මේ පොත පාවිච්චි කරන්නේ කොහොමද?
හැම දවසකම කියවන්න බයිබල් පදයක් වගේම විස්තරයක් මේ පොතේ තියෙනවා කියලා ඔයාලා දකියි. දවසේ ඕනෑම වෙලාවක ඔයාලට දිනපදය කියවන්න පුළුවන්. ඒත් ගොඩක් අය කියන්නේ උදෙන්ම ඒක කරන එක හුඟක් ප්රයෝජනවත් කියලයි. ඒකට හේතුව දවස පුරාම දිනපදයෙන් ඉගෙනගත්ත දේ ගැන හිතන්න පුළුවන් වෙන නිසයි. දිනපදය පවුලක් විදිහට සාකච්ඡා කරන එක හුඟක් ප්රයෝජනවත්. ලෝකේ පුරාම බෙතෙල් පවුල්වල අය උදේ කෑමට ආවාම දිනපදය සාකච්ඡා කරනවා.
දිනපද විස්තරයට පස්සේ සඳහන් වෙන්නේ ඒ කොටස අරන් තියෙන්නේ කොහෙන්ද කියලයි. උදාහරණෙකට “w24.04 2 1¶, 3¶” කියද්දී අදහස් කරන දේ පහළ පැහැදිලි කරනවා. තවත් තොරතුරු ඕනෙ නම් අදාළ පාඩම් ලිපිය බලන්න.
w24 |
‘මුරටැඹ’ සඟරාවේ වර්ෂය (2024) |
04 |
‘මුරටැඹ’ සඟරාවේ මාසය (අප්රියෙල්) |
2 |
කොටස අරන් තියෙන පිටු අංක |
1¶, 3¶ |
කොටස අරන් තියෙන ඡේද අංක |