ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 52 පාඩම 1-5 කරුණු
  • අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • අපි රැස්වීම්වලට යද්දී පිළිවෙළකට අඳින්නේ පළඳින්නේ ඇයි?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මනා පෞද්ගලික පෙනුම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 52 පාඩම 1-5 කරුණු
52වෙනි පාඩම. කාන්තාවක් සාප්පුවකදී ඇඳුමක් තෝරගන්නවා.

52වෙනි පාඩම

අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

අපි හැමෝම ආසයි ලස්සනට අඳින්න. හැබැයි අඳින්න පලඳින්න අපි එක් එක් කෙනා තෝරගන්න දේවල් වෙනස්. ඇඳුම් පැලඳුම් ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් අපි ආස කරන විදිහට විතරක් නෙමෙයි යෙහෝවා සතුටු වෙන විදිහටත් තේරීම් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් දැන් බලමු.

1. ඇඳුම් පැලඳුම් තෝරගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අපි ‘ගෞරවනීය විදිහටත් විනීතවත් ඇඳ පැලඳගෙන ඉන්න ඕනේ. අඳින පලඳින විදිහෙන් අපි හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන,’ පිරිසිදු අය කියලත් පේන්න ඕනේ. එතකොට අපි “දෙවියන් ගැන භක්තියක් තියෙන” අය කියලා අනිත් අයට පැහැදිලිව පෙනෙයි. (1 තිමෝති 2:9, 10) එතන අපිට උදව් වෙන ප්‍රතිපත්ති හතරක් තියෙනවා. (1) අපේ ඇඳුම් පැලඳුම් “ගෞරවනීය” විදිහට තියෙන්න ඕනේ. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යද්දී ඔයා දකින්න ඇති එයාලා අඳින පලඳින විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් කියලා. ඒත් එයාලා නමස්කාර කරන දෙවියන්ට එයාලා ගොඩක් ගෞරව කරනවා කියලා එයාලා අඳින පලඳින විදිහෙන්, දාන කොණ්ඩ විලාසිතාවලින් පේනවා. (2) “විනීතව” අඳින පලඳින එකෙන් අදහස් වෙන්නේ අනිත් අයගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති, ඕනෑවට වඩා අනිත් අයගේ අවධානය ඇදගන්නේ නැති විදිහට අඳින පලඳින එකටයි. (3) “හොඳ සිහිකල්පනාවෙන්” වැඩ කරන කෙනෙක් එන එන හැම අලුත් විලාසිතාවක්ම පස්සේ යන්නේ නැහැ. (4) අපි දිහා බලන අයට පේන්න ඕනෙ අපි “දෙවියන් ගැන භක්තියක්” තියෙන අය කියලා. ඒ කියන්නේ අපි සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය කියලා අනිත් අය හැම වෙලාවකම දකින්න ඕනේ.—1 කොරින්ති 10:31.

2. ඇඳුම් පැලඳුම් තෝරගද්දී අනිත් අය ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

අපි කැමති විදිහේ ඇඳුම් පැලඳුම් තෝරගන්න අපිට නිදහස තියෙනවා. ඒත් අපේ තේරීම් අනිත් අයට බලපාන විදිහ ගැන අපි හිතන්න ඕනේ. අපි හැමෝම උත්සාහ කරන්න ඕනෙ “අපේ අසල්වැසියාගේ සතුට ගැන හිතලා එයා වෙනුවෙන් යහපත් දේවල් කරන්න. එයාව ශක්තිමත් කරන්න.” එහෙම නැතුව එයාව අපහසුතාවට පත් කරන්න නෙමෙයි.—රෝම 15:1, 2 කියවන්න.

3. අපි හැම වෙලාවෙම යෙහෝවා සතුටු වෙන විදිහට අඳින්න පලඳින්න ඕනෙ ඇයි?

අපි හැම වෙලේම උත්සාහ කරන්නේ යෙහෝවාව ගෞරවයට පත් වෙන විදිහට අඳින්න පලඳින්න. රැස්වීම්වලට යද්දී, සේවේ යද්දී අපි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. මොකද අපිට ඕනෙ නැහැ අපි අඳින පලඳින විදිහ නිසා අපේ පණිවිඩය අහන්න මිනිස්සු අකමැති වෙනවාට. අපිට ඕනෙ අපි අඳින පලඳින විදිහෙන් “ගැලවීම ලබා දෙන දෙවියන් උගන්නන දේවල් කොච්චර අලංකාරයිද කියලා” එයාලට පෙන්නන්නයි.—තීතස් 2:10.

තවත් හොයමු

අපි අඳින පලඳින විදිහෙන් අපි දෙවියන්ට නමස්කාර කරන අය කියලා පෙන්නන්නේ කොහොමද කියලා දැනගන්න.

මිනිස්සු දෙන්නෙක් විනිසුරුවෙක් ඉස්සරහා හිටගෙන ඉන්නවා. එක් කෙනෙක් ගොඩක් පිළිවෙළට ඇඳ පැලඳ ඉන්නවා. අනිත් කෙනා තොප්පිය වැරදි පැත්තට හරවලා කිසිම පිළිවෙළක් නැති, ඉරිච්චි ඇඳුම් ඇඳගෙනයි ඉන්නේ.

අධිකාරියක් තියෙන අයට අපි ගරු කරනවාද නැද්ද කියලා අපි අඳින පලඳින විදිහෙන් පැහැදිලි වෙනවා. අපේ හිතේ තියෙන දේ යෙහෝවා දන්නවා. ඒත් අපි අඳින පලඳින විදිහෙනුත් ඔහුට ගරු කරනවා කියලා පෙන්නන්න ඕනේ

4. අඳින පලඳින විදිහෙන් යෙහෝවාව ගෞරවයට පත් කරන්න

අපේ පෙනුම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වැදගත්ම හේතුව මොකක්ද? ගීතාවලිය 47:2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඇඳුම් පැලඳුම් තෝරගද්දී අපි නියෝජනය කරන්නේ යෙහෝවාවයි කියන දේ ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

  • අපි රැස්වීම්වලට යද්දී, සේවේ හවුල් වෙද්දී අපේ පෙනුම ගැන අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනෙද? එහෙම කියන්නේ ඇයි?

5. හොඳ තේරීම් කරන්න පුළුවන් කොහොමද?

වීඩියෝ එක බලන්න.

වීඩියෝ: ‘සියල්ල දෙවිගේ ගෞරවය වෙනුවෙන් කරන්න’ (10:18)

අපේ ඇඳුම් පැලඳුම් මිල අධික ඒවා වුණත් අඩු මුදලකට ගත්ත ඒවා වුණත් ඒවා පිරිසිදු, අපි යන තැනට ගැළපෙන ඒවා වෙන්න ඕනේ. 1 කොරින්ති 10:24 සහ 1 තිමෝති 2:9, 10 කියවන්න. ඊටපස්සේ මේ විදිහේ ඇඳුම් අඳින එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි කියලා කතා කරන්න.

  • කිසි පිළිවෙළක් නැති, අපිරිසිදු ඇඳුම්.

  • ඇඟට හිර, ඇඟ පේන, හැඟීම් ඇවිස්සෙන විදිහේ ඇඳුම්.

මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට ක්‍රිස්තියානීන් කීකරු වෙන්න ඕනෙ නැතත් යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න ඒක උදව් වෙනවා. ද්විතීය කතාව 22:5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් වගෙත් ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් වගෙත් අඳින පලඳින එක සුදුසු නැත්තේ ඇයි?

1 කොරින්ති 10:32, 33 සහ 1 යොහන් 2:15, 16 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපි අඳින පලඳින විදිහෙන් අපි ඉන්න පැත්තේ අය, අපේ සභාවේ අය අපහසුතාවට පත් වෙයිද කියලා අපි හිතන්න ඕනෙ ඇයි?

  • ඔයා ඉන්න පැත්තේ ජනප්‍රිය මොන වගේ ඇඳුම් විලාසිතා සහ කොණ්ඩ මෝස්තරද?

  • ඒ සමහර විලාසිතා ක්‍රිස්තියානියෙක්ට සුදුසු නැහැ කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

අපිට යෙහෝවා සතුටු වෙන විදිහේ විවිධ ඇඳුම් විලාසිතා තෝරගන්න පුළුවන්

විවිධ ජාතීන්ට අයිති එක එක වයස්වල ඉන්න පුරුෂයන් සහ ස්ත්‍රීන්. එයාලා ක්‍රිස්තියානීන්ට සුදුසු, විවිධ අවස්ථාවලට ගැළපෙන විදිහේ ඇඳුම්වලින් සැරසිලා ඉන්නවා. එයාලාගේ ඇඳුම් විලාසිතා සහ කොණ්ඩ මෝස්තර එකකට එකක් වෙනස්.

සමහරු මෙහෙම කියනවා: “මං කැමති දේ අඳින්න මට අයිතිය තියෙනවා!”

  • ඔයා ඒකට එකඟද? එහෙම කියන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

අපි අඳින පලඳින විදිහ ගැන හොඳ තීරණ ගද්දී ඒකෙන් අපි පෙන්නන්නේ යෙහෝවාටත් අනිත් අයටත් අපි ගෞරව කරනවා කියලයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි අඳින පලඳින විදිහ ගැන යෙහෝවා සැලකිලිමත් වෙන්නේ ඇයි?

  • ඇඳුම් පැලඳුම් තෝරගද්දී අපි හිතන්න ඕනෙ මොන බයිබල් ප්‍රතිපත්ති ගැනද?

  • යෙහෝවාව නියෝජනය කරන අය විදිහට අපි අඳින පලඳින විදිහ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයාගේ ඇඳුම් දකිද්දී අනිත් අයට ඔයා ගැන මොන වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද?

“මගේ පෙනුම කොයි වගේද?” (වෙබ් ලිපිය)

පච්චයක් කොටන්න කලින් හිතන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.

“පච්ච කොටාගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

ඔයාගේ පෙනුම ගැන සාධාරණ විදිහට හිතන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන දැනගන්න.

“පෙනුම ගැන ඇයි මං මෙච්චර වධ වෙන්නේ?” (4:29)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න