“සන්තෝෂමත් සහ සාර්ථක දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා වට්ටෝරු”
“මෙම තේමාව යටතේ, මෙඩිකල් ඇස්පෙක්ට්ස් ඔෆ් හ්යූමන් සෙක්ෂුවලිටි හි පළ වූ ලිපියක, මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය. අයිරීන් ජකාබ්, සාර්ථක වැඩිහිටියෙකු කිරීම පිණිස දරුවෙකු ඇති දැඩි කිරීමෙහි ලා තමාට හැඟී යන ලෙස අවශ්‍ය වන්නේ කුමක්දැයි විස්තර කළා ය. ඇගේ “වට්ටෝරුවේ” තිබූ සංයෝග අතර, තම දරුවන්ට ප්‍රේම කිරීමට දෙමාපියන්ට අවශ්‍ය බව ද, හරි දේ සහ වැරදි දේ කුමක් ද කියා ඔහුට මගපෙන්විය යුතු බව ද, තීරණ ගැනීමට ඔහුට පුහුණු කිරීම ද වූයේ ය. දෙමාපියන්ගේ පැත්තෙන් ඉක්මනින් කෝප වීම, සම්පූර්ණත්වය අපේක්ෂා කිරීම, ඕනෑවට වඩා කනස්සලුභාවය හෝ හැම දේට ම ඉඩ දීම, මෙම “වට්ටෝරුවට” ස්ථිර වශයෙන් ම ඇතුළත් නොවිය යුතු බව ඈ හට හැඟී ගියා ය.
වෛද්‍ය. ජකාබ්ගේ “වට්ටෝරුව” සෑහෙන දුරට තාත්වික හා ප්‍රායෝගික ලෙස සැලකිය හැක. ඇත්ත වශයෙන් ම, වසර දහස් ගණනකට පෙර, බයිබලය දෙමාපියන් හට එවැනි ම උපදෙසක් දුණි. (උදාහරණ වශයෙන්, හිතෝපදේශ 4:1; 13:24; 22:6; කොලොස්සි 3:21 බලන්න.) කෙසේ වෙතත්, මහාචාර්ය ජකාබ්ට අතපසු වූ යම් දෙයක් බයිබලය ඇතුළත් කරයි: ඒ තමන්ගේ මැවුම්කාරයාණන්ට ප්‍රේම කරන්නටත්, උන් වහන්සේගේ වචනය ගැන හොඳ හුරුවක් ඇති කරගන්නටත් දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම ය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන් ද, අවවාදයෙන් ද [මානසික ශික්ෂණයෙන් ද NW] ඔවුන් ඇති කරපල්ලා.”—එපීස 6:4; ද්විතීය කථාව 6:4-7.
එවැනි පුහුණුවකින් තොර ව, දරුවන් හැදී වැඩෙන්නේ, සදාචාර නැංගුරමක් නොමැති ව ය. ඇති වන ප්‍රතිඵල, මෙම දුරාචාර, දූෂිත ලෝකයේ විපත්තිජනක විය හැක. w90 08/01