ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 75 පරි. 176 පි.-177 පි. 1 ¶
  • යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සන්තෝෂයේ උල්පත
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මතභේදයට තුඩු දුන් විෂයක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 75 පරි. 176 පි.-177 පි. 1 ¶
යේසුස්ගේ මව වූ මරියාට විශේෂ ගෞරවයක් දුන් ස්ත්‍රියක්ව යේසුස් නිවැරදි කරමින්

75වෙනි පරිච්ඡේදය

යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි

ලූක් 11:14-36

  • දෙවිගේ බලයෙන් භූතයන්ව දුරු කරයි

  • සැබෑ සන්තෝෂය අද්දකින්න පුළුවන් විදිහ හෙළි කරයි

යාච්ඤා කරන්න ඕන විදිහ ගැන යේසුස් ආපහු වතාවක් කියලා දීලයි තියෙන්නේ. දැන් යුදයේ ඉන්න ඔහුට චෝදනාවක් එල්ල වෙනවා. ඔහු ආශ්චර්යයන් කරන්නේ යක්ෂයාගේ බලයෙන් කියලා ගලීලයේදී එල්ල වුණු චෝදනාවම තමයි මේ වතාවෙත් එල්ල වෙන්නේ.

භූතයෙක් ආවේශ වුණු නිසා කතා කරන්න බැරි මිනිසෙක්ව යේසුස් සුව කරද්දී මිනිසුන් පුදුම වෙනවා. ඒත් යේසුස්ව විවේචනය කරන අය මේ වතාවෙත් චෝදනා කරන්නේ “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ බලයෙන්” කියලයි. (ලූක් 11:15) තවත් අය යේසුස් කවුද කියලා දැනගන්න ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලනවා.

ගලීලයේදී තමන්ට චෝදනා කරපු අයට දීපු පිළිතුරම තමයි මේ වතාවෙත් තමන්ගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරන අයට යේසුස් දෙන්නේ. යම් රාජ්‍යයක ඉන්න අය එකිනෙකාට පක්ෂ නැත්නම් ඒ රාජ්‍යය පවතින්නේ නැහැ කියලා පැහැදිලි කරන ඔහු මෙහෙම අහනවා. “ඔහු [සාතන්] තමන්ට පක්ෂව සිටින අයව භේද කරනවා නම් කොහොමද ඔහුගේ රාජ්‍යය පවතින්නේ?” දැන් ඔහු මෙහෙම කියනවා. “මා භූතයන්ව දුරු කරන්නේ දෙවිගේ බලයෙන් නම් මෙය මතක තබාගන්න. දෙවිගේ රාජ්‍යය ඔබ අතර තිබුණත් ඊට ඇතුල් වීමේ ප්‍රස්තාව දැන් ඔබ අහිමි කරගෙන.”—ලූක් 11:18-20.

යේසුස් “දෙවිගේ බලයෙන්” කියලා කියද්දී හරි නම් එතැන ඉන්න අයට ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේ සිද්ධ වුණු දේවල් මතක් වෙන්න ඕනේ. මොකද මෝසෙස් ආශ්චර්යයන් කරනවා දැකපු ඊජිප්තුවරු කිව්වේ ඔහු ඒ දේවල් කළේ “දෙවිගේ බලයෙන්” කියලයි. දෙවියන් දීපු ආඥා දහය ගල් පුවරු දෙකක ලියැවුණෙත් “දෙවිගේ බලයෙන්.” (නික්මයාම 8:19; 31:18) ඒ හා සමානව යේසුස්, භූතයන් ආවේශ වුණු අයව සහ අසනීප අයව සුව කරන්නෙත් දෙවිගේ බලයෙන්මයි. දෙවිගේ රාජ්‍යයේ රජ විදිහට තෝරාගෙන තියෙන යේසුස් බලවත් ක්‍රියා කරද්දී මේ මිනිසුන් ඒක පිළිගන්නේ නැති නිසා තමයි ඔවුන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැත්තේ.

යේසුස් භූතයන්ව දුරු කරන්නේ ඔහු යක්ෂයාට වඩා බලවත් නිසයි. ඒක හරියට අවිආයුධ තියාගෙන මාලිගාවක් ආරක්ෂා කරන ශක්තිමත් මිනිසෙක්ව ඔහුට වඩා ශක්තිමත් කෙනෙක් පරද්දනවා වගෙයි. යේසුස් දැන් කියන්නේ භූතයෙක් මිනිසෙකුගෙන් පිට වුණාට පස්සේ වුණු දෙයක් ගැන කලින් කියපු නිදර්ශනයයි. භූතයා පිට වෙලා ගියාම ඔහු ඒ අඩුව යහපත් දේවලින් පුරවාගන්නේ නැති නිසා ඒ භූතයා තවත් භූතයන් හත්දෙනෙක් එක්ක ඇවිත් ඔහුගේ ශරීරයට ඇතුල් වෙනවා. ඒ නිසා මුල් තත්වයට වඩා ඔහුගේ අවසන් තත්වය භයානක වෙනවා. (මතෙව් 12:22, 25-29, 43-45) දැන් යුදෙව්වන් ඉන්නේ ඒ වගේ තත්වයක.

යේසුස් උගන්වන දේවල් ගැන පුදුම වෙන ස්ත්‍රියක් “ඔබව කුසේ දරා ඔබට කිරි දුන් ස්ත්‍රිය මොන තරම් සන්තෝෂවත් කෙනෙක් විය යුතුද” කියලා හැමෝටම ඇහෙන්න කියනවා. යුදෙව් කාන්තාවන් ආසාවෙන් හිටියේ අනාගතවක්තෘවරයෙකුව විශේෂයෙන්ම මෙසියස්ව බිහි කරන්න. ඒ නිසා මේ තරම් දක්ෂ ගුරුවරයෙකුව බිහි කරන්න ලැබුණු එක ගැන මරියාට හුඟක් සතුටු වෙන්න පුළුවන් කියලා ඒ ස්ත්‍රිය හිතන්න ඇති. හැබැයි ඒ ස්ත්‍රියව නිවැරදි කරන යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන මෙහෙම පැහැදිලි කරනවා. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.” (ලූක් 11:27, 28) මරියාට විශේෂ ගෞරවයක් ලැබෙන්න ඕනෙ කියලා යේසුස් අඟවන්නේවත් නැහැ. සැබෑ සන්තෝෂය ලැබෙන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න එකෙන් මිසක් කෙනෙක්ට තියෙන නෑදෑකම්වලින්වත් කෙනෙක් අත් කරගන්න දේවලින්වත් නෙවෙයි.

ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලපු අයට මේ වතාවේදීත් තදින් කතා කරන යේසුස් “යෝනාගේ ලකුණ” මිසක් වෙන ලකුණක් දෙන්නේ නැහැ කියලා කියනවා. යෝනා මත්ස්‍යයෙකුගේ බඩේ දවස් තුනක් හිටිය නිසාත් නිනිවයේ මිනිසුන්ට පසුතැවෙන්න උදව් කරමින් ඔහු නිර්භීතව දේශනා කරපු නිසාත් තමයි ඔහු යුදෙව්වන්ට ලකුණක් වුණේ. දැන් යේසුස් මෙහෙම කියනවා. “නමුත් බලන්න, යෝනාටත් වඩා උතුම් කෙනෙක් මෙහි සිටිනවා.” (ලූක් 11:29-32) ඔව්, ෂෙබාහි බිසව හොයාගෙන ආව ප්‍රඥාවන්ත සලමොන් රජුටත් වඩා යේසුස් ශ්‍රේෂ්ඨයි.

යේසුස් දැන් මෙහෙම කියනවා. “කෙනෙක් පහනක් දැල්වූ විට ඔහු එය සඟවා තබන්නේවත් බඳුනකින් වසා තබන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔහු එය පහන් රුකක් මත තබයි.” (ලූක් 11:33) ඔහු ඒකෙන් අදහස් කළේ තමාව පිළි නොගන්න සෙනඟක් ඉස්සරහා බලවත් දේවල් කරන එකත් ඔවුන්ට උගන්වන එකත් හරියට පහනක් දල්වලා බඳුනකින් වහනවා වගේ කියලා වෙන්න ඇති. මොකද ඔවුන්ගේ ඇස් වෙනතකට යොමු වෙලා තියෙන නිසා යේසුස් කරන කිසිම දෙයක් ඔවුන් වටහාගන්නේ නැහැ.

භූතයෙක් ආවේශ වුණු නිසා කතා කරන්න බැරුව හිටිය කෙනෙක්ව යේසුස් ටිකකට කලින් සුව කළා. හරි නම් ඒක දැකපු අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරලා ඔහු කරන දේවල් ගැන අනිත් අයටත් කියන්න ඕනේ. එහෙම කරනවා වෙනුවට යේසුස්ගේ වැරදි හොයන්න උත්සාහ කරන අයට යේසුස් දැන් අනතුරු අඟවනවා. “සෝදිසියෙන් සිටින්න. සමහරවිට ඔබව ආලෝකවත් කළ යුතු ඔබේ ඇස ඔබට අඳුරක් ගෙන දිය හැකියි. නමුත් ඔබේ ජීවිතයට කිසි ලෙසකින්වත් අඳුර ඇතුල් වී නැත්නම් ඔබ මුළුමනින්ම ආලෝකවත් වෙයි. ඔබ හරියට ආලෝකය විහිදුවන පහනක් හා සමාන වෙයි.”—ලූක් 11:35, 36.

  • යේසුස් භූතයෙක් වැහුණු මිනිසෙක්ව සුව කළාම සමහර අය කිව්වේ මොනවාද?

  • යේසුස්ට ඇහුම්කන් දීපු සමහර අයට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව නොලැබෙන්නේ ඇයි?

  • සැබෑ සන්තෝෂය අත් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න