රාජ්‍ය ප්රකාශකයින්ගේ වාර්තාව
යෙහෝවඃ වහන්සේ නොපසුබට උත්සාහයට ආශීර්වාද කරන සේක
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයිනට, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි ප්‍රේමයක් ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මේ ශුභාරංචිය ඇසීමට සියල්ලන්ට අවස්ථාවක් ලබා දීමට ඔවුන් පොලඹවන්නා වූ, ඔවුන්ගේ හවුල් වැසියන් කෙරෙහි වගකීමක් ද, දැනේ. (මතෙව් 24:14) සහෝදරියක් සිය පළාතේ හමුදා වාස භූමියේ දී, හමුදා භටයිනට හා ඔවුන්ගේ පවුල්වලට දේශනා කිරීමට අධිෂ්ඨාන කළේ මේ නිසා ය.
ඇය වෑයම් කළ සෑම වතාවක ම, එය භාරව සිටි කපිතාන් විසින් ඇයට ඇතුල්වීමට ඉඩ හරිනු නොලැබී ය. ඇය විස්තර කරන්නී ය: “මෙනිසා මා, කර්නල් තැන, අණ දෙන නිලධාරී හමු වීමට සිතා ගතිමි. මා ඔහුගේ ලේකම්ට දුරකථනයෙන් ඇමතූ විට, ඔහු කර්නල් තැන වෙත මා යොමු කිරීමට ප්‍රතික්ෂේප කළේ ය. කර්නල් තැන, හමුදා බැරැක්කවලින් පිටත ජීවත් වූ නිසා මා ඔහු සිය නිවසේ දී හමු වීමට සැලසුම් කර ගතිමි. මා එසේ කළ විට, මා කොතැන් සිට ආවේදැයි ඔහු මගෙන් විමසී ය. භාග්යයකටමෙන් මා ෆූජිහි කුඩා දිවයිනක උපන්නෙක්මි. ගෞරවාන්විත ව ඔහු මාගේ ඉල්ලීමට සවන් දී, තමා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන අසා තිබූ නමුත් අපගේ වැඩය තමාට විස්තර කරනු ලැබ නොතිබුණු බව පැවසී ය. එය ඔහුට සාක්ෂි දැරීමට මා හට මවිතකර අවස්ථාවක් ලබා දුන් අතර ඔහු මගෙන් බයිබල් අධ්‍යන උපකාරකයන් තුනක් ලබා ගත්තේ ය. ඔහු ඊළඟ අඟහරුවාදා පෙ.ව. 9.00 ට බැරැක්කයේ සිය කාර්යාලයේ සිටින ලෙස මා හට පැවසී ය. තවත් සහෝදරියක් හා මා එහි ළඟා වූ විට, අපගේ පැමිණීම ගැන හමුදා භටයිනට නිවේදනය දන්වා තිබූ අතර, වාස භූමියෙහි දේශනා කිරීමට අපට අවසරය ඇති බව දන්වනු ලැබී ය. හමුදා අණ දෙන නිලධාරී කථා කරමින්: ‘සිකුරාදා දිනයේ ඔබට සියලු දොරටු විවෘත කරන ලෙස මා සියලු නිලධාරීනට දන්වන අතර අපට විවිධ ආගම් තිබුණ ද, ලෝකාන්තිමය මෙන් ම ස්වර්ගීය රාජ්‍යය සම්බන්ධ අනතුරු අඟවන්නා වූ ආගම ඔබගේ එක විය හැකි ය,’ යයි කීය.
“අප සිකුරාදා එහි ළඟා වූ විට,” යයි තවදුරටත් පැවසූ ඈ, “හමුදා ශබ්ද විකාශන රථයක් කඳවුර හරහා යමින්, ‘වැඩිවියේ ස්ත්‍රීන් දෙදෙනෙක් ඔබට යම් අනතුරක් අඟවමින් කඳවුරේ සිටිනු ඇත, ඒනිසා කරුණාකර ඔබගේ දොරටු විවෘත කර ඔවුනට සවන් දෙන්න. ඔවුන් සමඟ තර්ක කිරීමෙන් හෝ අමනාපකම් ඇතිකර ගැනීමෙන් හෝ වෛර වීමෙන් වළකින්න,’ යයි දැන්වී ය. අපි පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා කඳවුරෙහි සේවය කර පොත් 100 ක් හා සඟරා 200 ක් තැබීමු. එමෙන් ම එහි ප්‍රතිඵලය? නැවත බැලීම් බොහොමයක් කර, බයිබල් පාඩම් බොහොමයක් ආරම්භ කරනු ලැබීම ය.”
දකුණු පැසිෆික්හි, විශේෂ පුරෝගාමීන් විසින් මෑත දී දේශනා කටයුතු ආරම්භ කරන ලද තවත් දූපතකින් සිත් ගන්නා අත්දැකීමක් ලැබේ. මෙම විශේෂ පුරෝගාමීන්, එක්සත් දේවස්ථාන නායකයින් (United Church leaders) විසින් බාධා කරනු ලැබූහ. චාරිකා අවේක්ෂකගේ පැමිණීම තුළ දී, පල්ලි නායකයින් ගම්මුළෑදෑනියාට බල කිරීම නිසා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයිනට ගමට ඇතුල් වීමට ඉඩ නොහැරීම හේතුවෙන්, නැවත බැලීමක් කිරීමට ඔවුනට දුෂ්කරතා ඇති විය. ඔවුන් එහි ළඟා වූ විට, මුළෑදෑනියා එහි නොසිටීම හේතුවෙන්, උනන්දුව දක්වන තැනැත්තා කැඳවනු ලැබ අනගි සාක්ෂියක් දෙනු ලැබී ය. ඔවුන් ඉවත් ව යනවාත් සමග, විශාල ඔරුවක් ළඟාවනු දක්නා ලදි, මිනිසුන් හබල් ගසමින් සිටි නිසා ඊට කාර්මීක දෝෂයක් තිබූ බව පැහැදිලි විය. එසේ ය, ඒ, නැවත බැලීම නැවැත්වීමට පමා වී පැමිණෙමින් සිටි ගම්මුළෑදෑනියා ය. ගෙදර යාමෙන් පසු පුරෝගාමීන් කැඩුනු ඉංග්‍රීසියෙන්, “Me fella thinkim might angel now breakim engine belong him” (ඔහුට අයත් එන්ජිම කැඩීම දේව දූතයෙකු කළේ යයි මා සිතමි,) යයි චාරිකා අවේක්ෂකට කීහ.
“රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමට වූ සිය ආඥාවට මෙම සහෝදරයින්ගේ අවනත වීමෙහි නොපසුබට උත්සාහයට යෙහෝවඃ වහන්සේ මෙසේ ආශිර්වාද කළ සේක. w89 1/1