ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm19 7-8 පි.
  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
  • 2019 තුන්දින සමුළු වැඩසටහන
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අමතර රැස්වීම
  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
    2018 තුන්දින සමුළු වැඩසටහන
  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
    2023 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2019 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm19 7-8 පි.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

පරිවාරකයෝ පරිවාරකයන්ව පත් කරලා තියෙන්නේ ඔබට උදව් කරන්නයි. වාහන නවත්වද්දී, රැස් වෙලා ඉන්න අයට මඟ පෙන්වද්දී, ආසන වෙන් කරද්දී සහ වෙනත් කාරණාවලදී ඔවුන්ට සම්පූර්ණ සහයෝගය දෙන්න.

බව්තීස්මය බව්තීස්ම වෙන අයට වේදිකාවේ ඉදිරිපස පුටු වෙන් කරලා තියෙනවා. යම් වෙනසක් කරනවා නම් ඒ ගැන දැනුම් දෙයි. ඔවුන් සෙනසුරාදා උදෑසන බව්තීස්ම දේශනය පටන්ගන්න කලින් ඒ පුටුවල වාඩි වෙලා ඉන්න ඕනේ. තුවායක් සහ විනීත ඇඳුමක් අරගෙන එන්න.

සම්මාදම් ප්‍රමාණවත් පුටු, ශබ්ද විකාශන, වීඩියෝ උපකරණ සහ වෙනත් බොහෝ සේවාවන් අපට ලබා දෙන්නේ සමුළුවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන දෙවියන්ට ළං වෙන්නයි. ඒ වෙනුවෙන් දරන වියදම් පියවාගන්න ලෝක ව්‍යාප්ත සේවය සඳහා ඔබ ලබා දෙන ස්වේච්ඡා සම්මාදම් උදව් වෙනවා. ඔබගේ පහසුව සඳහා පැහැදිලිව ලකුණු කර ඇති සම්මාදම් පෙට්ටි ශාලාවේ තැනින් තැන තියලා තියෙනවා. ඔබේ පරිත්‍යාග පාලක මණ්ඩලය ගොඩක් අගය කරනවා.

ප්‍රථමාධාර මෙය හදිසි අවස්ථාවන් සඳහා පමණක් බව මතක තියාගන්න.

නැති වූ භාණ්ඩ ඔබට අයිති නැති දෙයක් හම්බ වුණොත්, නැති වූ භාණ්ඩ අංශයට භාර දෙන්න. ඔබ සතු දෙයක් නැති වුණා නම් මේ අංශයට ගිහින් ඒක ලැබිලා තියෙනවාද කියලා හොයලා බලන්න. දෙමව්පියන්ව හොයාගන්න බැරුව අතරමං වුණ දරුවන්වත් මෙම අංශයට භාර දෙන්න පුළුවන්. ඒත් මේ අංශය ළමාගාරයක් ලෙස සලකන්න එපා. ඔබේ දරුවන්ව පරෙස්සමින් බලාගන්න එක ඔබේ වගකීමයි.

පුටු අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. පුටු වෙන් කරන්න පුළුවන් ඔබ එක්ක වාහනයෙන් එන අයට, ඔබේ නිවසේ ඉන්න අයට හෝ ඔබ එක්ක බයිබලය පාඩම් කරන අයට විතරයි කියලා මතක තියාගන්න. ඔබ පුටු වෙන් කරලා නැත්නම් ඒවායේ බඩු තියන්න එපා.

ස්වේච්ඡා සේවය සමුළුවට සම්බන්ධ වැඩවලට සහාය වෙන්න ඔබ කැමති නම් තොරතුරු සහ ස්වේච්ඡා සේවා අංශයට දැනුම් දෙන්න.

අමතර රැස්වීම

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල සේවය වැඩි කිරීමට කැමති, අවුරුදු 23ත් 65ත් අතර පුරෝගාමීන්ට පුළුවන් ඒ පාසැලට අයදුම් කරන අය සඳහා ඉරිදා දහවල් පවත්වන රැස්වීමට සහභාගි වෙන්න. ඒක පවත්වන වෙලාව සහ තැන නිවේදනය කරයි. ‘ප්‍රේමය සදාතනිකයි’ 2019 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න