසා හිංසා පීඩා සිදුකිරීම පටන් ගත් කල, සත්‍යය මුලාදෑනීන් වෙත ඉදිරිපත් කිරීම පීඩනය සැහැල්ලු කරවීමෙහි විපාක විය හැකි ය. මෘදුකම ද යටහත්කම ද ඇති බැවින්, ක්‍රිස්තියානියෙක් හිංසා පීඩා කරන්නන්ට එරෙහි ව ශරීරාකාරයෙන් සටන් කරන්නට යන්නේ නැත. හෙතෙම, කෙසේ නමුත්, සිය ඇදහිල්ල ආරක්ෂා කර ගනු පිණිස ඇති සෑම නීත්‍යානුකූල මාධ්‍යයක් ම ප්‍රයෝජනයට ගනු ඇත. අනතුරුව හෙතෙම කාරණා යෙහෝවඃ වහන්සේගේ හස්තයට භාර කරන්නේ ය.—පිලිප්පි 1:7; කොලොස්සි 4:5, 6.
19 සිය හෘදයසාක්ෂිය උල්ලංඝනය නොකර, මුලාදෑනීන්ට කීකරු වීමෙහි තමාට හැකි සැමෙකක් ම කිරීමට යටහත්කම [ගැඹුරු ගෞරවය NW] ක්‍රිස්තියානියෙකුට සලස්වයි. උදාහරණයක් වශයෙන්, සභා රැස්වීම් තහනම් කරනු ලැබුවේ නම්, ක්‍රිස්තියානිහු යෙහෝවඃ වහන්සේගේ මේසයෙන් තවදුරටත් පෝෂණය වීම පිණිස එතරම් ප්‍රකට නොවූ වෙනත් යම් ක්‍රමයක් සොයනු ඇත. ශ්‍රේෂ්ඨ මුලාදෑනියාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ, පාවුල් තුළින් අපට පවසනුයේ: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්” නෑරිය යුතු බව ය. (හෙබ්‍රෙව් 10:24, 25) එහෙත් එවන් රැස්වීම් ඥාණවන්ත ලෙස පැවැත්විය හැකි ය. කීපදෙනෙක් පමණක් පැමිණ සිටියත්, දෙවියන් වහන්සේ එවන් විධිවිධානවලට ආශීර්වාද කරන බව අපට නිසැක විය හැකි ය.—සසඳන්න මතෙව් 18:20.
20 සමානාකාරයෙන්, සමහරක් මුලාදෑනීහු ශුභාරංචියේ ප්‍රසිද්ධ දේශනාකිරීම තහනම් කර ඇත්තාහ. ඔවුන් යටතේ ජීවත් වන ක්‍රිස්තියානීන්, ශ්‍රේෂ්ඨ මුලාදෑනියාණන්, යේසුස් වහන්සේ තුළින්: “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑ” යයි කී බව මතකයේ තබා ගනිති. (මාර්ක් 13:10) එනිසා, තමන්ට කුමක් විඳින්ට සිදු වෙතත්, ඔවුන් එම ශ්‍රේෂ්ඨ මුලාදෑනියාණන්ට කීකරු වෙති. හැකි අවස්ථාවන්හි, ප්‍රේරිතයන් ප්‍රසිද්ධියේ හා ගෙයින් ගෙට දේශනා කළ ද, අනියම් සාක්ෂි දැරීම වැනි, ජනයා කරා ළඟා විය හැකි වෙනත් ක්‍රම ද ඇත්තේ ය. (යොහන් 4:7-15; ක්‍රියා 5:42; 20:20) බොහෝ විට හුදෙක් බයිබලය පමණක් පාවිච්චි කරනු ලැබේ නම්, මුලාදෑනීහු දේශනා කිරීමේ වැඩයට අතුරුබාධා පැමිණවීම නොකරනු ඇත—මෙය ශුද්ධ ලියවිල්ලෙන් විමර්ශනය කිරීමෙහි සියලු සාක්ෂිකරුවන්ට හොඳ පුහුණුවක් තිබීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ ය. (සසඳන්න ක්‍රියා 17:2, 17) නිර්භීතව, එහෙත් යටහත්ව සිටීමෙන්, ක්‍රිස්තියානීන් බලයලත් මුලාදෑනීන් කෝපයට පත් නොකර යෙහෝවඃ වහන්සේට කීකරු වීමට බොහෝ විට ක්‍රමයක් සොයා ගනු ඇත්තාහ.—තීතස් 3:1, 2.
21 ඇතැම් අවස්ථාවල, කෙසේ නමුත්, මුලාදෑනීහු ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා සිදු කිරීමෙහි අනුකම්පා රහිත වන්නාහ. එවිට, පැහැදිලි හෘදයසාක්ෂියක් සහිත ව, අපට යුතු දෙය විඳදරා ගැනීමට පමණක් පුළුවන. යෞවන ෆ්රාන්ස් රෙයිටර් තෝරා ගැනීමකට මුහුණ දුන්නේ ය: සිය ඇදහිල්ල සමථයකට පත් කර ගත යුතු ය නැතහොත් මිය යා යුතු ය. ඔහුට දෙවියන් වහන්සේ නමස්කාර කිරීම නැවැත්විය නොහැකි වූ බැවින්, හෙතෙම නිර්භීතව සිය මරණයට යටත් විය. තමා මිය ගිය දිනට පෙරාතු රාත්‍රියෙහි, ෆ්රාන්ස් සිය මවට ලීවේ: “හෙට උදෑසන මා මරණයට පත් කරනු ලබනවා ඇත. අතීතයේ සියලු සැබෑ ක්‍රිස්තියානීන් අතර නිතර තිබුනාසේ ම, මට දෙවියන් වහන්සේගෙන් ශක්තිය ඇත . . . මරණය දක්වා ඔබ ස්ථීර ව සිටින්නේ නම්, අප නැවත නැගිටීමේ දී නැවත හමු වනු ඇත.”
22 යම් දිනක සියලු මිනිස් වර්ගයා හුදෙක් එක් නීතියක්, එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේගේ නීතිය යටතේ සිටිනු ඇත්තාහ. එතෙක්, අප හොඳ හෘදයසාක්ෂියක් පවත්වමින් දෙවියන් වහන්සේගේ සැලැස්ම පිළිපැදිය යුතු අතර, සියලු කාරණාවල දී අපගේ ස්වාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේට කීකරු වෙමින් බලයලත් මුලාදෑනීන්ට අපගේ සාපේක්ෂී යටත්භාවය පැවැත්විය යුතු ය.—පිලිප්පි 4:5-7. w90 11/1
ඔබට මතක ද?
▫ බලයලත් මුලාදෑනීන්ට යටත් ව සිටීම සඳහා ඇති බල කරවන හේතුව කුමක් ද?
▫ කායිසර් විසින් පනවන ලද බදු ගෙවීමට අප පසුබට නොවිය යුත්තේ මක්නිසා ද?
▫ මුලාදෑනියාට අප දිය යුත්තේ කොයි ආකාරයේ ගෞරවයක් ද?
▫ කායිසර්ට ඇති අපගේ යටත් භාවය සාපේක්ෂී පමණක් වනුයේ මක්නිසා ද?
▫ දෙවියන් වහන්සේට අයිති දෙය කායිසර් ඉල්ලීම නිසා අපට හිංසා පීඩා සිදු කරනු ලැබුවොත්, අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. නාට්සි බලයලත් මුලාදෑනීන් යටතේ යෙහෝවඃ වහන්සේගේ සාකෂිකාරයින්ට කිනම් අසීරු අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වී ද, එමෙන් ම මෙය විඳින්නට සිදු වූයේ ‘නපුර කළ’ නිසා ද?
2. බලයලත් මුලාදෑනීන්ට යටත් ව සිටීමට බල කරවන හේතු සාධකය කුමක් වන්නේ ද?
3, 4. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් නම්දරා සිටිනුයේ කුමක් වෙනුවෙන් ද, එමෙන් ම ක්‍රිස්තියානීන් බදු ගෙවිය යුතුතේ මක්නිසා ද?
5. “සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා” යන කියමනෙන් කුමක් අදහස් වේ ද?
6, 7. අප එකඟ නොවන්නා වූ යමකට සැපයුම් කිරීම පිණිස එම මුදල් යොදවතත්, නොඑසේ නම් මුලාදෑනියා අපට හිංසා පීඩා කරතත්, අප බදු ගෙවිය යුත්තේ මක්නිසා ද?
8. මුලාදෑනීන්ට අප දෙන්නා වූ “භය” කුමක් ද?
9. මනුෂ්‍ය මුලාදෑනීන්ට අප ගෞරවය කරන්නා වූ යම් ආකාර මොනවා ද?
10. මනුෂ්‍ය මුලාදෑනීහු ක්‍රිස්තියානියෙකුගෙන් බලෙන් ඉල්ලා සිටිය හැකි දෑවල යම් සීමාවක් පවතින බව යේසුස් වහන්සේ පෙන්වූයේ කෙසේ ද?
11. මනුෂ්‍ය මුලාදෑනීන් බලෙන් ඉල්ලා සිටිය හැකි දේවලට සීමාවක් පවතින බව පෙන්වන කිනම් ප්‍රතිපත්තියක් පුළුල් ව පිළිගනු ලැබේ ද?
12. මුලාදෑනීන්ගේ අයුක්ති සහගත ආඥාවන්ට කීකරු වීම ප්‍රතික්ෂේප කළා වූ දෙවියන් වහන්සේගේ සේවකයින් පිළිබඳ කිනම් ශුද්ධ ලියවිලිමය ආදර්ශ සමහරක් ඇත්තේ ද?
13. බලයලත් මුලාදෑනීන්ට සාපේක්ෂි යටත්භාවය පිළිබඳ විෂයයෙහි මුල් ක්‍රිස්තියානීන් කිනම් ආදර්ශයක් තැබුවෝ ද?
14, 15. මනුෂ්‍ය මුලාදෑනීන්ට මුල් ක්‍රිස්තියානීන්ගේ සාපේක්ෂී කීකරුකම පාලනය කළා වූ සමහරක් බයිබල් ප්‍රතිපත්ති මොනවා ද?
16. (අ) ක්‍රිස්තියානීන් බලයලත් මුලාදෑනීන්ට සිය යටහත් භාවය පෙන්වීමෙහි හොඳින් සිතා බැලිය යුතු ඇතැම් ක්ෂේත්‍ර මොනවා ද? (ආ) . . . පිටුවේ කොටුව කුමක් පැහැදිලි කරයි ද?
17. හෘදයසාක්ෂිය නිසා දුක් විඳින්නන්ට පේතෘස් කිනම් උපදේශයක් දුන්නේ ද?
18, 19. මුලාදෑනියා, නමස්කාරය සඳහා ඇති අපගේ නිදහසට සීමා පනවන්නේ නම්, මෘදුකමේ හා බුද්ධිකත්වයේ ආකල්පයක් අපට උපකාරවත් විය හැක්කේ කෙසේ ද?
20. ශුභාරංචියේ ප්‍රසිද්ධ දේශනා කටයුත්ත තහනම් කරනු ලැබී නම්, ක්‍රිස්තියානීන් තත්ත්වය සමඟ ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?
21. සිය හිංසා පීඩා සිදු කිරීමෙහිලා කායිසර් අනුකම්පා රහිත වන්නේ නම්, ක්‍රිස්තියානීන් තෝරා ගත යුත්තේ කිනම් ක්‍රියා මාර්ගය ද?
22. අපට ඇත්තේ කිනම් බලාපොරොත්තුව ද, එමෙන් ම එතෙක් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?
නමස්කාරය නොව, ගෞරව කිරීමකි
එක්තරා උදෑසනක, පන්තිය පැවැත්වෙන අතර, ටෙරා නැමති කැනේඩියානු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක්, සිය ගුරුවරයා මොහොතකට හවුල් ශිෂ්‍යයෙක් පන්ති කාමරයෙන් පිටතට ගෙන යනු නිරීක්ෂණය කළා ය. ඉන් මොහොතකට පසු, එම ගුරුවරයා විදුහල්පතිගේ කාර්යාලයට යාමට තමන් සමඟ එන ලෙස සන්සුන් ව ටෙරාට කීවේ ය.
එහි ගිය ටෙරාට, විදුහල්පතිගේ මේසය මත අතුරා තිබූ කැනේඩියානු කොඩිය දැකිය හැකි විය. එම ගුරුවරයා කොඩිය මතට කෙළ ගසන ලෙස ටෙරාට කීවේ ය. ටෙරා ජාතික ගීය ගැයීම හෝ කොඩියට ආචාර කිරීම නොකළ නිසා, ඇයට එවන් දෙයක් නොකර සිටීමට හේතුවක් නොමැත්තේ යයි හෙතෙම යෝජනා කළේ ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කොඩියට නමස්කාර නොකළත්, ඔවුන් ඊට ගෞරවය කරන බව විස්තර කරමින්, ටෙරා ප්‍රතික්ෂේප කළා ය.
යළි පන්තිකාමරයට පැමිණීමෙන් පසු, එම ගුරුවරයා තමා යම් අත්හදා බැලීමක් කළ බව නිවේදනය කළේ ය. හෙතෙම වරකට එක්කෙනා බැගින් ශිෂ්‍යයින් දෙදෙනෙක් විදුහල්පතිගේ කාර්යාලයට ගෙන ගොස් කොඩිය මතට කෙළ ගසන ලෙස උපදෙස් දී ඇත. පළමුවැන්නී, දේශානුරාගී උත්සවවල සහභාගී වුවද, එසේ කරන ලෙස කී විට ඇය කොඩිය මතට කෙළ ගැසුවා ය. මීට පටහැනි ව, ටෙරා ජාතික ගීය ගැයුවේ හෝ කොඩියට ආචාර කළේ හෝ නැත; එහෙත්, ඇය මෙයාකාරයෙන් කොඩියට අගෞරවය කිරීමට ද ප්‍රතික්ෂේප කළා ය. යුතු ගෞරවය පෙන්වූයේ ටෙරා යයි එම ගුරුවරයා තරයේ කියා සිටියේ ය.—1990 ඉයර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස්.
French Embassy Press & Information Division