ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 52 පාඩම 126 පි.-127 පි. 1 ¶
  • යෙහෝවා දෙවියන්ගේ හමුදාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ගේ හමුදාව
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ‘අනේ යෙහෝවා, එයාගේ ඇස් අරින්න’
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • එලිෂා වගේ වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිය ගිය දරුවෙකුට ජීවිතය ලැබී
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 52 පාඩම 126 පි.-127 පි. 1 ¶
සිරියානු හමුදාව එලිෂාවත් එයාගේ සේවකයාවත් වට කරගෙන

52වෙනි පාඩම

යෙහෝවා දෙවියන්ගේ හමුදාව

සිරියාවේ බෙන්හාදද් රජ කීප සැරයක්ම ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. හැබැයි ඒ හැම වෙලාවෙම අනාගතවක්තෘ එලිෂා ඊශ්‍රායෙල් රජට ඒ ගැන දැනුම් දීපු නිසා රජගේ ජීවිතේ බේරුණා. ඒ නිසා බෙන්හාදද්ට ඕන වුණා එලිෂාව අල්ලගන්න. එලිෂා ඉන්නේ දොතාන් නගරයේ කියලා දැනගත්තාම එයාව අල්ලගන්න රජ සෙබළුන්ව යැව්වා.

එදා රෑ සිරියානු හමුදාව දොතාන් නගරයට ගියා. පහුවෙනිදා උදේ එයාලා මුළු නගරයම වට කරගෙන කියලා එලිෂාගේ සේවකයා දැක්කාම එයා හොඳටම බය වුණා. එයා එලිෂාගෙන් ඇහුවා “අපි දැන් මොකද කරන්නේ” කියලා. එතකොට එලිෂා කිව්වා “එයාලා එක්ක ඉන්න අයට වඩා ලොකු කට්ටියක් අපිත් එක්ක ඉන්නවා” කියලා. ඒ වෙලාවේ ගින්දර වගේ පෙනුණ අශ්වයනුත් අශ්ව රථත් කඳුකරය පුරාම ඉන්න විදිහ යෙහෝවා ඒ සේවකයාට පෙන්නුවා.

දේවදූත සේනාවක් තමන්ව වට කරගෙන ඉන්න විදිහ එලිෂාත් ඔහුගේ සේවකයාත් දකිනවා

සිරියානු හමුදාව එලිෂාව අල්ලගන්න හැදුවාම එලිෂා යාච්ඤා කරලා කිව්වා ‘යෙහෝවා දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න’ කියලා. ඒ වෙලාවේ එයාලාගේ ඇස් අන්ධ වුණේ නැතත් එයාලා ඉන්නේ කොහේද කියන එක ගැන එයාලට තේරුණේ නැහැ. එලිෂා එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලා යන්නේ වැරදි පාරේ. ඔයාලා හොයන කෙනා ළඟට මං ඔයාලව එක්කන් යන්නම්.’ අන්තිමේදී එලිෂා එයාලව ඊශ්‍රායෙල් රජ හිටිය සමාරියටම එක්කන් ගියා.

වෙච්ච දේ සිරියානුවන් තේරුම්ගද්දී එයාලා පරක්කු වැඩියි. ඊශ්‍රායෙල් රජ එලිෂාගෙන් ඇහුවා ‘මං මෙයාලව මරලා දාන්නද’ කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එලිෂා එයාලව මරන්න කියයිද? නැහැ. එයා මෙහෙම කිව්වා. ‘එයාලව මරන්න එපා. කන්න, බොන්න දීලා එයාලව ආපහු යවන්න.’ රජ කෑම ගොඩක් එයාලට දීලා එයාලව යැව්වා.

සිරියානු සෙබළුන් සමාරියේ ඉඳන් කෑම වේලක් ගනිමින්

“දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා. අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.”—1 යොහන් 5:14

ප්‍රශ්න: යෙහෝවා එලිෂාවයි එයාගේ සේවකයාවයි ආරක්ෂා කළේ කොහොමද? ඔයාවත් ආරක්ෂා කරන්න යෙහෝවාට පුළුවන්ද?

2 රාජාවලිය 6:8-24

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න